Herbie Rides Again (1974)

ඔන්න යාලුවනේ මම මගේ දහසය (16) වෙනි උපසිරසි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. ඒ වගේම මේක තමයි දරුවන් වෙනුවෙන් නිර්මාණය කල සිව්වැනි නිර්මාණය. මේකත් සිනාවෙන්න පුළුවන් හොද කතාවක්. මේක IMDb වල ලකුණු 5.4ක් ගන්න සමත්වෙලා තියෙනවා. මේක තමයි හර්බි චිත්‍රපට මාලාවේ දෙවැන්න. පළමුවැන්න තමයි The love bug (1968) මම ඒක කලින් දුන්නනේ ඔයාලට මතක ඇතිනේ. නොබලපු අය එතනින් අරන් බලන්න.

පළමු කොටසේදී ඔයාලට මතකනේ කාර් එක අයිතිව තිබුනේ ජිම් ඩග්ලස්ටනේ ඔහු කාර් එක ටෙනසිට දීලා විදේශ ගතවෙලා කාර් රේස් පදින්න. ටෙනසි හර්බිව (කාර් එක) නැන්දට දීල තියෙන්නේ.නමුත් ටෙනසිත් හදිසියේම ඔහුගේ ටිබෙට් වල ඉන්න ගුරුතුමා ලෙඩවුන නිසා ටිබෙට් ගිහින්. ටෙනසිගේ නැන්ද ටිකක් වයසයි, හර්බි තමයි ඇයව බලාගන්නේ. හව්ක් නමැති ගොඩනැගිලි ඉදිකරන්නෙක් විශාල ගොඩනැගිල්ලක් හදන්න යනවා ඇය ඉන්න ඉඩමේ, නමුත් මේ ආච්චි අම්මා එයා ඉන්න ගෙදරින් අයින් වෙන්නේ නැහැ, හව්ක් හදන්නේ කොහොම හරි ඇය ඉවත් කරලා ඒ පරණ නිවස කඩා අර ගොඩනැගිල්ල හදන්නයි, අනිත් සියලුම දෙනා ඉවත් උනත් ඇය ඉවත් වෙන්නේ නැහැ. කලින් වන්දි දෙන්නම් කියා ඉවත් කරන්න හැදුවත් හරියන්නේ නැති නිසා ඔහු මේක නරකින් තමයි ඉටුකරගන්න හදන්නේ, ඒකට ඔහු ඔහුගේ බෑනා කෙනෙකුත් මේකට හවුල් කර ගන්නවා, ඔහුගේ බෑනා ඔහුත් එක්කම එකට ඉදන් ඔහුගේ අදහස ඉටුකර දෙයිද? නැත්නම් ඔහුත් හව්ක්ව අතහැර යයිද? ආච්චි අමම්ට තමන්ගේ ගෙදර රැකගන්න පුළුවන් වෙයිද? හර්බි ඇයට කෙසේ උදව් කරයිද?

මේවට පිළිතුරු දැනගන්නනම් ඔයාලත් කතාව අරන්ම බලන්න. පළමු කතාවේ වගේම මේකෙත් සුපිරි වීරයා වෙන්නේ හර්බිම තමයි. යන්න කලින් ඔයාලගේ වටිනා අදහස් පහලින් ලියා යන්න.

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


33 Responses to “Herbie Rides Again (1974) | හර්බිගේ යලි ධාවනය [සිංහල උපසිරැසි සමඟ]”

  1. එරංග says:

    පට්ට පට්ට මචං

  2. එල කිරි කොල්ලා මේක පරණ උනත් පට්ට කතා ටිකක්

  3. නලියා says:

    ස්තුති දුමුතු සහෝ… ඉතුරු කථා සෙට් එකකත් හිමිට දාන්න..

    ෆිල්ම් ටික මාගාව තියන නිසා
    ඔන්න සබ ගත්තා..

    ජ‍ය වේවා

  4. thanks

  5. jayama weywa!!! thxxxxxxxxxxx

  6. පරණ උනත් පට්ට කතා මේවා. ජය

  7. Thanks

  8. සුපර් මචෝ.. අනිත් ඒවාත් දෙමු :)

  9. elazz thnxzzz

  10. ලොවෙත් නෑ මචෝ…. :)
    මචෝ ….. :)

    දිගටම සබ් දෙමු

    ජය වේවා!!!!!!

  11. තැන්ක්ස් වේවා

  12. patta pattta thxz

  13. jeewantha says:

    niyamai macho digatama susbs demu

  14. නියමයි පරණ ඒවා පට්ට..අලුතෙන් හැදෙන ෆිල්ම්ස් හුගක් මෙලෝ රහක් නෑ :)

  15. “චූටී මල්ලි” says:

    elazzzzzzzzzzzzzzzzzz

  16. maru macho

  17. mudiya / මුදියා says:

    මරු ෆිල්ම් එක දිමුතු.කලින් එකත් බැලුවා.ජයවේවා.බොහෝ…………………………….ම ස්තූතියි…!

  18. ස්තුතියි සහෝ …..මම තව Film එකක් බැලුව පට්ට මචෝ එකෙත් Sub දෙන්න පුළුවන් නම් තැන්ක්ස් …කවුරැ හරි සහෝ කෙනෙක් මේක දැකල Sub දානවනම් ගොඩක් පින්…film එකේ නම තමයි The adjustment Bureau [2011] නළුවා Matt Damon {Mr.Jason Bourne}දන්නවනේ පට්ට Film එක මචෝ මාරම කතාවක් තායි එක …Thanks .. මචෝ…

  19. herbie fully loaded movie 1ka dennako.

  20. කලින් එකත් බැලුව පට්ට කාර් එකක් තමා ඒක. දෙකට කැඩිලත් දුවනවා. මේකත් බලමු එහෙනම්. තැන්ක්ස් වේවා!!!

  21. බොහොම ස්තූතියි දිමුතු සහෝ සහෝ සිංහල උපසිරැසියට. :P :P

  22. maxxa..
    what about Cloud Atlas (2012)& The Girl with the Dragon Tattoo (2011)…?

  23. කේ.යු.ජී.උදාර says:

    කලාතුරකින් අහුවෙන මේ වගේ ඒව සිංහල එක්කම අපිට කිට්ටු කරනවට බොහොම ස්තූතියි දිමුතු…….

  24. රාම් රාජ් says:

    ස්තූතියි

  25. එල එල ටන්කු ටන්කු… :-)

  26. patta film ekak.. kalin balala thiyenawa..
    sub walata thanks!

  27. ස්තුතියි මල්ලි. පුලුවන් නම් පට්ට ෆිල්ම් එකක් තියෙනවා පරණ ටවරින් ඉන්ෆානෝ කියලා. ලෝකේ උසම බිල්ඩින් එක ඇත්තටම ගිනි ගන්නවා. ඒවායේ ලයිව් ෂොට් එක්ක ලස්සන කථාවක් යනවා.

  28. මම අසම ෆිල්ම් එකක් මචං තෑන්ක් යු මචං දිගටම කරන් යමං

  29. ඉසුරු මහින්දරත්න. says:

    එළ එළ.. සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා. කවුරු කොහොම කිව්වත් බයිස්කෝප් තමයි අංක 1. මේ වගේ පරණ ෆිල්ම් අපිට දෙන එකම වෙබ් අඩවිය බයිස්කෝප් තමයි. අනේ පුළුවන්නම් කරුණාකරලා Mary Poppins (1964)ෆිල්ම් එකට සබ්දෙන්නකෝ. මම හරි ආස චිත්‍රපටියක්. අනිත් එක මේකත් ලෝක ප්‍රකට ලස්සන චිත්‍රපටියක්.

  30. හික්ස්….. :P මුල් එක බැලුවා….. පට්ට….. :) මේකත් එහෙමම ඈති…. :D

  31. elama thamai machan thnku wewa….!

  32. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]