විවිධ වැඩ රාජකාරි අස්සෙම ඔන්න මං තවත් චිත්‍රපටයක් අරගෙන ආව. හැබැයි මේක තනිකරම මගේ වැඩක්ම නෙවෙයි. Aarakshan චිත්‍රපටයේ දි මාත් එක්ක එකතු වුණු සාරංග සහෝ මේ සැරේදිත් නෑ බෑ නොකියා මේ කටයුත්තෙ දි මට සහය වුණා. ඒ වගේම මුලදි මේ වැඩේට අත ගහල ආයේ සැරයක් අත ඇරල දාපු වෙලාවෙ දි ආයෙම මේක කරන්න කියල මතක් කරපු වගේම සැරින් සැරේ මේ ගැන අහල වැඩේට දිරි දුන්න විකියා සහෝවත් මෙතන දි මං මතක් කරන්න කැමතියි. දෙන්නටම බොහොම ස්තූතිවන්ත වෙන ගමන් එහෙනම් ඔන්න දැන් වැඩේට බහිමු.
මීට මාස දෙකයි දවස් කීපයකට කලින්….. හරියටම කිව්වොත් 2011 වසරේ දෙසැම්බර් 02 වැනිදා තිරගතවීම ආරම්භ වුණ The Dirty Picture චිත්‍රපටය ගැන හුඟක් දෙනා දැනටමත් දන්නව ඇතිනේ. IMDb Raings වල 6.8/10 ක් වගේ ඉහළ අගයක් අරගෙන තියෙන මේ චිත්‍රපටය දැනටමත් සම්මාන 23 ක් දිනාගෙන නිර්දේශයන් 12 කට හිමිකම් කියනවා. පසුගිය දවසක පැවැත්වුණු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලෙ දි 2011 වසරේ හොඳම නිළිය (විද්‍යා බාලන්) ඇතුළු තවත් සම්මාන දෙකකුත් ඒ අතර තියෙනවා. Milan Luthria ගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටය විද්‍යා බාලන්, නස්රුදීන් ෂා, තුෂාර් සහ එම්රාන් හෂ්මි යන නළු නිළියන්ගේ විශිෂ්ට රංගනයන්ගෙන් උපරිමයෙන් හැඩවෙලයි තියෙන්නේ.
නිළියකගේ ජීවිතයේ ඇරඹුම, එහි නැග්ම සහ බැස්ම යන කාරණාවන් ත්‍රිත්වය තමයි මේ චිත්‍රපටයේ එන කතාවට වස්තු විෂය වෙලා තියෙන්නේ. එහිදී ඇය සිනමා ක්ෂේත්‍රයට පැමිණෙන අයුරු, ඇය මුහුණ දෙන අභියෝග, සිනමාව තුළ ඇයගේ අනන්‍යතාව ආදී කාරණාවන් රැසක් මෙන්ම ඇයගේ පරිහාණිය ද මේ තුළ මොනවට ඉදිරිපත් වෙනවා.
කොහොමවුණාත් මං මේක බලන්න කියල නිර්දේශ කරන්නේ 18 ඉහළ කට්ටියට විතරයි. මෙහි එන සමහර දර්ශන බාලවයස්කරුවන්ට නුසුදුසුවීම ඊට හේතුවයි. චිත්‍රපටය බලද්දි සිනමා ලොව නිළියක සම්බන්ධයෙන් වූ සදාතනික සත්‍යයක් මේ කතාව හරහා මතු කෙරෙනව ද කියලත් වෙලාවක මට හිතුණා. තවත් විදිහකට කිව්වොත් මේකෙ සෙක්ස්වලට වඩා එහා ගිය දෙයක් තියෙන බව තමයි මට දැනුණේ. එහෙනම් ඔයාලත් බලන්නකෝ ඔයාලටත් ඒ දේ දැනෙයි ද කියල…….
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද
“කේ. යූ. ජී. උදාර” සහ “සාරංග ජේ. ලියනගම”
සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය…
(ලිපිය සැකසීම – කේ. යූ. ජී. උදාර)
RSS feed for comments on this post. TrackBack URL
February 26th, 2012 at 8:13 am
mama thamai ada 1…..
