ඇයි මම මේ ලෝකෙට ආවේ?
මගෙන් මේ ලෝකෙට මොනවද ඕනේ?
ඇයි මාව අනිත් අයට පෙනෙන්නේ නැත්තේ?
මේවා මට පැන නැගුනු ප්‍රශ්ණ නම් නෙමෙයි. එහෙනම් කාටද ?
එහෙම හිතිලා තියෙන්නේ “ජැක් ෆ්‍රොස්ට්” කියන කෙනාට.
එයා එහෙනම් කොහොමද එයාගේ නම දැන ගත්තේ? එයාට ඒක කියලා තියෙන්නේ හඳ තමයි. ඒ ගොඩාක් ගොඩාක් කාලෙකට ඉස්සර.
මේ තමා අද අපේ යාළුවන්ට තිළිණ කරන්න යන IDMb ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකයේ 7.5/10 ක ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන 2012 නොවැම්බර් 21 දින තිරගත වීම් ආරම්භ කල Rise of the Guardians (2012) කියන ත්‍රිමාණ චිත්‍රපටිය. ඇත්තටම කාලෙකට පස්සේ බලපු ලස්සන කතාවක්, පුංචි ළමයි සහ ඔවුන්ගේ සිතුවිලි, ඔවුන්ගේ බලාපොරොත්තු සහ සිහින ගැන ලස්සනට ගොතපු කතාවක් ත්‍රිමාණ සජිවිකරණයෙන් තව තවත් වර්ණවත් කරලා එහි අගය තවත් වැඩි වෙලා තියෙන්නේ. මේ කතාව කරන කොට මම කරපු පළවෙනි උපසිරැස ගොඩක් ප්‍රයෝජනවත් උනා. එහි තේමාවට සමාන ඊට වඩා දෙයක් ඇතුලත් කරලා තියෙන්නේ. මේ කතාව පදනම් වෙලා තියෙන්නේ පුංචි ළමයි ආසාවෙන් බලාගෙන ඉන්න නත්තල් සීයා (Santa), එතකොට දත් සුරංගනාවී (Tooth Fairy), වැලි මිනිසා (Sandman) සහ පාස්කු හාවා (Easter Bunny) කියන ළමා ලෝකේ සිහින වීරයන්ගේ චරිත පදනම් කරගෙන. අපේ රටේ මේ චරිත හැම එකක්ම ජනප්‍රිය නැති උනත් නත්තල් සීයා ගැන හැමෝම දන්නවා. ඇත්තටම පොඩ්ඩේකුට බලන්න දෙන්න වටිනා කියන කතාවක්. මම උපසිරැසිය කරන විට වග බලාගත්තා පොඩි දරුවෙකුගේ උනත් හිත දූෂණය නොවෙන ආකාරයට වචන හසුරවන්න. මෙහි හඬ දායකත්වයෙන් අපි දන්න සුප්‍රසිද්ධ නළුවෝ කිහිප පොළක්ම දායක වෙලා තියනවා. Chris Phine, Hugh Jackman, Jude Law සහ Alec Baldwin නළුවන්ගෙන් සහ Peter Ramsey ගේ අධ්‍යක්ෂණයෙන් මෙය පසු අද අපේ රස වින්දනය සඳහා ලැබිල තියෙනවා.
එහෙනම් මම මේ ලස්සන කතාව ගැන පොඩි විස්තරයක් දෙන්නම් ඔයාලට ආරම්භයක් ලබා ගන්න.
ළමා ලෝකේ කියන එක රැඳිලා තියෙන්නේ එයාලගේ අහිංසක බලාපොරොත්තු, සිහින සහ සිතුම් පැතුම් වලින්. ඉතින් එයාලගේ හිත් මේ විදිහට ආරක්ෂා කර ගන්න එයාලගේ හිතට බිය කියන නපුරට ඇතුළු වෙන්න නොදී එයාලව ආරක්ෂා කරන පිරිසක් ඉන්නවා එයාලා තමයි “ආරක්ෂකයන්” (Guardians) කියලා හඳුන් වන්නේ. එයාල ගැන තමයි මම කලින් කිව්වේ. මේ පිරිස මේ රාජකාරියට පත් කරන්නේ සඳ මත සිටින මිනිසා එහෙම නැතිනම් සඳ. ඉතින් මේ අතරේ වෙනම කෙනෙක් ඉන්නවා “ජැක් ෆ්‍රොස්ට්” කියලා එයා එයාගේ නම විතරක් දන්න, එයාගේ වැඩේ එයාවත් දන්නේ නැති කෙනෙක්. එයා තමා මේ ලෝකෙට ශීත ඍතුව ගෙන එන්නේ. එය එයාට ලැබුණ බලයෙන් කරන්නේ විනෝද වෙන එක. ඉතින් මෙහෙම ඉන්නකොට මෙයාලගේ පරණ සතුරෙක්, එහෙම නැතිනම් කලින් මේ ආරක්ෂකයෝ එකතු වෙලා හිර කරන ලද සතුරෙක් එනවා තවත් බලගතු වෙලා. එයාගේ රාජකාරිය තමයි පුංචි දරුවන්ගේ හිතට බිය ඇතුල් කිරීම. මේ හැම කෙනෙක් ගැනම දරුවන් විශ්වාසය තබන තරමට ඔවුන්ගේ ශක්තිය බලය වැඩි වෙනවා. මේ සැරේ එන මේ සතුරා තමයි “බූගි” මිනිසා කියන්නේ. මෙයාගේ බලයේ වැඩි කමට මේ සැරේ සඳ මත සිටින මිනිසා තව ආරක්ෂකයෙක් පත් කරනවා දරුවන්ව බියෙන් ආරක්ෂා කර ගන්න. බලමු එහෙනම් මේ “බූගි” මිනිසා මේ සැරේ ඇවිත් දරුවන්ගේ මල් හිත්වලට කොච්චර හානියක් කරාවිද කියලා, ඒ වගේම මේ ආරක්ෂකයන් මේ සඳහා ගන්න පියවර මොකද්ද කියලත්. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටිය රසවිඳින ලෙසට.
ත්‍රිමාණ චිත්‍රපටි ලෝලියෙක් විදිහට මේ මම ඔයාලට දෙන සිව්වැනි ත්‍රිමාණ චිත්‍රපටිය. මේවගේ ඒවා බලන් අය දන්නවා ඒවා තුල තියෙන සුන්දරත්වය. එහෙනම් හිත සැනසෙන්න පොඩියට කොමෙන්ටියක් කොටාගෙන යන්න අමතක කරන්න එපා යාලුවනේ. මොකද ඒවා තමා අපේ සිහින සහ බලාපොරොත්තු. ඒ වගේම Scr කොපි නිසා කට්ටියට කොලිටි ගැන සැකයක් තියනවනම් මෙන්න මේ චූටී සාම්පලේ බාගෙන බලන්නකෝ කොහොමද කියලා. ඒක ඔය දීලා තියන 450 MB කොපියෙන්ම කපලා ගත්ත කෑල්ලක්. එහෙනම් හැමදෙනෙකුටම ජයෙන් ජය !!!
ඔබේ අදහස්...
79 Responses to “Rise of the Guardians (2012) | බියට එරෙහිව සටනක් [සිංහල උපසිරැසි සමඟ]”


patta machan danma banawa Thnxxzzzz
Thnxxxxx maxxaa machan denakm unne film aka download karagena
නියමයි සහෝ අනිවා බානවා .. ඇනිමේෂන් නම් අතාරින්නෙ නෑ නේ අපි
thanks
හොඳ වෙලාවට මේක ඩවුන්ලෝඩ් වෙන්න දාල තිබුනේ.. මොකද මේ දවස් වල මැක් එකේ හැපී මීල් එකට දෙන්නේ Rise of the Guardians Characters! ඒක දැකලා තමයි බලන්න හිතුනේ.. බොහොම ස්තුතියි!
supiri macho patta akaka wagey api dwn wenna damma
ලොවෙත් නෑ මේවා තමා ඕනේ…මැක්සා
Thanks
බොහොම පින් මචං මේ වගේ ඒවාට සබ් දෙන එකට..දිගටම වැඩේ කරමු
maru maru macho
thnxz so much
ලොවෙත් නැත පට්ටය දෙනකම් උන්නේ
එලම තමා හසන්ත ඕඕන් අපිත් බාන්න දැම්ම
download wenna damma
thnxx bro
wow…maru
ජය වේවා හසන්ත..තවත් නියම ඇනිමේෂන් එකක් සබ් එක්කම ගෙනල්ල නේ. මැක්සා මමත් ඔන්න ගන්නවා,
download karagena unna mediafire walin dan adama balanwa.thnxz hasanatha baiscope.lk
නියමයි මචෝ..උබ දෙන්නෙත් පට්ට ඒවා නේ… ඔන්න අපිත් පින් දිදී බාන්න දානවා..
niyamai Animation nam maxxa
thanks machan
DOWNLOADING……. THX
maxxa mnna mama bawa…..thnx for sub aiyaa
thanksssssss
එල.. මචං මම ගන්නවා.
