හය වෙනි පාරට මුණ ගැහෙන්න එනකොට “කල කල දේ ඵල ඵල දේ” කියලා පටන් ගත්තේ මොකද කියලා අපේ යාළුවො බලනවා ඇති. ඒකට හේතුව අද ගේන්න හදන සලරුව බොහෝ දුරට ඒ තේමාවට නෑදෑකම් කියන නිසා. මොකද අපි හැමෝම වගේ දන්න දෙයක් තමයි වැරදි කලොත් දෙකක් නැහැ ඒකට ආපසු ඒ විදිහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න වෙනවා කියලා. ඇත්තම නමෙන් කියනවා නම් Hit & Run. ඒ නමෙනුත් ලාවට වගේ දෙයක් එනවා ඔලුවට අන්තර්ගතය මොන වගේද කියලා. 2012 වර්ෂයේ අගෝස්තු 22 තිරගත කිරීම ආරම්භ කල සලරුවක්, අනෙක් නිර්මාණ එක්ක සසඳන කොට ඉතා කුඩා ප්‍රමාණයේ අයවැයකින් නිපදවලා හොඳ ලාභ උපයපු චිත්‍රපටයක්. ඉලක්කම් වලින් කියනවා නම් ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක් වැය කරලා මාසෙකින් වගේ ඇමෙරිකානු ඩොලර් මිලියන 13.75 ක් අය කරගෙන තියෙනවා. අන්තර්ජාතික පිළිගැනීම ගැන ඔයාලට කියනවා නම් IDMb ජාත්‍යන්තර මීටරේ 5.9 දක්වා තරම් උසක් නැගලා තියෙනවා. අපි දන්න කියන නළු නිලියෝ කිහිප දෙනෙක්ම ඉන්නවා මේ නිර්මාණය තුලින් එයාලගේ රංගන හැකියාව ප්‍රේක්ෂක ඔබ වෙත පෙන්වන්නත්. අහලා ඇති ඔයාලත් Bradley Cooper, Dax Shepard සහ Kirsten Bell කියන නළුවෝ දෙන්නා සහ නිළිය. 2012 ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වූ Silver Linings Playbook වගේම Hangover, Limitless, Case 39 වගේ චිත්‍රපටි බැලුව නම් Bradley Cooper අමතක වෙන්න කොහෙත්ම බැහැ. මේකේ පෝස්ටරේ උඩින් මම දැක්ක ගහලා තියෙනවා “From the Guys Who Watched the Hangover” කියලා. ඉතාම සරල තේමාවක් යටතේ ක්‍රියාදාම සහ විනෝද ජවනිකා කැටි කරගත් අපූරු නිර්මාණයක්. තව දෙයක් මේක නිර්මාණය කරලා තියෙන්නෙත් Dax Shepard විසින්මයි.
මෙන්න එහෙනම් සාරාංශය, තරුණයෙක් ඉන්නවා “චාර්ල්ස් බ්‍රෝන්ස්නන්” කියලා සහ එයාගේ පෙම්වතිය “ඇනී බීන්” දෙන්න ඇමෙරිකාවේ ටිකක් විතර දුර ප්‍රදේශයක ජිවත් වෙනවා. “ඇනී” කියන්නේ ගැටුම් නිරාකරණය පිලිබඳ පශ්චාත් උපාධිධාරිනියක්. ඒ කියන්නේ රණ්ඩු බේරන්න උපාධියක් ගත්ත කෙනෙක්. වැඩේ කියන්නේ මෙයා තරම් රණ්ඩු කෙක්කක් නැහැ අහල ගං හතකවත්. කොහෙන් හරි කොනක් අල්ලන් ඇවිලේන්නම තමා හදන්නේ. ඉතින් මෙයා මේ පිළිබඳව උගන්වනවත් එක්ක, ඒ කියන්නේ ගුරුවරියක්. කොහොමහරි “ඇනී” ට වෙනවා වෙන