February 26th, 2012 at 8:16 am
හුරේ මම දෙක
February 26th, 2012 at 8:20 am
he heeee…mama 3
February 26th, 2012 at 8:20 am
Thanks ….
February 26th, 2012 at 8:41 am
Elakiri LOKKA me Movie eka sinhalen ma dapu Ekata
Thanks wewaa onna mamath gannawa..
February 26th, 2012 at 8:53 am
wt a nice….. thanks bro.
February 26th, 2012 at 9:04 am
පට්ට ෆිල්ම් එකක්නේ මේ පාර සහෝ දීලා තියෙන්නේ. නියමයි ආ…. බොහොම අගෙයි….. ජය වේවා!!!!
February 26th, 2012 at 9:05 am
මේක නම් ලොවෙත් සුපිරි බයිස්කෝප් එකක්..බයිස්කෝප් රගපාන නළු නිළියන්ගේ අපි නොදකින පැත්ත,,,දුෂ්කරතා ගැටුම් සියුම්ව විග්‍රහ කරන මේ බයිස්කෝප් එක නම් ඔබ අනිවාර්යෙන්ම නැරබිය යුතු එකකි..
බොහොම ඉස්තුතියි “කේ. යූ. ජී. උදාර” සහ “සාරංග ජේ. ලියනගම” සහෝලට…
ජයෙන් ජය~!
February 26th, 2012 at 9:05 am
Weldone Machan!
February 26th, 2012 at 9:36 am
patta film ekaka …
February 26th, 2012 at 9:37 am
does this film have english subtitles?thanks pls answer
February 26th, 2012 at 10:08 am
thanx. niyamai.
February 26th, 2012 at 10:29 am
ela ela thanks denatama balama balamu
February 26th, 2012 at 10:35 am
thanks machan….
February 26th, 2012 at 10:55 am
hindi walata wada english thama macho hoda thnx ny wy
February 26th, 2012 at 11:01 am
මේක ගැන අහල තිබුන. බලන්න බලාගෙන හිටියෙ. මම හිතන්නෙ මේකෙ කතාවට පාදක වෙලා තියෙන්නෙ දකුණු ඉන්දියානු නිළියක් වන “සිල්ක් සමිතා” ගෙ ජීවිත කතාවයි.
මේ නිළියකගෙ ජීවිතය ඛේදාන්තයකින් අවසන් උනා 1996දි (සියදිවි නසාගත්තා).
ඇත්තටම ලංකාවෙ උනත් සමහර ප්‍රසිද්ධ ජනප්‍රිය නිළියන්ගෙ මේ වගේ අතීතයක් තියෙනව.
ලෝකයේ සෑම රටකම සිනමාකර්මාන්තයට සම්බන්ධ(විශේෂයෙන් නිළියන්ට) කාන්තාවන්ට ඉතා අප්‍රසන්න අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනව කියන එක සාමාන්‍ය ජනතාවට තාමත් රහසක්.
අපේ සමාජයේ උනත් සමහර නව යොවුන් තරුණියො නිළියන් වෙන්න ඕනෑම දෙයක් කරන්න සූදානමින් සිටීම නිසා සමහර අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු, නළුවන්,ව්‍යාපාරිකයො වගේ අය ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නව කියන එක ප්‍රසිද්ධ රහසක්.
February 26th, 2012 at 11:10 am
onn mamath banawo..
tankuu… hode…
February 26th, 2012 at 11:36 am
patta pata pata
February 26th, 2012 at 12:09 pm
බොහොම ස්තුතියි…මේක බලනවද? නොබලනවද කියල හිත හිත හිටියේ…
බයිස්කොප් එකෙ දලා තිබ්බ ලිපියයි කොමෙන්ට් දෑකල බාන්න හිතුන…
බොහොම ස්තුතියි සින්හල සබ් වලට…
ජයෙන් ජයම වෙවා……….
