prison break

මම හිතනවා අපේ බයිස්කෝප් සිංහලෙන් හා එකතු පහදු වෙලා ඉන්න හැමෝටම මතක ඇති; අපේ ධනුෂ්ක ලක්මාල් ධනා සොහොයුරා වරක් භාරදූර උපසි‍රැසි වැඩකට අත ගැහුවා. Prison Break. ඔහු විතරක් නෙමෙයි අන්තිමේ ඔහුගෙ සහෝදරයා වන ලක්මාල් සොහොයුරාත් එහි උපසි‍රැසි නොකඩවා ඔබ වෙනුවෙන් ලබා දෙන්න දරපු උත්සාහයත් අමතක නැතුව ඇති. කොහොම වුණත් අන්තිමේ මෙහෙව් පතරංගයකට උපසි‍රැසි දෙන්ඩ කරගැහුවට අන්තිමේ ඒ වැඩේ දිගට ගෙනියන්ඩ බැරුව ගියා. එහෙම වෙලා තියෙද්දී මේ කතා මාලාවට උපසි‍රැසි ලබා දීම සම්පූර්ණ කරන එක කරගන්ඩ බැරුව අපි හිර වුණා. ඒ කියන්නෙ අපට මේක Prison එකක් බවට පත් වුණා. ඒත් මේ වෙනුවෙන් ඔබ කළ ඉල්ලීම් නම් නැවතුණේ නෑ. ඔබ දිගින් දිගටම කරපු ඒ ඉල්ලීම් වෙනුවෙන් හිත උණු වුණ; හිත හොඳ කට්ටියක් ආපහු මේ ගැන හිත යොදවල මෙදා පාර මේ සූදානම ඒ හිර ගේ බිඳින්ඩයි. ඒ කියන්නෙ නියම Prison Break එක සිද්ධ වෙන දවස අදයි! :ඪ් එහෙමනම් මිතුරනේ, මෙන්න පිළිගන්න Prison Break!

ගියපාර අපේ සහෝලා දෙන්න එක්කම අමාරුවෙන් ඇදගෙන ඇවිදිල්ලත් දෙන්ඩ හැකිවුණේ කොටස් 10ක උපසි‍රැසි විතරනේ! මේ පාර එතන සිට ඉදිරියට තිබෙන කොටස් 12ත් සමගම පළමු කතා සමයෙහි අඩංගු කොටස් 22ටම උපසි‍රැසි එකවර නිකුත් කරන්නයි අපි මේ සැරසෙන්නේ. ධනා සහෝ මේක සිංහල කරන වැඩේට අත තිබ්බෙත් ඔබගේ විවිධ ඉල්ලීම් සලකා බලලම තමයි. ඒ වුණත් මේ සිංහල උපසි‍රැසි ගන්වන උදවිය හැමකෙනෙක්ම මේවා කරන්නේ ස්වේච්ඡාවෙන්! ඒ අය ඒ වෙනුවෙන් කැප කරන්නේ අනිත් බොහෝ දෙනෙක් විවේක වෙන්ඩ විනෝද වෙන්ඩ ගත කරන නිදහස් කාල වේලාව. ඒ අය එහෙම කරන්නෙ මේ විදිහට අනික් අය වෙනුවෙන් වෙහෙසිලා, ඒ අයට සතුටක් ගේන්ඩ කරන මේ කැපකිරීම එයාලට හරිම උතුම් දෙයක් වෙන නිසයි. ඒ වුණත් ඇතැම් වෙලාවක ඒ අයටත් මේ වෙනුවෙන් කැප කරන්ඩ තියෙන කාලය සීමිත වෙනවා. තමන්ගෙ ‍රැකියාවෙ/ ජීවිතේ ප්‍රශ්න ගැටළු එද්දි, වැඩ කඳු ගණන් ගොඩ ගැහෙද්දි අකමැත්තෙන් වුණත් ඒ දේවල් අත්හැර දමන්නටත් ඒ අයට සිද්ධ වෙනවා ඇතැම් වෙලාවල. අපේ ධනාට ඉහගහගන්ඩ බැරි තරම් වැඩ ගොඩවෙන කොට, එයාගෙ අයියත් මේ වැඩේ දිගට ඇදගෙන යන්ඩ මලයට උදව්වෙන අදහසින් මේකට උරදුන්නෙ වැඩේ ලෙස්සලා යන්ඩ නොදී කොහොමහරි දිගටම ගෙනියන අදහසින්. නමුත් කුමන හේතුවක් නිසා වුණත් ඒ වැඩෙත් අතර මග ඇණහිටියා. ඔහොම තමයි අපිට හෙමවෙලේම හැමදේම බලාපොරොත්තු වෙන විදිහට ඉවර කරගන්ඩ ලැබෙන්නෙ නැහැනෙයි!

ඉතිං ඒ අය මේ ආරම්භ කරපු අනගි වැඩේ සම්පූර්ණ කරලා ඉදිරියටත් කරගෙන යන්ඩ කියලා හිතාගෙන තව කට්ටියක් මේ වැඩේ භාරගත්තා. ඒ අය තමා චින්තක සහ ගිහාන් මධුසංක යන සොයුරන් දෙදෙනා. ඒ අය හිතුවෙ මෙච්චර දැඩි ඉල්ලීම් මැද මෙච්චර කල් වැඩේ කල් පමා වෙච්චි නිසා ටික ටික එක එක දෙනව වෙනුවට එකපාර ඔක්කොම දෙන එක හොඳයි කියලයි. ඉතිං ඒක නිසා ඔවුන් ඉතුරු උපසි‍රැසි ගොනු සියල්ල සම්පූර්ණයෙන්ම අහවර කරලා දුන්නා. දැන් අද තමා ඒ ටික ඔබ අතට පත්කරන දවස. ඉතිං ඒ අය මෙහෙම අතරමග නැවතුණ වැඩේ කෙළවරක් කරල දෙන්ඩ භාරගන්නකොට මේ වැඩේට මුලපුරපු අපේ ධනා සහෝටත් ලොකු සන්තෝෂයක් ඇති. මොකද කිව්වොත් කොච්චරවුණත් මේ වැඩේ එයා ආරම්භ නොකරන්ඩ කවදාවත් නොවෙන්ඩත් ඉඩ තිබුණ නිසා. එහෙමනම් අපි මේ වෙලාවේ ධනාවයි ඔහුගේ අයියණ්ඩියවයි ආදරයෙන් සිහි කරනවා ස්තුතිපූර්වකව.

මෙදා පාර වැඩේ කෙළවරක් වෙනාම්ම ඇදගෙන යන්ඩයි කාගෙ කාගෙත් අදහස. ඒ වුණත් නොසිදූ විදිහට නොසිතූ වෙලාවට එන බාධක ගැන සැලසුම් අපි ළඟ නෑනෙ… ඊටත් මේ වගේ දඩෝරි වැඩක් මේ දෙන්නතුන්දෙනා විතරක් ඉවර කරන්ඩ ලෑස්ති වුණොත්නම් ඒකටත් මහා කාලයක් ඕනි වෙයි. ඒ නිසා මේ වැඩේට එකතු වෙන කට්ටිය වැඩි වෙන තරමට හොඳයි. ඉක්මන්, ලේසියි වගේම ස්ථිරයි! ඒ නිසා අපි කැමතියි ඔබෙන් මේ විදිහේ ඉල්ලීමක් කරන්ඩ. ඔබ කැමතිනම් මේ වැඩේදී අපට සහයෝගය දෙන්ඩ මේ [email protected] ලිපිනයෙන් අපෙන් විමසන්න. කලින් සැරේ මුළු කතා සමයක්ම එක්කෙනෙක් භාරගත් නිසානෙ ඒ අවුල ඇති වුණේ. මේ පාර එහෙම නොවෙන්ඩ කැමති අය අතරේ කොටස් බෙදල හදල දෙන්ඩ ව්‍යාපෘතියකුත් අපේ අදියුරන් ක්‍රියාත්මක කරන්ඩ යන්නේ. ඒ නිසා බය නැතුව එකතු වෙන්ඩ ඇහැකින්! අනික බය නැතුව බලන්ඩත් ඇහැකි! හහ්

හරි එහෙමනම් ඔන්න අතගහපු වැඩක් ඉවර කරන්ඩ ලැබීමේ සන්තෝෂෙකුත් එක්ක අපි හැමෝම අද මේක ලබා දෙන්නෙ. ඒ නිසා අපි ගැන විශ්වාසයෙන් දිගටම ‍රැ‍ඳෙන්න කියන ආරාධනාව අන්තිමේදි ඔබ වෙත කරනවා. ඒ එක්කම නොකියාම බෑ; අපිත් එරිල හිටිය මේ වැඩේ ගොඩදාගන්ඩ Prison Break එකකින් අපට සහය පළ කරාපු මේ අපේ උපසි‍රැසි ශිල්පීන්ටත් මේ අවස්ථාවේ හද පිරි අවංක ස්තුතිය සමග ප්‍රශංසාව ප්‍රකාශ කරන්ඩත් මේක අවස්ථාවක් කරගන්නවා…