රැකියාවක් හොයා ගන්න. ඇයට වෙනවා “ලොස්ඇන්ජලීස්” වල විශ්වවිද්යාාලයක රැකියාවක් වෙත යන්න. ඉතින් මේකට එයාගේ පෙම්වතා “චාර්ලි” වැඩිය කැමති නැති උනත්, තමන්ගේ පෙම්වතියගේ හිත රිදවන්න අකමැති නිසාම ඇයව එහෙ එක්කන් යන්න ලැස්ති වෙනවා. ඔන්න දැන් තමා වැඩේ පටන් ගන්නේ. මේ ගමනට “චාර්ලි” යොදා ගන්නේ පරණ වාහනයක් එකත් ලේසි පහසු එකක් නෙමේ. දැක්ක ගමන් කාගේත් උන්හිටි තැන් අමතක වෙන ජාතියේ එකක්. මේ ගමන යන්න කලින් යම්කිසි හේතුවකට “ඇනී” ට වෙනවා කෙනෙකුගේ ගෙදරට යන්න එයා තමයි “ඇනී” ගේ කලින් පෙම්වතා. මිනිහා පොඩි අමනාපෙකින් ඉන්නේ “ඇනී” “චාර්ලි” එක්ක ඉන්නවට, එයා හිතන්නේ “චාර්ලි” කියන්නේ අපරාධකාරයෙක් කියලා. එකටත් පොඩි හේතුවක් තියෙනවා. ඉතින් මේ පරණ පෙම්වතා එයාගේ නම “ගිල්” මේ වාහනේ හරහා ලොකු කුණු වලක් ගොඩ දාලා හොඳ පිස්සුවක් නටනවා. තව කිව්වොත් බලන්න කලින් කතාව ඉවර වෙයි වගේ, ඔයාලම බලන්න මොකද්ද මෙයා හාරන කුණු ගොඩ කියලයි ඇත්තටම මේ “ගිල්” සැක කරන විදිහට “චාර්ලි” අපරාධකාරයෙක් ද කියලයි….. මේ ගමනේදී හොඳ හොඳ රසවත් සිදුවීම්, පුද්ගලයන් මුණ ගැහෙනවා අවසානය වෙනකන් කම්මැලි නැතුව රස විඳින්න පුළුවන් නිර්මාණයක්.
එහෙනම් ගිහින් එන්නම් කියන්න වෙලාව හරි වගේ, තවත් මේ වගේම අලුත් සලරුවක සිංහල අදහසත් සමඟ දොඩමලු වෙනකන් හැමෝටම ජයෙන් ජයම වේවා කියලා පතනවා !!!
ඔබේ අදහස්...
50 Responses to “Hit and Run (2012) | කල කල දේ ඵල ඵල දේ… [සිංහල උපසිරැසි සමඟ]”






























patta machan thxz
wow.ela comady akak wagey
අද ෆිල්ම් ගොඩයි නේ එකක් බාලා දාලා හැරෙන්න බෑ තව එකක්… ඉඩක් ලැබුන ගමන බලන්නම් ,ජය
thanks
ela machan
Thanks weywa
patta film aka laga thiyenawa sub aka gaththa..Thanks
තවත් සබ් දෙන්න.. ජය
maru film akak wagey balamu
oayage sub hodai kalin awath hdaoatama karala thibba
එල මචෝ
හෙහ් නියමයි බලන්නම් දැන්
Thanks
තවත් අලුත්ම එකක් ඕනේ ඉක්මනටම සබ් දාලා
elama wadak
Thanksssssss so much
patta wadak man gawa film aka thiye
ආතල් කතාවක් වගේ දැන් නම් ලිස්ට් එකේ පිරිලා ඩවුන් පස්සේ තමයි බාන්න දාන්න වෙන්නේ
එල එල එලම තමා
කට්ටිය කියනවා වගේ ටොරෙන්ට් නම් පෙන්ඩින් 10 ක් වගේ..ඒවා ඉවරයක් උනාම අනිවා බලනවා… බොහොම පින් !
