අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Black Book (2006) AKA Zwartboek with Sinhala Subtitles | හෙට දිනක් උදාවේ නම් පලිගනිමි…[සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 8.7/10. From 49 votes.
Please wait...

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ My Father and My Son (2005) හැම තාත්තෙකුගේම සිතුවිලි…….. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ මටත් අහම්බෙකින් වගේ බලන්න ලැබුන පට්ටම ෆිල්ම් එකකටයි. IMDb දර්ශකයේ 7.8 ක් එක්කම ලෝකෙ වටේ සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරලා සම්මාන 13ක් සහ නිර්දේශවීම් 21 ක් ලබාගත්තු දෙවන ලෝක යුද සමයේ නෙදර්ලන්තයේදී සිදුවූ සත්‍ය කතාවක් පදනම් කරගෙන නිපදවූ සුපිරිම ෆිල්ම් එකක්. පැය 2යි විනාඩි 25ක් යනකල් උඩට ගත්තු හුස්ම පහලට දාන්න අමතක කරවන, නියපොතු කකා පුටුව උඩ හිටවන ජාතියෙ ෆිල්ම් එකක් ලගදි බැලුවෙ නැත්තන්, අනිවා මෙන්න ඔයාල හොයපු ෆිල්ම් එක……..

රේචල් ස්ටේන් කියන්නෙ දෙවන ලෝක යුධ සමයේ නෙදර්ලන්තයේ සිටි ධනවත් යුදෙව් පවුලක එකම දියණියයි. ජර්මානුන්ගේ යුදෙව් සංහාරය නිසා සැඟවුණු ජීවිතයක් ගත කරන රේචල් හමුවීමට පැමිනෙන අබිරහස් අමුත්තෙක් ඇයව ජර්මානුන්ට අසුනොවී දේශ සීමාවෙන් එපිටට රැගෙන යාමට පොරොන්දු වෙනවා. නමුත් අවාසනාවන්ත විදියට මේ පැන යාමේ උත්සාහයේදී ජර්මානු මුර සංචාරක බෝට්ටුවකට අසු වී ඇගේ පවුලේ සියලු දෙනාවම ඉතාමත් කුරිරු අන්දමින් ඇගේ දෑස් ඉදිරිපිටදීම ඝාතනය වෙනවා. අහම්බයකින් මෙන් රහසිගතව ක්‍රියාත්මක වන නෙදර්ලන්ත නිදහස් සටන්කාමී සංවිධානක් විසින් ඇගේ දිවි බේරා ගන්නා අතර අවසානයේ එලිස් ඩී වාරිස් ලෙස සිය නම වෙනස් කර ගනිමින් ඇයත් ඔවුන් සමග එකතු වෙන්නේ පලිගැනීම සිය එකම අරමුණ බවට පත් කර ගනිමින්. පසුව ඇයට හමුවෙන ජර්මානු හමුදා නිළධාරියෙකුගේ ආධාරයෙන් ජර්මානු හමුදා මූලස්ථානය තුලට ඔත්තුකාරියක ලෙස රිංගා ගන්නා රේචල් එක්වරම සොයා ගන්නේ සිය දෙමාපියන් ඝාතනය කල ජර්මානු මුර සංචාරක බෝට්ටුවේ පැමිනීම හුදෙක් අහඹුවක් නොවන බවයි. එතැන් පටන්……..

සිය මවුබිමේ නිදහස උදෙසා දිවි පරදුවට තබා සටන්කල දේශප්‍රේමීන්……………
මුදලට ගිජුවූ දේශ ද්‍රෝහීන්……..
සියල්ල තීරනය කල කලු පැහැ කුඩා සටහන් පොත……..
ආදරයේ නාමයෙන් දිවිපිදූ ජර්මානු හමුදා නිලධාරියා……..
සතුරන් මිතුරන් සහ පාවා දෙන්නන් මැදින් දිවෙන ඇගේ පලිගැනීමේ වීර චාරිකාවේ අවසානය……..
අවසරයි නරඹන්න, හෙට දිනක් උදාවේ නම් පලිගනිමි…………..

තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ අදක්ශතාව හින්දා ඔයාලට පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි. ලගදීම තවත් සුපිරිම ෆිල්ම් එකක උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය…….!

