ඩෙන්සිල් වොෂින්ටන්, රසල් ක්‍රෝ වැනි සම්මානනීය නළුවන් රඟන ඔස්කාර් සම්මාන 2ක් ඇතුළු තවත් සම්මාන 30කට නිර්දේශ වී ඉන් සම්මාන 5ක් දිනාගත් මෙම චිත්‍රපටයේ අන්තර්ගතය, මම විස්තර කරනවාට වඩා එය ප්‍රේක්ෂක ඡන්ද 104,796 වැනි සංඛ්‍යාවක් ලබා IMDB වර්ගීකරණයේ 8.0/10 ලැබීම මගින්ම එය ඔබට පැහැදිළි වෙන බව පුදුමයක් නෙවෙයි.
මම කතාවේ ගලායෑම ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. මෙය සත්‍ය කතාවක්. මෙම චිත්‍රපටයට පදනම් වන 1968 වර්ෂයේ ඇමෙරිකාවේ එල්ස්වර්ත් “බම්පි” ජොන්සන් කියන්නේ පාතාල නායකයෙක් වුවත් ඔහු නුවණැතිව තම ව්‍යාපාර කටයුතු කරමින් සිටිනවා. ඔහු ගැන හැමෝම දැන සිටියා වුවත් ඔහුව කොටුකර ගැනීම අපහසු කාරණයක් වෙනවා. මේ අතර හෘද්‍යාබාධයක් නිසා ඔහු හදිසියේම මිය යනවා. ඊට පසු පාතාලයේ නායකත්වය ගැනීමට සිටින මෝඩ පිරිස ගැන කළකිරෙන ජොන්සන් ගේ දකුණු අත මෙන් සිටි ෆ්‍රෑන්ක් ලූකස් (ඩෙන්සිල් වොෂින්ටන්) විසින් නායකත්වය තමා සතු කර ගන්නවා. මේ අතර එම කාලයේ ඇමෙරිකානුවන් නොදැන සිටි හෙරෝයින් තම තීක්ෂණ ඥානය භාවිතා කරන ෆ්‍රෑන්ක් අග්නිදිග ආසියානු රට වලින් තොග පිටින් ගෙන්වා ගැනීමට සමත් වෙනවා. Blue Magic නමින් වෙළඳ පලට අඩු මුදලකට නිකුත් කරන මේ මත්ද්‍රව්‍ය මගින් ඔහු ඉහල මුදලක් උපයා ගෙන රාත්‍රී සමාජ ශාලා හා ගෙවල් කිහිපයක හිමිකරුවෙක් වෙනවා. ඉන් පසු ඔහු නිව්ජර්සි වල මන්දීරයකට පදිංචියට යනවා.
මේ අතර නෙවාර්ක් පොලිසියේ සේවය කරන රිචී රොබර්ට්ස් (රසල් ක්‍රෝ) තම විවාහයේ දෙදරායෑම ආසන්නයේ සිට වුවත් අවංකව සේවය කරමින් සිටින්නෙක්. අවසර නොලැඹුනු වැටලීමකින් ඔහුට ලැබෙන ඩොලර් මිලිනයක මුදල පවා තම සගයා පවසන ලෙස තමන් සතු කර නොගෙන පොලිසියට භාරදීම නිසා ඔහු තම පොලිස් සගයන්ගේ අප්‍රසාදයට පත් වෙනවා. මේ අතර තම සගයා පොලිසියෙන් වෙන් වන් අතර ඔහු Blue Magic මත්ද්‍රව්‍ය අධිසාන්ද්‍රණක් ගැනීම නිසා මිය යනවා. මෙලෙස ඉතා වේගයෙන් සමාජය පුරා පැතිර යන මෙම මත්ද්‍රව්‍ය වැටලීම සඳහා ඉතාමත් රහස් පොලිස් කණ්ඩායමක් සාදා එහි ප්‍රධානීත්වය රිචී රොබට්ස් හට ලබා දෙනවා.
ඉතින් මෙතැන් සිට මෙම හොරා පොලිස් සෙල්ලම නියම ආකාරයෙන් ආරම්භ වෙනවා. සත්‍ය සිදුවීමක් නිසා මෙම කතාව පුරා නියමාකාර ලෙසම අල්ලස දූෂණය රජ කරන ආකාරය පෙන්වා තිබෙනවා. එනිසාම වෙන්න ඇති මෙම චිත්‍රපටිය මෙතරම් ජනප්‍රිය වෙන්න හේතුව. පෝස්ටරය කළු සුදු වුනාට චිත්‍රපටියනම් එහෙම නෑ හොදේ. ඕනාවට වඩා ලිපිය දික්වුනාද මන්දා.
