Thandavam 2012

අද මගේ උපසිරැසි දිවියේ ජයග්‍රාහී පියවරක් තබන දවසක්. මොකද අද මම මේ ඔයාලට දෙන්න සූදානම් වෙන්නෙ මගේ 50 වෙනි උපසිරැසි නිර්මාණය; එහෙමත් නැත්තම් උපසිරැසි අර්ධ ශතකය සනිටුහන් කරන්න යන්නෙ. සාපේක්ෂව ඉතා කෙටි කාලයක් ඇතුලත (මාස 5 කටත් අඩු කාලයකදී) උපසිරැසි 50 සම්පූර්ණ කරන්න හැකිවීමත් විශේෂයක් වෙනව. අද දවස මට වගේම අපේ බයිස්කෝප් වෙබ් අඩවියටත් විශේෂ දවසක්. එයට හේතුව මෙම චිත්‍රපටය ගැන විස්තර සඳහන් කරන කොටසේදිම කියන්නම්.

මම ලබාදුන් උපසිරැසි 50 න් 48 ක්ම 100% ක්ම සම්පූර්ණයෙන් මම විසින්ම උපසිරැසි ගන්වපුව. මගේ එම උපසිරැසි 50ට ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ කොටස් 5 ක් සහ චිත්‍රපට 45 ක් ඇතුලත් වෙනවා. එම චිත්‍රපට 45 ට.. ඉංග්‍රීසි චිත්‍රපට – 32, හින්දි චිත්‍රපට – 09, දෙමළ චිත්‍රපට – 04, තෙලුගු චිත්‍රපට – 01 සහ වෙනත් භාෂා වල චිත්‍රපට 04 ක් ඇතුලත් වෙනව. මේ වැඩේදි මට හැම විටම අප්‍රමාණ සහයෝගයක් ලබා දුන්නේ අපේ “විකියා” සහෝදරයා. ඒ නිසා ඔහුට විශේෂ ස්තූතියක් හිමිවිය යුතුමයි. හුඟක් වෙලාවට මට අලුත්ම චිත්‍රපටි වලට සබ් දාන්න අවස්ථාව ලැබුනා. අලුත් ෆිල්ම් වලට සබ් දාද්දි පුදුම කට්ටක් කන්න වෙන්නෙ. ඔයාල ෆිල්ම් එක එනකන් බලන් ඉන්න නිසා ඉක්මනට කරල දෙන්නත් ඕනෙ. හුඟක් වෙලාවට ෆිල්ම් එකේ කොපිය ආපු ගමන්ම ඉංග්‍රීසි සබ් එක නිකුත් වෙන්නැති අවස්ථා තියනව. එතකොට ඉතින් අහ අහ සබ් එක දාපු අවස්ථා නම් එමටයි. හුඟක් වෙලාවට දවල් කාලෙ වෙලාවක් නොලැබෙන නිසා රෑ 9ට විතර පටන් අරන් පාන්දර වෙනකන්ම සබ් එක හදනව. බාගෙට බාගයක්ම සබ් හදල තියෙන්නෙ මහ රෑ එලිවෙන ජාමෙට. [ඒ අතරෙ හොරර් ෆිල්ම් වලට සබ් දාන්න සෙට් වුනාම තමයි පිස්සු හැදෙන්නෙ]. ඉතින් මේ නිසා අපේ උපසිරැසි දාන සහෝදරයන් සහ සයිට් එකේ ඇඩ්මින්වරු මේ වෙනුවෙන් කන කට්ට තේරෙන්න නම් වැඩේට බැහැලම බලන්න වෙනව.

සිංහල උපසිරැසි පමණක් ලබා දෙන බයිස්කෝප් වෙබ් අඩවිය අද වන විට ලංකාවේ පවතින වෙබ් අඩවි අතර ඉතා ඉහල තලයක රඳවාගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කරන විකියා, රොයිලි, නිලන්ත, පොතේගුරා, උදා, වාසල, යන සියලුම සහෝදරවරුන්ට සහ උපසිරැසි නිර්මාණය කරන සහෝදරයන් හැම කෙනෙක්ටමත් විශේෂයෙන් ස්තූති කරන්න ඕනෙ. මේ වගේ මිත්‍රශීලී කණ්ඩායමක් එක්ක වැඩ කරන්න ලැබීම ගැන මට හදවතින්ම සතුටුයි. ඒ අයගේ උදව්වද ඇතුලුව, අද මට මේ උපසිරැසි 50 ලබා දීමට විශාලම හයියක් ලැබුනෙ මේ චිත්‍රපට ඩවුන්ලෝඩ් කරල ඒ ගැන අවංකවම සතුටු වෙලා කමෙන්ට් කරපු ඔයාල නිසා. ඒ නිසා මට ලැබෙන හැම ඊමේල් එකකටම සහ ෆේස්බුක් එකට එන හැම මැසේජ් එකකටම වගේ මම රිප්ලයි කරනව. මින් ඉදිරියටත් ඔයාලට මගෙන් උදව්වක් හෝ යම් ගැටළුවකට විසඳුමක් අවශ්‍ය වුනොත් මගේ ඊමේල් එකට ([email protected]) එකට හරි මගේ Facebook එකට මැසේජ් එකකින් එවන්න. හැකි සෑමවිටම ප්‍රතිචාරයක් දක්වන්නම්.

එහෙනම් දැන් අද ගෙනාපු චිත්‍රපටය දිහාට හැරෙමු. මාස කීපයකට කලින් මේකෙ හොඳ කොපි නිකුත් වෙලා තිබුනත් කිසිම භාෂාවකින් සබ් එකක් නිකුත් වෙලා තිබුනෙ නෑ. මේ ෆිල්ම් එක දෙන්න කියල හුඟ දෙනෙක් ඉල්ලීම් කරලත් තිබුන. ඉතින් ඒ නිසා තමයි මේකට සබ් එක අලුතෙන්ම හදන්න තීරණය කරේ. කොහොම හරි වැඩේට බැහැල සබ් ලයින් ටිකත් අලුතෙන්ම හදල සම්පූර්ණ වැඩ ඉවර කරා. දෙමළ, ඉංග්‍රීසි සහ හින්දි කියන භාෂා 3ම මෙහිදී පරිවර්තනය කරන්න වුනා. පැය දෙක හමාරක් විතර ෆිල්ම් එක යන නිසා මේවගේ එකකට අලුතෙන්ම සබ් එකක් හදනව කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි. සබ් හදන අයට නම් මේ වැඩේ අමාරුව ගැන හොඳට තේරෙනව ඇති. මම හිතන්නෙ මීට කලින් මේ විදියට සබ් එකක් හදල කිසිම වෙබ් අඩවියක පලකරල නැහැ. ඉතින් මේ නිසා තමයි මම මුලදිම කිව්වෙ අද අපේ සයිට් එකටත් විශේෂ දවසක් කියල.

මෙහි ප්‍රධාන නලුවා වෙන්නෙ කොලිවුඩ් සිනමාවෙ සුපිරි තරුවක් වන “වික්‍රම්”.. තවත් සුපිරි රංඟන ශිල්පිණියන් දෙපලක් වන “අනුෂ්කා ෂෙට්ටි” (මතක ඇතිනෙ Alex Pandian ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය) සහ “එමී ජැක්සන්” (Madrasapattinam 2010 ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය) රඟපෑමේ නිරත වෙලා තියනව. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Madrasapattinam චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ “A.L විජේ” විසින්. මම මේකෙ කතාව කෙටියෙන් කියන්නම්. මොකද බොහොම කුතුහලයෙන් පිරි චිත්‍රපටයක් ඒ නිසා කතාව වැඩිය කිව්වොත් වැඩක් වෙන්නෑ.

චිත්‍රපටය ආරම්භ වෙන්නෙ ලන්ඩන් වල සිදුවන බෝම්ම පිපිරීම් මාලාවක් සමඟ. මේ බෝම්බ ප්‍රහාරය පසුපස ඇති අභිරහස් සිදුවීමක් වටා තමයි මේ කතාව ගෙතිල තියෙන්නෙ. ඊට පස්සෙ කතාව ගලාගෙන යන්නෙ බෝම්බ පිපිරීමෙන් වසරකට පසු එම ස්ථානයේම සිදුවන සිදුවීමක් වටා. මෙන්න මේකයි ඒ සිද්දිය. කෙනීට (වික්‍රම්) එයාගෙ ඇස් පෙනීම අහිමි වෙලා. එයා පල්ලියක පියානෝ වාදනය කරමින් ඉන්නෙ. කෙනී අන්ධ වුනත් එයාට සුවිශේෂී හැකියාවක් තියනව. එයාට පුලුවන් කටින් ශබ්දයක් පිට කරල ඒ තරංග පරාවර්තනය වෙන්න යන වෙලාව අනුව ඕනෑම දෙයක පිහිටීම ගැන දැනගන්න. මේකට ඉංග්‍රීසියෙන් කියන්නෙ ‘Echolocation’ කියල. මෙහෙම ඉන්න අතරෙදි හොර රහසෙම කවුදෝ කාන්තාවක් ‘කෙනී’ ළඟට ඇවිත් යම් පුද්ගලයෙක්ගෙ නමයි, ලිපිනයයි කියනව. එතකොට වහාම ක්‍රියාත්මක වන කෙනී ඒ කෙනාව හොයන් ගිහින් මරල දානව. මේ විදියට කීප දෙනෙක්ම මරනව. මෙයා කෙනී විදියට පෙනී සිටියට කෙනී කියන්නෙ එයාගෙ ඇත්ත නම නෙමෙයි. කෙනී කියන්නෙ වෙන කෙනෙක්ගෙ නමක්.. ඉතින්, මෙයාට කොහොමද මේ කෙනී කියන නම ලැබුනෙ? එයා මේ විදියට මිනී මරන්න හේතුව මොකද්ද? කවුද මේ හොර රහසෙම කෙනීව මුණගැහිල මරන්න ඕන අයගෙ නමයි ලිපිනයයි දෙන කාන්තාව? ඇත්තටම කවුද මේ කෙනී කියන්නෙ? එයාගෙ ඇස් අන්ධ වුනේ කොහොමද?? මෙන්න මේ වගේ අභිරහස් රාශියක එකමුතුවක් ලෙස තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. හැබැයි අන්තිමේදි මේ හැමදෙයක්ම ඔයාලට නිරවුල් කරගන්න පුලුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම හැමොම බලන්න. මේකෙ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකත් හරිම ලස්සනයි. බලන්නම වටින චිත්‍රපටයක්.

එහෙනම් මම ගිහින් එන්නම්. නැවතත් මට කියන්න තියෙන්නෙ බයිස්කෝප් වෙඩ් අඩවියේ සහෝදර පිරිස සමඟ සහයෝගයෙන් වැඩ කරන්න ලැබීම ගැන හුඟක් සතුටුයි. මට වචනෙකින් හරි උදව් කරපු හැමදෙනාටම බොහොම ස්තූතියි. හැමෝටම ජය වේවා

50 copy

29d4c93aded18e1c2a5325eaef8124be8b224b96
392b47aefea20efda310196b6c4dd1430458ec0c
61312813e504f032c77a5d53efa79d6f25dda677

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


182 Responses to “Thaandavam (2012) | ආදරණීය ඝාතකයා…[සිංහල උපසිරැසි සමඟ]”

  1. GR8 WORK DIDULA WISH U ALL THE BEST!

  2. පට්ටම වැඩක් මචං සබ් එකක් තනියම සම්පුර්නම හැදුවා කියන්නේ එල

    සබ් වැඩේට ජයම වේවා

  3. PATTA machan ube sub nam elakiri hodey sub 3 denek 4 denk akka karala name dagena 50 gaha gannawata wada menna kollo :)

  4. Thanks all the best

  5. wow…maru :)

  6. elaz….all da best…….

  7. patta didula oya nam mara dial akak thnxz

  8. සුපිරි මචෝ බයිස්කෝප් නම් සුපිරිම සයිට් එක සබ් දෙන උනුත් පට්ට දිදුල ඔයාගේ සබ් එල කිරි හොදේ,,

  9. chamath cafe says:

    වෙබ් පේජ් එකක් නම් අපි බයිස්කෝප් එක්ක,, ආයේ කියන්න දෙයක් නෑ නියමයි මචෝ
    දිදුල සුභ පතනවා !!!!!

  10. පට්ටම වැඩක්,සබ් වැඩේට ජයම වේවා………..!

  11. ලොවෙත් නෑ හොදේ .. මේක නම් එලම ෆිල්ම් එකක් සබ් එකක් අලුතින්ම මේ වගේ එකකට හදන්න යන ගේම ගැන හිතා ගන්න බෑ… ජය වේවා තවත් සබ් 100 ක් දෙන්නම වාසනාව ලැබේවා!

  12. දිදුලට ජය වේවා … බයිස්කෝප් එකට ජයම වේවා!!!!!!

  13. නලියා says:

    ‍ජයවේවා දිදුලේ.. උඹ දිපු සබ් 50න් අඩුම තරමේ මම 40ක් විතර බලලා ඇති උඹට පින්දිදි.. කිසිම ආර්ථික වාසියක් නැතුව මේ වගේ අනිත් අයගේ සතුට වෙනුවෙන් දිවා රැ කාලය කැපකරගෙන උඹ කරපු මේ උත්සහාය අපි හැමදැම අගේ කරා. අදත් ඒවගේම උඹට ජය පතනවා!..
    50 – 100 වෙලා 100 – 1000 වෙන්න කියලා අද මම ප්‍රාර්ථනා කරනවා.

    ජය වේවා දිදුලේ…!!

  14. මාත් සුබ පතනවා 100යවෙනි සබ් එකත් දාන්න පුලුවන් වෙන්න කියලා.

  15. loweth na macho :) suba pathum

  16. rusuru | රුසිරු says:

    පට්ට පට්ට පට්ට කියලා වැඩක් නෑ සබ් නම බයිස්කෝප්

  17. සුභ පැතුම් මචෝ!! තනියම මේ සබ් එක දෙන්න දීපු ගේම තේරෙනවා :) තවත් උණු උණු සබ් දෙන්න ලැබේවා!!!!!!!

  18. thnxxxxxxxxxxxx all the besttttttttttttttttt

  19. මගේ සුභ පැතුම්….