February 26th, 2012 at 1:26 pm
Thanx saho,keep it up……
February 26th, 2012 at 2:10 pm
thanks…………..
February 26th, 2012 at 3:10 pm
Niyamai machan.. fatta thanks sub walata…
February 26th, 2012 at 4:24 pm
thanks… sinhala sub ekka films denawaata,,,,,
February 26th, 2012 at 5:37 pm
thanks machn
February 26th, 2012 at 5:50 pm
බොහොම ස්තුතියි…………….
February 26th, 2012 at 7:01 pm
ඔබලා සියලු දෙනාටම ස්තූතියි!
February 26th, 2012 at 7:34 pm
maxxa
thanx machan
February 26th, 2012 at 7:47 pm
ස්තූතියි ඔන්න මම බාගන්නවා.
February 26th, 2012 at 7:58 pm
thank you !!! banna demma.balala kiyannam .:D
February 26th, 2012 at 9:08 pm
oyee ada mama 1st
February 26th, 2012 at 9:08 pm
aah nAhA
February 26th, 2012 at 10:48 pm
lipiyA KIYEWWATA PASSE TAMAI BANNA HITUNEH .ONNA MAMAT BANAWA.JAYAWEWA BIASCOPE.
February 26th, 2012 at 11:00 pm
Thanks machan. subs ekka nisa watinawa
February 26th, 2012 at 11:38 pm
sinhala sub walata thankoo sahooo
February 27th, 2012 at 2:17 am
අනේ හින්දි වලට සබ් නොදා ඉංග්‍රිසි එකකට දැම්මනං මසුරං
February 27th, 2012 at 2:58 am
Ghost Rider: Spirit of Vengeance 2012 උදාර සහෝ සබ් දෙන්න පුලුවන්නම් මෙන්න ෆිල්ම්
February 27th, 2012 at 8:18 am
monada me film dekkama bada dangalanawane
February 27th, 2012 at 8:19 am
mewata hondai kiyana wunta mama kiwwai kiyala hithaganna.mewa maha malama mala jarawak.kawuruth balannepa pls.kisima lassanak nethi film ekak
February 27th, 2012 at 8:25 am
meke vidyawa full nude pennanawada machanla
February 27th, 2012 at 8:26 am
ehemanam kiyanna mama e tika witharakwath balannam
February 27th, 2012 at 8:32 am
thanks…..
February 27th, 2012 at 9:40 am
meka patta Film akak. math baluwa.. Sinhala sub nisa ai balanawa.. Jaya wewa…
February 27th, 2012 at 9:51 am
බොහොම ස්තුතියි සබ් වලට… ජයෙන් ජයම වෙවා..!!.!!!!
February 27th, 2012 at 10:02 am
දිරි ගන්වනු වස් ප්‍රතිචාරයක් ලබා දුන් හැමටම තුති….
@හසිත අලහකෝන්
මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ silk smitha ගේ ජීවිත කතාව නෙවෙයි සහෝ. මෙහි එන කතා පුවත silk smitha ගේ ජීවිත කතාවෙන් යම් පමණකට පෝෂණය වීමක් පමණයි සිද්ධවෙලා තියෙන්නෙ.
February 27th, 2012 at 10:17 am
@kkg
Ghost Rider: Spirit of Vengeance 2012 චිත්‍රපටයටම නොවුණත් ඊළඟ තෝරා ගැනීමේ දී යම් වෙනසක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් හින්දි චිත්‍රපට ලබාදීමේදීත් බොහෝ වෙලාවට මං තෝරා බේරා ගැනීමක් කරලයි ඒවා ලබා දෙන්නෙ. ඒ කියන්නෙ කෙනෙකුට බලන්න තරම් වටිනාකමක් තියේ කියල මං හිතන චිත්‍රපට තමයි දෙන්නෙ. ඒ වගේම අනිත් කාරණය නම් ඉංග්‍රීසි වලට සාපේක්ෂව හින්දි චිත්‍රපටවලට සිංහල උපසිරැසි ලබාදීම අවම හින්දත් මං මේ වැඩේ කරනව කිව්වොත් ඒකත් හරි. කොහොමවුණත් මුලින් කිව්ව වගේම ඊළඟ චිත්‍රපටයෙදි මං වෙනසක් කරන්නම්.
