බොලිවුඩ් ප්‍රේමයේ කිරුළු පළන් රජුන් දෙදෙනා කවුරුද දන්නවද? නිසැකවම ප්‍රේම රංගනයේ රජු ලෙස සැලකෙන ෂාහ්-රුක් ඛාන්’වනම් ඔබ දන්නවා. එතකොට ප්‍රේම චිත්‍රපට නිර්මාණයේ රජු වන යාෂ් චොප්රාව නිතැතින්ම සිහියට නැගිය යුතුමයි. මොකද මේ සුසංයෝගය තමයි බොලිවුඩයේ අතීශය ජනප්‍රිය ප්‍රේම චිත්‍රපට රැසකටම මග පාදන්නේ. මේ සුසංයෝගය තවත් වතාවක්නම් සිදු වන්නට කිසිදු ඉඩක් ඇත්තේ නෑ. හේතුව යාෂ් චොප්රා පසුගිය දින සදහටම දෙනෙත් පියා ගැනීම. නමුත් මේ දෙපළගේ හැකියාවන් මුහුවුණ නිර්මාණ ගොන්නක් රසිකයින් වෙනුවෙන් ඉතිරි කොට තබන්නට ඔවුනට හැකිවුණා. ඒ අතරින් මුළු ලොවක් හැඬවුව නිර්මාණයක් අද අප ඔබ වෙත අරං එනවා. සැබැවින්ම ආරංචිවල හැටියට, ඔවුන් යළි එක්ව කළ අවසන් නිර්මාණයටත් මේ චිත්‍රපටයේ බලපෑම නොඅඩුවම හිමිව තියෙනවා.
“වීර්-සාරා”. ඒ තමයි ඉන්දියාවෙන් බිහිවුණ අමරණීය ප්‍රේමවෘත්තායන් අතරට මෑත යුගයෙහි එක්වූ හොඳම පෙම් යුවළ. ඉන්දියානු වහරේ තියෙන්නේ රාධා-ක්‍රිෂ්ණා, රාමා-සීතා කියන්නේ ප්‍රේමයේ අග්‍රගණ්‍ය ඵලය කියලයි. ඒ අතරට එක්වන්නට වගේම ඉන්දියානු මිනිසුන්ගේ පමණක් නොවෙයි ලෝකයේම සිත් තුළ ලැගුම් ගන්නට සමත්කම් කියන්නට ඉහළින්ම සුදුසුකම් ලැබූ යුවළ මේ දෙපළ කියන එකනම් සැකක් නෑ. වීර් කියන්නේ ඉන්දියානු ගුවන් හමුදාවේ ජීවිතාරක්ෂක නිලාධාරියෙක්. ඔහු දවසක් දා මෙහෙයුමකදී තරුණියක් බේරාගන්නවා. ඒ නිවාඩුවට ගමේ යන්ඩ ඔන්න මෙන්න කියල තියෙද්දී. ඔහු නිවාඩුවට ගමේ යනකොට මෙන්න මේ තරුණිය ආපහු වතාවක් ඔහුට හමුවෙනවා. ඇය සාරා. ඇය ඉන්දියානු තරුණියක් නොවෙයි. ඇය අයත් පකිස්ථානයට. ඉන්දියාව හා පකිස්ථානය ලෙස දෙරටක් වන්නට පෙර මේ දෙකම ඉන්දියාව කියන එකම රටක්. ඒ කාලේ ඉන්දියාවෙ හිටි මුස්ලිම් ජනතාව මුස්ලිම් රාජ්‍යයක් ලෙස වෙන්වූ පකිස්ථානයට ගියා. ඒ අයගෙන් එක්කෙනක් තමයි සාරාගෙ ආච්චි අම්මා. ඇය තුළ ඉන්දියාව නැමැති තම මව් රටට පැවති ආදරය අදත් එදා වගේමයි. ඇයගේ අන්තිම ඉල්ලීම ඉටු කරන්නට සාරා ඉන්දියාවට එන්නේ තමන්ගේ ආච්චි අම්ම ගැන හිතේ ඇති ආදරය නිසා. නමුත් මේ ආදරය වෙනුවෙන් ආ ගමනෙදි ඇයට හමුවන්නේ ඇගේ ආදරය. ඒ තමයි වීර්.