  20. නියම වැඩක් එල :)

  21. එල එල සහෝ

  22. ela ela machan mamath suba pathanwa hadawathinma…sub denna gahapu game aka nm patta

  23. නියමයි.. ජය ..

  24. Patta machan….
    wikramge hema film1kma hodai. mekat aniwa supiri ati…
    Thanks macho mahansiyata…
    digatama karagenayanna shakthiya lebenna one…

  25. සිංහලයා says:

    දුදිල දෙන්නෙත් සුළුපටු ඒවාට නෙමේ නේ,, ඇත්තටම උබත් ඔය 3 දෙන 4 දෙනා එක්ක දැම්ම නම් මෙලහකට 100 ත පහු කරලා.. කරන වැඩේ හරියට කරන්න ඕනේ. නිකන් නමට කරන්නේ නැතිව. බයිස්කෝප් එකේ සබ් එකක් ගුණාත්මක වෙන්නේ ඒ නිසයි .සබ් එකක් හරියට අග ඉදන් මුලට එකම රටාවකට යන්න ඕනේ,..ඒක බලන උන්ට තේරෙනවා..එකිනෙකාගේ භාෂා විලාෂයන් වෙනස්.ඉතින් 3 දෙනෙක් හෝ ඊට වැඩි ගානක් සබ් එකක් ලියනවා කියන්නේ මුල මැද අග වෙනස් භාෂාව.ප්‍රමිතියකින් සබ් එකක් දෙන්න බෑ..එනිසා උපසිරස තනියම කරන එක තමා 100 % සාර්ථක වෙන්නේ. ගුණාත්මක බාවය රැකෙන්නේ,ඉතින් ඔයා ඒ අභියෝගය ජයගෙන ඇති බව පේනවා.ඉතින් කරනා දේ හරියට කරන්නට ශක්තිය ලැබේවා!!!

  26. වාව්…. සබ් 50 ක්…! සෙල්ලම් නෑ මාස 5ට…
    උණුසුම් සුභ පැතුම් සහෝ…!
    තවත් වැඩි වැඩියෙන් අපිට සිංහලත් එක්ක ෆිල්ම් බලන්න හැකිවෙන්න ඔය ඇඟිලිවලට තවත් ශක්තිය ලැබේවා…!

    අනිත් කාරණේ, මමත් ඩොකියුමෙන්ට්‍රියකට සබ් ලයින් හදන්න ගත්තා. අපොයි වහ කන වැඩක්නේ ඒක. තාම බාගයයි. ඒ නිසා මම දන්නවා ඕකේ තියන අමාරුව. ඒ නිසා මේ සබ් එකත් වටිනා කියන සබ් එකක් වෙනවා අනිවාර්යෙන්ම..

  27. ජය වේවා මචන්ට සබ් නම් බයිස්කෝප් තමා. තවත් සබ් දෙන්න ලැබේවා කියල මම හදවතින්ම පතනවා!

  28. maru maru macho !!!

  29. කියන්න දෙයක් නෑ බයිස්කෝප් එකෙන් වැඩක් කළා කියන්නේ සුපිරියටම ඇති,අද සබ් එකක් තනිවම හදපු අපි වෙනුවෙන් උන මහන්සියට මගේ සුභ පැතුම් … කියන්න දෙයක් නෑ පට්ට කට්ටක් අනිවා කන්න ඇති භාෂා 3 ක් නේ අනික ටයිම් හදන්න.. :) ලොවෙත් නැත,

  30. niyamama story akak 50 weni sub akata jaya

  31. maxxama wadak macho DIDULA

  32. ඔයාල අපි වෙනුවෙන් ලාභ ප්‍රයෝජනක් ගැන නොසිතා කරන මෙහෙය සිතා ගන්න බෑ.. :) මේ සබ් එක අලුතෙන්ම හදන්න වුන මහන්සියත් හිතා ගන්න බෑ.ඒ කොහොම උනත් හැමදාම මේ කරගෙන යන දේ කරගෙන යන්න ලැබේව! කියලා පතනවා!

  33. jaya hoo thnxz

  34. lasanatha!!!!!! says:

    ඔයා සබ් එක හරියට කරනවා හරි තේරුම වැඩේට උචිත ලෙස.ඔන්න මගෙත් සුභ පැතුම් අපේ සහෝට

  35. maxxa maxxaa bro

  36. Niyamaaaaaiii…. Tawath wedi wediyen sub daanna shaktiya dayriya lebeewaaa…!!!
    :-) :-) :-)

  37. අසංක says:

    එදා ඉදලම මේ සයිට් එකට අපි ආදරෙයි ඒ වගේම සබ් දෙන කට්ටියටත් ඒ අතරිනුත් නිතරම මතකෙට එන නමක් තමා දිදුල. මොකද ඔයා දාන සබ් හුගාක් අපේ ඇගට දැනෙන විදියට දානවා.සබ් එක කියන්නේ අමුම අමු පරිවර්තනයක් නොකර ඒක සිංහල අපිට දැනෙන විදියට දානව, අනික කරන දේ හරියට කරනවා.සබ් එකට තවත් උන් පටලවාගෙන දෙන්න ගියාම මචං උබේ සබ් එකෙත් කොලිටිය බහිනවා.ඒ නිසා තනියම කරන්න කොහොමත් දැන් දීපු 50 න් 48 ක්ම ගහලා තියෙන්නේ තනියමනෙ, :) වැඩේට හදවතින්ම සුභ පැතුම් සහෝ :)

  38. පට්ටම වැඩක්,සබ් වැඩේට ජයම වේවා………..!

  39. ඉස්සෙල්ලාම මම මෙතෙක් කලක් රොයිලිගේ 100 වෙනුවෙන් මටම ආවේණික සුපුරුදු දීර්ඝ කමෙන්ටියක් නොදාපු අඩුව අද සම්පූර්ණ කළ බව කියන්ඩ ඕනෙ. ඔහුගෙ 100 දෙනකොට කෙටි කමෙන්ටියක් දාලා ටිකක් කල් ඉවසුවේ මේ දවස එනකම්! රොයිලි තරහ නෑ නේ මා එක්ක! ;)

    දිදුල සහෝදරයා. අන්තර්ජාලයේ වැඩිම වේගෙයෙන් සිංහල උපසිරැසි 50 සම්පූර්ණ කරපු වාර්තාගත වේගයකින් උපසිරැසි දීපු කෙනෙක්! මාස 5කින් 50 ගහනව කියන්නේ මාසෙකට 10ක්! සතියකට 2.5ක දළ වේගයක්! එක දෙයක් ෂුවර්! උඹනම් උපසිරැසි දෙන්ඩ උපන් හපනෙක්! අනික් කාරණේ හරිම ආශාවෙන් උපසිරැසි කරන කෙනෙක්! නැතිනම් මෙච්චර වේගෙන් කරන්ඩ හිතන්නෙවත් නෑ. අර කියල තියෙනව වගේ රෑ නිදිමරාගෙන උපසිරැසි හදයි ද නැතිනම්??

