psycho1960

ඔන්න යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ ලෝක සිනමාවේ මෙතෙක් බිහිවූ අද්විතියම සිනමා නිර්මාණයක් ලෙස හැඳින්වෙන Psycho චිත්‍රපටය ගැන. මේ චිත්‍රපටය ගැන කතා කරද්දී එහි අධ්‍යක්ෂක ගැන කතා නොකරම බෑ. ඔහු තමයි ශ්‍රීමත් ඇල්ෆ්රඩ් හිච්කොක්. කුතුහලය තුල ප්‍රේක්ෂකයා වල්මත් කරලීමට සමර්තභාවය නිසාම ඔහුව “Master of Suspense” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුනා. Psycho යනු ඔහුගේ සිනමා දිවියේ මෙන්ම විශ්ව සිනමා වංශකතාවෙත් හැරවුම් ලක්ෂ්‍යයක්. 

බොහෝ “හිච්කොකියානු” සිනමාපට වලමෙන් මෙහිදීද රන්වන් කෙස්කළඹක් හිමි සුරූපිණියක් විරවරියගේ චරිතයට පනපොවන අතර සාමාන්‍ය සියුමැලි කාන්තාවකගෙන් බලාපොරොත්තු නොවියහැකි අන්දමේ ක්‍රියාවක් ඇය විසින් සිදුකෙරෙනවා. වීරත්වය, අධමත්වය යන දෙකම එකම කාසියක දෙපස බව නිරූපණය කෙරෙමින් වීරචරිතය සහ අධම චරිතය සඳහා රුවින් මඳක් සමානවූ කඩවසම් නළු යුවලක් යොදාගෙන තිබෙනවා.

“සිග්මන් ෆ්‍රොයිඩ්ගේ ”ගේ “ඉඩ්, ඉගෝ, සුපර්ඉගෝ” ත්‍රිත්වය  පිලිබඳ සංකල්පය මෙහිදී යොදාගෙන ඇති ආකාරය අපූරුයි. චිත්‍රපටයේ අධමයා ” නෝමන් බේට්ස්”ගේ නිවසේ උඩුමහල ඔහුගේ මනසේ “සුපර්ඉගෝ” කොටස සංකේතවත් කරන අතර එහි තමයි “මව” හෙවත් “අධිකාරීත්වය” සෑමවිටම පෙනී සිටින්නේ. “බේට්ස්” නිතර පෙනෙන්නට සිටින පහලමාලය තමයි “ඉගෝ” කොටස නිරූපණය කරන්නේ. ඔහුගේ මනසේ ගැඹුරුම සහ අඳුරුම රහස්  සැඟව පවතින බිම්මහලෙන් තමයි “ඉඩ්” සංකේතවත් වෙන්නේ. බේට්ස්ගේ මවගෙන් ප්‍රශ්න කිරිමට නිවාස තුලට යන “මාරියන්”ගේ සොහොයුරිය “ලයිලා”ට නිවසේ මෙම කොටස එහෙම නැතිනම් “බේට්ස්”ගේ මනසේ අන්ධකාරම ස්වරූපය දකින්නට ලැබෙන්නේ අහම්බයකින්. හරියට අපිටත් කෙනෙක්ගේ සිතේ අන්ධකාරම ස්වභාවය සැමවිටම හෙළිවන්නේ අහඹුවකින් වගේ

“අහඹුව” මේ චිත්‍රපටයේ මුල සිටම දක්නට ලැබෙනවා. සිනමාපටය ආරම්භයේදී නගරයේ ගොඩනැගිලි අතර ඔබමොබ සරන කැමරාව අහඹුලෙස එක ජනේලයක් වෙත යොමුවෙනවා. අපේ වීරවරිය සහ පෙම්වතා දක්නට ලැබෙන්නේ එහිදීයි. තම රථයේ නැගී නගරයෙන් පිටවන “මාරියන්” බේට්ස් නවාතන්පලෙහි නවාතැන් ගන්නේ අහම්බයකින්. එහිදීත් ඇය ඉරා විසිකළ කොලයේ එක කොටසක් අහම්බෙන් ඉතිරිවෙනවා. අවසානයේදී ලයිලා බිම්කාමරය දකින්නේ අහම්බෙන්

මේ චිත්‍රපටය රේටින්ග්ස් 8.6ක් IMDB top 250 වල 29 වෙනි තැනට  ඇතුලත් වෙනවා. ඒ වගේම කුණු තක්කාලි වෙබ් අඩවියේ (rottentomatoes) මේ සඳහා ලැබී ඇති ඡන්ද ප්‍රතිශතය 98%ක්. ඒ වගේම ඇමෙරිකානු සිනමා ආයතනය(American Film Institute) විසින් වසර සියයක ඇමෙරිකානු  සිනමා වංශකතාවේ සිටි සියලුම අධමයන් අතරින් දෙවැනි තැනට මෙම චිත්‍රපටයේ අධමයා “නෝමන් බේට්ස්”ව නම් කර තිබෙනවා.

උසස් නිර්මාණ කෙරෙහි පිපාසාවෙන් පෙලෙන ඔබට මේ කදිම අත්දැකීමක් වේවි. මේ මගේ පළමු ලිපිය. වැරදි  ඇතොත් සමාවෙන්න.

මීට පෙර පළකල ලිපිය…

ලොව බිහිවූ සම්භාවය චිත්‍රපටි අධ්‍යක්ෂවරුන් අතරින් Alfred Hitchcockට හිමි වන්නේ ප්‍රමුඛ තැනකි. ඔහුව ලෝක සිනමාව හදුන්වන්නේ Master of suspense ලෙසය. ඒ ඔහුගේ චිත්‍රපට සැකය හා අවිනිශ්චිත බව පදනම් කරගත් නිසාය.

Alfred Hitchcock නිර්මාණය කල Psycho ඔහුගේ අග්‍රගණයම කෘතිය යැයි හදුන්වන අතර එය ලෝක සිනමාව හදුන්වන්නේ mother of all modern HORROR suspense films ලෙසය.

Imdb ratings 8.7/10 දිනාගනිමින් ලොව හොදම චිත්‍රපටි අතර 22 වන තැන දිනාගන්නා මේ නිර්මාණය ඔස්කාර් සම්මාන 4කටද නිර්දේශ වී ඇත.

හොලිවුඩ් නිමැවුමක් වුවද නිරුවත විකුනාගෙන නොකා එම දර්ශන බොහෝම සංවර ලෙස ඉදිරිපත් කර ඇති අතර.. කලු සුදු චිත්‍රපටියක් වුවද කලු සුදු වර්ණ යොදා ගැනීම අවස්ථාවට උචිත ලෙස යොදාගන්නා වර්ණ පරස්පරතාව අග්‍රගණය සිනමාකරුවාගේ හැකියාව මනාවට පෙන්වයි.

අපේක්ෂා භංගත්වයෙන් ජීවත්වන මේරියන් විවාහක පිරිමියකු ඇසුරු කරන්නේ හුදෙක් ලිංගික ආශ්වාදය උදෙසාය. එයිනුදු එතරම් සතුටක් නොලබන ඇය සිය සේවා ස්ථානයට අයත් විශාල මුදලක් රැගෙන පලායයි. නුමුත් ඇය ලැගුම් ගන්නා නවාතැනේ හිමිකරු ඇයව ඝාතනය කරන්නේ කිසිවකු බලාපොරොත්තු නොවන පරිදිය…

එතැන් පටන් සිදුවන්නේ කුමක්ද? අවසානයේ කුමක් වෙයිද? බාගෙනම බලන්න… (දත්ත GO සගරාව ඇසුරින්)

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය මනීෂ් ගමගේ සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

ශ්‍රීමත් ඇල්ෆ්රඩ් හිච්කොක් ගැන මංසලේ පළවූ ලිපිය මෙතනින් කියවන්න

bcbcf90e368a4f81eb56496dd2f7f507c8481bb1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් රූපසිංහ” සොයුරාට  අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


65 Responses to “Psycho (1960) | ඝාතකයකුගේ ඇතුලාන්තය [සිංහල උපසිරැසි සමඟ]”

  1. Pathum says:

    අපෝ කළු සුදු ඒවාට මම කැමති නෑනේ,, පස්සේ බාමු,, කමක් නෑ දුන්නට තැන්කිව් වේවා!!!!!

  2. Suvin says:

    mehema api ndanna sambaawya movies kiyanne monawada kiyana eka therum karanna hoda movies denawata thanx! mama meka baanawa!

  3. sunaa says:

    balama balamu.parana eewa balalama nee…

  4. හිච්කොක්ගෙ චිත්‍රපටි සේරගෙම අමුතු ගතියක් තියෙනවා. හොඳ නරක දෙක පැති මාරුවෙන, අවසානය දක්වාම මොනවද වෙන්නෙ කියල හිතාගන්න බැරි ගතියක්. මමත් බාන්න දැම්මා :)

  5. ashan kandy says:

    ela. me wage ekakata sinhala sub dammanam tama patta..

  6. randi says:

    this is good story,i have read da novel of this movie

  7. තිසර says:

    suspense යන්න නිවැරදිව විදින්නට නම් අනිවාර්යයෙන්ම හිච්කොක්ගේ චිත්‍රපට නැරඹිය යුතුමයි. නරඹන්න. සමහරවිට “වර්ණ” කියන සාධකය චිත්‍රපට සදහා එතරම් වැදගත් නොවන බව ඔබට තේරැම් යාවි. “කළු සහ සුදු” අතර ඇතිතරම් වර්ණ තිබෙනවා.

  8. thusithadm says:

    parana wedida manda?????

  9. Mmmm man tikak Horror ewa balanna bayai ;) kamak na bala balanna ona..kalu sudu kiyalanam awulak na..thanks saho :D

  10. මනිෂ කසුන් ගමගේ says:

    @ Pathum : ඔබේ කැමැත්තක්… හැබැයි මේක ලොකේ හොදම 22 වන චිත්‍රපටිය….

    @ Suvin : රසවින්දනය ඔබේ අතේ… අපි කරන්නේ හොද ෆිල්ම් දෙන එක.. දිගටම අපි සමග ඉන්න…

    @ sunaa : ඉස්සරහට තව හොද පරණ ඒවා දෙනවා..අපිත් එක්ක රැදිලා ඉන්න…

    @ h : අනිවාර්යෙන්ම..

    @ ashan kandy : සබ්… ම්ම්ම්…. මO හිතන්නේ මේකට සබ් අවශය වෙන එකක් නෑ…

  11. මනිෂ කසුන් ගමගේ says:

    @randi /තිසර : මෙන්න ඒ ගමන හිතුවටත් වඩා හොද ප්‍රතිචාර…..

    @ thusithadm : ආස නැද්ද ජුරාසික් පාර්ක් ආයේ දුන්නොත් බලන්න…රිදී තිරයේදී OLD IS GOLD සහෝ..

    @ තුලන ප්‍රනාන්දු : මේක එහෙමට බය වෙන එකක් නෙමෙයි…මේක ඇන්ටික් ෆිල්ම් එකක් නිසාත්.. (HORROR ෆිල්ම් වල අත්පොත…) ඔයා ෆිල්ම් එකතු කරන කෙනෙක් නම් ඔයාගාව අනිවා තිබිය යුතු ෆිල්ම් එකක් නිසාත්… කැමති අයට බාගන්න තමා දැම්මේ…

  12. ෂෙලින්ක - කටාර් says:

    ඊයේ එන්න හම්බවුණේ නැහැ…
    ඒ හින්දා අද දෙකම බානවා..
    මයි නේම් ඊස් ඛාන්.. බැලුවා.. එල ෆිල්ම් එක… අද රෑට මේ දෙකම බලනෝ..
    බොහොම ස්තූතියි ලොක්කා….

  13. susantha says:

    ma vaga film mama atha arinna naha.thnx

  14. +18 නිසා ඔන්න මමනම් මුකුත් දැක්කෙ නෑ. ස්තූතියි ලිපියට

  15. @මනීෂ්,

    ස්තූතියි මචෝ ලිපියට. මට හිතෙන විදියට උඹේ රසවින්දන හැකියාව මට වඩා උසස් තත්වයක් තියෙනවා. දිගටම ලියහන් මචෝ. කට්ටියටම උදව්වක් වෙයි මේ වගේ සම්භාව්‍ය චිත්‍රපට අපිත් එක්ක බෙදාගන්න එක. මම මේ වගේ චිත්‍රපටි ගැන ලියලා තියෙන්නෙ අතලොස්සයි. ඉස්සරහට අපි මෙ වගේ එකකට සබ් දෙමු. ජය වේවා!!

    @ තිසර,
    [Q]සමහරවිට “වර්ණ” කියන සාධකය චිත්‍රපට සදහා එතරම් වැදගත් නොවන බව ඔබට තේරැම් යාවි. “කළු සහ සුදු” අතර ඇතිතරම් වර්ණ තිබෙනවා.[/Q]

    +1

  16. Horror ඒවට මම කැමතිත් නෑ…. :( පස්සේ වෙලාවක බානවා…. :) මේ දවස් ටිකේ download බැරි වුන ෆිල්ම්ස් පිරිලා…. :D

  17. machang mama charlie Chaplin rasikayek mama black & white film godak balala thyenawa. Alfred Hitchcock miniha maru baduwak ( The Birds) mama baluwa ekath maru okath mama baluwa matanam hodai mama godak film balala thyenawa 1TB & 512gb hard ekaka film/tv series thyenawa onnam film mata mail karahan. oka wage (Evil dead 1&2) dunnoth katitiya kamati wai.

  18. මනිෂ කසුන් ගමගේ says:

    @ susantha : ela

    @ රොයිලි : ස්තූතියි සහෝ.. අනිවා සබ් දෙමු… විභාගේ නැත්නම් මෙලහකටත් මගේ පලවෙනි සබ් ෆිල්ම් එලිදැකලා… බලමු…

    @ Uraj Deemantha : මේක ඇන්ටික් ෆිල්ම් එකක් නිසා කැමති අයට බාගන්න තමා දැම්මේ…

    @ KoK : ස්තූතියි කමෙන්ටුවට……

  19. ෙමතනින් බාගන්න කියන තැනට ක්ලික් කලාට ඒ් ෙටාරන්ට් පයිල් ඒක තියන පිටුව අැෙරන්ෙන නැත්ෙත අැයි….

  20. අඩෝ මනියා !!
    උබත් මේ සැරේ උ/පෙ කරනවද ???
    අහා එල එල …

  21. @ kema : මේකට ටොරන්ට් ෆයිල් එකේම ඩිරෙක්ට් ලින්ක් එක දාල තියන නිසා…
    නැතුව සයිට් එකේ ලින්ක් එක දැම්මනම් සයියට් එකට යන්නේ…

  22. patta

  23. මේ ගැන පොඩි කාලේ ඉදලා අහලා තියෙනවා. තාමත් බලන් බැරි උනා.

  24. thnxxxxxxx

  25. පට්ට පළමු වැඩේට සුභ පැතුම්..මේ වගේ විශිෂ්ඨ නිර්මාණයක් ගෙන ඒම නම් පට්ට

  26. ලොවෙත් නෑ පළමු එකම පට්ට නේ :)

  27. සිංහලයා says:

    බයිස්කෝප් සයිට් එකට වගේම අපේ අලුතෙන් එකතු වූ සහොටත් බොහොම පින් මේ වගේ විශිෂ්ට නිර්මාණ අපේ සිංහල ජනතාව අතරට ගෙන එන එක..මේ වගේ ෆිල්ම් සදාකාලිකයි අමරණීයයි!

  28. patta patta macho

  29. maxxa macho OLD IS GOLD :d

  30. ELAZ THNXZ

  31. එහෙනම් සහෝ මෙයාගේ අනිත් ඒවාත් උපසිරස ගන්වලා දෙන්න..අලුත් ෆිල්ම්ස් වලට හැමෝම දෙනවා නේ ..ඔය මේ පරණ ඒවා දෙන්න මේවා පට්ට

  32. wow….maru saho :D

  33. ජය වේවා නියමම නිර්මාණයක් නේ..තවත් මෙවැනි හොදම ෆිල්ම්ස් අරගෙන එන්න ශක්තිය ලැබේවා!

  34. thnxxx wewa

  35. ලොවෙත් නෑ මෙන්න ෆිල්ම්ස් තැන්ක්ස් සහෝ. පළමු එකටත් උණුසුම් සුභ පැතුම්!

