Share/Bookmark
Lord of War (2005) | යුද්ධයක් කරන්න දෙපැත්තටම අවි ලැබෙන්න ඕනා නොවැ..

Lord of War (2005) | යුද්ධයක් කරන්න දෙපැත්තටම අවි ලැබෙන්න ඕනා නොවැ..

“මිලියන 550 කට වඩා වැඩි ගිණි අවි ප්‍රමාණයක් ලොවපුරා සංසරණය වෙනවා. එය ලොව පුරා සිටින සෑම මනුෂ්‍යයන් දොලොස් දෙනෙකුගෙන් කෙනෙකුටම එක ගිණි අවියක් බැගින් වෙනවා. එකම ප්‍රශ්ණය …………අපි කොහොමද අනික් 11 දෙනාට ගිණි අවි දෙන්නේ……”

ඒ චිත්‍රපටයේ ආරම්භක වාක්‍ය කණ්ඩය. මේ චිත්‍රපටයේ අවසාන වාක්‍ය කණ්ඩය.

“ලොව විශාලතම අවි සැපයුම් කරුවෝ ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, රුසියාව, ප්‍රංශය හා චීනයයි. අනික් අතට ඔවුන් තමයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිශ්ෂේධ බලය හිමි නිත්‍ය සාමාජිකයින් වෙන්නේ.

දැන් තේරුම් ගන්න පුළුවන් නේද මේ කතාව මොකක් ගැනද කියලා. බොහොම ලාභ ජනක වෙළදාමක් වන අවි ආයුධ වෙළදාම ගැනයි. Nicolas Cage ගේ විශිෂ්ට රංගනයෙන් හැඩවුණු මෙම චිත්‍රපටයේ ඔහු අවි ජාවාරම් කරුවෙක්. නමුත් ඔහුගේ මේ කතාවට අවධානය යොමු කලහම තේරෙනවා මේක අපි හිතන තරම් හොඳ නරක අතර සටනක් නොවන බව.

“පරපීඩාකාමී මිනිස්සුන්ට අද කාලෙ කියන්නේ නායකයෝ කියලා. ඒත් උන්ගෙන් සමහරක් අපේ සතුරන්ගේ සතුරෝ. ලෝකයේ ලොකුම අවි ජාවාරම්කාරයා ඒ කියන්නේ ඔයාගේ ලොක්කා වෙච්ච ඇමෙරිකාවේ ජනාධිපති, මම අවුරුද්දකට සපයන භාණ්ඩ එක දවසක් තුල සපයනවා වුනත් සමහරවෙලාවට එයා ලැජ්ජයි තුවක්කුවේ ඇඟිලි සලකුණු වදිනවට. ඉතින් ඔහුට සමහර වෙලාවට උවමණා කරනවා මම වගේ ස්වාධීන කෙනෙක්ව ඔහුට බඩු යවන්න බැරි අයට බඩු යවන්න.

ඔයා මට යකෙක් කියයි. ඒත් …. මම වටිනාකමක් ඇති අවශ්‍ය කරන යකෙක්.

පැටළිලි වගේද? පැටළුම් ලෙහා ගන්න බලලා නැති අය අදම බලන්න. හැමෝගෙම අත්වල ගෑවුණු ලේ.

මෙන්න මෙතනින් බාගන්න!

ඉංග්‍රීසි උපසිරැසි මෙතනින් බාගන්න!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

ප්‍රතිචාර 25 »

  1. avatar comment-top

    sinhala sub nadda macho……..

    comment-bottom
  2. avatar comment-top

    හේ හේ….ඔන්න අද නම් කලින් ආවා…..අනිවා ඉතිං බානවා…… :-)

    comment-bottom
  3. avatar comment-top

    Ela Ela….

    comment-bottom
  4. avatar comment-top

    බානවෝ ….