සුපිරි ෆිල්ම් එකක්..මේක දෙනකම් බලාගෙන උන්නේ
ජයම වේවා!!!!!!!
මරු මචෝ
niyamai bro
සබ් නම් පට්ටයි ඔයාගේ දිගටම දෙන්න හොද ෆිල්ම්ස් වලට ජය
jayama weywa
maxxa wadak
dvd rip wagey a9 v9 thx
pattai ,meka enakan balagena unne ~~!
thnksz
එලකිරි කොල්ලා ජයෙන් ජය
patta machan aniwa ada rata balanwa
මේක මම සැවෝයි එකේ බැළුවා… ආයේ ඉතිං කියන්න දෙයක් නැහැ නියම ෆිල්ම් එක. බය නැතිව බාගෙන බැලියැකි… ළමයින්ටනං සුපිරි…
Thanks!!
thx bro
නියමයි සහෝ…keep it up
api kawadada animation atha ariye… niyamai… blue ray eka aapu gaman apith ganno…!!!
patta saho digatama subs denna math banna damma
මේකනම් පට්ට වගෙ, බලමු. සබට තෑන්ක්ස්!!!!!
godak godak thanks.බොහොම පින්
සුපිරි දෙනකම් බලාගෙන හිටියෙ, ගොඩක් ස්තුතියි.
නියමයි හසන්ත සහෝ..
මෙක වැටෙන්නේ කොයි වේලේද කියලා බලන් උන්නේ
ජය වේවා..!
නියමයි! මේක එනකන් හිටියේ, තෑන්ක්ස් …
Thanks
ela kiri machan
පට්ට පට්ට
සයිට් එක වෙනස්වෙලාද?
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. අපි වගේ පොඩිහිටියන්ට ඉතින් හසන්තගේ පිහිට තමා
thanks bro meka enakan mama godak dawas hitiya,, thanks thsnks
niyamai brooooooooooooooo…………….
ela bro
thnx bro!!!
මැක්සා හසෝ…. අඩේනවා මටනම් දැන්…… පට්ට ෆිල්ම් එකක් නේ, අනිවා ඉතින් ඇනිමේෂන් නම් අතාරින්නෙ නැ, අනික ඔයා දීපු එකක්…. ලොවෙත්…. තැන්ක්ස්, ජයවේවා…
මේක Scr කොපියක් කියලා කියන්න බැරි තරමටම හොදයි.. ඇනිමේෂන් නම් අනිවා බලනවා.හසන්තට බොහොම ස්තුතියි.. ජයෙන් ජය තව sub 1000000000කට
thanks
නියමයි හසන්ත ඔන්න මාත් ගත්තා…..
බොහොම ස්තූතියි.
thanks
niyami niyamai
තෑක්ස් !!!!
මචෝ එල මුවි 1ක්
thank u very much 4 u……..
පට්ටම ෆිල්ම් එකක් මේකනම්.ඔයා නම් මාරම පොරක් තමයි හසන්ත සහෝ.ගොඩක් ආසාවෙන් හිටිය මේක බලන්න.ඇනිමේෂන් තමයි සුපිරි.ජයවේවා.බොහෝ………………………….ම ස්තූතියි…!
maxxxaa
godak asawen balagena hitiye mama me film eka balanna. torront 1 dakkama godak sathutu hithuna. Weldon hemadamath me wage lassana film apita denna.
thnx…..
එල එල…..
supiri meka nam thnax
BRRip කිව්වට ඒකෙ BRRip quality එක නෑ
බොහෝම ස්තුතිය් බයිස්කෝප් ඩොට් ඇල් කේ
ලොවෙත් නැ මචං සුපිරියටම කරලා තියෙනවා.Good luck
sadaaa jaya sahooo
lot of thanks
බොහොම ස්තුතියි සහෝ,මේ වගේ එකක් දුන්නට ,ජයවේවා.
සිංහල සබ් වලට ස්තූතියි.
godaaak asai animation film walata….. thanx sub wala.
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
පය තබන තබන තැන මල් පිබිදේවා/// ඡයෙන් ඡය///
thnku so mch