Ice Age The Meltdown (2006)

 

ඔන්න බලන්නකෝ යාලුවනේ එකෙත් හැටි. හා හා පුරා කියල Ice Age 1 සබ් එක ඉවර කරා. ඔන්න එහෙනම් මන් ice age 2 එක අරන් ආව.

පලවෙනි කතාවෙන් යාලුවෝ වෙච්චන මැනී, සීඩ්, දියේගෝ යන තුන දෙනා මේ පාරත් හොඳ වික්‍රමාන්විත ගමනක් යන්නයි සුදානම. මේ ගමන අතර මගදී අපේ මැනීට විශේෂ අලුත් යාලුවෙකුත් මුණගැහෙනව. ඒ විතරක් නෙමෙයි තව පිස්සු මීයෝ දෙන්නෙකුත් එකතු වෙනවා! එතකොට හිතාගන පුළුවන්නේ, කලින් කතාවේ සීඩ් නිසාව ඒ තරමට රසවත් උනා නම්, මේ පාර කොයි තරම් රසවත් වේවිද කියලා. ඉතින් යාලුවනේ, ඔයාල මේකත් බලම ඉන්නකෝ. මන් කිව්වට කිසි අගයක් නැනේ නේද…

 

මීට පෙර පළකල ලිපිය

මේකට IMDb ratings 6.9/10 ක් ම අරන් තියන ලොකු කුඩා කාටත් ආසාවෙන් නැරඹිය හැකි ලස්සන කතාවක්. මේ කතාව මෙතනින් ඉවර වෙන්නේ නෑනේ. කොහොම උනත් පළවෙනි කතාව තරම් IMDb ratings අඩු උනාට මේක ඒකට දෙවෙනි වෙන්නේ නම් නෑ. ඔයාලත් කතාව බලලා උපසිරසි වල අඩුපාඩු තියනවනම් ඒ ගැනත් කියන්නකෝ. මගේ ඊලඟ sub එකෙන් ආයමත් අපි ඉක්මනට මුණගැහෙමුකෝ.

Ice Age  චිත්‍රපට මාලාවේ දෙවනි චිත්‍රපටය ගැනයි මේ කියන්න යන්නෙ..මම බලපු වැඩියෙන්ම හිනා යන ෆිල්ම් වලින් එකක්..මේකෙ පළවෙනි චිත්‍රපටය බලල නැත්නම් ඔක්කොටම කලින් ඒක බලල ඉන්න..කතාව මෙන්න මෙහෙමයි..පළමු චිත්‍රපටයේ ඔක්කොම චරිත මේකෙත් ඉන්නව..ඔවුන් සාමාන්‍ය විදියට ජීවිතය ගත කරමින් ඉන්නව..මේ අතරතුර මැමත් අලියට (මැමී) හිතෙනව තමන් මේ ලෝකෙ තනි වෙලා නේද කියල..ඔහු බොහෝ කාලෙකින් තවත් මැමත් කෙනෙක් දැකල නෑ..මේ අය හිතනව ඔහු මෙලොව අන්තිම මැමත් කියල…මෙහෙම යද්දි දවසක් මොහුට හම්බෙනව මැමත් ගෑණු සතෙක්..අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ..මැමීට ගොඩක් සතුටුයි..ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනව..මේ ගැහැණු සතා හිතන්නෙ possum කෙනෙක් කියල..මොකද ඇය පොඩි කාලෙ ඉදලම possum දෙන්නෙක් එක්ක තමයි හැදිල තියෙන්නෙ..මේ දෙන්නගෙ අපූරු ආදර කතාවකුත් ඉදිරියේදි වෙන්න යන මහා ව්‍යසනයකුත් තේමා කරගෙන තමයි මේ චිත්‍රපටය ගලාගෙන යන්නෙ..මේකෙ හැම මොහොතක්ම හරිම රසවත්..හිනා යනව බලන්න පටන් ගන්න මොහොතෙ ඉදන්ම..මුල් ෆිල්ම් එක බැලුව අය නම් දෙපාරක් හිතන එකක් නෑ මේක බාගන්න එක ගැන..

