හැමදාම ඉතින් සංවේදී ආදර කතා ගැනම කිව්වම කට්ටිය ඇහුවනේ මොකක් හරි පෞද්ගලික අවුලක් එහෙම තියෙනවද කියලා.
ඔන්න ඒක නිසාම Horrer පැත්තට බර ඒත් බලන්න කතාවක් තියෙන චිත්‍රපටියක් ගැන ලියන්න හිතුනා. නමින්ම තේරෙනවනේ මේක ආරූඩයක් ගැන කතාවක් බව.
රොමන් හා රයන් කියන්නේ සහෝදරයින්. එක ගෙදරක ජීවත් වුවත් මින් රෝමන් පසුගිය වැරැද්දක් නිසා නගරයෙන් පිටවීමට තහනමක් ලබා තිබෙන වැරදි කරුවෙක්. එහෙත් රයන් කියන්නේ රූමත් ජෙස් හා විවාහ වී සිටින නිවුනු චරිතයක්. ජෙස් අධික ලෙස කාර්යය බහුල නිසාම ඇය විසින් ඉටුකල යුතු යුතුකම් පවා අතපසුවන විට රයන් ඒ සියල්ලම මුවින් නොබැන ඉටුකරනු ලබනවා. මේ අතර මොවුන් දෙදෙනාගේ පළමුවෙනි විවාහ සංවත්සරය පවා ඇයට අමතක වූවත් ඔහු ඒ සඳහා සුළු උත්සවයක් පවා සූදානම් කර තිබෙනවා. විවාහ සංවත්සරයට පසු දිනම නිරන්තරයෙන්ම තමා දෙස සැකෙන් අන් උදවිය බලන නිසා කළකිරෙන රෝමන් නගරය හැර යනවා. රෝමන් තම තහනම කඩ කරන බව ජෙස් විසින් ඒ වනවිට නගරයට ගොස් තිබෙන රයන් හට පවසනවා. රයන් නැවත නිවස කරා වේගයෙන් වාහනය පදවමින් පැමිණෙන විට දුරකථනයෙන් තම පළා යන සොහොයුරාව අමතන්න තැත් කිරීම නිසාත් අධික මීදුම නිසාත් ඔහුව රිය අනතුරකට භාජනය වෙනවා. දෛවයකින් මෙන් මෙසේ ඔහුගේ අනතුරට හේතුවෙන අනෙක් වාහනයේ සිටින්නේ නගරයෙන් පලා යන තමාගේම සොහොයුරායි. දෙදෙනාවම දැඩි සත්කාර අංශයට ඇතුළු කරන අතර වෛද්‍යවරුන් පවසන්නේ ඔවුන් අතරින් ජෙස් ගේ සැමියා වන රයන් හට නැවත සිහිය නොපැමිණෙන බවයි.
එහෙත් රෝමන් ට සිහිය ඉක්මනින් ලැබෙන අතර ඔහු පුදුමයකින් මෙන් කියා සිටින්නේ තමා රෝමන් නොව රයන් බවයි. ජෙස් තම බිරිය බවද පවසා සිටිනවා. මහ පිස්සු හැදෙන කතාවක් නේ……
මේක රෝමන්ගේ තවත් එක භයානක අපරාධයක ආරම්භයක් වෙනුවෙන් කෙරෙන රඟපෑමක්ද? එසේ නොමැති නම් අනතුර සිදුවූ ස්ථානයේදී දෙදෙනාගෙන් ගලාගිය ලේ එකිනෙක් මිශ්‍ර වන මොහොතේම හෘදය කෘතිමව පණගැන්වීම සඳහා විදුලි සැර ඇල්ලූ නිසා සිදුවුනු දෙයක්ද මේ? බාලම බලමු නේ….
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
මාර්තු 10th, 2010 at පෙ.ව. 11:48
අාහ්.. අද මම වගෙ මුලින්ම. බාමු බාමු..