    එල එල … ඒ ලෙවල් උඩින් ගොඩ දාගන්න පුලුවන් වෙයි … ලැපක් ගත්තෙ ෆිල්ම් බාන එකත් නවත්වන්න හිතාගෙන , දැන් ලැපත් 24 අවර්ස් වර්කින් …. හිකි හිකි … ලැපේ ෆෑන් එක බුදු වෙවා …

    ඒ ලෙවල් ජයහේ !!!

    comment-bottom
  5. avatar comment-top

    :(

    comment-bottom
  6. avatar comment-top

    මේ චිත්‍රපටිය නම් පට්ට. පසුගිය කාලේ ලංකාවටත් ඒ විදිහටම අදාලයි. මා දැකපු හොඳම චිත්‍රපටි අතරින් එකක්. කල්පනා කරන්න ගොඩක් දේවල් ඉතිරි කරපු චිත්‍රපටියක්. බැළුවේ නැතිනම් අනිවා බලන්න.

    comment-bottom
  7. avatar comment-top

    pata gaburu arathayak banz thienne mamath baluwa…patta…podi sahodara premayakuth thianawa…tnx bro

    comment-bottom
  8. avatar comment-top

    නිකොලස් කේජ් රගපෑ චිත%පට අතරින් අතිවිශිෂ්ඨ රගපෑමක් ඉදිරිපත් කල චිත%පටයක්. ඒ වගේම අවි ආයුධ ජාවාරම හා එහි කොටස්කරැවන්ගේ සම්බන්ධය ඉතාමත් අපූරැවට නිරෑපනය කරනවා.

    මේ වගේ යමක් හිතන්න පුළුවන් චිත්තරපටියක් දැම්මාට මෙන්න සැලියුට්…

    අනිවා බලන්න.

    comment-bottom
  9. avatar comment-top

    කස්ටිය ගොඩක් දෙනා බලලා තියෙනව වගේ චිත්‍රපටිය. කමක් නෑ බලපු නැති අය බලන්න. බලපු අයත් ඉතින් ආයෙ පාරක් බලන්න. ඒ තරම්ම්ම බලන්න වටින බයිස්කෝප් එකක් මේක.

    comment-bottom
  10. avatar comment-top

    මේ දාල තියෙන්නෙ මේකත්. එලාස්. :D

    comment-bottom
  11. avatar comment-top

    Elakiri wage mekanam banawa..!! Thank you wewa…

    comment-bottom
  12. avatar comment-top

    නිකල්ස් කේජ්ගෙ අති විශිෂ්ඨ රංගනයක්. මම කැමතිම චිත්‍රපට් වලින් එකක් ඔය.මමත් ඔය ගැන ලිපියක් ලිව්වා.මේ තියෙන්නේ ඒක
    http://bit.ly/9J6iwB වැඩේ කියන්නේ බයිස්කොප්lk ගැන දැනගත්තේත් පොතේ ගුරා ඒකට දාපු කමෙන්ට් එකෙන්. :)

    ගෝලයා දැම්මා වගේ මතක හිටින දෙබස් කීපයක් ම ඕකේ තියනවා.
    පට්ට ෆිල්ම් එක.
    අනිවා බලන්න ඕනේ එකක්!! මේක කියෙව්වම ආයෙත් බලන්න හිතුනා :)

    comment-bottom
  13. avatar comment-top

    @ chamila,
    සිංහල සබ් දැන් මම දාන්නේ නැතෝ….. :)

    @ හසී,
    ඒක තමා අද මෙයා උදේ පාන්දරම බැහලා තියෙන්නෙ. එල එල. ස්තූතියි මචෝ කමෙන්ට් එකට. මේකෙ හැමදාම කමෙන්ට් කරන අයට තෑග්ගක් දෙන්න වටිනවා. :)

    @ Manula Nayanatharu,
    ස්තූතියි මචෝ කමෙන්ට් එකට. :)

    @ DragonD,
    අම්මෝ ඔන්න මම නම් නෑ විබාගෙ ප්‍රතිඵල එද්දි හොඳේ. :P

    ඒක නෙවෙයි ලැපේ කේස් දැන් නිට්ටාවටම ඉවරද. කොහොම වුනත් කමක් නෑ ඔයාගේ බ්ලොග් එකත් දිගටම ලියහන්. මම ආසාවෙන්ම කියවන බ්ලොග් එකක් තමයි ඒක. :)

    comment-bottom
  14. avatar comment-top

    @ DUMINDU,
    :( ????

    @ නිලන්ත,
    අන්න ඒකනේ කියන්නේ. බැලුවෙ නැති අය අනිවා බලන්න.

    @නුමේෂ් ඩිලූෂ, තිසර,
    ඇත්තටම මචෝ ගොඩක් දේවල් හිතන්න පොළඹවනවා, :) ස්තූතියි මචෝ කමෙන්ට් එකට.

    comment-bottom
  15. avatar comment-top

    @ Dinushka Udara | රොකියා,
    අනිවා අනිවා.

    @ සරදියල්,
    ආ අයියා ඡන්ද වැඩවලින් පස්සෙ මේ ඇවිල්ලා තියෙන්නෙ… :)

    @ kathu,
    අනිවා මචෝ පට්ටම ෆිල්ම් එකක්.

    @අකිල,
    සහෝ කාලෙකට කලින් මේක ගැන ලියලා නේද. එල එල. මට නම් ෆිල්ම් එක බලද්දිම හිතට වැදුනෙ ඔය ලයින් ටික තමයි. ඒකයි මම අද ලිපියට ඒ ටිකත් අදාල කර ගන්න හිතුනෙ. :) ඒක නෙවෙයි ඔය වගේ පට්ට ෆිල්ම් ගැන ලියහන්කො මචෝ බයිස්කෝප් සයිට් එකටත්. :)

    comment-bottom
  16. avatar comment-top

    නිකලස් කේජ්……. හ්ම්…. ම්…. ම්…. බාන්නම වෙනවනේ ඉතින් …….!! :)

    comment-bottom
  17. avatar comment-top

    බාගත්තෙමි!

    comment-bottom
  18. avatar comment-top

    අද තමයි බයිස්කෝප් පැත්තේ කාලෙකින් එන්න පුළුවන් වුනේ… සමාවෙන්න ඕන කමන්ට් වලට පරක්කු වුනාට.

    Nicolas Cage ඉන්නවානම් මම නොබලා ඉන්නවද… :D

    තෑන්ක්ස් ….

    ජය වේවා…!!!

    comment-bottom
  19. avatar comment-top

    නිකලස් කේජ් කියන්නේ මගේ ප්‍රියතම නළුවෙක්. මේ වගේ මැක්සා බයිස්කෝප් නිතරම නිර්මාණය වෙන්නේ නැහැ, අනිවා බැලිය යුතුයි. ප්‍රතිචාර වලට බොහෝම ස්තූතියි. :)

    comment-bottom
  20. avatar comment-top

    අලුතින් පළ වන ප්‍රතිචාර කලින් ප්‍රතිචාර එක් කරපු අයට මේල් වෙන්න හැදුවනම් මොකද? ඒකට තියන WordPress ප්ලගින් එකේ නම “Subscribe To Comments”.

    comment-bottom
  21. avatar comment-top

    ෆිල්ම් එක පටන් ගද්දි නම් දාන විදිහනම් මාර විදිහට වදිනවා. මම ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කලා, ගෙදර ගිහින් බලනවා !

    බොහෝම ස්තුතියි !

    comment-bottom
  22. avatar
    මහේෂ් රාජසූරිය Says:
    පෙබරවාරි 8th, 2010 at ප.ව. 5:28
    comment-top

    හොලිවුඩ් ච්ත්‍රපටියක් වුණත් ඇමරිකාවේ නිරුවත හෙළි කිරීම අගය කරන්න ඕනා. කෙසේ වෙතත් යූ‍රි ගේ බිරිඳ, මල්ලි සහ ඉන්ටර්පෝල් වැලන්ටියින් නියම ඇමරිකන් වීරයෝ කරලා.

    comment-bottom
  23. avatar comment-top

    Wanted to watch this again. :)
    So Downloading from here. THANKS matey!!

    comment-bottom
  24. avatar comment-top

    niyama kathawak

    comment-bottom
  25. avatar comment-top

    බලන්න ෆිල්ම් එකක් නැතිව හිටියෙ මෙකනම් බාගෙන බලන්න ඔනිමයි සිරා ෆිල්ම් එකක් නෙ

    comment-bottom

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.


The baiscopelk has no control over, and assumes no responsibility for, the content, privacy policies, or practices of any third party websites that are not owned or controlled by baiscopelk.