පණට පණ වගේ දෙන්න ආදරය කළත්, දෙන්නට එක්වෙන්ඩ සමාජයෙන් ඉඩ නෑ. හේතුව ආගම් දෙකක, ජනවර්ග දෙකක අය වීම. නමුත් තමන්ගේ ප්‍රාණ සම ආදරය වෙනුවෙන් කොතරම් බාධක තිබුණත් එක සිතින් නොසැලී ඉන්නට ඔවුන් තීරණය කරනවා. ඒ අනෙකාගේ යහපත වෙනුවෙන් තමන්ගේ ජීවිතය පුද කරලා. තමන්ගේ ජීවිතයටම හමු වූ එකම ආදරය වෙනුවෙන් දුක් උහුළන වීර් ඉන්නේ පකිස්ථානයේ යුධ සිර කඳවුරක. ඒ රහස් ඔත්තුකරුවෙක් විදිහට චෝදනා ලබලා. අහිමි ආදරය වෙනුවෙන් කැප වෙන සාරා.. වීර් වෙනුවෙන් යුතුකම් ඉටුකරන්නට වෙහෙස දරනවා. නමුත් කිසිවෙකු දන්නෙ නෑ ඔවුනගේ කතාව. මේ කතාව ලෝකෙටම කියන්ඩ තීරණය කරන්නේ නීතීඥ වෘත්තියට අලුතින් එකතු වෙන ආධුනික නීතීඥවරියක්. තමන්ගේ මුල්ම නඩුව ලෙසින් ඈ තෝරා ගන්නේ හිරගතව ඉන්න වීර්වයි. ඇයි ඇය මේකම තෝරගන්නේ? කොහොමද වීර් හිරේට ගියේ? සාරා කොහෙද ඉන්නේ? කවුද ඔවුනට හතුරුකම් කළේ? වීර්ට සාරා හමු වේවිද? ඔවුන් වගේම ප්‍රේමයත් වයසට ගිහින්ද? කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති මේ චිත්‍රපටය කලින් බලපු අයයි නොබලපු අයයි දෙගොල්ලන්ම වෙනුවෙන් ඔන්න සිංහල උපසිරැසි ගෙනාවා. මේක මෙතුවක් කලක් සිංහල නූණ අඩුවත් එහෙනම් අදින් ඉවරයි.
හින්දි සිනමාවට ලෝකයේම අවධානය නතු කරවන්නට මේ යාෂ් චොප්රා, ෂාහ්-රුක් ඛාන්, ප්‍රීති සින්තා, රාණි මුඛර්ජී ඇතුළු පිරිසගේ මහන්සිය හේතු වුණා කිව්වොත් නිවැරදියි. යාෂ්/ ෂාහ්-රුක් එකට ගොනුවුණ අවසන් නිර්මාණයේ වූ Jab Tak Hai Jaan (2012) චරිතයට ෂාහ්-රුක්ම යොදාගන්නට යාෂ්ට අවශ්‍ය වුණේ මේ චිත්‍රටයේ චරිතයේදී ඔහු කළ අනභිබවනීය රංගනය නිසා බව යාෂ් චොප්රා විසින්ම පවසා තිබුණා. සම්මන පිට සම්මන දිනපු, හැම අතින්ම අනේක ඇගයීම් ලබපු මේ වගේ මානුෂීය නිර්මාණයක් යළිත් වරක් තැනේවිදත් සැක සහිතයි. මේ අනර්ග නිර්මාණයෙන් ඔබගේ මතකය ටිකක් අවධි කරගන්න….
ඔබේ අදහස්...
72 Responses to “Veer-Zaara (2004) | දෙතැනක එක් වූ එක සිත… [සිංහල උපසිරැසි සමඟ]”































පට්ටම ෆිල්ම් එක මේක බැලුවට පස්සේ මේ වගේ ආයෙත් ෆිල්ම් එකක් නම් බැලුවේ නෑ.මේක තමයි හොදම ආදර කතාව මං බලපු
සබ් දුන්න එක පට්ට
NIYAMAMA FILM AKAK ANIWA BALANWA KOCHCHRA BALUWARTH EPA WENNE NA
wow.maru
ඇත්තටම මේකට සබ් නැතිව තිබ්බේ අඩුවක් කොච්චර ෆිල්ම් සබ් දුන්නත් මේක තියෙන්නම ඕනේ එකක්.ජය වේවා සහෝ ඔයාගේ හින්දි ආයේ පට්ට නේ සබ්
කෙනක් ජිවිතයේ ඒක වරක් හෝ බැලිය යුතු ෆිල්ම් එකක් මේක.ඇත්ත මේ වගේ එකක් නම් මං ආයේ දැක්කේ නෑ හින්දි සිනමාව තුල//
බොහොම පින්
Thanks
supirima film akakne parana unath sub walata Thanks
elazz macho digatama subs denna hindi awata nawathwanna epa
අගනා ෆිල්ම් එකක් මේක නම් බොහොම පින් උපසිරස දුන්න එක නම්
thanks
ELAZZ
thanks
නියමම ෆිල්ම් එකක් කියන්න වචන නෑ සබ් දුන්න එක නම් බොහොම වටිනවා මේ වගේ එකකට
ගොඩක් කල් ඉදලා තිබුණ අඩුවක් පිරවුවට ස්තුතියි සහෝ. අනිවාර්යෙන් බලනවා. ජය වේවා!