    නියමයි සහෝ අද දවසේ ඔයාට සුබ පතනවා ඉක්මනින්ම 50 කඩඉමට ළං වූ කෙනා විදිහට නම සටහන් කරගත්තා වගේම ඉක්මනින්ම 100 කඩඉමට ළං වූ කෙනා විදිහටත් නම සටහන් කරගන්ඩ ලැබේවා කියලා! ඔයාට අනිවා සතුටු ඇති! ඒ වුණාට මට හිතෙනවා ඔයාටත් වඩා සතුටු වෙන කෙනෙක් ඉන්නවා කියලා අද. රොයිලි!

    මොකද හේතුව? සිංහල උපසිරැසි ලබා දීම ආරම්භ කළ තැනැත්තා ඔහු වන නිසා නොවෙයි, මුලින්ම 100ක් සම්පූර්ණ කළ තැනැත්තා ඔහු වන නිසාත් නෙවෙයි. වෙන එකක් තියා අපේ සයිට් එකේ උපසිරැසි ක්‍රමවේදයට ප්‍රමිතියක් එක්කළ කෙනා නිසාවෙන්වත් නොවෙයි. ඔහු එක්කළ ඒ ප්‍රමිතිය අපේ උපසිරැසි කණ්ඩායමම අනුගමනය කරන බවට හොද සහතිකයක් දිදුල අද ලබා දුන්නා! මොකද ඔහුගේ උපසිරැසි වලින් 96%ක්ම තනිවම කරපුවා. ඉතිරි 04% උපසිරැසියෙන් අඩක්ම කරපුවා. කෑලි කෑලි කරපුවා එකක්වත් නෑ. මට සහතිකයි රොයිලි අපේ අඩවියට හදුන්වා දුන් ඒ ප්‍රමිතිය අපේ අනෙකුත් සගයනුත් ඉහළින්ම අගය කරනවා විතරක් නොවෙයි එය අනුගමනයත් කරනවා. එහෙමනම් දිදුල සහෝ අපේ සයිට් එකෙන් දෙවැනියට වැඩිම උපසිරැසි ලබා දුන් කෙනා බවට ඔබ පත්වුණා අද. සුබ පැතුම්! දිගටම මේ ගමන යමු.

    මම හැමදාමත් කිව්වා වගේ තරගෙට නෙමෙයි හොද ගමනක් යමු! ජය!

  40. ගූඩ් ලක් මචෝ

  41. Shan ගමගේ says:

    සුභ පැතුම් දිදුල සහෝ….කොහොමත් දිදුල දුන්නොත් දෙන්නේ ෆට්ට මුවිස් කියල අපි දන්නවා..තව තවත් සබ් දීමට​ හැකියාව ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා.

    ජය වේවා…!!

  42. nice machan……. thanks 4 da sub…..
    i wish u do the best

  43. රෙහාන් චානක says:

    සුබ පැතුම් සහෝ 100ත් ශතකෙත් ලගදිම ගහමු ජය වේවා

  44. mudiya / මුදියා says:

    නියමයි දිදුල.ඔයා නම් මාරම බුලට් එකක් මං හැමදාම කියනව වගේ.ඔයා ඇතුළු අර උඩ සඳහන් කරල තියෙන ඇඩ්මින් සහෝදරු වරු ඇතුළු බයිස්කෝප් සිංහලෙන් සමග සිටින සියළුම සහෝදර සහෝදරියන්ගේ කැපවීම නිසා තමයි අපි කිසිම ප්‍රශ්නයක් නැතුව නොදන්න භාෂා වලින් හැදෙන චිත්‍රපටි කිසිම ගැටළුවක් නැතුව බලන්නෙ.ටීවී එකේ යන ෆිල්ම්, ඇඩ් හින්දයි පැය ගණන් යන හින්දයි බලන එක නවත්තල තියෙන කාලෙක මේ සයිට් එක දැනගෙන කොච්චර නම් ෆිල්ම් බැලුවද.ඔයා වගේ අය හින්ද තමයි මේ සයිට් එක මෙච්චර දියුණු වෙලා මේ වගේ උසස් තැනක තියෙන්නෙ.මගේ උපහාරය ඔබ සැමට.
    දීල තියෙන ෆිල්ම් එකත් මරු.මං මේක මෙලෝ දෙයක් තේරෙන්නෙ නැතුව ෆිල්ම් හෝල් එකේ බැලුව.ඒක වෙනම කතාවක්.හික් හික්.කොහොම හරි මේකත් බාන ගමන් කියන්න තියෙන්නෙ.ජයවේවා.බොහෝ…………………………ම ස්තූතියි…!

  45. ලොවෙත් නෑ මචං ඔයාලගේ සයිට් එක ගැන කියන්න දෙයක් නෑ අර කිවුවා වගේ කරන වැඩේ හරියට කරමු ජයම වේවා

  46. elama wadak machan oyage subs patta

  47. ALL the BEST

  48. adey 50 k deela ne patta machan uba nam. anith un 50 k dena widiyata denna nm bariya 100 ganak hikzzz :) machan sub akak aniwa api ganne meyken :) ubalage wadey hariyata karanwa.

  49. දිදුල පට්ටයි වැඩේ නියම ෆිල්ම් එකක්.. 50 හට 1000 ක් දාන්න ලැබේව!

  50. දිදුල සුභ පතනවා

  51. jayama weywa machanta apey

  52. උදාර says:

    නියමම වැඩක් සහෝ. අනිවා ඔයා සබ් දාන ඒවා හොදට කරනවා. ඉතින් මගෙත් සුභ පැතුම්

  53. එරංග says:

    කියන්න දෙයක් නෑ වැඩේ පට්ට සබ් මෙච්චර ගානක් දෙනවා කියන්නේ පට්ට

  54. 50 ට 100 ක් ම දෙන්න ලැබේවා! :)

  55. කැළුම් says:

    ජයෙන් වේවා දිදුල.. මගෙත් උණුසුම් සුභ පැතුම් !!!! නියම ෆිල්ම් එකක්….

  56. ela machan supiri..ube sub 50n 40k withara mama balanna athi…tamil eata sub dena 1 loku wadak…….100 kara yanna shakthiya labewa

  57. පැතුම් says:

    මැක්සා මචෝ ඔයාගේ සබ් නම් මරු

  58. thnx so much :)

  59. elama thama machan wadey nam subs nam apita mey site aka thama :D

  60. Congratulation!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  61. Thanks & Best Wishes!!

  62. elama macho hadawathinma thnx

  63. සුපිරි මචෝ,සුබ පතනවා 100ය වෙනි සබ් එකත් දාන්න පුලුවන් වෙන්න කියලා
    සබ් වැඩේට ජයම වේවා..!!!

  64. උපසිරැසි අර්ඩ ශතකයට සුභ පැතුම්.. දිගටම කරගෙන යමු.. ජය වේවා.. සහෝ..

  65. මගේ උනුසුම් සුභපෑතුම් දිදුල සහෝ! ඔයාගෙ සබ් නම් සුපිරි.. :)

  66. maxxa machan thawath sub denna labeywa

  67. හොට්ටා says:

    අරහෙන් මෙහෙන් අමුණලා සබ් එක දෙනවට වඩා දෙයක් හරියට තිතට කරන දේ බයිස්කෝප් සයිට් එකේ එදා ඉදන් දැක්ක දෙයක්..උදා කියලා තිබුන කතාව 100 ට 200 ක් ඇත්ත..

