මේච්චර කල් සිංහල උපසිරැසි බාගත්තට චිත්‍රපටියකට සබ් එකක් දෙන්න බැරි උනානේ. මේක තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒක නිසා සමහර විට මේකෙ ගොඩක් අඩුපාඩු ගොඩක් ඇති..ඒකට මම සමාව ඉල්ලනවා.. මම උපරිම උත්සාහයක් ගත්තා සබ් එකට සාධාරණයක් කරන්න.. ඒක එහෙමද කියලා ඔයාලා චිත්‍රපටිය බලලම කියන්නකෝ….
The Bait ෆිල්ම් එක නිකුත් උනේ 2012 වර්ෂයේ සැප්තැම්බර් 20. මේ චිත්‍රපටිය ජාත්‍යන්තර චිත්‍රපටි දර්ෂකයේ රේටින් 5.1 අරගෙන තියනවා..කම්මැලි නැතිව මුල ඉඳලා අන්තිමට යනකන් එක හුස්මට බලන්න පුළුවන් මේ චිත්‍රපටිය. විනාඩි 91 ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටිය ත්‍රිමාන සජීවීකරණයන්ගෙන් තමයි සම්පූර්ණයෙන් හැඩ වෙලා තියෙන්නේ.
හරි ඒවයින් වැඩක් නැහැ වැල් වටාරම් කියන එක නවත්තලා චිත්‍රපටියේ කතාව ගැන ටිකක් කියන්නම්කෝ. මෙහෙමයි කථාව පටන් ගන්නේ..
මේක පටන් ගන්නේ ඕස්ට්‍රේලියාවේ ලස්සන වෙරල තීරයන වැඩ කරන ජීවිතාරක්ෂක නිලධාරියක් මෝරෙක් කන බිහිසුණු දර්ෂනයකින්. දැන් තමයි හොඳම (නරකම) දේවල් ටික පටන් ගන්නේ. සුපර් මාර්කට් එකක් කොල්ල කන්න මංකොල්ල කාරයො දෙන්නෙක් එනවා. මංකොල්ලකාරයො මාර්කට් එක කොල්ල කන අතරේ සුනාමියක් එනවා. ඔයාලට මතකයි නේ සුනාමිය. ඒක අමතක වෙන්න නම් මැරිලා ඉපදෙන්න වෙයි නේද..? අපි සුනාමිය ගැන කතා නොකර ඉමුකෝ. කොහොම හරි සුපර් මාර්කට් එක සම්පූර්නයෙන්ම වතුරෙන් යට වෙලා ඇතුලෙ හිටපු ගොඩක් මිනිස්සු මැරෙනවා. ඒත් ටිකක් කට්ටිය නොමැරී බේරෙනවා..ඒත් ඇතුලෙ හිර වෙලා තමයි ඒ අයට ඉන්න වෙල තියෙන්නේ. ඒ අතරේ කොරේ පිටට මරේ කියලා ගලපු වතුරත් එක්ක අඩි 12 ක විතර තඩි මිනී මෝරු දෙන්නෙක් ඇවිල්ලා මාර්කට් එකට. ඇතුලේ හිර උනු අය මෝරුන්ගෙන් බේරිලා ගොඩනැගිල්ලෙන් එලියට එන්න දරන උත්සාහය ගැන තමයි චිත්‍රපටිය පුරාවටම තියෙන්නේ. මේකේ ත්‍රාසය භීතිය කුතුහලය වගේම පොඩියට ආදර කතාවකුත් ගලාගෙන යනවා.සම්පූර්ණ කතාව කිව්වොත් ඔයාලට බලන්න දෙයක් නැති වෙන නිසා මම තවත් ෆිල්ම් එක ගැන කියන්නේ නැහැ..
ආපු හොරු දෙන්නට මොකද වෙන්නේ…? ඇතුලෙ හිර උනු අයට මෝරුන්ගෙන් බේරෙන්න පුළුවන් වෙයිද..? ඒ ප්‍රශ්න ටිකට උත්තර දැන ගන්න ඔයාලට මේක බලන්නම වෙනවා..එහෙනම් තවත් මේ විදියෙම චිත්‍රපටියකට සබ් දාගෙන එන පොරොන්දුව පිට මම සමු ගන්නවා…ඒ වගේම මේ උපසිරැසි ගැන්වීමෙ අඩුපාඩු හොඳ නරක එහෙම කියනවා නම් ගොඩක් කැමතියි.මොකද ඔයාලගෙ අදහස් වලින් තමයි මගේ ඊලඟ සබ් එකේ අඩුපාඩු හදාගන්න වෙන්නේ…එහෙනම් අපි ගියා…
ඔබේ අදහස්...
46 Responses to “Bait (2012) | ගොදුර [සිංහල උපසිරසි සමඟ]”


patta machan
thanks
පළමු වැඩේට සුභ පතනවා ඉස්සරහටත් හොද ෆිල්ම්ස් වලට සබ් දාලා දෙන්න
patta akakne 1st akata deela thiyenna all the best
jaya wewa…! thawath sub denna labeywa!!!!
පළමු වැඩේට සුබ පැතුම් !!!
ජයම වේවා සහෝට..තව තවත් රසවත් නිර්මාණ ගේන්නට ලැබේවා! කියා පතමි..