thanx brother… meka godak hoda movie ekak.. sub ekata thanx
super
thnxz
පට්ට පතුරු ෆිල්ම් එකක් නේ මේක ..ජය වේවා
ලිපිය මල් 7 යි මචෝ ආයේ බලන්නම ආස හිතෙනවා
අපිත් ගන්නවා ආයේ එක පාරක් නෙමේ 100 සැරයක් බැලුවත් මේ වගේ එකක් පාඩුවක් නෑ…
Thnxz KOlla aney thawath awata subs dala one onna
thnx
ela machan.. onna mamath gaththa..
ස්තුති හේවා සහෝ..!!
කියලා නිම කරන්න බැරි වටිනා නිර්මාණයක් සිංහල සබ් එක්ක
ගෙනාපු එකට නම් මාර වටිනවා..
ජය වේවා..!
pattama film akak macho
අඩේ මෙව්වත් දෙනවද?
මරුනේ….
පුළුවන් නම් මේ වගේ හිට් වෙච්චි 90-2000 කාලෙ කල එළි බැස්ස අනිත් සුපිරි ෆිල්ම් සෙට් එකත් සිංහලෙන් ම හැඩ ගන්වමු.
මේ වැඩේට බොහොම ස්තූතියි හේවා…..
අඩෝ පට්ටම පට්ට සිරාවටම මාරම වටිනවා මචෝ මේ වගේ පරණ එකකට සබ් දුන්න එක
තවත් ඒවා සබ් එක්ක ඕනේ හින්දි
පට්ට කොච්චර බැලුවත් එපා නොවන ෆිල්ම් මේවා… තෑන්ක්ස් කිව්වා ඕං.
thank you soooooo much, man asama film ekak,
මේක download වෙන්නේ නෑ නේ
මොකෝ කරන්න ඕනේ රෙද්ද :’(
niyamai..
මේක තමයි හොදම ආදර කතාව මං බලපු.
Thank uuu bro
පට්ටම සුපිරි වැඩක් මචන්… එක සැරයක් නෙමේ සිය සැරයක් බලන්න වටින චිත්‍රපටියක්.. සබ් එකට ගොඩක් පිං..
Thanks Friend…….
Meke Sub download wenne nene muchan…
ශාරුක් ඛාන්ගේ film ගොඩක් ලස්සනයි,ශාරුක් ඛාන්ගේ අනිත් film ඒවත් පුලුවන්නම් දෙන්න.
මේක නියම චිත්‍රපටියක්.. 2005 අවුරුද්දේ මුල තමයි මේ චිත්‍රපටිය ලංකාවේ සිනමාහල් වල ප්‍රදර්ශණය කෙරුනේ.. ආසාවෙන් බලපු චිත්‍රපටියක්…
බොහොම ස්තූතියි සහෝ.. ජයවේවා!!
thanks saho me film ekata sub dunnata aththatama meka patta film ekak apahu sarayak kisima kammali kamak nathuwa balanna puluwan
Thank u very much brother.
මේක තමා මන් කැමතිම චිත්‍රපටිය
දැනට 9 පාරක් බලලා තියෙනවා
10 වෙනි පාරට බලන්නෙ ඔයාගෙ සබ් එක්ක
බෝහොම ස්තුතියි මේක දුන්නට
කොච්චර ෆිල්ම් සබ් දුන්නත් මේක තියෙන්නම ඕනේ
Kauru hari sub eka download Karagattha nam Mata Mail Karannakoo.. Plss… [email protected]
Film 1ta sinhala sub dunnu 1ata Thankzzzzzzzz
Parana unath mewa hoda nirmana
Puluwannam mohabbatein film 1tath sinhala sub 1k denna sahodaraya
Jayawewaaaaaaaaaaaaaaaa
අනේ මචං උඹ නම් දෙයියෙක්. මේ වගේ පට්ට Film වලට දිගටම සබ් දෙන්ඩ හොදේ…
තෑන්ක්ස් බං.. මං කොච්චර හිංදි ෆිල්ම් පිස්සා උනත් මේක බලලා නැහැනේ… දවසක් මං බයිස්කෝප් එකේම හෙව්වා.. මං බැලුවා යකෝ මේක නැත්තම් බයිස්කෝප් එක වැඩක් නැහැනේ කියලා… හෙ හෙ…
මොනා උනත් තෑන්ක්ස්…
ඩබාග්, ටලාශ් එනකම් අපි බලන් ඉන්නවා ඈ…
ඔන්න ඉන්දියන් පට්ට ෆිල්ම්……
mekath patta flim ekak, thanks
ෆිල්ම් එක නිකුත් වුනේ 2004 දී දැනට අවුරුදු නවයකට කලින්. ඒකලේ අතිශයින් ජනප්‍රීය වුන ජානම් ගීතයත් මේ චිත්‍රපටයේම එකක්. පසුගියදා ජීවිතයෙන් සමුගත් යාෂ් චොප්රා නම් අද්වීතීය සිනමා කරුවාගේ තවත් සුන්දර නිර්මාණයක්. චිත්‍රපටයෙන් කියන්න අදහස් කරන්නේ කුමක්ද? තවත් එක් අතිශය සුන්දර ප්‍රේම වෘතාන්තයකින් ඔබ්බට ගිය පණිවිඩයක් එහි තියනවා. ඒ දේ තමයි අපි මේ ලෝකේ කොහේ ඉපදුනත් මෙහි තියන හැම මූලද්‍රව්‍යක අංශුමාත්‍රයකටම අප ණය ගැති බව හා ඒ සියල්ල බෙදා වෙන්කරගෙන විදින්නය සැරසුනත් ඔබ ගන්නා සුසුම් පොද තවකෙකුගේ පපුවේ සිට නිකුත් වූවක් කියා ඔබට පසක් කර දීමට දරණ වෑයම. චිත්‍රපටය නිකුත්වෙලා වසර 9ක් වුනත් මම බැළුවේ ඊයේ රාත්‍රියේ. බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට මාගේ ප්‍රණාමය.
බලපු පට්ටම ෆිල්ම් එකක්.නියම සින්දු ටිකක් තියෙනවා.ආසයි ආයෙත් බලන්න.නියම වැඩක් හේවා.ජයවේවා.බොහෝ………………..ම ස්තූතියි…!
super
tv එකෙන් බලලා තියනවා.ඒත් sub එක්කනේ ආයෙ බලන්නම ඕන.
පට්ට ෆිල්ම් එකක්.. සිංහල සබට බොහොම ස්තූතියි°°°°°
dhigatama hindi mvs walatama sub dhanda mchn
Thanks!!!!!
” KAL HO NAA HO ” sinhala subtitle denna puluwannam loku deyak
please kohomahari denna…
me film ekata sub deepu ekanam hodai.man godak asawwen balagena hitiye.man 720p ekak download karagenath ekka hitiye.eth dvd rip ekakata sub deela thiyenne 720p ekata gelapenne ne. denawath wela 720 p ekakatawath sub denawanam thamai godak watinne.
මේකෙ සබ් ෆයිල් එක 99.6% න් නතර වෙනවනෙ . කොහොමද හදාගන්නෙ ?
patta pata pata.. elama ela…. thanxxxx sub walata
මම ගත්ත එකට සබ් එක ගැලපෙන්නේ නැ එක හදල දෙන්නකෝ Veer Zaara 2004 BRRiP {SiMbA} මේක ගත්තේ.
මම ගත්ත එකට සබ් එක ගැලපෙන්නේ නැ එක හදල දෙන්නකෝ Veer Zaara 2004 BRRiP {SiMbA} මේක ගත්තේ.ane hadala dennakoooooooo plzzzzz mata meka ekamanata balanna one oyata godaaak sthuthi
Veer Zaara 2004 BRRiP {SiMbA} ekai mage gawath thiyenne.ekata hadala danna puluwannam plzz
සබ් එකත් එක්ක ආයෙමත් බැලුවා….. පට්ට…..
නියම ෆිල්ම් එක….
sub eka patta………..
Machanla Isselama kiyanna ona thanks meka dammata.. Ane machanla dapallako Sharukh ge parana films nuth… Pardesh wage ewa… SRK ge okkoma films dammath kamak na…
man me site 1 ta awa palamu dawasema baluwe..Veer zaara thiyenawada kiyala…thanks me film 1 sub ekka dunnata
කිසිදා අමතක නොවන කතා තමයි මේවා.ජයවේවා
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
aiye bombay vage films tikak dennako parana eva
subtital eka fikm ekata wada goadak kalin yanaeane
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. පරණ මතකයන් ආයේ අලුත් කරගන්නත් එක්ක ආපහු බලන්න ඕනා. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා.
Veer Zaara 2004 BRRiP {SiMbA} mekata sub eka hadala dennako dvdrip eka galapen na
aiye sub 1k download kranna bahane… errer 1kk anawa. mokada kranna one??? page 1k open wala cord tikak wetenawa..
මේ film1 බලන්න මාර ආසාවෙන් හිටියත් එක එක හේතු නිසා මග හැරුනා.අද සහෝට පිංසිද්ද වෙන්න බලනවා.THANK YOU WEWAAAAAAAAA……
PULUWAN NAM “PAHELI” film 1tath sub denna…
bye……………………………………..