    ජය වේවා මචෝ

  68. elaaaaaaaaa thnxxxx

  69. Wow nice saho….wish u all the best…. oyala set ekatama budu saranai…

  70. maxxa didula sub aka elata athi 50 ta suba pathum

  71. අනර්ගයි මචෝ වැඩේ නම්

  72. Nice…thanks u & very excellent job………..

  73. ජයම වේවා @

  74. Thanks :D :D

  75. suba pathanawa yaluwa hadawathinma..mata internet nati nisa godak welawata comments nam danna widiyak naha.namut mama oyage okkoma baiscope balala tiyenne.iti comment karanna bari una kiyala amanapa wenna epa..anik sahodarayantat kiyanne comment karanna bariunata mama site 1 dena hama 1ma yaluwekta kiyala,natnam salli walata gannawa..ow mcn sub dana kena tamai eke tiyana katta danne.oya taniyama karapu me wadenam supiri..mama me cment 1 dannet phone eken awit.

    ada matat wadagat dawasak oyata wage magema,punchi puthage palaweni upandinaya..ehenam jaya…

  76. සබ් එක එලටම දාන කොල්ලෙක් තමා දිදුල :) wish u all the best

  77. thnxxxxx patta wadak

  78. loweth na amchao oya nam patta poarak

  79. niyamai macho

  80. සුමුදු says:

    සුපිරි නළුවෙක් අනිවා බානවා, ඒ වගේම 50 වෙනි සබ් එකට ජය

  81. niyamai thank you..

  82. මංජුල says:

    ලෝකෙට පේන්න බොරු වැඩ නෑ ලොකු ටෝක් නෑ කරන දේ සුපිරි බයිස්කෝප් එක්ක තමා හැමදා……. අපි

  83. මරු පහරක් මේ දිල තියෙන්නේ අලුතෙන් හදපු සබ් එකක් නේ මැක්සා ඒ වැඩෙත්

  84. මම හැම දාම කියනවා වගේ අපේ සයිට් එකට ලැබුන උපසිරැසි මැසිම තමයි දිදුල කියන්නේ එකේ කතා දෙකක් නැහැ. අලුතෙන් අන්තර්ජාලෙට නිකුත් වෙන්නේ මොන චිත්‍රපටියද මම රෑට බාන්න දැම්මම උදේට සබ් එක දෙනවා කියන්න තරම් විශ්වාසයක් අපේ දිදුල මලයා මගේ හිතේ විශ්වාසයක් ඇති කළා. කියන්න වචන නැහැ මල්ලි ඇත්තටම උඹ අපේ සයිට් එකට තියෙන සම්පත් වලින් ලොකුම සම්පතක්. මේ වගේ පොඩි වයසක ඉඳන් උඹ කන කට්ට, වෙහෙස මහන්සිය අපි හැමෝම නොදන්නවා නෙමේ.උපසිරැසියක් කල කෙනෙක්ම තමා දන්නේ මේකේ තියෙන අමාරුව. මම මේ කියන්නේ ගොඩ වැඩි කරගන්න තව අය එක්ක තරඟ කරන්න සබ් හදන බොළඳ කයි වාරු කාරයෝ එක්ක බලන කොට සද්ද නැතුව නිහඬව තමන්ගේ වැඩේ තනියම, ගුණාත්මකව දෙන්න දන්නේ බයිස්කෝප් අපිම විතරයි.

    මේක මේ අපිටම හුණු ගෑ ගැනීමක් නෙමෙයි. මේවා ගැන හැමදාම පම්පෝරි ගහන උපසිරැසි කලාව හිට් ලබා ගැනීමේ සූදුවක් කර ගත් බොළඳ අසරණයන්ට වචනයක් දෙකකින් හිත සනසන්න එන්නේ මේ වගේ අවස්තාවක් නිසා. එක උපසිරැස කට්ටි කරපු ඉඩමක් වගේ පවුල් කීපයකගේම බුක්තියට අරන් හැමෝම මේ වගේ ඉඩම් 50 ක් 100ක් අයිති කර ගන්නවට වඩා තනියම 50 ක් කරලා පෙන්නලා හැමෝටම පෙන්නුවේ උඹ නම් වීරයෙක් මල්ලි.

    අද මේ කරපු වැඩේ ගැනත් මට විකියා කිව්වා. මේක ඇඟට ගත්ත කෙනෙක් මිසක් මේ වගේ වැඩක් වෙන කව්රුත් කරන්නේ නැහැ. තනියම නිර්මාණය කල උපසිරසක්‌ 50 වෙනියට දීලා ඔයා ඔප්පු කලේ ඉතාම හොඳ දෙයක්.මේක මෙතනින් නතර නොවෙන බව මම දන්නවා. යන්න පුළුවන් මොන ඉලක්කමටද එතනට ගුණය අතින් පිරිපුන් අතිවිශිෂ්ඨ නිරමාණ සමඟ පියවර තබන්න ඔය ඇඟිලි තුඩු වලට ශක්තිය දහිරිය ලැබේවා කියලා අද මේ ඉතාමත් අඩු පන්දු සංඛ්‍යාවකින් අර්ධ ශතකය වාර්තා කල වෙලාවේ මම හද පතුලෙන්ම ප්‍රර්ථනා කරන ගමන් හැම දාම කියනවා වගේ ජයෙන් ජයම ලැබේවා!!!

  85. මයුර says:

    අපේ අංක 1 කේ සයිට් එක අංක 1 කේ කොල්ලෙක් තමා මචෝ උබ :) සුභ පතනවා

  86. යසිරු says:

    තනියමම 50 ක් දැම්මා නේ නියම කොල්ලා මචං තමන්ගේ ලොකු කම් කියාගන්නවට වඩා තමන් කරන දේ කරන හරියට කරීමයි වැදගත් වෙන්නේ.ඒ දේ මම දැක්කා ලිපියක වත් කවුරුවත් පහත් කරලා කතා කරන්නේ නෑ.මේ සයිට් එකේ ඉන්න කොල්ලෝ ටිකත් සුපිරි .අපිට අනුන් ගැන වැඩක් නෑ මචං කවදත් හොදම දේ දෙන්නේ උබලා සෙට් එක බව දන්නවා.ඒ නිසා අපි කරන දේ හරියට කරමු.අපි ඉන්නවා ඔයාලත් එක්ක එදා ඉදම්ම. කවදත් අපේ අංක 1 බයිස්කෝප්

  87. aniwa download karanawa :) thawath subs denna labeywa

  88. ela paharak :D :P

  89. Thanks 4 sub!!
    GOOD LUCK!!!

  90. supiri :) thawath sub denna labewa

  91. ela ela ela ela ela ela ela ela ela ela ela l

  92. වරුණ says:

    පට්ට පතුරු මේ ෆිල්ම් එක මැක්සා හොදේ

  93. තැන්ක්ස්

  94. ela macho :) supiri

  95. baiscopelk jaya wewa!

