James Bond නිර්මාපකයා වන Ian Fleming ට අනුව ඔහු අතින් රචනා වුණ වඩාත්ම අගය කළ හැකි කෘතිය වන්නේ මේ චිත්‍රපටයට පාදක වූ මෙනමින්ම යුතු කෘතිය. ඒ විතරක්ද සියලූම Bond චිත්‍රපට අතරින් පොතේ තිබෙන කතාවට වඩාත්ම සමීප චිත්‍රපටයත් මෙයයි. ඒ විතරක්නම් මදෑ, හිටපු ඇමෙරිකානු ජනපති John F. Kennedy තමාගේ ප්‍රියතම පොත් 10ය තුළට මේ පොතේ නමද ඇතුළත් කර තිබුණා. ඒ හේතුවෙන් ඇමෙරිකාව තුළ ඉහළම අලෙවියක් හිමි කරගත් අපරාධ කෘති රචකයා බවටත් Fleming පත් වුණා. මේ කිව්වෙ පොත හා සම්බන්ධ විශේෂතා ටිකක්. පොත වගේම චිත්‍රපටයෙත් විශේෂතා රැසක් තියෙනවා. මුල්වරට James Bond Gadget Case එක එළිදකින්නෙ මේ චිත්‍රපටයේදී තමා. Bond ට ලබා දෙන අමුතු අමුතු ගැජමැටික් කෑලි (මේකෙදි නම්; AR-7 .22 survival rifle with infrared telescope, Tear gas cartridge, Tape recorder camera වගේ ඒවා…) දාලා එවන්නේ මේකේ තමයි. ඇයි ලෝක රූ රැජිනකුත් ඉන්නවනේ. ලෝක රූ රැජින තරගයෙන් 1968 වසරේ දෙවෙනි තැන දිනා ගත් Daniela Bianchi තමා Bond ගේ කෙල්ල වුණේ. ලස්සන ගැන අමුතු කතා ඕනි නෑනෙ එහෙම කිව්වම. ඒ ඇරුණම Bond චිත්‍රපටයක Leading Bond Girl කෙනෙක් විදිහට චරිත නිරූපණයක් කළ ලාබාලතම තැනැත්තියත් ඇයයි. අවුරුදු 21යි. තව මොනාද නේ? ඒ ඇරුණහම ලෝකයේ අපරාධ සංවිධාන 6ක එකමුතුවකින් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර අපරාධ සංගමයේ විස්තර මුල්වරට එළි දකින්නෙත් මේ චිත්‍රපටයේදීම තමයි. ඒ වගේම මේ චිත්‍රපට මාලාවේ සිව්වන වැඩිම අගය IMDb වෙබ් අඩවියේදී හිමි කරගන්නට සමත් වී සිටින්නේත් මේ චිත්‍රපටය. එහෙනම් පෑරුවා මදෑ. බහිමු කෙලින්ම විස්තරේට.
මෙදා පාර මෙහෙයුම Lektor නමින් යුතු ගූඪකේත සකසන යන්ත්‍රයක් සොයන්නටයි. රුසියාවේ නිපැයුමක්! අර අපරාධ සංවිධානය සැරසෙන්නේ මේක රුසියාවෙන් හොරකම් කරලා, ආපහු රුසියාවටම විකුණන්ඩ. නමුත් ඔවුන් දන්නවා මේ යන්ත්‍රය අත්පත් කරගන්නට ඇමෙරිකානු CIAය සහ බ්‍රිතාන්‍ය MI6ය නොකරන දෙයක් නැති බව. ඔවුනගේ අරමුණ තමන්ගේ රූමත් සේවිකාවක මාර්ගයෙන් Bondට මෙය ලබා දෙන බව දන්වලා ඔහුව අවශ්‍ය තැනට ගෙන්වාගෙන උගුලකට හසු කරන්ඩ. ඒ අතරෙ මේ කිසිත් නොදන්න අර ලස්සන කෙල්ලට වහ වැටිලා වළේ වැටෙන Bondව ඉවරයක් කරන්ඩයි අදහස. Bond වැඩේට පටළැවුණා කියන්නේ බ්‍රිතාන්‍ය ඔත්තු සේවයත් පටළැවෙනවා, එතකොට රුසියාව බ්‍රිතාන්‍යය ගැන සැක කරන්ඩ ගන්නවා. ප්‍රතිඵලය අනිවාර්ය යුද්ධයක්! සීතල යුද්ධයක් නොවුණොත් ලෝක යුද්ධයක්!