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සම්පත් බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


38 Responses to “Ice Age: The Meltdown (2006) | දියවෙන අයිස් වලින් වටවුණු බේසමක්! [සිංහල උපසිරැසි සමඟ]”

  1. රොයිලි says:

    එල එල මමත් මේ link එකෙන්මයි බාන්න දැම්මේ මචං (ටික වෙලාවකට කලින් Ice age 1 post එක දැකපු ගමන්ම).

  2. zoniczz says:

    අම්මො යන්තන් ඇති link එක හම්බුනා… 1වෙනි එක දාපු වෙලේ ඉදන් 2වෙනි එක දානකන් මග බලන් හිටියෙ

  3. පොතේ ගුරා says:

    @රොයිලි! එළ එළ මචන්..මේක තමයි සීඩ්ස් වැඩිම එක..
    @zoniczz! බලල කියපන්කො ෆිල්ම් එක කොහොම්ද කියල..

  4. රොයිලි says:

    link එක නම් නියමෙට වැඩ. විනාඩි 33 බලා ඉවර උනා. download speed එක avg. 394

    kB/s. එලම තමා.

  5. පොතේ ගුරා says:

    @රොයිලි! ඉරිසියාවෙ බෑ බන්..මට ෆිල්ම් එකක් බාන්න පැය 4ක් යනව..හික් හික්.. :P

  6. zoniczz says:

    @ රොයිලි,පොතේ ගුරා,,, අයියෝ මට 5h විතර යනවනෙ??? :’(

  7. රොයිලි says:

    @ පොතේ ගුරා, zoniczz,,,,,, ලංකාවේ කොහොමත් ටිකක් slow නේද මචං? මෙහෙන් මම 24 series හයම බාන්න ගියේ දවස් 18 යි. series 6 ම 49GB විතර වෙනවා. දවසට පැය 8-10 වගේ තමා බාන්නේ. මොකද වැඩ කරන ගමන් මනේ ඔක්කොම කර ගන්න ඕනා.

  8. ලංකාවේ බෑම් ගැන නම් කතා කරලා වැඩක් නෑ……… :( නමුත් මම හිතන්නේ SLT ADSL තමා හොදම…….!! :D කොච්චර බෑවත් slow කිරිලි අරවා මේවා නැහැනේ……..!! :D

  9. ඔය චිත්තරපටි මාලාවේ තුන්වැන්නකුත් එනව ලඟදිම.

  10. මම බලපු ලස්සනම film එකක් ice age කියන්නෙ..
    film eka nam supiri

  11. ඔන්න ImageShack වලට දාන්නයි හදන්නෙ.. ආපු දවස් වලම කොහොම හරි හොයාගෙන බලන්න හිටියත් පස්සෙ අමතක වෙලා ම ගියා. දැං දැක්කම තමයි බලන්න හිතං හිටිය නේද කියල මතක් උනේ. බයිස්කෝප් සිංහලෙන් මැක්සාාාා !

  12. Subhash says:

    මේ ෆිල්ම් දෙකම මමත් බෑලුව ආපුම දවස් වල, එක හුස්මට බලගෙන යන්න පුලුවන්. කදුලු එනකම්, බඩ පෑලෙනකම් හිනා වෙන්න පුලුවන් ෆිල්ම්ස් දෙකක් තමයි මේෆිල්ම්ස් දෙක. හෑමෝම බලන්න මෑක්ස ෆන් එකක් ගන්න පුලුවන්, එල එල පොතේ ගුරා ඔයගේ වෑඩේ නම් නියමයි.