  96. සචිත උදාර says:

    අර්ධ ශතකයට සුභ පැතුම්! තව තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…

  97. mamath suba pathanawa

  98. කසුන් .... says:

    පට්ටම ෆිල්ම් එකක් වගේ… වගේ මොකක්ද මෙච්චර කට්ට කාලා හදන්නේ සුපිරි නිසානේ ඔන්න මමත් හද පතුලෙන්ම 50 ට සුභ පතනවා

  99. සමීර කරුණාරත්න says:

    සහෝ මේ 50ක් දාන්න මාස 5 ක් ගියා නම් මාස 4න් 100ක් ගහන්න ශක්තිය, ධෛර්‍යය, වාසනාව ලැබේවා කියල එක හිතිනම් පතනවා.

  100. suba pathum didula macho… sub wala wada wagema oyage anagathe wada katayuthuth saarthaka wenna kiyala bokkenma pathanawa..

  101. ජය හෝ ,,,,, මේක නම් එලම පහරක්

  102. thanx machan film ekata

    hadawathinma suba pathanawa mahnsiwela me dunna subs walata ohoma idiriyata yamu sahooo

    jaya wewa…………

  103. patta wadak no 1 apita mey site aka

  104. isuru dasanayaka says:

    gd wrk machan..thanx mchan

  105. Ela kollek machan… Maasa 4k withara wenawa meka aragena. Balan hitiya kawadahari baiscopelk ekenma sub dei kiyala…
    Oru Kal Oru Kannadi ekatath denna puluwan nam. Loku pinak..
    Jayawewa….

  106. නියමයි…! බොහොම ස්තුතියි සබ් දීපු හැම ෆිල්ම් එහෙකටම යාළු,,! ඒ වගේම ඉදිරියටත් අපි වෙනුවෙන් තව තවත් ෆිල්ම්ස් වලට සබ් දෙන්න හැකි වේවා,,! සුභ පැතුම්.. ! :)

  107. malik eranda says:

    machan,mara service ekak meka,siyalu denata budu saranai ! thawa wada godak labenna shakthiya labenna kiyala wish karanawa…..

  108. 50 ට සුබ පැතුම් මචන්

  109. $..Creative EYE..$ says:

    මගෙන් සුභ පැතුම් !

  110. දහසක් වැඩ මැද කාලය හොයාගෙන, දිරි ගැන්වීමට වඩා බනින්න බලන් ඉන්න සමාජයකට, ශතකයක්වත් ලාභ නැතිව කරනා මේ උපසිරැසි ගැන්වීමේ මෙහෙවරේ පනස් වෙනි කඩඉම පසුකල දිදුල හට මෙන්න මගේ හෘද්‍යාංගම සුබපැතුම්. පනහෙන් නොනැවතී තව ඉදිරියට යන්නත්, අඩුපාඩු අවම වෙන වඩා සාර්ථක නිර්මාණ නොනවත්වා කරගෙන යෑමටත් අවශ්‍ය ධෛර්යය, ඇල්ම, නිරතුරුව ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා.

    හැම පෝස්ට් එකකටම මේ වගේ කමෙන්ට් වැටෙනවනම් මොනාද කරන්න බැරි. හොඳයි නැද්ද මම අහන්නේ? :P :P

  111. thanx bro.all da bst.keep it up

  112. We Wish you all the best……
    God Bless you… Didula…..

  113. maduranga says:

    Good job bro….I know how difficult this work…..all the best….

  114. ຩ຺ලට ජය ๧໵ව๟ … බය๢ස๞๧ක๟๞ප๞ එකට ජයම ๧໵ව๟!!!!!!

  115. කැලුම් ගුණසේකර says:

    50 උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් සහෝ. ඉදිරියටත් මෙවැනි නිර්මාණ උපසිරසි ගැන්වීමට ශක්තිය ලැබේවා.

  116. supiriy yaluwa…..kathawe hatiyata pattama patta film ekak wagei…50 weni upasiriyata unusum suba pathum..:-) idiriyatath wadi wadiyen tamil,hindi,thelugu sub denna puluwan nam..thanku wewa…:-)

  117. Congratulation machan..
    jaya wewaa……..

  118. Salinda C says:

    මවන් එල හොදේ..උබල වගේ එවුන්ට තමා හරියන්න ඕනි..අපි සබ් එකක් දාගෙන ලස්සනට films බලන්නෙ උබල වගේ කොල්ලො නිසා.ඔබට ජයෙන් ජය….!

  119. ela ela digatama karamu mage unusum subapathum………………………

  120. 50 වෙනි උපසිරැසියට සුභ පැතුම්… දිගටම කරගෙන යන්න.. ජයෙන් ජයම වේවා

  121. dananjaya says:

    niyamay machan. all the best

  122. උපසිරසි 50 දෙනවා කියන එක ලේසි වැඩක් නෙමේ.. සුභ පැතුම් මගෙන්!! සිංහල උපසිරසි සමඟ උපසිරසි යෙදීම තුලින් මෙරට ප්‍රේක්ෂකයාට වෙනත් රටක සංස්කෘතියන් ගැන ඉගන ගන්න ලැබෙනවා..ඉතින් මෙසේ උපසිරසි 50ක් කියන්නේ.. විශාල දෙයක්! අතිවිශිෂ්ටයි!

  123. රාම් රාජ් says:

    දදිලු මගේ සුභ පැතුම්.මේ තරම් කෙටි කාලයකින් සබ් 50 දෙන්න තරම් වෙලාවක් තිබුනේ කොහොමද කියලා හිතා ගන්න බෑ.මොනවා උනත් වෙන කිසිම ලාභයක් නැතිව හිතේ සතුට ගැන පමණක් හිතලා මේ වගේ වැඩ කරන අය අද සමාජයේ හරි අඩුයි.මේ සයිට් එක ගැන මගේ යාලුවෙකුට මම කියන කොට එයා අහනවා ඉතිං ඔය සබ් දෙන අයට තියෙන වාසිය මොකද්ද කියලා.ඒකෙන්ම පේනවා නේද අද සමාජයේ මිනිසුන් හිතන්නේ කොහොමද කියලා.මම මේ ගැන විස්තර කරාම එයා පුදුම උනා.අනිත් පැත්තට මට කියනවා ඇත්තටම අපි සමාජයෙන් දෙයක් ගන්නවානම් අපිත් සමාජයට යම් දෙයක් දෙන්න ඕන තමා කියලා.මම හිතන්නේ මිනිහාගේ හිත ටිකක් හරි හොද විදියට වෙනස් වෙන්න මේ සයිට් එක පොඩ් හරි උපකාරයක් කලා.ඒක නිසා අපි දිදුල ඔයා වගේ අයට කමෙන්ටියක් හරි දාලා දිරිමත් කරන්න ඕන.අපිට බැරි දෙයක් කරන ඔයා වගේ අයගේ සේවය අගය කරන්න ඕන.දිගින් දිගටම අපිත් එක්ක ඉදලා අපිට සබ් දෙයි කියලා අපි හිතනවා.අපේ රට අපිවත් එකතු වී ලස්සන තැනක් කරමු.

  124. 50 වෙනි කඩ ඉමට උණුසුම් සුබ පැතුම්.දිදුල ජයවේවා!

