අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Aligarh (2015) with Sinhala Subtitles | සමලිංගිකත්වය අපරාධයකි…!!! [සිංහල උපසිරැසි සමග]

Rating: 8.0/10. From 4 votes.
Please wait...

Aligarh (2015)

මුලින්ම කියන්න ඕන මේක සත්‍යය කතාවක්. සමහරු කියනවා සමලිංගික වීම රෝගයක්, මනස විකෘති වීමක් කියලා. සමහරු කියනවා ඒක එහෙම නෙමේය කියලා. මිනිසෙක් තුළ ඇතිවෙන තවත් සාමාන්‍ය හැගීමක්ලු. මම මෙතන මුකුත් කියන්න යන්නේ නැහැ. හැබැයි කොයිදේත් වෙන්නේ සොබාදහමට අනුකූලව කියන එක නම් අපි කවුරුත් පිළිගන්න ඕන. චිත්‍රපටියේ කතාව පැත්තට ටිකක් හැරෙමු. රාමචන්ද්‍ර සිරාස් ඉන්දියාවේ අලිගර් මුස්ලිම් විශ්ව විද්‍යාලයේ මරාති භාෂාව උගන්වපු මහාචාර්යවරයෙක්. 2010 වසරේ පෙබරවාරි 8වෙනිදා රාත්‍රිය ඔහුගේ ජීවිතේ අඳුරුම රාත්‍රිය වෙන්නැති. සුපුරුදු විදිහට මහාචාර්ය සිරාස් තමන්ගේ මිතුරා (රික්ෂෝ පදවන්නෙක්) එක්ක තමන්ගේ කාමරයට යනවා. කාමරයේ විදුලි පහන නිවා දමනවා. අසම්මත සිදුවීමක් සාමාන්‍ය ලෙස සිදුවෙමින් තිබුණා. ඒත් මහාචාර්යතුමා හෝ ඔහුගේ මිතුරා දැනගෙන හිටියේ නැහැ තවත් කිහිපදෙනෙක් ඒ කාමරයේ සිටින බව….. මින්පසු සිදු වන දේ නැරඹීම ඔබට බාරයි.

හාන්සල් මෙහෙතා විසින් අධ්‍යක්ෂණය කළ මනෝජ් බජ්පායිගේ අසමසම රංගන කුසලතාවයෙන් හැඩවුනු අලිගර් සිනමා සිත්තමයි අද මේ විදිහට අරගෙන එන්නේ. “සමලිංගිකයෙක්” විදිහට හංවඩු ගැහුණු මහාචාර්ය සිරාස්ගේ අනුවේදනීය කතා පුවත මේ ඔස්සේ මනාව සිතුවම් වෙලා තියෙනවා, මනෝජ් ම=බජ්පායි මහාචාර්ය සිරාස්ගේ චරිතයට කළ සාධාරණය කොතරම්ද කියනවා නම් පසුගිය ෆිල්ම් ෆෙයා සම්මාන උළලේදී හොඳම නළුවාට හිමි විචාරක සම්මානයෙන් පවා පිදුම් ලැබුවා. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.8ක අගයක් ලබාගෙන විචාරක ප්‍රේක්ෂක නොමද පැසසුම් ලබාගත් චිත්‍රපටියක්. 18+ කියලා අසභ්‍ය දර්ශන එහෙම මුකුත් නැහැ, ඒවා බලාපොරොත්තුවෙන් නම් මේක බලන්න එපා. නාට්‍යමය චිත්‍රපට වලට කැමති අයට ඉහලින්ම නිර්දේශ කරනවා.

“මං මෙහෙ අවුරුදු 20ක් ඉඳලා තියෙනවා.
මං මගේ විශ්ව විද්‍යාලයට ආදරෙයි.
හැමදාමත් ආදරේ කරා ඒ වගේම ඉස්සරහටත් එහෙමයි.
මොන දේ සිද්ධ උනත් ඒක වෙනස් වෙන්නේ නැහැ.
හැබැයි මං පුදුම වෙනවා,
විශ්ව විද්‍යාලේ මට ආදරේ කරන එක නතර කළොත්,
ඒ මං සමලිංගිකයෙක් හින්දා”
-සිරාස්, 2010-

Aligarh (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Aligarh.2015.Hindi.720p.DVDRiP.x265.ShAaNiG
 මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

15 thoughts on “Aligarh (2015) with Sinhala Subtitles | සමලිංගිකත්වය අපරාධයකි…!!! [සිංහල උපසිරැසි සමග]

  • බොහෝම ස්තුතියි සබ් එකට

    Reply
  • Aligarh_2_(2017)_Tamil_Film..sub nadda bro

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි….

    Reply
  • පුලුවන්නම් මේ වගේ films ටිකකුත් දාන්න හේතුව නොදකින පැත්තක් ගැන දකින්න.im omar වගේ.තව මම දැනුවත්ව විවිධ භාෂා වලිනුත් තියෙයි..

    Reply
  • මෙම චිත්‍රපටය ලංකාවෙ සිටින තරුන මහලු සැවොම නැරඹිය යුතුයි………….(unp ආන්ඩුවෙන් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී)

    Reply
    • දන්න ඉටි ගෙඩියක් කතා කරපන් බන්

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • thanks ……………………..

    Reply
  • බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජය..

    Reply
  • ස්තූතියි මයුර… දිගටම කරගෙන යන්න

    Reply
  • ස්තුතියි මයුර සහෝ.ජයවේවා !

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *