Share/Bookmark

සිංහල උපසිරැසි FAQ වලට උත්තර…

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ තියෙන ප්‍රධාන දේ සිංහල උපසිරැසි සහිත චිත්‍රපටි දෙනවා කියලා කවුරුත් දන්නවනේ. නමුත් ටික දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ උපසිරැසි සමඟ හරියට චිත්‍රපටි බලන්නේ කොහොමද කියන එක. ඉතින් මේ සටහනෙන් ඕගොල්ලන්ට පුලුවන් වෙයි ඒ පිළිබඳව දළ අදහසක් ලබා ගන්න.

සිංහල යුනිකේත හා එය සඳහා සහයෝගය දක්වන players පිහිටුවා ගැනීම.

* DivX, XviD හෝ mkv වර්ගයේ චිත්‍රපටි, ගොඩක් players වල වැඩ කළාට ඒ හැම එකකම සිංහල යුනිකේත වලින් අපි ලියන උපසිරැසි හරියට පෙන්නුම් කරන්නේ නැහැ.

* මුලින්ම අපි චිත්‍රපටි බලන පරිගණකයේ මොන player එක තිබ්බත් siyabas එකේ තියන Sinhala Rendering Engine එක හ‍රියට Install ක‍රල තියෙන්න ඔනේ!

* ඉතින් අපිට ෆිල්ම් එක බලන්න නම් Jet Audio හෝ KM Player හෝ Media Player Classic හෝ පාවිච්චි කරන්න පුලුවන්.

* මේවා අතරින් Media Player Classic භාවිතා කරනවානම් එයට අවශ්‍ය කරන codec pack එක මෙතනින් බාගත කරගෙන පරිගණකයේ ස්ථාපනය කරගන්න.

( මම පෞද්ගලිකව නිර්දේශ කරන්නේ Jet Audio එක. ඒකෙන් කරදර අඩුයි. :) )

* විශේෂයෙන්ම කියන්න ඕනා කාරණයක් තමයි VLC Player එක සිංහල යුනිකේත වලට සහය දක්වන්නේ නැහැ. එම නිසා එමඟින් සිංහල උපසිරැසි බලන්න බැහැ.

උපසිරැසි ගොණුව නියමිත පරිදි පිහිටුවා ගැනීම.

1) අපි ඔබට ලබා දී තිබෙන උපසිරැසි ගොනුව බාගත කර ගන්න. එය තිබෙන්නෙ (rar) ගොණුවක් ලෙස. එය winrar භාවිතයෙන් open කර ගන්න. එවිට ඔබට (.srt) හෝ (.sub) වැනි ෆයිලයක් ලැබෙනු ඇත.

[ඔබ පරිගණකයේ winrar පිහිටුවා නැත්තම් මෙතනින් බාගත කරගෙන ඔබ පරිගණකයේ සුරැකි කොට ගන්න.]

2) චිත්‍රපටිය බාගත්ත ෆෝල්ඩරයටම අපි සපයා තිබෙන උපසිරැසි ෆයිලයත් සුරැකි කර ගන්න.

3) අපි සපයා තිබෙන .srt/.sub උපසිරැසි ෆයිලයේ නමත් (file name) චිත්‍රපටියේ නමත් එක සමාන විය යුතුයි. එය පරීක්ෂා කර බලන්න.

උදාහරණයක් ලෙස චිත්‍රපටිය movie2009.avi නම්, උපසිරැසි ෆයිලය movie2009.srt විය යුතුයි.

4) දැන් චිත්‍රපටය ඉහත සඳහන් කල players වලින් කැමති එකක ධාවනය කරවන්න. උපසිරැසි ෆයිලය විවෘත කිරීමට අවශ්‍ය නැත.

ඔච්චරයි !!!

දැන් චිත්‍රපටිය සමඟ අනිවාර්යයෙන්ම සිංහල උපසිරැසි පෙනෙන්නට ඕනා.

මේ පිළිබඳව ගැටළුවක් තිබේනම් පොඩි විස්තරයක් එක්ක මට ඊ-මේල් එකක් දාන්න..

royly [at] baiscopelk [dot] com



මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර මෙතනින් එක් කරන්න..

The baiscopelk has no control over, and assumes no responsibility for, the content, privacy policies, or practices of any third party websites that are not owned or controlled by baiscopelk.