ඕගොල්ලොත් ඉතින් බාලම බලන්න.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
ජනවාරි 5th, 2010 at පෙ.ව. 8:27
Ah Ela Film Ekak Wage Banna Ona Mekath
ජනවාරි 5th, 2010 at පෙ.ව. 9:28
bala balmu
ජනවාරි 5th, 2010 at පෙ.ව. 9:41
රොයිලි අයියා තැංකු වේවා,බාන්න එකක් නැතුව හිටියේ,බාමි බාමි
ජනවාරි 5th, 2010 at ප.ව. 3:56
පට්ට ෆිල්ම් එක….හැමෝම බලන්න………
ජනවාරි 5th, 2010 at ප.ව. 4:25
මොකෝ මේ කමෙන්ට් අඩු. කට්ටිය අඩුම ගානේ බාමි කියලවත් ලියල යන්නෝ…
@ Geeth Vindula, උදය, shanaka,
ඔව් මචන්ලා එලම ෆිල්ම් එකක්. බාගෙන බලන්න වෙනස තේරෙයි.
@ maneesh,
අන්න ඒකනේ පට්ටම ෆිල්ම් එකක්. හැමෝම බලන්න.
ජනවාරි 5th, 2010 at ප.ව. 4:27
මේ දවස් වල ඉතාමත් විශිෂ්ඨ ගණයේ චිත්‍රපටි ගැන බයිස්කෝප් එකෙන් කියනවා (කලින් ඒවා චාටර් කිව්වා නෙමෙයි :p ).
මම මේ දවස් වල ටිකෙන් ටික බලන්නෙ මේක. ඉතාමත් විශිෂ්ඨ රංගණ කිහිපයක්ම දකින්න ලැබුනා කියලා මට හිතෙනවා. මම තාම කතාව බලලා ඉවර නෑ. හැබැයි දැනට බලපු පොඩි කොටසෙනුත් නියම චිත්‍රපටියක් කියලා හිතුනා.
ආයේමත් බයිස්කෝප් එකට මගේ ප්‍රණාමය මේ වගේ චිත්‍රපටියක් ගැන ලිව්වට.
ජනවාරි 5th, 2010 at ප.ව. 5:53
ඔන්න මාත් බානව හොදෛ,,,
ජනවාරි 5th, 2010 at ප.ව. 6:27
Elakiri Machan Meka Bewa… Maxxaa Film Ekak..
ජනවාරි 5th, 2010 at ප.ව. 7:27
අනිවා බානව.thanks……..
ජනවාරි 5th, 2010 at ප.ව. 9:39
බාමි බාමි……
ජනවාරි 5th, 2010 at ප.ව. 10:27
රොයිලිගේ වැඩක්නේ. මමත් බාමී. එල එකක් වගේ. තෑන්ක්ස් රෝයිලි. අපි වෙනුවෙන් කාලය හා ශ්‍රමය කැප කරනවට. මචන් කමෙන්ට්ස් අඩු වුනාට ගණන් ගන්න එපා. කට්ටිය මූවි එක බානවා. කොහොමත් කමෙන්ට්ස් එකකින් හරි උඹලා සෙට් එක ධෛර්යමත් කරන එක බයිස්කෝප් එකට සෙට් වෙන කට්ටියගේ යුතුකමක් කියලා මට හිතෙනවා. අපේ කොල්ලො සෙට් එක අපි ධෛර්යමත් කරන්න ඔ්නේ.
ජනවාරි 5th, 2010 at ප.ව. 11:42
@ පිටස්තරයා,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. හොඳ චිත්‍රපටියක් දුන්නම ඇත්තටම කමෙන්ට් අඩු වෙනවා මචෝ. පුදුමය කියන්නේ අපේ උන්ට ඕනා මරා ගන්න ලේ පෙන්වන යුද්ධ ඒවමනේ.
@ මලිත්,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට.
ජනවාරි 5th, 2010 at ප.ව. 11:49
@ AL1717,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට.
@ Akila,
ස්තූතියි මචෝ බලලම කියන්න කොහොමද කියලා
ජනවාරි 5th, 2010 at ප.ව. 11:53
@ දිනුක,
ස්තූතියි මචෝ.
@ nilanthaherath,
ඒකනේ මචෝ. අපිට මේ කෙරුවාවෙන් හම්බවෙන්නේ කමෙන්ට් එකකින් උඹලා දෙන සහයෝගය විතරයි. වෙන තඹ සතේක දෙයක් හම්බවෙනවද. අවුලක් නැහැ මචෝ උඹ අමතක නොකර කමෙන්ට් දැම්මනේ. ඒ ඇති.
ජනවාරි 6th, 2010 at පෙ.ව. 7:49
hmmmm……. Dawas ganak thisse banna eakka nathuwa hitiye…. eala eala…. maxxa film eakka wage..????
aniwa….bami bami……..
ජනවාරි 7th, 2010 at ප.ව. 1:36
තව ෆිල්,ම් 4ක් විතර බෑවට පස්සේ මගේ හාඩ් එකේ ඇගිල්ලක් ගහන්න ඉඩ නැති වෙනෝ……
ගුරෝ, රොයිලියෝ, මට හාඩ් එකක් එවපියෝ……….
පෙබරවාරි 9th, 2010 at ප.ව. 2:33
mama banna dammoooooooo
මැයි 4th, 2010 at ප.ව. 1:13
Ala film 1k ,baluwa . full quality ,no 1ta tiyanwa