  36. maxxama saho

  37. එළකිරි දිගටම මේ වැඩේ කරමු

  38. කලාතුරකින් දක්නට ලැබෙන නියම ෆිල්ම් එකක් ..දිගටම සබ් දෙන්න මේ වගේ
    නිර්මානයන්ට

  39. සුපිරි සහෝ

  40. digatama denna hode

  41. “චූටී මල්ලි” says:

    <<<<<<<<<<>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

  42. “චූටී මල්ලි” says:

    old is gold ne machan

  43. මේකටනම් මුකුත් නොකියා හොද නැහැ. අනිවා සහෝ! සුපිරි තෝරා ගැනීමක්. සිනමාව ගවේෂණය කරගෙන අහුමුළුවල තිබෙන අමුතු රස හොයන කෙනෙකුට කිසිසේත්ම නොසලකා හළ නොහැකි දේවල් ගණනාවක් මේවායෙහි අඩංගුයි. අපිට මේවා නිකම්ම නිකම් සිනමා නිර්මාණ විතරක් වුණාට බටහිර රටවල අයට එහෙම නෙවෙයි. මේවා හරියට දැනුමකෝඅයක් ගාණයි. ඒනිසාම මේවා ගැන ඔවුන් කාණ්ඩ ගණන් වලින් යුතු අධ්‍යයනයන් පවා සිදු කරනවා. අපේ රටේ තිබෙන මූසල සිනමා ක්‍රමයත් එක්ක සලකා බලද්දි මේවා අපේ වගේ රටවල අයට මෙලෝ රහක් නැති වෙන එක ගැනත් එච්චරම පුදුමයක් නෑ නෙවැ.

    මේවා හිතුණ ලිව්ව-තිබ්බ ගැහුව විදිහට හදපුව නෙමේ. අවුරුදු ගණන් රීසර්ච් කරල කරන දැඩි කැපවීමකින් කරන නිර්මාණ. නමුත් වර්තමානයේදී සදහන් කරන විදිහට(මා දන්නා අයුරින්) හිච්කොක් ඔය කියන මනෝ විද්‍යාත්මක සංකල්ප නිවැරදිව හදුනාගෙන නෙවෙයි නිර්මාණවලදි භාවිතා කරල තියෙන්නේ. ඒ කියන්නේ ඔහුට නිශ්චිත අවබෝධයක් ඒ සම්බන්ධව නොපැවති බවක් පිළිගැනෙනා බව තමයි මට දැනගන්ඩ ලැබුණේ. නමුත් ඒ අවධියේ හැටියට මේව ඉහටත් උඩින්. අපේ රටේ සිනමාවටත් සිනමාවේ බරපතළ දිග පළල අදුනන අධ්‍යක්ෂවරු පහළ වේවා කියලා පතමු!

    මේ වගේ දේකට හිත යෙදෙව්වට බොහොම සතුටුයි. ස්තුතියි!
    අර කිව්ව ඉතුරු චිත්‍රපට 9ත් උපසිරැසි එක්කලා දුන්නානම් අගෙයි!
    ජය!

  44. සුපිරි තෝරාගැනීමට ජයපතනවා. ජයවේවා!

  45. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ) says:

    maxxama baddak deela thiyenne, pattai hode, menna film…. aniwaa balanawaa, thanks macho, jaya wewaa

  46. ela thanks.hutch la karapu pahara wede nisa downlode karanna widiyak ne.torrent file 1 nan gatta.dialog walata maru una gamamma aniwa downlode karanawa.

  47. බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  48. මේ වගේ පැරණි දේ අපිට ලබා දෙන ඒකනම් අගෙයි මලයෝ. කව්රුත් මේවා බලන්න පෙළඹෙන්නේ නැත්තේ මොකද ඒවා අපේ පරම්පරාවේ නොවෙන නිසා. අනික අපි කව්රුත් ඒවා ගැන නොදන්නේ වැඩිය කතා නොවෙන නිසා. මෙහෙම මේ වගේ ෆිල්ම් අපි අතරේ ප්‍රචාරය වෙනකොට තමයි තව යාලුවෙකුට හරි කියන්නේ මචන් පට්ට ෆිල්ම් එකක් බැලුවා පරණයි එත් මාරු කියලා. එහෙම කියන්න අපේ අය මේවා බලලා නැහැ. ආරම්භය හොදයි මලයා. මේක අගය කරන්න ඕනේ උත්සාහයක්. මේවා තමයි අද තියෙන සංකීර්ණ සිනමාවේ මුදුන් මුල්. මේවගෙන් ශක්තිමත් වෙලා තමයි අද අපි බලන සුපර් මෑන්ලා, අයන් මෑන්ලා, ට්‍රාන්ස්ෆෝමර්ස් වගේ දැවැන්ත නිර්මාණ වලට එන්න තරම් ශක්තියක් නවක නිෂ්පාදකයෝ හට ලැබුනේ.පළමු වැඩේට සුබ පැතුම් සහෝදරයා !!! තව මේ වගේ ඒවා දෙන්න. :D

  49. පරණ උනාට හොඳ චිත්‍රපටියක් මේක.. සිංහල උපසිරැසි ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝ.. ජයවේවා බයිස්කෝප්!!