මේක හැන්ග්ඕවර් වගේ එල එකක් වගේ නේ
බලන්න ඕනේ ඒ නිසා
ටෑන්ක් මචෝ
thnxz
Thanks
නියමයිනෙ හසන්ත සහෝ.පට්ට ෆිල්ම් එකක‍්නෙ දීල තියෙන්නෙ.පොඩි කොපියකුත් දීල තියෙන්නෙ.පිං අත්වෙයි.අනිව බෑමක් තමයි.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ………………………..ම ස්තූතියි…!
පට්ට ආතල් ෆිල්ම් එකක් වගෙයි… බලමුකො අරගෙනම.. බොහොම ස්තුතියි සබ් එකට..෴
මචෝ ඔයා දුන්නොත් ඉතින් අනිවා බෑමක් තමා, ෆිල්ම් ඒක කොහොම උනත් ඔයාගේ සබ් එක්ක බලන්න ආසයි…. අනික කූපර් ඉන්න්නවනම් අනිවා ඒක කොහොමත් බාලනවා, තැන්ක්ස් මචෝ…. පට්ටයි…
බොහොම ස්තූතියි හසන්ත සිංහල උපසිරැසියට. මෙන්න බානවා.
thanx bro………….
great work
patta baiscope ekak wage thnx machan sub ekata
elaz
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ…..
නියමයි සහෝ නියමයි…ඔහොම යං..
ජය වේවා..!!
බොහොම ස්තූතියි සහෝ.. අඩු වියදම් නිශ්පාදනයක් උනාට ආදායම් වාර්තාව බැලුවම තේරෙනවා චිත්‍රපටිය සුපිරි කියලා. ජයවේවා!
මැක්සා ෆිල්ම් එකක් වගේනේ ඔන්න මමත් බානවා එහෙනම්
ජය වේවා…!!!
බොහොම ස්තුතියි!
අද මට ගොඩක් සතුටුයි. මොකද මගේ මේ උපසිරැසිය අමු අමුවේම කොපි කරලා. තමන්ගේ නම දාගෙන වෙනත් වෙබ්අඩවියක තව කෙනෙක් ගරු බුහුමන් ලබනවා. මම ඒකට සතුටු වෙන්නේ මොකද මගේ හැකියාව තව කෙනෙක් වංචනිකව ගන්න තරම් මගේ වැඩේ වටින් නිසා. මම උපසිරසි කරන රටාව ගැන බයිස්කෝප් යාළුවො හැමෝම වගේ දන්නවා. මම මේ මගේ වැඩේන් නම ගොඩ දා ගත්ත යාලුවට කියන්නේ. වංචාව උනත් අහු නොවෙන්න කරනවා නම් තමා වටින්නේ.මම කරපු වචන අකුරක් නෑර එහෙම්මම දාල මගේ නමයි බයිස්කෝප් වෙබ් අඩවියේ නමයි ඇර. මම ගැන සතුටු උනාට, මට ඒ මනුස්සයා ගැන නම් හරිම අනුකම්පාවක් දැනෙන්නේ.
එකෙන් වැඩක් නැහැ. ඔක්කොටම ස්තුති වන්ත වෙනවා. කොමෙන්ටුවක් දාල මාව දිරිමත් කරනවට….
එල එල ,ජයවේවා
නියමයි හසෝ..! තව ඩිංගෙන් මෙක මඟ ඇරෙනවා..!
ane download wenne nehene
ටොරෙන්ට් ෆයිල් එකේ ප්‍රශ්නයක් වගේ මේ පහල ලින්ක් එකෙන් ෆිල්ම් එක බා ගන්න.
750 MB එක
http://1337x.org/torrent/446992/0/
Will See
thankz
ස්තුතියි සහෝ උපසිරැසියට.
350 කොපියක් දීපු එකනම් වටිනවා..බොහොම ස්තූතියි හසන්ත සහෝ උපසිරැසියට.. මාත් ඔන්න බානවා.. ජයවේවා!!
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි බාගත්තා දැන් තියෙන්නේ බලන්න.
ela ela
හසන්ත අය්යේ අනේ මට DVDrip එකට හරියන්න සබ සින්ක් කරලා දෙන්නේ පුලුවන්ද . කරදරයක් නැත්නම් ලොකු උදව්වක්
km player එකේ manual සින්ක් කලාට හරියන්නේ නැහැ .ssa සබ වලට
thanks