Avatar The Last Airbender  (9)

මුලින්ම අපේ සයිට් එකෙන් සිංහල උපසි‍රැසි ලබා දීලා, ඉතාම කෙටි කලකින් උපසි‍රැසි 50 කඩඉම පසු කරපු දිදුල සිල්වා සහෝට සුබ පතනවා. ඔහුගේ කැපවීම මහත් සේ අගය කරනවා. එහෙම අය ඉන්න එක අපටත් හයියක්! ඊයෙ කොටස බලන්ඩ ඇති කියල හිතනවා එහෙනම්. කොහොම වුණත් වැඩි දෙනෙක් ඉල්ලීම නොසලකා හැරපු බවකුයි පේන්නෙ. කමක් නෑ ඔබ අපට එහෙම කළාට අපි ඔබට එහෙම කරන්නෙ නෑ. හැකියාවක් තියෙනවනම් ඔබගේ ඉල්ලීම් නොසලකා හරින්නෙ නෑ අපි. බයිස්කෝප් අපි කවුරුනුත් එහෙමයි. මේක වුණත් මෙහෙම ලැබෙන්නේ ඔබගේ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් විදිහටයි.

ඊයෙ කතාව බලපු අය දන්නවා, ඈන්ග් සහ කටාරා දෙන්න අතරෙ දළුලන හාදකමක් වගේ මොකද්දෝ එකක් ගැන ඊයෙ හොඳටම එළි වූ බව. ඒක සිද්ධ වුණෙත් හරි අපූරු තැනකදි. ඒ අතරෙ සූකෝ සහ සෙන්පති අයිරෝ තමන් මුහුණ පාලා ඉන්න නවතම තත්ත්වයට මුහුණ දෙන හැටිත් දකින්ඩ ඇතිනේ.

තවමත් ඈන්ග්ට නිසියාකාර භූමි බන්ධන ගුරුතුමෙක් ලැබිල නෑ. දැන් කෙනෙක් හොයාගන්න තුරු මිනිහට නින්ද යන්නෙ නැති ගාණයි. මේ පාර ආපහු වතාවක් කට්ටිය යන්නෙ ඔමාෂු රාජධානියට. මතකනේ ගියපාර කතාසමයෙදී ඔමාෂු වලදි ඈන්ග් පිස්සු රජෙකුගේ පිස්සු පරීක්ෂණ වගයකට මුහුණ දීල ඒ පිස්සු රජා අවුරුදු 100කට එපිට තමන්ගේ පිස්සු මිත්‍රයාව හිටි භූමි බව හඳුනගත්තු හැටි. ගිය වර තිබුණ නිදහස් රාජ්‍යයට නොවෙයි මෙවර ඔවුන් පය තබන්නේ. දැන් එය අග්නි ජාතියේ යටත් කොළනියක්. ඔමාෂුවල රජු වන ‘භූමි’ සිරකාරයෙක්. ඒ හින්ද ඈන්ග් ඇතුළු පිරිසගේ අදහස ඔහුව මුදවා ගන්ඩයි. ඔහු භූමි බන්ධන හැකියාවෙහි කෙළවර තෙක් ගිය කෙනෙක් නිසා ඈන්ග්ගේ ගුරුතුමා ලෙස කටයුතු කරන්ඩ ඔහු කැමති වෙයි කියන එකයි අදහස. නමුත් තමන්ගෙ නගරයත් එහි වැසියනුත් හැරදමා යන්ඩ ඔහු කැමති වේවිද? ඒ නැතත් අසූලා සහ ඇගේ යෙහෙළියන්ගෙන් ඒකට ඉඩක් ලැබේවිද? ඔව් අසූලා තමන්ගෙ පැරණි යෙහෙළියන් දෙදෙනෙකුත් එක්ක අග්නි ජාතියේ තවමත් අවසන් නොවූ ආක්‍රමණයට අවසානයක් ගෙනෙන්නට පෙළ ගැහිලා. බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා මේ පාර.

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4569ddbc22a261f6969600fdaae1544c56e0329c

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                                                                                Next Episode >>

 

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


21 Responses to “Avatar: The Last Airbender [S02 : E03] | යටත් කොළනිය [සිංහල උපසිරැසි සමඟ]”

  1. තැන්ක්ස්

  2. niyamai machan denakam balagena unne… jaya wewa!!!!!

  3. ela ela ela macho patta cartoon akak

  4. බොහොම පින් මචං :)

  5. maru cartoon alal meyka man balapu hodama aka

  6. maxxxa pubudu gr8

  7. කතා සෙට් එකම බාගෙන ඉන්නේ දෙන දෙන සබ් එක බලනවා. ජය වේවා!

  8. tnnx so much

  9. Patta machan patta

  10. d. chamara says:

    maxz maxz digatama denna aniwa balanwa..! :D

  11. “චූටී මල්ලි” says:

    එල බ්‍රෝ
    දිගටම දෙන්න
    මේ වගෙ එකකට දෙන එක වටිනවා

  12. thanks machanzzz

  13. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. :P :P

  14. thanxx..

  15. thanks a lot

  16. hasithadn says:

    thankz………….

  17. mudiya / මුදියා says:

    මේ දෙන්නෙ එලකිරි වගේ.නියමයි පුබුදු.ජයවේවා.බොහෝ…………………………ම ස්තූතියි…!

  18. රාම් රාජ් says:

    සිංහල සබ් වලට ස්තූතියි.

  19. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

Trackbacks/Pingbacks