  50. Isuru Mahindarathna says:

    මේක නම් නියමම එකක් වගේ. මේකත් ගන්නම් දැන්ම. පුළුවන්නම් කරුණාකරලා Mary Poppins (1964) ෆිල්ම් එකට සබ්දෙන්නකෝ. මම හරි ආස චිත්‍රපටියක්. ජයම වේවා!!!!

  51. Film eka gana ahala thibunata balala na. Aniwa balanava.
    Thanx

  52. සචිත් says:

    @uda: කතාව ඇත්ත පරිපූර්ණව හදුනාගෙන නොවුනත් ඔහු සිනමාව තුල මනෝවිද්‍යාත්මක සංකල්ප භාවිතය කල නිසා ඒ අනුව යමින් වෙනම සිනමාවක් ගොඩ නැගුනා. Shutter Island, Fight Club වගේ සිනමාකෘති වලට උනත් ඔහු හඳුන්වා දුන් සංකල්ප වලින් ආලෝකය ලැබී තිබෙන බව පැහැදිලියි.

    උදා, හසන්ත, රොයිලි සහ ප්‍රතිචාර දක්වපු වගේම සබ බාගත කරපු සියල්ලන්ටම තුති.

  53. mudiya / මුදියා says:

    නියමයි සචිත්.පළවෙනි වැඩේට අපෙන් සුභ පැතුම්.ජයවේවා.බොහෝ………………………..ම ස්තූතියි…!

  54. sadayangy says:

    supiri wedak bro thank you………….

  55. mama me film eka balala thiyenawa mekema aluth ekak awa 1998.sinhala sub ekka ayeth balamuko.. music uparimayatama thiyena film ekak

  56. thaNK MACHAN HITCHKOCK GE film ekak dunnata

  57. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    මේ වගේ විශිෂ්ට නිර්මාණ ගෙන ඒකනම් ගොඩක් වටිනවා සහෝ,මෙයාගේ දැනට බයිස්කෝප් අඩවියේ නොදී තියෙන අනිත් ඒවටත් සිංහල සබ් එක්කම අපිට ලං කරන්න ඔබට ශක්තිය ලැබේවායි එක සිතින් පතමි,ජයවේවා.මම වැඩියෙන්ම කැමති පරණ ඒවාට සබ් දෙන්න තමයි ඔයා දකින්න ඇතිනේ.

  58. දිදුල Kd සිල්වා says:

    මේ වගේ නිර්මාණ ගේන එකනම් හුඟක් වටිනව. බොහොම ස්තූතියි යාලුවා.. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.. ජය වේවා.

  59. රාම් රාජ් says:

    සබ් වලට ස්තූතියි.සබ් නැතිව ඉතිං වැඩක්ම නෑ.

  60. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  61. සහෝ අවංකව ඇත්ත කතා කලොත් මම මීට පෙර කවදාවත් කළු සුදු චිත්‍රපටයක් බාගෙන බල්ල නැහැ. මම මේක බලන්නෙත් නැහැ තව පොඩ්ඩෙන් වාසනාවට බයිස්කෝප් එකටම තව දෙයක් ලගදිම එකතුවෙන හේතුවක් නිසා බැලුවෙ…
    කෙරියෙන් කියන්න තියෙන්නෙ මාරයි කියල තමයි.. ඔයාගෙ පළමු තේරීම අපි නම් හීනෙකින්වත් නොහිතන සුපිරිම එක්ක… බොහොම අගෙයි සහෝ තව මේ වගේ වැඩ කරන්න ශක්තිය ධෛර්‍යය වාසනාව ලැබේවායි එක සිතින් පතනව

Trackbacks/Pingbacks