මාර්තු 10th, 2010 at පෙ.ව. 11:54
පොතේ ගුරා මම් එවපු ඊමේල් එකට reply එකක් ලෑබුණේ නෑතෑ
මාර්තු 10th, 2010 at පෙ.ව. 11:56
එළ එළ
මාර්තු 10th, 2010 at ප.ව. 12:21
බාලම තමයි බලන්න වෙන්නේ…
මාර්තු 10th, 2010 at ප.ව. 12:37
Ela kathawak wage.Balama balamu thanx……..
මාර්තු 10th, 2010 at ප.ව. 12:47
baiscopelk film mama godak bawa.Okkoma wage hodai.Sinhala sub dana wade kiyala wadak naha ela.Kattiyatama thanx.
මාර්තු 10th, 2010 at ප.ව. 1:47
Thanks wewa!!!!!!!!!
මාර්තු 10th, 2010 at ප.ව. 2:08
Hmmmm, mama horror balanne nathoooooo.
මාර්තු 10th, 2010 at ප.ව. 2:34
සබ් දුන්නානම් හොදයි නේද ?
මාර්තු 10th, 2010 at ප.ව. 5:19
එල කිරි ජය වේවා
මාර්තු 10th, 2010 at ප.ව. 7:05
බයිස්කෝප් පැත්තේ නෑවිත් කොහොමද රොයිලියා? ඒක නෙමේ the good the bad and the uglyවැඩේ මොකද? තව යෝජනාවක්. the wolfmanකියල පට්ට movieඑකක් ඇවිල්ලා. පුලුවන්නන් ඒක ගැන ලියන්න. සබ් ඕන නෑ. the good…….ඒක ගැනත් බලන්න.:)
මාර්තු 10th, 2010 at ප.ව. 7:09
ටිකක් මඤ්ඤං වගෙ බාලම බලමු..
මාර්තු 10th, 2010 at ප.ව. 7:40
නරකම නෑ මේක.
ඒත් ඉතින් මම කැමති ජාතියේ එකක් නම් නෙමෙයි.
මාර්තු 10th, 2010 at ප.ව. 8:05
බානවෝ……………!!!!
මාර්තු 10th, 2010 at ප.ව. 11:43
@ kathu,
ඔව් ඔව් ඔයා තමයි පළමුවෙනියා. උදෙන්ම නැඟිටලා වගේ. හොඳ ළමයි එහෙම තමයි
@ Tharindudoo,
පොතේ ගුරා මේ ඔබේ අවධානය පිණිසයි.
තව එකක් යවහන් බන්. ඕකට පැලෙන්න වැඩ.
@ අකිල ප්‍රනාන්දු,
එලම තමා. ස්තූතියි සහෝ කමෙන්ට් එකට.
@ chamila,
හැමදාමත්ම වගේ බාලම තමා බලන්න වෙන්නේ. කෝ ඉතින් ඔයා අපිට බාලම බලන්න ලිපි දෙන එකක් යෑ. එහෙම වුනානම් අපිටත් බාලම තමා බලනන් වෙන්නේ
මාර්තු 10th, 2010 at ප.ව. 11:45
makanam mara story aka.thnx..
මාර්තු 10th, 2010 at ප.ව. 11:47
@Sama,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. දිගටම අපිත් එක්ක ඉන්න. ජය වේවා!!!
@ Brayen,
ස්තූතියි මචෝ.
@ sameera,
horror කිව්වට එහෙමම නැහැ මචෝ. එකයි මම ලිව්වෙ.
@ Aravinda,
හැම එකටම දෙන්න අමාරුයි මචෝ. පුළුවන් උපරිමෙන් දෙන්න බලනවා මචෝ
මාර්තු 10th, 2010 at ප.ව. 11:53
@ සරදියල්,
අම්මෝ උබ නම් මේවා බලලා කරලා බලන්න එහෙම යනවා නෙවෙයි ඕන්.
@ Enri,
මම සයිට් එකේ කමෙන්ට් එකක් දැම්මා මචෝ. බලහන්.
@මැරයා,
ඒකත් එහෙමද. පොඩ්ඩක් බලහන්කෝ ඒ ගතිය පහවෙයිද කියලා
@ චමිදේවා,
සහෝ එහෙනම් දැනටම බලලා වගේ එල එල
මාර්තු 10th, 2010 at ප.ව. 11:55
@LishWish,
එල එල ස්තූතියි මචෝ. බලලම කියහන්කෝ කොහොමද කියලා.
@ susantha,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට.
මාර්තු 11th, 2010 at පෙ.ව. 3:42
ෆිල්ම් එකනම් එල වගේ.. තැන්කු සහො..
මාර්තු 11th, 2010 at පෙ.ව. 11:15
‘My name is khan’ thawama naddoo?
මාර්තු 12th, 2010 at පෙ.ව. 9:20
ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවිය.. පරක්කු වෙලා ආවාට සමාව භාජනයකට දාලා දියං රෝයියෝ..
මං ඔය බූත චිත්තරපටි නං බලන්ඩ බයයි. ඒත් කමන්නෑ. උඹ කියනවනං බාගෙන බලන්නංකෝ.
-ජය
මාර්තු 12th, 2010 at ප.ව. 2:16
balamu akath
මාර්තු 16th, 2010 at ප.ව. 10:18
@ chathurarcrc,
බාලම බලහන්කෝ සහෝ. ස්තූති වෙන්න ඕනා කමෙන්ට් එකට.
@ Lucky,
අපේ සහෝදරයෙක් ඒකට සිංහල සබ් එක්කම දෙන්න බාර ගත්තා. අනිවා ඉක්මනට දෙන්න පුළුවන් වෙයි.
මාර්තු 16th, 2010 at ප.ව. 10:18
@ යෝගියා,
ඔබතුමා මේ පැත්තට ආපු එක ගැනනම් සතුටුයි. ඒත් මට ප්‍රශ්නය තියෙන්නේ මේවා බලලා රෑට ඇඳ තෙමාගත්තම මම එපැයි බැනුම් අහන්න.
@ dasun,
ඔව් ඉතින් වෙන මොකක් කරන්නද නේද? බාලම බලමු
මාර්තු 22nd, 2010 at ප.ව. 9:09
මාත් කැමතියි රොයිලි මලේ සබ් දානවා නම්……
මාර්තු 26th, 2010 at පෙ.ව. 10:26
හෆොයි … මම අදනෙ මේක දෑක්කෙ….. හ්ම්ම්ම්ම්ම්!!!! බාලම බලමු….. තන්කු කිව්ව එහෙනම්…….. ජය වේවා….
මාර්තු 31st, 2010 at පෙ.ව. 12:05
@hemantha samarakoon,
හ්ම්ම්ම්ම් තව තව හොඳ ඒවට ඉස්සරහට එනවෝ…
@මුෂී මල්ලී,
ස්තූතියි මුෂී මල්ලියෝ කමෙන්ට් එකට
අප්‍රේල් 15th, 2010 at පෙ.ව. 11:07
හොඳ කතාවක් සහිත චිත්‍රපටියක් එත් මොකක්දෝ අඩුවක් චිත්‍රපටියතුල තියෙනවා වගේ හැගෙනවා
රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට බොහොම ස්තුතියි
අප්‍රේල් 28th, 2010 at පෙ.ව. 8:43
මේක බාලත් කමෙන්ට් එකක් දාන්න අමතක වෙලා…..
සොරි හොදේ……!!
මැයි 28th, 2010 at පෙ.ව. 7:01
movie1 alut theme1k tiyanne..
lassana film1k.man lagadi tamai mage yaluwek gen me blog1 gana danagathe,,
Keep up the great work!!