  125. නවීන් ලක්ෂිත says:

    සුභපැතුම් දිදුල සහෝ !!!
    ෆිල්ම් 50ක් ඉවර කරනවා කියන එක ලෙහෙසි වැඩක් නෙවෙයි ඉස්සරහටත් අපිට මේ වගේ හොඳ සබ් දෙන්න පුළුවන් වෙන්න කියලා පතනවා

    ජය වේවා….!!!

  126. මෙන්න දිදුල සහෝ මගෙනුත් උණුසුම් සුභපැතුම්.. ඒ වගේම උපසිරැසියක් අළුතෙන්ම දැම්මා කිව්වම ඒකත් ඇත්තටම අගය කල යුතු දෙයක්.. බොහොම ස්තූතියි උපසිරැසියට.. ඒ වගේම ඉක්මනින්ම උපසිරැසි ශතකයත් වාර්තා කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා පතනවා.. ජයවේවා!

  127. patta saho ! suba pathum!

  128. නියමයි සහෝ…!! උණුසුම් සුභ පැතුම්… ජයවේවා!!!!

  129. sualakshana says:

    Ayye oyage Sub walata aththtama mama kamati…api hamadama baiscope ekema tama…mama chuty yojanawak gennam…ane…j.i joe 2 ekata sub eka dannako…asai eka balanna……

  130. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ) says:

    මැක්සා මචන්, මුලින්ම මම ඔයාගේ හාල්ෆ් සෙන්චරියට සුබ පතනවා හදවතින්ම, ඕවර් පහකින් විතර හල්ෆ් සෙන්චරිය ගැහුවා නේද… වැඩ කාරයෙක් තමයි ඉතින්….ෆිල්ම් එක ගැන කියනවා නම් මම දෙමල එව්වගෙන් බලන්නේ වික්‍රම්, විජේ ඉන්න එව්වා විතරයි. වික්‍රම් නම් ඉතින් අනිවා… අනික මේක පට්ටම එකක් කියල ලිපිය දැක්කමත් තේරෙනවා… පට්ටම වැඩක් සහෝ… ජය වේවා….
    අහ්හ් තව පොඩි දෙයක්, මමත් ඔයාගේ ෆේස්බුක් ඒකට පොඩි රික්වෙස්ට් පාරක් දාන්න බැලුවා… ඒත් බෑ ලු, ඔයාට ගොඩාක් යාළුවො ඉන්නවලු, ඒ නිසා අපිට ඉඩක් නෑ ලු….. ඒකට කමක් නැ, එහෙනම් ඔන්න මගෙන් 50 ට සුබ පැතුම් හොදේ….

  131. 50 sub ekate subapathanawa.400 copy ekka damate thanx.

  132. සමන් කළුබෝවිල says:

    උප සිරැසි මැෂින් එකට මගෙනුත් උණුසුම් සුබ පැතුම්. ඇත්තටම මෙහෙම ඉක්මනින් කොහොම සබ් දෙනවද කියලත් හිතෙනවා.කොහොම හරි ඔබගේ උත්සාහයට මගේ උණුසුම් සුබ පැතුම්…. ජය වේවා…. :)

  133. jaya wewa… machoo.. thawath me wage wada karagena yanna shakthiya labewa kiyala man kiyanawa…

  134. ගොඩක් ස්තුතියි දිදුල තවත් හොදට මේ වැඩේ කරගෙන යන්න හැකිවේවාා

  135. patta sahoooooo
    adambarai godaak

  136. “චූටී මල්ලි” says:

    අනේ සත්තරනෙ….. සමාවෙන්න ඔනි කමෙන්ට් එකක් දාන්න පරක්කු උනාට හොදේ

    මචං දිදුල ,උපසිරැසි හදන කෙනෙක් විදිහට මාත් දන්නවා එකක් හදන්න කොච්චර කට්ටක් කන්න ඔනිද කියලා
    මන් හදපු පලවෙනි එක හදන්න මට මාසයක් වගෙ ගියා, මට වැඩෙ නවත්තලා දාන්නත් හිතුනා නමුත් අපරාධෙ නිසා කලා. කමෙන්ට් දැක්කම ලැබුනු සතුට නිසා මේ වෙනකොට 10ක්ම හදලා මාත්

    ඉතින් පොඩ්ඩක් උබ ගැන හිතපන් මාස 5යි සබ් 50යි උබ වැඩ්ඩෙක් නෙමෙද? උබ පොරක් නෙමෙද? උබ තමා නියම වැඩ්ඩා, නියම පොර ඒ මොකද දන්නවද ක්‍රිකට් මැච් එකක් උනත් බලහන් 50 ගහන උන් කොච්චර ඉන්නවද ඒත් අඩුම බෝල ගානකින් 50ක් ගැහුවොත් එකෙක් ඌ තමා වැඩ්ඩා, පොර මේකත් එහෙමයි උබ තමා වැඩ්ඩා, උබ තමා පොර

    උබට මචං කැත නැතිව ආඩම්බර වෙන්න හැකි,සතුටු වෙන්න හැකි මොකද 50ම වගෙ දිලා තියෙන්නෙ තනියෙන්, ඒ විතරක්ද දිලා තියෙන චිත්‍රපටි බලහන් ඔක්කොම ආයි පට්ට පතුරු අළුත් ඒවා. ඒවගෙම දිලා තියෙන හැම එකක්ම 3000ක් 4000ක් වගෙ බාගත කරලා

    4,5 දෙනෙක් එක්ක සෙට් වෙලා එකක් හදලා ඔන්න මාත් හැදුවා ගන්නෙ නැතිව තනියම නියම ප්‍රමිතියට සබ් හදනවට උබට හැමෝම පිං දෙනවා මචන්
    ඊටවඩා බන් මෙලෝ භාෂාවකින් සබ් නැති එකකට සිංහල සබ් හැදුවා කියන්නෙ පට්ටම කට්ටක් කන්න ඔනි වැඩක්

    තව කියන්නනම් දේවල් ගොඩක් තියෙ. ඉතින් මචන් උබට මන් සුභ පතනවා ඔය 50ට තව 50ක් එකතුවෙලා ඒක 10න් වැඩිකරගන්න ශක්තිය හැකියාව ලැබෙන්න කියලා

  137. මචන් දිදුල……ඔයා sub 50 ක් දෙන්න වැය කරපු කාලය වෙන දේකට..වැය කළානම් ඔයාට ආර්ථික අතින් මොනා හරි දෙයක් හම්බ කරගන්න තිබ්බා.
    මුදල් මත හැමදේම තීරණය වෙන මේ ලෝකේ ….ඔයාල වගේ කොල්ලෝ රත්තරන් වගේ බන්.ඔයාගේ සියලු කටයුතු සාර්ථකවෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා…
    ඔයා හම්බ කලේ මිනිස්සු මචන්…අපි ඔයාල එක්ක හැමදාම ඉන්නවා…..සුබ පැතුම් මචන්

  138. susantha pradeep says:

    thnx…

  139. දිෂාන් says:

    සුපිරිම සුපිරි දිදුල මල්ලි. මට අද පුදුම හැපි. මම හැමදාම කියන්නෙත් හිතන්නෙත් අනිත් film ශතකය දිදුලගෙම තමයි කියල.බෝම පිං අපි වගේ film ලෝකයේ අතරමන් වුන අය එගොඩ
    කිරීමට කරන මේ කර්තව්‍යට.ජයෙන් ජයම වේවා දිදුල ඔබට………..