ඔබ වෙත මෙලෙස පළමු කතාමාලාව ගෙන එන්නට ඉහත සඳහන් සොයුරන් තමන්ගේ කාලය වැය කරමින් කල කැපවීමට අප සැමගේ ස්තූතිය හිමිවිය යුතුයි. 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

100MB කොපිය (2.1GB) මෙතනින් බාගන්න

01a70b270b851e98167665563fbf1e5c1d320be2

350MB කොපිය (7.8GB) මෙතනින් බාගන්න

f6c4bf55d6654fd28fd7c8ab652a7be1a736c669

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

<< Previous Episode                                                                                       2nd Season >>

 

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


128 Responses to “Prison Break [S01:Complete] | නිදහස සොයා… [සිංහල උපසිරැසි සමඟ]”

  1. ගොඩක් ස්තූතියි සහෝ මෙච්චර දවසක් අපි වෙනුවෙන් කාලය වැය කරල මේ කරපු දේට. ඇත්තටම ගොඩක් පිං. මේ වැඩ කටයුතු ඉදිරියටත් කරගෙන යෑමට ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව

  2. බොහොම ස්තුතියි….

  3. mudiya / මුදියා says:

    මේක සබ් නැතුව බලන්නත් හදල කවදහරි දෙයි කියල හිටිය.මේ කතා මාලාවට සබ් දුන්න ධනා, සදීප්, ගිහාන්, චින්තක සහෝලට අපේ හද පිරි ස්තූතිය.දිගටම වැඩේ කරන්න.ජයවේවා.බොහෝ…………………………..ම ස්තූතියි…!

  4. ලිට්ල් ජෝන් says:

    මේ පාර නම් අනිවා ඔක්කොම කොටස් ටික ඔන හරිය බ්‍රාවෝ ජයවේවා!!!

  5. patta patta macho anith awath denna

  6. Lahiru Dilshan says:

    Ela ela api balagena hitiye anith tika denakan

  7. chamath cafe says:

    ලොවෙත් නෑ එහෙනම් අනිත් ටිකත් ඉක්මනට ඉවර කරන්න කොල්ලන ශක්තිය ලැබේවා!

  8. rusuru | රුසිරු says:

    පට්ට පට්ට පට්ට පතුරු මචෝ

  9. maxxxxx macho

  10. amme athi yantham. saholata pin

  11. wow….maru :)

  12. හොට්ටා says:

    නියමා…යි මචෝ දිගටම කරමු

  13. එල එලම තමා පට්ට නේ අනිත් වත් දෙන්න පුළුවන් විදියට

  14. Thanks bro

  15. නියමයි… සත්තරනේ… නියමයි… තෑන්ක්ස් කිව්වා ඕන්.

  16. mihin ලංකා says:

    පට්ට නේ මචන්ලා දිගටම මේ වැඩේ කරමු

  17. Thnazzzzzzzzzzzzz

  18. ජය වේවා සබ් දාන්න කට්ට කෑව සේරටම ඉස්සරහට ඕනනේ සේරම දෙන්න :)

  19. අපිත් එරිල හිටිය මේ වැඩේ ගොඩදාගන්ඩ Prison Break එකකින් අපට සහය පළ කරාපු මේ අපේ උපසි‍රැසි ශිල්පීන්ටත් මේ අවස්ථාවේ හද පිරි අවංක ස්තුතිය සමග ප්‍රශංසාව ප්‍රකාශ කරන්ඩත් මේක අවස්ථාවක් කරගන්නවා…

    එල එල ජය වේවා ඔබ සැමට………….

  20. පට්ට පට්ට සහෝ නියමම වැඩක්

  21. මම මේක හුඟ කාලයක් බලා හිටියා ඇත්තටම මාර සතුටුයි..බොහොම ස්තුතියි මේ ගැන වෙහෙස වෙච්ච හැමෝටම.. ඉතුරු සීසන් ටිකත් ඉක්මනටම දෙන්න ලැබේවා.. ජය වේවා…

  22. සේරටම ජය වේවා… ටි වී සීසන් කිවුවොත් මේක තමා හුග දෙනෙක්ගේ අංක 1 .