නියම කතාවක් වගේ..ඔන්න එහෙනම් බාන්න දැම්මා… ජය
තැන්ක්ස් වේවා
Thanks
wow. maru
thmxxxxxxxxxxx
පට්ට හොදේ…..
පළමු වැඩේට උණුසුම් සුභ පැතුම්..!
thanks machan.patta
komanada subtitle eka add karala balanne pls help me
පළමු වැඩේට සුබ පැතුම් !!!
සුප්ප කොල්ලගෙ පළවෙනි වැඩෙනෙ ඉතින් මාගේ ගෙ!රව පුර්ව ස්තුතිය
පිල්මි එකනමි පටිට පත=රැ වගේ පේන්නෙ අනිවා බානවා සහෝ
elazzzzzzzzzzzzzzzzzzzz
ela ela…
bohoma stuti saho..1st sub eka neda..congrats,
patta kata walata wedi wediyen sub danna lebewa…
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම පළවෙනි සිංහල උපසිරැසියට සුබපැතුම් ගේන ගමන්ම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට
maxxaaaaaaaa
මචන්ලා ඔයාලට පුලුවන්නම් බොලිවුඩ් වගේම හිට් වෙච්ච ලෝකේ දැනට බිහිවුණු හොඳම චිත්‍රපටි වලටත් සබ් දාන්න උත්සාහ කරන්න
The lives of others-German-2006-
Amelie-france-2001-
කියන්නේ සුපිරි ෆිල්ම් දෙකක් පොඩ්ඩක් හොයල බලන්නකෝ ඒ ෆිල්ම්ස් වල රේටින්ග්
http://www.rottentomatoes.com/m/the_lives_of_others/
http://www.rottentomatoes.com/m/amelie/
පුලුවන්නම් නෙට් එකෙත් සර්ච් පාරක් දෙන්න
අලුතින් එන හැම ෆිල්ම් එකකම සබ් දැම්මට ඒ හැම එකක්ම හොඳ නෑනේ.ඒක මම කිව්ව ෆිල්ම්ස් ගැනත් සලකලා බලන්න.
තැන්කුයු වෙන්න ඕන හැමෝටම
yes man-(jim carrey)-2008 ge film ekata sab dennako patta film eka
sab valata bohoma thuthi
මචන්ලා ඔයාලට පුලුවන්නම් බොලිවුඩ් වගේම හිට් වෙච්ච ලෝකේ දැනට බිහිවුණු හොඳම චිත්‍රපටි වලටත් සබ් දාන්න උත්සාහ කරන්න
The lives of others-German-2006-
Amelie-france-2001-
කියන්නේ සුපිරි ෆිල්ම් දෙකක් පොඩ්ඩක් හොයල බලන්නකෝ ඒ ෆිල්ම්ස් වල රේටින්ග්
http://www.rottentomatoes.com/m/the_lives_of_others/
http://www.rottentomatoes.com/m/amelie/
අලුතින් එන හැම ෆිල්ම් එකකම සබ් දැම්මට ඒ හැම එකක්ම හොඳ නෑනේ.ඒක මම කිව්ව ෆිල්ම්ස් ගැනත් සලකලා බලන්න.
තැන්කුයු වෙන්න ඕන හැමෝටම
sab valata bohoma isthuthi film eka dan baanava
වැරදි වැරදී හරි මේවා කරන එකයි වටින්නේ . දෙවැනි එක දෙනකොට වැරදි හදාගන්න පුළුවන්. තුන හතර පහ දෙනකොට එලටම දෙන්න පුළුවන්. ඔහොම යමු . ස්තුතියි සබ් එකට.
හරි මචංලා මම ඊළඟට The Lives of Others (2006) තමයි සබ් දෙන්න හිතන් ඉන්නේ….ඉක්මනටම දෙන්නම්කෝ….
ස්තුති වේවා..ප්‍රදිප් සහෝ!
පළමු නිර්මාණයට සුභ පැතුම්..
ජය වේවා
ela kiri machan…………..!
supiri wedak malli jayaweva……………..
පළමු නිර්මාණයට සුබ පැතුම් සහෝ….
තැන්කුයු
තැන්ක්යූ සහෝ the lives of others දෙනවනම්
ela ela machan
Thanks
thnxxxx
පට්ට එකක්නෙ පළවෙනියටම දීල තියෙන්නෙ.සුභ පැතුම් ප්‍රදීප් සහෝ.දිගටම සබ් දෙන්න.මේක අනිව බානව.ජයවේවා.බොහෝ………………………….ම ස්තූතියි…!
හරි අමාරු සබ් එකක් තමයි the lives of others එකේ තියෙන්නේ.ඒත් කෝම හරි ඉක්මනට දෙන්නම්කෝ…
supirima thamai machan thanx………..!
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
ඔය තියෙන් සබ් ෆයිල් එක.මේක ඩවුන්ලෝඩ කරලා තිබුනේ.
බොහොම ස්තූතියි……………
thanks!!!!!!!!!!!
lassana athi. balalama imukoooooo
Sub aka ganna widihak kiyanna…… plz ban
එල එල කොල්ලෝ
එහෙමනම් පලමු උපසිරසියට සුබපැතුම් කොල්ලෝ
ජය !
පරක්කු උනාට සමාවෙයන්