[poll id="2"]
මේ කියන්න යන කතාව නම් බොහොම වෙනස් එකක්..ඇත්තටම හොද කතාවක්..නමුත් ක්‍රියාදාම චිත්‍රපට ප්‍රිය කරන්නන්ට නම් එච්චර අල්ලල යන්නෙ නැති වෙන්න පුලුවන්..මටත් මේකෙ මුල් ටිකේ නීරස ගතියක් දැනුනත් කතාව කොහොම එකක්ද කියල තේරුම් යද්දි නම් හරිම ආසාවෙන් බැලුව..මම කතාවෙ සාරාංශය කියන්නම්කො ඔයාලට..මෙහෙමයි..මේකෙ ප්‍රධාන චරිතයක් කියල එක පුද්ගලයෙක් කියන්න බෑ..කතාව ගොඩනැගිල තියෙන්නෙ එකිනෙකට වෙනස් ප්‍රශ්ණ සහිත පුද්ගලයන් පිරිසක් වටා..මේ කට්ටිය එකට සම්බන්ද වෙන්නෙ කතාවෙ අන්තිමට,කොහොම උනත් ඇමරිකාවෙ කලු ජාතිකයන් ගැන මේකෙන් බොහේ දුරට කතා වෙනව..එකිනෙකා ජීවිතය තේරුම් ගන්න හැටි,තමන්ගේ ජීවිත වෙනස් කරගන්න හැටි,පාඩම් ඉගනගන්නා හැටි තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්නෙ..ඇත්තටම සාමාන්‍ය සිත් වල ඇතිවෙන සිතුවිලි ඒ ලෙසම පෙන්වන්න ගත්ත උත්සාහයක් වගෙ..ලස්සන කතාවක්..වෙනස් විදියෙ දෙයක් හිතට දනවන කතාවක් බලන්න ආස නම් ලින්ක් එක පහල ඇති..බාගන්න!
මගේ විස්තරෙ කියවල මේ කතාව බලන්න ඕන නෑ කියල හිතුන නම් ඒ අදහස වෙනස් කරගන්න මෙන්න පුංචි තල්ලුවක්..ජනප්‍රිය නළු නිළියන් රැසකගේ සහභාගීත්වයෙන් හැඩ වුනු මේ චිත්‍රපටය ඔස්කාර් සම්මාන 3ක් දිනා ඇති අතර තවත් සම්මාන 68කට නිර්දේශ වී 21ක් දිනාගෙන තියෙනව..කතාව බැලුවොත් තේරෙයි ඇයි මේකට මෙච්චර සම්මාන ලැබිල තියෙන්නෙ කියල!
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
අප්‍රේල් 29th, 2009 at ප.ව. 5:05
මම බලලා තියෙන ලස්සනම ෆිල්ම් එකක්. සමාජය හා සිනමාවේදය පිළිබද උනන්දු නම් මෙය ඔබ විසින් නරඹන හොදම චිත්‍රපටයක් බවට පත්වන එක වැළැක්විය නොහැක.
අප්‍රේල් 29th, 2009 at ප.ව. 7:09
මරු ෆිලිම් එක. මම දෙතුන් පාරක්ම බැලුවා
අප්‍රේල් 30th, 2009 at පෙ.ව. 12:48
බලන්න ඕනා!
මැයි 1st, 2009 at පෙ.ව. 11:44
@Palitha &අනූ ! ඔබගේ අදහසට සම්පූර්ණයෙන් එකගයි..
@-බිன்ku- එළ,අනිවා බලපන්..
මැයි 5th, 2009 at ප.ව. 1:20
මාත් මේක ආපු දවස්වලම බලලා තියෙනවා. නියම film එකක්. හැබැයි හරියට තේරුම් ගියේ දෙවෙනි පාර බලන්කොට තමයි. පොතේගුරා කිවුවා වගේ මෙහි ප්‍රධාන චරිතයක් නෑ. අධ්‍යක්‍ෂවරයා විසින් ප්‍රධාන චරිතය පාකරලා තියෙනවා.
මැයි 8th, 2009 at ප.ව. 3:50
ජිවිතේ අපි කරන කියන දෙවල් ගැන මීට වඩා වගකිමකින් කටයුතු කරන්න ඔන බව මෙකෙන් කියවෙනවා. ලස්සන film එකක්.
මැයි 27th, 2009 at ප.ව. 9:38
ela film ekak
hamoma balanna watinawa