  23. අපේ අය වැඩක් පටන් ගත්තොත් දාල යන්නේ නැහැ කියන එකට මේක කදිම නිදසුනක්. අනික මේ වෙබ් පිටුව අපිත් එක්ක එකතු උන යාලුවන්ගේ මනාපයට කරගෙන යනවා මිසක් වැල යන අතට මැස්ස ගැහිල්ලකුත් නෙමෙයි.හැමෝටම ප්‍රශ්ණ කියන දේවල් එනවා. ඒවාට මුල් තැන දීලා තමයි මේ වගේ ස්වේච්චාවෙන් කරන වැඩ වල යෙදෙන්නේ. මේක පැයෙන් දෙකෙන් කරලා මොනවහරි වල් පල් ටිකක් කතාවට නොගැලපෙන විදිහට, අපේ හැදියාවට පටහැනිව කුණුහරුප ගහල දෙන කොල්ලෝ ටිකක් නෙමේ බයිස්කෝප් සිංහලෙන් සයිට් එකේ ඉන්නේ. ඉක්මන වගේම වැඩේ ගුණාත්මක බවට 100%ක්ම වගකියන්නත් අපේ සබ් කරන යාලුවෝ සෙට් එක බැඳිලා ඉන්නවා.මොන කතාව උනත් මැද ඉඳන් අහසින් වැටුනා වගේ දෙන්න පටන් ගන්නේ නැතුව ආරම්භයේ ඉඳන් දෙන්නේ ඒක ගැන අවබෝධයක් දීලා කතාවම ඒත්තු ගන්නන්න මිසක් මැද ඉදන් දීලා බලන් කෙනාව අමාරුවේ දානවා වගේ පහත් වැඩ කරලා ඔලු ගාන වැඩි කරගෙන පුරුදු නැති නිසා.ඒක නිසා අපේ වෙබ් පිටුව වෙත එන යන ඔයාලා හැමෝම තියපු ඒ විශ්වාසය අපි ඒ විදිහටම් තියනවා කියන එකට හොඳම නිදසුන මේක. මේ වැඩේට ඇප කැප උන් සහෝදරයෝ දෙන්නටම පින්. ඊළඟ කොටස් ටිකත් මේ විදිහටම ඉවර කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා !!!

  24. උදාර says:

    නියමයි සහෝලා අනර්ගයි

  25. aniwa machan api oyalath akkai hamdama.thxz baiscope.lk

  26. ලොවෙත් නැත මේක නම් අනර්ගයි සුපිරියි වැඩේ නවත්වන්නේ නැතිව අමාරුවෙන් හරි ඇදගෙන යමු ජය වේවා සබ් දෙන්න ගත්ත මහන්සිය හා කැපකිරීම් වලට

  27. dedunu- yatalamatta, says:

    මේ කතා මාලාවට සබ් දුන්න ධනා, සදීප්, ගිහාන්, චින්තක සහෝලට අපේ හද පිරි ස්තූතිය.දිගටම වැඩේ කරන්න. ඉතුරු සීසන් ටිකත් ඉක්මනටම දෙන්න ලැබේවා.ජයවේවා.බොහෝම ස්තූතියි…!

  28. ammata siri….meka nam pattama patta wadak meda poteth baiscopelk eka award ekak gahannama.oni…ape dana aiyata sadeep aiya e wagema gihan and chinthaka aiyalata godaak thanx………..

  29. Thanks……Machanla….. ඔයාලා හැමෝටම ජය… බයිස්කෝප් ඔයා අපේ විෂ්වාසය තහවුරැ කරාට ස්තූතී!!!!!!!!!!

  30. තැන්ක්ස් යාලුවෝ සේරටම

  31. කරපු වැඩේ නම් බොහොම හොදයි ..
    එත් දැන් නම් ගොඩක් දෙනෙක් සිංහල නැතුවම බලල ඇති මම වගේ ..
    එත් අයෙත් සිංහල එක්කම බලන්න පුළුවන් ..
    ඒ දවස් වල අපිත් හරි කලකිරීමෙන් හිටියේ මොකද කොපමන ඇහුවත් අඩු ගන්නේ කිසිම
    ප්‍රතිචාරයක් නැතුව හිටය නිසා ..
    මේ කරපු අසම්පුරන දෙය සම්පුර්න කල
    එකොලොස් වන කොටස සිට දෙලොස් වන කොටස දක්වා ගිහාන් මධුසංක සොයුරාදහතුන්වන කොටසේ සිට විසි දෙවන කොටස දක්වා චින්තක සොයුරා
    ඔබ දෙපලට මගේ හදපිරි තුති පුද කරමි ..

  32. lasanatha!!!!!! says:

    අනර්ගයි මේක තමා හොදම ටි වී සීසන් එක

  33. ඇත්තටම මම ගැන දැන ගත්තේ baiscopelk එකෙන් sinhala sub එක දෙන්න පටන් ගත්ත නිසා. පලවෙනි කොටස් 10 sinhala sub එකත් එක්ක බැලුවා. එතන ඉදන් english sub එකත් එක්ක බැලුවා, මම දැන් යන්නෙ S3 E4… මෙක පට්ට කතාවක් හැමොම බලන්න,

  34. sandun priyanga says:

    ගොඩක් ස්තූතියි මේ වැඩ කටයුතු ඉදිරියටත් කරගෙන යෑමට ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.!!!!

  35. බොහොම ස්තුතියි… kolla ne

  36. මේක සබ් නැතුව බලන්නත් හදල කවදහරි දෙයි කියල හිටිය.මේ කතා මාලාවට සබ් දුන්න ධනා, සදීප්, ගිහාන්, චින්තක සහෝලට අපේ හද පිරි ස්තූතිය.දිගටම වැඩේ කරන්න.ජයවේවා.බොහෝ…………………………..ම ස්තූතියි…! තව දේයක් පුළුවන්නම් රේලික් හන්ටර් එනටයි රොස්වේල් එකටය් සබි දේන්නකෝ…..

  37. Thanks saholata

  38. Thanks lot dear all.

  39. “චූටී මල්ලි” says:

    ලොකු අඩුවක් පිරෙව්වා නෙ එහෙනම් කට්ටිය සෙට් වෙලා
    එල එල අනික් ටිකටත් දෙන්න

  40. ලක්මාල්ල දෙන්නටයි ගිහාන්ටයි චින්තකටයි ගොඩක් පින් අපි වෙනුවෙන් මේ මුලු කතා මාලවම දුන්නට.. ඇත්තටම ඔයගොල්ලො කරන මේ වැඩේ අපි කොමෙන්ටුවකින් කීවත් නැතත් අපේ හිතින් ගොඩක් අගය කරනවා.. අපි ෆිල්ම් එක හරි ටිවී සීරීස් එක හරි බලනකන් ඔයාලට පින් දිදී තමා බලන්නේ..

  41. පිං සිද්දවෙනව කොල්ලනේ……..

  42. ජයවේවා……..!!!

  43. කැලුම් ගුණසේකර says:

    ස්තුතියි සහෝ. ගොඩක් හොදයි ඔක්කෝ ම ටික එකපාර දුන්න එක. දැන් ශේප් එකේ බලන්න පුලුවන්.

  44. එල එල මරේ මරු

  45. karapu wade nam siraaa.pin sidda wenawa.anith kotasuth me wage demu

  46. thank you very much bro…denagena hitiya kawadaka hare meke sub dana bawa…sub dunna siyalu denatama thanks again….

  47. Madusanka says:

    Thankz thankz for all subtitles

  48. thanks. meke ethiri sub denakam balagena hitiye. thanks hamotama……

  49. Viraj Madhushanka says:

    අම්මා ෆට්ට මචන්ලා. දෙයියො දුන්න වගේ. උබලටනම් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ. ඉතිරි ටිකත් දිගටම කරගෙන යමු නේද? බොහෝම ස්තූතියි මචන්ලා.

  50. ඕඕඕඕඕහ් ….SHIT… මම මේක sub නැතුව බැලුවනේ ..අය්යෝ .
    ආයිත් බලන්නත් කම්මැලියි කොහොම උනත් මේ වැඩේ පට්ට…
    තැනක්යු very mutch ….

  51. ane ane ammo… kollane mekanm supirima vadak.. api dannva vada dahasak madde tamai me deval me vidihata karanne kiyala.. api hamatissema oyala nisa satutin innava… ekata oyalata siyadahas varayak pin… thnxzz a lot……

  52. Isuru Mahindarathna says:

    සිංහල උපසිරැසි ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝ.. ජයවේවා! ජයවේවා!

  53. niyamai meke ithuri season 3neth sub denna tiketh sub denna

  54. සේරම කොටස් වලට සබ් දුන්නට ගොඩක් ස්තූතියි සහෝ….
    අනිත් සීසන් වලටත් ඉක්මණින් සබ් දෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    ජය….

  55. niyamaii..ayeth patan gaththata thanks..hamotama…

  56. elz bro. thnx a lot. season 2,3,4 walath puluwannam danna. obata jaya

  57. aye kiyalath ahanawaa..aniwa denakan balan inne saho..jaya wewa okkotoma..

  58. ela mchn……….season 2 ekatath ikmantma sub danna……… (y)

  59. thanx machan maka dunnata ……………….

  60. eranga chandiam says:

    thanks

  61. අබා says:

    මන් නම් මේක ගැන අදහස අත් ඇරලා දාලයි තිබුනෙ..ඒත් ගිහාන් චින්තක මේ කරලා තියන වැඩේ හිතා ගන්නවත් බෑ…හෙට නිවාඩු දානවා..හික් හික්..
    දෙන්නටම අනේක වාරයක් ස්තූතීයි…ඒ වගේම මේ වැඩේ පටන් ගත්ත දනුශ්ක හා සදීප සොයොයුරන්ටත් ස්තූතියි

  62. ෂා.. නියම වැඩක්.. මමත් ඔන්න දෙවෙනි සීසන් එකේ කොටස් 5කට දාන්න බාරගත්තා.. සහෝලා හැමෝටම බොහොම ස්තූතියි.. මේ වැඩේ නැවත පටන්ගත්ත එක ඇත්තටම අගය කල යුතුයි.. ජයවේවා බයිස්කෝප්!!

  63. බයිස්කෝප් නැවත වරක් තමුන්ගේ විශිෂ්ඨත්වය සහතික කරා.පටන් ගත් කර්තව්‍යය අවසන් කිරීම ඉතා විශිෂ්ඨ ගුණයක්.තමුන්ගේ වටිනා කාලය නොමිලේ අන් අයගේ උසස් වින්දනය වෙනුවෙන් කැප කරන මේ මෙහෙවරට දායකත්වය දක්වන සියළුම යහපත් මිනිසුන්ට මම මගේ ආචාරය පුදකරනවා.මගේ අදහස අනුව මේ මොහොතේ සැගවුණු අරුත් කිසිවක් නොමැතිව පොදුජන උසස් වින්දනය උදෙසාම ලංකාවේ ක්‍රියාත්මක වන පළමු තැන රැදෙන වෙබ් අඩවිය බයිස්කෝප්.මේ වෙබ් අඩවිය සදාකල් දිනේවායි මේ මොහොතේ මා සුබපතනවා.ජයවේවා!

  64. Plz anith tikath ikmanata denna…..

  65. mama dena gena hitiya kawada hari apata sub hammba wena bawa….. denakan henama aasawen hitiwe… baiscop site eka gena mata honda wishwasayak thibuna…. thanx ape sahola okkotama…. ewagema bokkenma wish karanawa.. umbalata thawa thawath sub denna shakthiya dhahirya lebenda oni… ogollanta kohoma pin dennada mannda… thaxxxxxxx sahoola………

  66. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ) says:

    කොහොමද කියන්න ඕනේ, වැඩේ කියන්නේ කියන වචනත් නැ, ඒ තරම්ම අනගි. පට්ට මැක්සම වැඩක් තමයි ඉතින් මේ, දුකට කරුණ නම්, මේකට ඇබ්බැහි උන තරම කියනවනම් කොටස් දහයෙන් පස්සේ දෙන පාටක් නැති නිසා එන්ග්ලිෂ් එක්කම බැලුවා, දැන් මට තව ඉතිරි වෙලා තියෙන්නේ සීසන් 4 එකේ කොටස් දෙකකුයි ෆයිනල් බ්රේක් එකයි විතරයි, ඒකට මොකද ආයේ සිංහලත් එක්කත් බලනවා, කියලම වැඩක් නැ සහෝලා අත ගහපු වැඩේ නම්, අනිත් ටිකත් ඉක්මනට ඕනේ හොදේ… ජය වේවා…

  67. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ) says:

    තව දෙයක් හසන්ත සහෝ කියල තියෙන කතාව නම් සහතික ඇත්ත….

  68. meanna mea wage eka para dena eka nam godak hodai..
    ethakota eka parama balanna puluwan…
    ela…
    thanx machanla…. :)

  69. nishadip1 says:

    Jaya wewa!!!Thanka u wewa!!!
    mara santhosai appa!!!
    saheha kalayak balan hitiya
    kattiyatama thanks me wadeta
    ithuru ewatath subs denanwaneda????

  70. dayarathna palapege says:

    Thanks, and can you give us “lovely bones” by PETER JACKSON

  71. supiri !!!!

  72. michle scofeild says:

    සිරාවටම පට්ට…. කියන්න වචන නෑ…..

  73. වැඩ කටයුතු අස්සේ මේකට දායක වෙච්ච හැමෝටම බොහොම ස්තූතියි.

  74. patta…godak pin

  75. “” Godak Thank’s Machan”"…….

  76. ගොඩක් සතු‍ටුයි
    ගොඩක් කල් බලන් හිටියා
    අපේ සතුට වෙනුවෙන් ඔයලා වෙන මහන්සියට.

    තවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    ජය වේවා……………………………………………….