මෙදා පාර Bond ට මුහුණ දෙන්ඩ වෙන සතුරා කවුද කියන එක දැනටම දන්නවනෙ ඉහළින් කිව්ව නිසා. මේ වතාවෙ හැබැයි ගිය වතාවෙ කෙරුම් වලට වන්දි ගෙවන්ඩ ඔහුට සිද්ධ වෙයි වගේ. මොකද ගිය පාර Dr.No මරා දාපු පළිය ගන්න එකයි මේ සංවිධානයේ අරමුණ. හේතුව ඔහුත් මේ රහස් සංවිධානයේ අති ප්‍රබල සාමාජිකයෙක් වීම. Bond කොහේදෝ දිහාවක කාවදෝ හඹාගෙන යනවා. ඔහු බොහොම පරිස්සම්. නමුත් ඇත්තටම හැඹීමට ලක් වෙන්නේ කවුද කියන එක ප්‍රශ්නයක්! සුපුරුදු පරිදි Bond කාවදෝ හඹාගෙන යනව කියල අපට හිතුණට පේන විදිහට කවුදෝ කෙනෙක් ඔහු පසුපස හඹාගෙන එනව. Bond යන්නේ බොහොම සැලකිල්ලෙන්. හැකිතාක් නිහඬව. නමුත් මේ අනිත් කෙනා එහෙම නෑ. ඔහු හරිම නොසැලකිලිමත් විදිහට සද්ද බද්ද කරමින් තමා යන්නෙ. නොසැලකිල්ලද නැතිනම් සැලකිල්ලද? Bond ට දෙන සලකුණක් ද මේ? නමුත් Bond ට ඒ ඔස්සේ ඔහුව හොයාගන්නට බෑ. එකවරම ඡායාවක් දකින Bond වෙඩි තියනවා. Bond දිනුම් ද? තවම නෑ. Bond උසට වැවුණු පඳුරු වැටිය අතරින් එබිකම් කරමින් ඉදිරියට ඇදෙනවා. සැඟව ගත් කෙනා තම ඔරලෝසුවෙන් කම්බියක් පිටතට අදිනවා. ඔන්න දැන් Bond ඔහු සිටි තැන. නෑ කවුරුවත් පේන්ඩ නෑ. Bond හැරිල වෙන පැත්තකට යන්ඩ ගන්නවා. එතකොටම අර මිනිසා ඔහුව අල්ල ගන්නවා. කම්බියෙන් හිර වුණු Bond ගෙ බෙල්ල එල්ලා හැළෙනවා. Bond ගෙ මිනිය බිම වැතිර ගනිද්දී එක්වරම වේදිකාවක ආලෝකකරණයට වගේ විදුලි පහන් දැල්වෙනවා. මිනිසෙක් සාහසිකයා අසලට එනවා. “හරියටම විනාඩියයි තප්පර 52යි. විශිෂ්ටයි.” Bond ව මරන්ඩ ඔහුට ගත වූ කාලය! ඊට පස්සෙ පහතට නැමෙන ඒ මිනිසා Bond ගේ මූණ ගළෝල අරගන්නවා. ඒ කොහොමද? මෙහෙමයි,
නෑ.. ඒ ටික සබ් එක්කම බලමුනේ…
ඔබේ අදහස්...
46 Responses to “From Russia with Love (1963) | ජේම්ස් බොන්ඩ් 2 [සිංහල උපසිරැසි සමඟ]”































loweth na patta kalin akath supiri
Thnnxxxxxxx
ලොවෙත් නෑ මචං පට්ට
නියමයි සහෝමෙන්න ෆිල්ම්ස්
jayena jaya
thnx so much
එල එල එලම කිරි
බොහොම පින් හොදේ අනිත් ඒවාත් එක්මනට දෙමු
pattai saho…lipiyath elata thiyenawaaa…..
thnnx bro
ela thnx
නියම වැඩක් අනිත් කොටස් ටිකත් දෙමු ඔන්න
එලස්,,,,, නියමයි
ජය වේවා නියමම වැඩක් පට්ට පතුරු
නියමයි බ්‍රෝ
Thanks
සුපිරිම කතා මාලාවක් නේ අනිත් ඒවත් ඉක්මනටම දෙන්න ලැබේවා!
niyama wadakata atha gahala tiyenneeee.jayen jaya
puluwan nam BRRIP copy ekakuth dennaaaa
අනික් ටිකටත් ඔනි කොල්ලො
දෙනවා නේද?
මේකට ස්තුතියි
niyami
elaz
thnx macho
නියම වැඩක්
ජය
aniwa download karanwa ..thnxz
අනිවා බලනවා… ජය
elakiri wadak ne MACHO
තුති සහෝ
පට්ට
jayama weywa
එල එල අනිත් ඒවත් දෙන්න ඔන්න
තෑන්ක්ස් සහෝ! එළකිරි!
නියමයි සමීර නියමයි.දිගටම මේ ඔක්කොටම දෙන්න ඕනි.ජයවේවා.බොහෝ…………………………..ම ස්තූතියි…!
deiyo dua vage ape tathala a kale meka gana kiyaava eth baganna tanak tibbe na . me pili vela digatama dagena yaa
good job.
thanks !
කොයිතරම් ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වුනත් වර්තමානයේ ලංකාවේ චිත්‍රපට රසිකයන් බොහෝ දෙනෙකුට මඟහැරුනු චිත්‍රපට මාලාවක්. ඒක මේ විදිහට දෙන්න යන එක නම් සුපිරිම උදව්වක්… තෑන්ක්ස්…!
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. දෙවෙනි එකත් දුන්නා නේද එහෙනම්. මෙන්න බානවා
එළ සහෝ.. ඔක්කොම ටික හිමිට දාමු..
මා ළග ෆිල්ම් ඔක්කොම තියෙනවා..
සිංහල සබ් එකත් එකතු උනාම සුපිරිම තමයි..
ජය වේවා…
නියමයි සහෝ අතාරින්නෙ නැතිව අනිත්වත් පිළිවෙලට පෙළගස්වන්න.බොහොම ස්තුතියි සහෝ,මේ ටිකට සබ් දෙන එකට,ජයවේවා.
navathana epa ituru tikath digatam denna
නියමයි යාලුවා… ඔක්කොම ටිකට සබ් දෙමු කොහොම හරි.. ජය වේවා෴
ස්තූතියි.
පිස්සු කොර, තවම පලවෙනි එක බාගන්නත් බැරි උනා….. මේ ඩිංගට දෙවනි එකත් දීලා……
ඔන්න ඒකත් බාගන්න දැම්මා….ස්තුතියි…
ස්තුතියි සහෝ උපසිරැසියට. ඉඩක් ලැබුන ගමන් අනිවා. ඔක්කෝ ම ටික ගන්නවා.
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
අදහස් දක්වපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි…!