ප.ලි – මේකේ ටිකක් සැරටම වගේ 18+ සීන් ටිකක් තියෙනවා. ඒවා කලාත්මක ඇහැකින් විතරක්ම බලනවා නං හොදයි.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

54 thoughts on “Black Book (2006) AKA Zwartboek with Sinhala Subtitles | හෙට දිනක් උදාවේ නම් පලිගනිමි…[සිංහල උපසිරසි සමඟ] (18+)

  • Thanks for Sub Bro…❤❤❤

    Reply
  • 404 Error eka enawa. please re-upload it.

    Reply
  • Thanks Brother…❤

    Reply
  • Thank you saho IMDB 7.8 tiyena Foreign language film ekak kiyanne supirima tama…
    tawa ekak: me site eke Telingu ewa Foreign language category eke tiyenne. ehema wenna bane!

    Reply
  • Nice sub. Thank you so much

    Reply
  • ස්තූති මිත්‍රයා..❤

    Reply
  • thanks mchn
    Jaya wewa !!

    Reply
  • හොරෙන්ම සබ් එක බාගෙන නොයා සබ් එක හදන්න උන මහන්සිය වෙනුවෙන් එක වචනෙකින් හරි ස්තූතියි කියලා යන්න තරම් කෘතවේදී උන හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තූතියි….!

    Reply
  • The Grey zone (2001) sub plz..

    Reply
    • මේකෙ තියෙන්නෙත් Son Of Saul (2015) ෆිල්ම් එකේ කතාවමයි නේද….?
      බොහොම ස්තූතියි සහෝ මේ ෆිල්ම් එක ගැන දුන්න ඔත්තුවට…
      flame and citron (2008) න් පස්සෙ මේකට සබ් එක දෙන්නම්…
      ඒ වගේම සමාවෙන්න ඕනෙ සහෝ ප්‍රමාදයට….
      අදයි මේ කමෙන්ට් එක දැක්කෙ….

      Reply
      • Son of soul download karaganne komada? Torrent eke nane eka?

        Reply
  • thanks sub akata

    Reply
  • ස්තූතියි සහෝ සබ් එකට.. ජයවේවා

    Reply
  • අදයි සහෝ ෆිල්ම් එක බැලුවෙ. සුපිරිම චිත්‍රපටයක්. ඒ වගේම විශිෂ්ට උපසිරසි ගැන්වීමක්. දිගටම මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න. ජය !

    Reply
  • Pattama fim akak bn thank you

    Reply
  • Very good film.thanks very much

    Reply
  • thanks maru film eka thaw hona eva karanna

    Reply
  • ලිපි ලිවීමේ කිසිදු අදක්ෂ තාවයක් නැත…ලිපිය ෆිල්ම් එක දෙකම පට්ට…තව මේ විදියේ හොද නිර්මාණය රැගෙන එන්න …ජයවේවා …!

    Reply
  • Thanks මල්ලි. තව හොඳ film ,කරන්න ශක්තිය ලැබෙන්න පාර්තනා කරනවා………

    Reply
  • Me sub ekata galapena hoda kopiyak
    Moviescounter web site eken leesiyenma direct download kara ganna puluvan.

    Reply
  • බොහොම ස්තුතියි උපසිරැසියට හසිත සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන හොරෙන්ම මාරු නොවී කමෙන්ට් එකක් දාල යන්න නතර උන හැම දෙනාටම බොහොම ස්තූතියි………..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Niyamai machan adama banava .digatama sub kotanta honde

    Reply
  • Thank you brother patta film akak sub akata thanks

    Reply
  • thnks saho sub ekt… link ekak dhnko bn

    Reply
  • Dear,

    Link 1 dapan bn….

    Reply
  • උපසිරැයට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Reply
  • Thanks …………..good luck ………………

    Reply
  • Thanks bro…….jayawewa……!

    Reply
  • පට්ටම ෆිල්ම් එක ගොඩක් ස්තූතියි සහෝ…

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ… තවත් මෙවැනි හොඳ ෆිල්ම් එකකට ඉක්මනින්ම සබ් දෙන්න…

    Reply
  • නියමයි.බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Thank you bro……………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *