ඔන්න මම ඔයාලට මගේ ඊළඟ නිර්මාණයටත් හින්දි එකක්ම අරගෙන ආවා. ටිකක් පරක්කු වුනා මේකේ සබ් එක හදල ඉවර කරන්නනම්. කොහොම උනත් මේකේ ස්ටෝරි එකනම් ටිකක් වෙනස්. මේ ෆිල්ම් එක ටිකක් දේශපාලනය එක්ක සම්බන්ධව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඇමතිවරුන්ගේ තියෙන දූෂණ අක්‍රමිකතා වගේ දේවල් වගේම සමාජ අන්තර්ගතය ගැනත් මේකේ කතාවෙන් කියවෙනවා. ඒ වගේම ටිකක් වෙනස් විදියේ ආදර කතාවකුත් මේකේ තියෙනවා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රඟපාන්නේ විවෙක් ඔබරෝයි සමග මල්ලිකා ශරාවත්.
එක රැයක් තුල මිනිහෙකුගේ ජීවිතයට මොනතරම් දේවල් වෙන්න පුලුවන්ද කියලා ඔයාල නිකමට හරි හිතලා තියෙනවද ? එක නොදන්නා සිදුවීමක් නිසා තමාගේ ජීවිතයේ ඉරණම මොන විදියට වෙනස් වේවිද කියලා කාටවත් කියන්න බෑ. ඒක සමහර විට අපේ ජීවිතයට යහපත් විදියට බලපාන්නත් පුළුවන්. ඒ වගේම ජීවිතයට අනතුරකට මුහුණ දෙන්න වෙන්නත් පුළුවන්. ඒ වගේ සිදුවීමකට තමයි මේ ෆිල්ම් එකේ කථා නායකයා ලොකෙෂ් ටත් (විවෙක්) මුහුණ දෙන්න සිදු වෙන්නේ. ඔහු දිල්ලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්, හැබැයි හැම කොල්ලෙකුගේම වගේම එයාගෙත් තියෙන දුර්වලකම තමයි කෙල්ලෝ. එයාට පාටි එකකදී හමු වෙනවා ලවීනා (මල්ලිකා) කියලා කෙල්ලෙක්ව. මෙයා එයාගේ පස්සෙන් යන්නේ ආදරය කරන්නම නෙමෙයි. ඒ වගේම මෙයා පස්සෙන් එන එක ගැන එයාට ලවීනගෙන් ලැබෙන්නේ එතරම් හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි. හැබැයි මේ දෙන්න ආපහු සැරයක් අහම්බෙන් වගේ මුණ ගැහෙනවා. හැබැයි ඒ හමුවීම අහම්බයක් නෙවෙයි. ලෝකෙෂ්ට විරුද්දව සිදුවන කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් කියලා දැන ගන්න කොටනම් ටිකක් පරක්කු වැඩියි. මේ හමුවීමත් එක්ක මේ දෙන්නගේ ජීවිතත් වෙනස් වෙනවා.
මම තවත් විස්තර කරන්න යන්නේ නෑ ෆිල්ම් එක ගැන. මොකද මේක එහෙම විස්තර කරන්න ටිකක් අමාරුයි වගේම ඔයාලට බලන්න දෙයක් ඉතුරු කරන්නත් එපැයි. ඉතින් ලෝකෙෂ්ට විරුද්ධව සිදුවෙන කුමන්ත්‍රණය මොකක්ද? ලෝකෙශ්ගෙයි ලවීනගෙයි ජීවිත වලට මොන වගේ ගැටළු වලට මුහුණ දෙන්න වෙයිද ? එක රැයකින් මිනිහෙක්ගේ ජීවිතේ සම්පූරණයෙන්ම වෙනස් වෙන්නේ කොහොමද ? කියලා දැනගන්න ඕනේ නම් ඔයාලටත් මේක බලන්න වෙනවා. මේ ෆිල්ම් එකේ සිංදු වලටනම් සබ් දෙන්න බැරි උනේ ඉංග්‍රීසි සබ් එකේ ඒ ලයින්ස් ටික තිබුනේ නැති නිසා. ඒකටනම් හිත නරක කර ගන්න එපා කියලත් ඉල්ලනවා. කට්ටියට මේ ෆිල්ම් එක දිරවයිද කියලනම් දන්නේ නෑ. මොනවා උනත් මේකත් බලල ඔයාලගේ අදහසුත් කියලම යන්න.
හැමෝටම ජය වේවා…!!!
ඔබේ අදහස්...
42 Responses to “Kismet Love Paisa Dilli (2012) | සල්ලිද ? නම්බුවද ? [සිංහල උපසිරසි සමඟ]”






























patta patta macho
මොන පරක්කුද දන්නෙත් දැන් හොද කොපියක් ඇවිත් කියලා ..ජයම වේවා
තෑන්ක්ස් වේවා
thanks
ela kiri ne patta naluwek inne
thnxz weywa!!!!!!
niyama film akak wagey aniw abalanwa
wow…..maru
ලොවෙත් නෑ නේ ෆිල්ම් එක තියේ බලන්න ඕනේ…සබ් වලට පින්
Thanks
බලලම බලමුකො දිරවයිද කියලා
ඔන්න මමත් ගන්නවා හින්දි ෆිල්ම් එකක් නොබලා කොහොමද … තුති
තෑන්ක්ස් බ්‍රෝ
niyamai machan
හින්දි නේ බලමු././///// ජය වේවා
තවත් ඒවා සබ් දාලා ඕනේ ඔන්න
ජයම වේවා සහෝ මමත් බානවා
thkzzzzz so much
එල එල මචං
supiri saho
එල සහෝ…
පරක්කු උනත් වැඩේ නියමයි…
මරු මචෝ අනිවා බැලීමක් තියෙන්නේ
elakiri macho
niyamae………………
ට්‍රයල් එක බැලුවාම පට්ට කියල හිතුනා. ඔන්න බෑවා.. පලවෙනි බෑම මගෙන් වෙන්න ඕන!
Thanks
comments walata godak sthuthiyi
ඔන්න පට්ටම එකක් වගේ…තවත් හොද ෆිල්ම්ස් සබ් එක්ක දෙන්න ඕනේ නවින් හොදේ
mekata mehema photo ekkak dala thiyenne ai?
බොහොම ස්තූතියි නවීන් සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න එහෙනම් කොයිකද වඩා වටින්නේ කියලා
නියමයි නවීන්.කලින් දුන්න දරුවු තෙළිඟු එකත් පට්ටම ආතල්.මේකත් අනිව බලනව.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!
නියමයි… බොහොම ස්තූතියි සහෝ…
පට්ට පටපට මෙව තමා සුප්ප පිල්ම් කියන්නෙ අනිවා බානවා ජයෙන් ජය
ela kiri machan……..
thanks
tanx macho
thanks
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.. මාත් ඔන්න බානවා.. ජයවේවා!!
Shaolin Soccer 2001,saw 1-7,naa ne menname film wala sinhala subtitle hadala ikmanata dannako
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි.
thanks!!!!!!!!!!!
thanx hindi film ekak dunnata….