  140. රොහාන් says:

    දිදුල මල්ලී මමත් හදවතින්ම සුභ පතනවා 50 වෙනි උපසිරැසිය වෙනුවෙන්. මේ වගේ කැපවීමක් කරන්න හැමෝටම බැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා සුපිරි කෙනෙක්. අනිත් අය කියනවා වගේ අලුත්ම film වලට සබ් දෙන්න ඔයා තරම් වේගවත් කෙනෙක් තාම දැකලා නැහැ. මල්ලී දිගටම මේ කැපවීම කරගෙන යන්න ශක්තිය ලැබේවා! තව ටික දවසකින් 100 ත් සමරමු.
    GOD BLESS YOU.

  141. atthatama bro oyaanam real waddek mama me site ekata 2010 indan enawa. danata ekama speed ekak thiyan sub deepu 1st kenaa oyai mama dakka widiyata. so HATS OFF!! BROTHER FOR YOUR GRET JOB

  142. TamashZZZZ BC says:

    CONGRATULATIONS bro!!! U hv dn a great job!.50 subs in 5 months….Itz AMAZING I think there’s no one to beat this record.up to now u ar the best translator or da sub creator of the island.Carry on bro.. carry on.All THE BEST MR.Kd(the translator)

  143. Reshan_UK says:

    පට්ට පට පට රෙද්ද වන වන දැන් ඉතින් century යත් ගහලම දාපන් නෙහ්…Lol

  144. Suba Pethum 50ta.. 100kma Denna Wasanawa Lebewa……!!!!!!!!!!!!!!!!!! :) :) :)

  145. patta didula aiya thavath tmil thelugu films tikakta sub denda

  146. ela ela…saho,
    bohoma sathutui 50weni sub ekata.suba patanawa.
    me wage tawa tawat sub danna lebewa…..

  147. lakshitha viraj says:

    WISH YOU ALL THE BEST!!!
    පටිටම පටිට මචෝ……
    GOOD LUCK………………………!

  148. lakshitha viraj says:

    බයිස්කෝප් නම් සුපිරිම සයිට් එකක්
    දිදුල ඔයාගේ සබ් එල කිරි හොදේ,,
    සුපිරිම සුපිරි මචෝ

  149. Ela ela…..දිගටම කරගෙන යන්න සුභ පතනවා..50ක් නොව 1000ක් කීරීමෙ ශක්තිය ලෑබෙන්න කියල..මගෙත් උණුසුම් සුභ පැතුම් !!!! නියම ෆිල්ම් එකක්නේ අදත් දීලා තියෙන්නේ…එලකිරි මට කියන්න වචන නෑ..….:)

  150. එල මචන් එල.ෆිට්ම තමා

  151. 50 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ….. :) ජයවේවා….. :D

  152. DiN3sH | දිනේෂ් ගමගේ දෙල්ලව says:

    උණුසුම් සුබ පැතුම් සහෝ.. ජය!!! :D :D :D

  153. පට්ට වැඩක් මචෝ…. ගොඩාක් thanks…..

    50 වෙනි උපසිරසි නිර්මානයට උනුසුම් සුභ පැතුම්…..

    ජය වේවා…..!!!!!

  154. Wish u all the best machan.ela ela digatama sub demu a.

  155. නියමයි මචං ගින්දර ස්බ් එක හැමදාම වගේ….උඹේ සබ් එක්ක ෆිල්ම් බලන ඕන කෙනෙක්ට වෙනසක් තේරෙනව, ඒ තමයි උඹේ කැපවීම….දිගටම කරන් පලයන් දිදුලය….අපෙන් සුභපැතුම්!!!….

  156. elz jaya wewa………..

  157. එල මචන් සුපිරි ෆිල්ම් එකක්…………

    ජය වේවා සහෝට …

  158. ela machan wish u all d bzt onna banna demma

  159. කේ.යු.ජී.උදාර says:

    කෙටි කාලයක් තුළ මේ තරම් දිගු ගමනක් යන්න ලැබුණු එක ගැන හදවතින් ම සුබ පතන්න කැමැතියි. මේ වේගය ඉදිරියටත් පවත්වාගෙන යන්න. එතකොට තව මාස කීපයකින් අපිට දිදුලගේ 100 වැනි උපසිරැසියත් රසවිඳින්න පුළුවන් වෙයි.
    ජයෙන් ජය සහෝ……….(ප්‍රතිචාරයක් දක්වන්න ප්‍රමාදවුණාට සමාවෙන්න.)

  160. CONGRATZZZZZZ MACHAN!!!!!!!!!!!

  161. ashan vimukthi [විමා (`v´) says:

    wegawathma 50ta subapethum saho :)

  162. Doc Ayiya says:

    bohoma stuti mallio, oya me dewal apita karala denawata.

  163. anthimata uba ae dae kala mchn…awsm didulya….patta mchn…mechchara podi kaalekin…sub 50k kiyanne….uba professional widiyata mae dae karana kenek wage,….uba gana adambarai…godak hitha hoda mage mithrya….bohoma sathutui mchn uba gana….tc bs

  164. Thank u very much brother. My congratulations about your 50th subtitle. I wish u all the best!

  165. සුබ අනාගතයක්……….

  166. සුබ පෑතුම්!!!!!!!!!!!!!!!

  167. Well done brother, go to 100 +

  168. නිරෝෂ් says:

    සුබපැතුම් දිදුල..ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලයේ මා දුටු වටිනා සමාජ සත්කාර්යයක් මෙය..

  169. සුමේධ says:

    50 ට සුභ පැතුම් ඊ ලඟට ………….100…………..150……………?

  170. mage suba pethum obee 50wana nirmanayata

  171. ela macho all the best……

  172. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    සමාවෙන්න සහෝ කොමන්ට් එකක් දාන්න පරක්කු උනාට,වැඩ නිසයි පරක්කු උනේ,මගේ හදපිරි උණුසුම් සුබ පැතුම් ඔබට,ජයමවේවා,තව තවත් උපසිරසි දාන්න ලැබේවා.මටත් මේ දවස් වල ෆිල්ම් එකකට සබ් දෙන්න බැරි උනා අධික වැඩ නිසා.එහෙම එකේ ඔයා කවුරුත් වෙනුනෙන් මේ කරන කැපකිරීමට නැවතත් මගේ උත්තමාචාරය.බුදු සරණයි ඔබට.

  173. niyama film eka thanxx sub walata

  174. දිදුල Kd සිල්වා says:

    මගේ උපසිරැසි අර්ධ ශතකයට සුභ පැතුම් එක් කළ සියළුම දෙනාට බොහොම ස්තූතියි෴

  175. මචන්,මම මේක download කලේ comment එකක්වත් දාන්නෙ නෑතුව.ඒත් film එක බෑලුවම comment එකක් නොදා ඉන්න හිතුන් නෑ.සුපිරි film එකක් මචන්.එල තෑන්ක්ස්.තව මෙ වගෙ එව්ව හොයල දාපන් මචන්.

  176. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  177. Dhanuka says:

    Thank u very much brother.

Trackbacks/Pingbacks