  77. charith eranga says:

    බොහෝම ස්තුතියි බයිස්කෝප්, ධනා සොයුරා,සදීප් ලක්මාල් සොයුරා,ගිහාන් මධුසංක සොයුරා,චින්තක බස්නායක සොයුර….. ඔය හැමෝටම…..මේකනම් ලොකුම උදව්වක්…කොහොම ස්තුති කරත් මදි වගේ….ජය වේවා..කරන කියන හම දෙයක්ම ගොඩේ ගොඩ යන්න ඕනා…..!!!!!!!!!!!

  78. චතුර says:

    අනිවා..හැමදාම වගේ අපේ හදපිරි තුති..ඉතිරි සීසන් ටික ඉක්මනට අපට බලන්න ලැබෙයි එහෙනම් නේද යාළුවනේ..සුභ පතනවා. අළුත් අයිඩියා එකනම් එල.

  79. thanks for the prison break subtitles

  80. මෙක දීලා ඉවර කරපු එකනම් එල. මහන්සි උන හැමොටම ස්තුති. ඒ වගේම ඉතිරි ටිකත් ඉක්මනටම දෙන්න ලැබේවා කියල පතනවා. සුබ පැතුම්!

  81. pathmitha tp says:

    goood work

  82. thanks all

  83. Priyan Chaminda says:

    godaaaaaaaaakkkkkkkkk PIN meka dunnata,ituru tikat ikkmanatama apita denna kiyala illanawa,api balagena innawa

  84. බොහොම ස්තුතියි….

  85. ධනා, සදීප්, ගිහාන්, චින්තක හැමෝටම ගොඩක් පිං…! ගොඩක් ස්තූතියි…!

  86. patta patta

  87. godak pin ubalata. mama meka denakam balagena hitiye. ithuru tikath denna try ekak denna.

  88. AMMOOO machanslaaaaaa oyalata godaaaaaaaaaaaak pin. oyalata kohoma thanks karannada kiyala theren ne.a tharamata oyala karapu me wade godaaaaaaaaak watinawa. season 2 ekath apita me widuyata denna godaaaaaaaak thankz macahan…….

  89. Priyan Chaminda says:

    sahoooooo beluwa hoda wedak,ituru tikat ikmanata denna kiyala illanawa,Dana,Chinthaka,Sadip,gihan,godak pin machoooooo,next seson 1kat ikmanatama apita dei kiyala oyalawa vishwasa karanawa,

  90. tharindu udayanga says:

    thankssssss aiyalaaaaaaaaaaaaaaaaaaaaaaaa……………man me hamadama avilla balala ynva prison break ithuru tikata sub dalada kyla…..onna adanam hariiiii…….thanks thankssss thanksssss………………godak thnaks ogollange velaven meke ithurutikatath sub danna velavak gaththat…….niama vadakkkkk…maxxahhhhhhhh tv series ekakkkkk……..

  91. ඉතින් බයිස්කෝප් එකේ අපේ සහෝලට පිං සිද්ධ වෙන්ඩ PRISON BREAK පළවෙනි සීසන් එක සිංහල සබ් එක්කම බැලුවා….. මට වචන නෑ මේ සහෝලට ස්තූති කරන්න.. මේක පට්ටම ටීවී සීරියස් එකක්… නියමයි.. වටිනාකම තියන්නේ දිපු සබ් වල… රෑ නිදි මරාගෙන එකේක ජාතියෙ චාටර් කාගෙන කොයි තරම් ගේමක් දෙන්ඩ ඇත්ද? අනිත් එක මේක හෙන දිග පතරංග ටීවී සීරියස් එකක්නේ…. ඉතින් මම ඉත සිතින් ප්‍රාර්ථනා කරන්නේ තව ඉදිරියටත් මේවගේ පට්ටම ෆිල්ම් ටීවී සීරියස් අපට දෙන්න ශක්තිය ධෙර්යය ලැබෙන්ඩ කියලා කරනවා… ඒ වගේම මේ සීරියස් එකේ දෙවනි සීසන් ලගඳිම ලැබෙයි කියලා බොහොම ආසාවෙන් බලා ඉන්නවා… මේකට මහන්සි වෙච්ච ධනුශ්ක ලක්මාල් (ධනා) සොහොයුරාටත් සදීප් ලක්මාල් සොහොයුරාටත් ගිහාන් මධුසංක සොහොයුරාටත් චින්තක බස්නායක සොහොයුරාටත් මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමනවා…

  92. Pattta macho , apita sub denna mahansiwena hemotama godk thanks…………………….

  93. kiyanda thiyenne thanks kiyala newai…PIN kiyala….pin machanla

  94. ජයවේවා.බොහෝම ස්තූතියි…!

