අද මම ඔයාලට දෙන්නේ මගෙ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒ නිසා අඩුපාඩු නම් ගොඩක් ඇති. නමුත් මම උපරිම උත්සාහය ගත්තා ෆිල්ම් එකට සාධාරණයක් ඉටු කරන්න. 2001 වසරේදී තිරගත වුනු මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.1 rating ලබා තිබෙනවා.
ශේඛර් කියන්නේ මුම්බායේ ජීවත් වන සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඔහුගේ සාර්ථකත්ව නිසාම ඔහුට ඒ වසරේ හොඳම ව්‍යාපාරිකයාට හිමි සම්මානය ලැබෙනවා.ඉතින් මේ සතුට සමරන්න ඔහු උත්සවයක් පවත්වනවා. මේ උත්සවයට පැමිණෙනවා අමුත්තෙක්. ඒ අමර් ශාහ්, කැනඩාවෙ ජීවත් වන දක්ශ ව්‍යාපාරිකයෙක්. අමර් ශේඛර්ට අරාධනා කරනවා කැනඩාවට ඇවිත් ඔහුගේ ව්‍යාපාරය සමඟ එක් වෙන්න කියලා. ශේඛර් එය ප්‍රතික්ශේප කරනවා. ඔහු කියනවා “මම මගේ රටේ ජීවත් වෙන්නේ හරිම සතුටින්, ඒ නිසා කැනඩාවට එන්න බැහැ” කියලා. නමුත් අමර් ඔට්‍ටුවක් අල්ලනවා, ශේඛර්ව අනිවාර්යෙන්ම කැනඩාවට ගෙන්වා ගන්න බව.
දෙදෙනාම සාදය අවසානයේ නිවෙස් බලා යාමට පිටත් වෙනවා. නමුත් අවාසනාවන්ත ලෙස එදා රාත්‍රියේ මේ මිතුරන් දෙදෙනාගේම ජීවිත කණපිට හැරෙනවා. එදා රාත්‍රියේ මොකද වුණේ? අමර් ඔට්‍ටුවෙන් ජයගනීවිද? ශේඛර්ගේ දෛවය කොහොම විස්‍ඳෙවිද? මේ ප්‍රශ්ණ වලට උත්තර දැන ගන්න නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා.
අනෙක් විශේෂත්වය තමයි මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතවලට පණ පොවන ප්‍රියන්ශු චැටර්ජී, සඳලි සින්හා සහ රාකෙශ් වාශිස්ත් යන තිදෙනාගේම පළමු චිත්‍රපටය මෙය වීම. නවකයන් වුණත් ඔවුන් කතාවට කොතරම් සාධාරණයක් ඉටු කරනවාද කියලා ඔයාලටම හිතේවි. සෝනු නිගම්, අනුරධා පෞඩ්වල්, උදිත් නාරායන් ඇතුලු ප්‍රවීණ ගායකින් කිහිපදෙනෙකුගේ සංගීතයෙන් හැඩ වුණු මේ චිත්‍රපටය ඔයාලා හැමෝටම උසස් රස විඳනයක් ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා.
ඔබේ අදහස්...
38 Responses to “Tum Bin (2001) | ඔබ නැති දා [සිංහල උපසිරැසි සමඟ]”































thanks macho mama 1
ela ela
palamu wadeyta suba pathum jaya
බොහොම පින් දිගටම වැඩේ කරමු
wow…maru
thanks
අනගි…. පළමු නිර්මාණයට උණුසුම් සුභ පැතුම්!
ස්තුති හාසාරා…
නියම මුවි එකක්නේ ගෙනාල්ලා තියෙන්නේ
ජය වේවා
සුභ පැතුම් ! ජය
elazzz thnxzzzz
thanks machan all the best
ela machan
patta patta thnxzzz
පළමු වැඩේට සුබ පැතුම්….
දිගට ම මේ වැඩේ කරගෙන යමු.
සිංහල සබට බොහොම ස්තූතියි.
බොහොම ස්තූතියි උපසිරැසියට.. දිගටම සබ් දාන්න.. ජය වේවා෴
පලමු නිර්මාණයට උණුසුම් සුභපැතුම් හසාරා. මේ නමින් සිංදුවක් නම් අහලා තිබුනට චිත්‍රපටයක් ගැන නම් අදයි දැනගත්තේ. ස්තුතියි.
නියම වැඩක් සහෝ..ටිකක් පරණ ෆිල්ම් එකක් උනාට ලස්සන ෆිල්ම් එකක්..ලස්සන සින්දු ටිකකුත් තියෙනවා..හැමෝම බාගෙන බලන්න..ජය වේවා..
congratulation for the first work my dear!!!
පලවෙනි නිර්මාණයට සුබ පතනවා !!! සහෝදරියක්ද, සහෝදරෙයෙක්ද කියලා හිතා ගන්න බැහැ නමෙනුයි, පින්තුරෙනුයි…
කව්රු උනත් වැඩේට නම් ගොඩක් ස්තුතියි !!!
පරන එකකට සබ් දුන්න එක හොද වැඩක්
එල එල පලමු නිර්මාණයට මගෙන් සුභ පැතුම්
ආහ්… කෙල්ලෙක් නේද මේක කරලා තියෙන්නෙ ?
එලනෙ
i wish u sister
ela
tnx sis………
thanks
thanks…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය.
Thankz!
නියම ෆිල්ම් එකක් වගේ.මං බලල නෑනෙ.ලස්සන සින්දු ටිකකුත් ඇති.නියම සෙට් එකක්නෙ කියන්නෙ.කිවුව වගේ සහෝ කෙනෙක්ද සහී කෙනෙක්ද දන්නෙ නෑ.කවුරු උනත් පළවෙනි වැඩේට අපෙන් සුභ පැතුම්.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ…………………ම ස්තූතියි…!
කමෙන්ට් කළ හමෝටම ස්තුතියි. මම ගෑණු ළමයෙක්.:P
SHK හසාරා
බොහොම ස්තුතියි ලස්සන හින්දි එකක් අරගෙන ආවට මේක බලල තියෙනවා කියලනම් මතකයක් නෑ කොහොම උනත් දැන් සිංහල සබ් ඒකත් තියෙන එකේ බලන්න පුළුවන්.
පලවෙනි නිර්මාණයට සුබපැතුම්….!!!
පළමු උපසිරසියට උණුසුම් සුබ පැතුම්,ඉදිරියටත් තව නිර්මාණ වලට සබ් දෙන්න ,ජයවේවා
පළමු නිර්මාණයට උණුසුම් සුභ පැතුම්! දිගටම වැඩේ කරමු
උපසිරැසි ෆයිල් Extract නොවේ.
ප්‍රවීණ නළුවන් නැති එළකිරි ෆිල්ම් එකක් වගේ….. බලමු….
මේ චිත්‍රපටිය ගැන දැනගෙන හිටියට බලන්න කම්මැලි හිතුනා දන්න කියන නලුනිලියෝ ප්‍රධාන චරිත වල නැති නිසා..මම හින්දි චිත්‍රපටි වල වැඩියෙන්ම කැමති ඇක්ෂන් සහ කොමඩි වලට තමයි.. ලව් ස්ටෝරි හරි බොළඳයි.. ඒත් මේ කතාව කියෙව්වමනම් හොඳයි වගේ හිතෙනවා. ඒ නිසා ඔන්න බානවා.. ඒ වගේම පළමු උපසිරැසියට සුභ පතනවා.. ජයවේවා!
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි
thanx hindi film 1ta…