February 28th, 2012 at 4:28 pm
Thanks machan film1ta api wenuwen sub daanna una mahansiyata.
February 28th, 2012 at 4:34 pm
mamath kalin meaka balal tiyanawa maruma film akak.. hemooma balanna.. aththatama balanna watina film akak..
February 28th, 2012 at 6:22 pm
me film eka kisima wedak ne.mewage ewa dannath epa.mahama appiriyay
February 28th, 2012 at 6:24 pm
ey mama kalin dapu comments ain kale.honda wunath nethi wunath api hondai kiyanna onada,nethnam comments ain karanawada.mara wedakne meka
February 28th, 2012 at 10:08 pm
sinhala sab walata thankz, jaya wewa..
February 29th, 2012 at 5:11 am
නියම වැඩක් සහෝ !!!
ඔහොම යමු ජයවේවා!!!!!
February 29th, 2012 at 1:49 pm
මම Film එක බැලුවා…පට්ටම පට්ට…..බොහොම ස්තුතියි ජයම වෙවා…සහෝලට…
February 29th, 2012 at 3:42 pm
නියමයි මචන්.. සිංහල සබ් වලට තැන්ක්ස් මචන්…!
February 29th, 2012 at 8:49 pm
උදාර සාරන්ග දෙන්නටම ගොඩාක් ස්තූතියි…සඋපසිරසි ලැබෙනකම් හිටියේ මේක බලන්න….ජයවේවා…සුපිරිම බයිස්කෝපයක්…නැවතත් ස්තූතියි෴෴෴
March 1st, 2012 at 10:00 pm
thanks shaho….
March 1st, 2012 at 11:20 pm
Thanks
March 3rd, 2012 at 9:19 pm
හැමෝටම ගොඩාක් ස්තූතියි.
මේ ෆිල්ම් එක දෙන්න ටිකක් ප්‍රමාද වුනේ මගේ ප්‍රමාදය නිසයි.උදාර සහෝ ජනවාරි මාසේ ඇතුලතම සබ් දාල ඉවර කලත් මම තරමක් කාර්යබහුල වුන නිසා වැඩේ ඉවර කරන්න ටිකක් කල් ගියා.ඊළඟ උපසිරසියත් ඉක්මනටම දෙන්නම්…
March 4th, 2012 at 12:46 pm
Gia කියන ෆිල්ම් එකත් මේ වගේම අනුවේදනීය කතාවක්. Gia Marie Carangi නම් වූ නිරූපිකාවගේ ජීවිත කතාව රැගත් මේ චිත්‍රපටයේ Gia ගේ චරිතයට පණ පොවන්නේ Angelina Jolie යි. මත්ද්‍රව්‍ය ශරීරයට එන්නත් කරගැනීම නිසා වැළඳුන ඒඩ්ස් රෝගය නිසා ඇයගේ ජීවිත කතාව Angelina Jolie ඉතා විශිෂ්ට ලෙස ඉදිරිපත් කොට තිබෙනවා
March 5th, 2012 at 3:01 pm
එළම තමයි..!! ස්තුතියි සහෝ.. බෙහෙවින්ම…!!
March 7th, 2012 at 6:52 pm
ela ela
thanx
March 7th, 2012 at 9:45 pm
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්…

දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න…
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
March 17th, 2012 at 3:04 pm
Sthuthi saho……. onna mamath banna demma… ela ela..
March 22nd, 2012 at 10:00 pm
ෆිල්ම් එක බා ගතිමි….. අද තමා බලන්නට සැරසෙන්නේ…..
March 22nd, 2012 at 10:01 pm
ලබා දුන් සිංහල සබ් වලට, “කේ. යූ. ජී. උදාර” සහ “සාරංග ජේ. ලියනගම” යන සොහොයුරන්ට ස්තූතියි…..
March 31st, 2012 at 11:26 am
Dear can you pls send me torrent file?here in dubai link is bloked by ISP.