  95. supper machan.well done..and thanks for all..

  96. thankzzzzzzzzzzzzzzzz//////////////

  97. Thanks Bro ,Well Done……….

  98. machan ubalanam sira waddo tikak. api hiyhuwe apita ayeth prison break balanna bari wevi kiyala double thanks machan. anek season 3th weda iwara karanna shakthiya dahirya labenna kiyala api prarthana karanawa!

  99. kaleak idan balan hitau akak , බොහොම ස්තුතියි…………..

  100. දිදුල Kd සිල්වා says:

    මග නැවතුන වැඩක් ආයෙ පටන් අරන් කරනව කියන්නෙ ලේසි පහසු වැඩක් නෙමෙයි.. කොහොම හරි ගේම ගොඩ දාමු..ජය වේවා෴

  101. Thank you (y)

  102. කොහොම ස්තූති කරන්න ද… කියල තේරෙන්නේ නෑ… බයිස්කෝප් එකේ ඉන්න කොල්ලො සෙට් එක නිසා තමයි අපි හොදට Film එකක් හරි බලන්නේ… ඔය ගොල්ලන්ගේ විනොද කාලය කැප කරලා. අපිට විනෝද වෙන්න කාලයක් දෙන එකට නම්… <3 <3

  103. buddhika sankalpa says:

    ඔයාලාට ගොඩාක් ස්තුති සහෝ… අපි වෙනුවෙන් මෙහෙම මහන්සි වෙනවට පින්… අපි බලගෙන හිටියෙ මේක දෙනකල්… thanx again……..

  104. ela niyamai patta kathawa…. Season 02 Season 03 Season 04 ….. ….. digatama sinhala sub one

  105. Dhanushka Roshan Jayawardhana says:

    Thank you very much my dear all friends. I were waiting long time to watch this series with sinhala subtitles. If you can give us all series with sinhala subs.

    Actually I have already downloaded prison break season 2 and waiting for your subs.

    Again thanking you all of you.

  106. Weerakkody says:

    THanks lot

    Season 2,3 and 4 must need

  107. අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු……. :) මේ වැඩේ නිසා, මට “හිර ගේ බිදිල්ල” ආයෙත් බලන්න හිතිලා තියෙන්නේ……. :D

  108. fï jefâkï t,lsß”” ;j ÿrg;a fï jf.a jev lrkak””

  109. thnx macho……….. anith ewath ikmanatama ewanna.
    api hemadama oyala samagai………. :-*

  110. රාම් රාජ් says:

    සෑහෙන් මහන්සි වෙලා ඔක්කොම දුන්නා නේද.ස්තූතියි.මේ කරපු කැප කිරීමට.ආයේ ඉතිං වෙන කියන්න වචන නෑ.

  111. anee aiyalaaa kohomahari oyalata puluvan ikmanata prison break season 2 eke sub dennakoooo………pleaseeeeee pleaseeeeeeeeeee…….mekanam pattama tv series ekak……oya gollange vada valin mekatath punchi velavak gannakooooo…….season 1 eke ithuru episod vala sub dunnata godak thankssssss……………….godak thanksss…season 2th dennakoooooo ikmanatama….

  112. Thanks Very Much..!!!

  113. ane aiyala puluvan ikmanata season 2th dennako…..thavath nam ivasanna ba…………meka pattama patta…..oyalata vada thiyenava kyla dannava….ane puluvan ikmanatama season 2th denako..plssssssssss plsssssssssssss…….meva thama tv seriessss…..season 2th denadaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa……………………

  114. thank you very much , waiting for another Seasons

  115. isuru kariyawasam says:

    ubalanam marai machoooooooooo .. ela ela ohoma yan

  116. එම්ටියා says:

    නියමයි මචන් ජය වේවා

  117. බොහොම ස්තුතියි.. (y)

  118. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  119. Thnx Bro…. nice work..well done boys…..

  120. oya gollo me karana sewayata godak STHUTHI.

  121. ravi_nano says:

    ep11 sita 22 dakwa sub titile load karama kotu kotu watenawa..font eka mokakda?pls help

  122. sampath says:

    මට කියන්න කොහොමද TV එකේ වැඩකරන උපසිරස ගන්නෙ කියල

  123. dananjaya says:

    s1 eke 11 sita 22 dakva sub nane?

  124. dananjaya says:

    s1 eke 11 sita 22 dakva sub ganne kohomada ? plz tell me!

  125. shanaka says:

    thanx bro…. Go ahead !!!!!