මට හිතුන අද අමුතුම චිත්‍රපටයක් ගැන කියන්න..මේක ඔයාල බලල තියෙන ගොඩක් ෆිල්ම් වලට වඩා වෙනස් එකක්..ෆිල්ම් එකේ අන්තිමට අපිට මුකුත් හිතාගන්න බැරි තත්ත්වයකට පත් කරනව..
ඇත්තටම කියනව නම් බොහොම දරුණු විදියට මනස විකෘති වුන පුද්ලගයෙකුගේ කතාවක්,අපිට චිත්‍රපටය පුරාවටම ඔහුගේ මනසේ ඇති වෙන සිතුවිලි අහන්න ලැබෙන නිසා අමුතුම අත්දැකීමක් වෙයි මේක ඔයාලට..
මෙන්න මෙහෙමයි කතාව..එක්තරා ධනවත් තරුණ පුද්ගලයෙක් ඉන්නව තමන්ගේ ජීවිතය ගැන තදින්ම හිතන..ඔහු ස්නානයේදි පවා බොහෝ ආලේපන බාවිතා කරනව ලස්සනට ඉන්න..නමුත් ඔහුගෙ හිත නම් සම්පූර්නයෙන්ම ඒකෙ අනික් පැත්ත තමයි නිරූපණය කරන්නෙ..ඔහුගෙ ව්‍යාපාර සියල්ල සාර්තකව කෙරුනත් ඔහුගේ හවුල්කරුවන් ගැන,ඔවුන්ගෙ ඇතැම් වැඩ ගැන මොහු බොහොම ඊර්ශ්‍යාවෙන් ජීවත් වෙන්නෙ,අවසානයේදී මේ ඊර්ශ්‍යාව අතිශය කෲර විදියේ පළිගැනීමකට පෙරලෙනව..ඔහුගේ ක්‍රියාදාමයන් තමයි අපිට ෆිල්ම් එකෙන් දකින්නට ලැබෙන්නෙ..අවසානයේ හෙළිවන දෙයින් අපිව අන්දමන්ද කරන මේ චිත්‍රපටය වෙනස් විදියක අත්දැකීමකට කැමති ත්‍රාසජනක චිත්‍රපට ප්‍රිය කරන සියළු දෙනාම නැරඹිය යුතු එකක්..
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
ජූලි 1st, 2009 at පෙ.ව. 10:11
මචං මේක 2000 එකක් නේද? අළුත් ඒවා ටිකක් දාපන්කො බන් (හු.. ඒ වුනාට මන් මේක බානවා…)
ජූලි 1st, 2009 at පෙ.ව. 10:53
මගෙ ඉල්ලීම නම් හොදට රසවිදින්න පුලුවන් චිත්‍රපටයක් නම් දෙදාහේ නෙමෙයි එක්දාස් නමසිය හතලිස් ගනන් වල එකක් උනත් කමක් නෑ කියන එකයි . . .
ජූලි 1st, 2009 at ප.ව. 12:27
mama balama kiyannam, pasuguya dawas dekema online enda baei uana. mata hithenawa me movie eka honda ekak kiyal. thanks Gura.
ජූලි 1st, 2009 at ප.ව. 1:42
@chamila අලුත් ෆිල්ම් ගොඩක් බැලුව ඒත් ගති නෑ නෙ බන් මේ වගේ..
හොද ඒව ආව ගමන් දාන්නම්කො
@සුභාෂ් !අනිවා,හොදින් රසවිදින්න පුලුව්න් ෆිල්ම් දාන්න තමයි පුලුවන් තරම් බලන්නෙ..
@Dewage55! ෆිල්ම් එක එළ මචන්..හැබැයි වෙනස්ම එකක්..බලල කියපන්කො කොහොමද කියල..
ජූලි 1st, 2009 at ප.ව. 5:13
හොද ෆිලම් එකකට කාල වකවානු භාෂාව සංස්කෘතිය වෙනස් වීම බලපාන්නෙ නැහැ. මේක නම් අනිවාර්යයෙන්ම බානව!
ජූලි 2nd, 2009 at පෙ.ව. 10:51
@Ravin Perera! අනිවා මචන්..බලල කියපන්කො කොහොමද කියල..අමුතු චිත්‍රපටියක්!
සැප්තැම්බර් 9th, 2009 at ප.ව. 10:34
yako meka walak wage ne…….
sinhala subs denna baida mekata…
meke sri lankawa gana katha karanawa neda?