  13. පොතේ ගුරා says:

    @රොයිලි! ඔවු බන්..512 වලින් තමයි ඔක්කොම ක‍්රන වෙලා තියෙන්නෙ.. :(
    @Uraj! ඒක නම් ඇත්ත බන්..කොයි වෙලාවෙ බෑවත් 54ට එනව :)
    @සියදෝරිස්! ඔවු ඔවු..ඒකෙ ට‍්රයලර් එක දැක්කත් හිනා යනව..පට්ට!
    @කණිෂ්ක! ගති ෆිල්ම් එක බන්…මැඩගස්කාර්ත් මේ වගේම එළ!
    @බුධාජීව! උඹ මූණු පොතෙත් මට ලොකු සහයෝගයක් තමයි දෙන්නෙ..තෑන්ක්ස් මචෝ..
    @Subhash! ඔවු බන්..පට්ට…අහ්! මැඩගස්කර් බැලුවද?මේ වගේම ගති.. :D

  14. මේ චිත්‍රපටිය ගැන විස්තරයක් දාන්න පරක්කු වුණ ඒක තමා අවුල ;)

    මෙහි ඇනිමේෂන් නිර්මාණකරණය හා කෝණය නියමයි නේද? :)

  15. අපි ඉතින් කාර්ටුන් බලන පොඩි ලමයිනේ. :-D

  16. පිංතූර බලන්න ඕන නං මෙන්න ලින්ක්ස් එක : http://www.facebook.com/album.php?aid=2022863&id=1029399813&l=5a6b32ed13

    ඕක Facebook වල තිබ්බට Facebook ගිණුම් නැති අයටත් බලන්න පුළුවන් !

  17. පොතේ ගුරා says:

    @-බිன்ku-! මේ වගේ පට්ට කාටුන් ෆිල්ම් ගොඩක් තියෙනවනෙ බන් තව..හිමීට දාන්න ඕන ඒවත්..
    @මනුශාන්! හොද පොඩි! :p
    @බුධාජීව ! මුලු ෆිල්ම් එකේම ස්ක‍්රීන් ශොට් ගහල නේද..හික්z..

  18. අපිනම් හරිම නිවිලා ඇල් වතුරත් නිවලනේ බොන්නේ

  19. @ පොතේ ගුරා :
    හෙහෙ.. නැතුව නැතුව ! :-D

  20. හප්පේ ඇති… බයිස්කෝප් සයිට් එක ඔන්න කෝම කෝම හරි ගොඩ ‍දාගෙන තියෙනවා… ආයෙත් ලෙඩක් නැතිව ගෙනි යන්න ට්‍රයි කරමු පොතේ ග්‍රරා මහත්තයෝ…

  21. ෙම් කෙරුවාව නම් සුපිරි. චිරාත් කාලයක් දිනේවා.

  22. බැලුවා පටිටයි. අනිවා බලන්න.

  23. Shashi Fernando says:

    thanx, sinhala subs ekkama dunnanam tama watinne itin..

  24. Shashi Fernando says:

    Niyamai. :D

  25. ane sub dennakoooo

  26. Patta machan

  27. “චූටී මල්ලි” says:

    ela ela machan

  28. mudiya / මුදියා says:

    සුපිරි ඇනිමේෂන් එකක්.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති ෆිල්ම් තමයි මේව.නියම වැඩක් සම්පත්.ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!

  29. එලකිරි ෆිල්ම් එකක්….. බැලුවානේ ඉතින් කලින්ම…. සබ් එක බාගන්න ඕනා…. :)

  30. 2009 මැයි මාසේ කමෙන්ට් එක දාපු කාලේ SLT එකයි….. දැන් SLT එකයි මතක් වෙනකොට…….. !! :(

  31. thnxzzz

  32. පට්ට ආයේ මුල ඉදලා බලන්න ඕනේ ජය

  33. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසි ලබා දුන්නට. මමත් බාගන්නවා.. පස්සෙ වෙලාවක බලන්න ඕන… ජයවේවා!!

  34. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    නියමයි සහෝ,ජයවේවා.තව සබ් දෙන්න

  35. සිංහල සබ් වලට ස්තූති….. :)

  36. thankZ

  37. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  38. රාම් රාජ් says:

    සිංහල සබ් වලට ස්තූතියි.

Trackbacks/Pingbacks