Breaking News
Home / ආද‍ර කතා

ආද‍ර කතා

Lion (2016) with Sinhala Subtitles | වසර විසි පහකට පසු තම පවුල සොයා!!! [සිංහල උපසිරැසි සමඟ]

Lion 2016

මේක Hollywood movie එකක්. මට මේක ගැන කිව්වේ අපේ සමීර කරුණාරත්න සහෝ. මේක Hollywood Movie එකක් උනාට මේකේ දෙබස් 60%ක් වගේම යන්නේ හින්දි/බෙන්ගාලි භාෂාවෙන්. අපි කවුරුත් දන්න භාරතීය සිනමාවෙන් Hollywood පුරවරයට ගිය වාසනාවන්තයා, Dev Patel මේ movie එකේ ඉන්නවා. ඉන්නවා විතරක් නෙමේ “Best Performance by an Actor in a Supporting ...

Read More »

Manchester by the Sea (2016) with Sinhala Subtitles | භාරකාරත්වය [සිංහල උපසිරසි සමඟ]

Manchester by the sea  2016

ඔන්න යාළුවනේ ගොඩ දවසකින් ආවා ෆිලුමක් අරගෙන.. මාස ගානකට පස්සේ. මෙදා පාර අරං ආවේ එසේ මෙසේ ෆිලුමක් නෙවේ, ඔස්කර් සම්මාන හයකට නාමයෝජනා වී තියෙන, මේ වන විටත් සම්මාන 99 දිනා ඇති සහ වෙනත් සම්මාන 217කට නාමයෝජනා වී ඇති සලරුවක් තමා මේක. හොදම තිර රචනය, හොදම අධ්‍යක්ෂනය, හොදම  නළුවා,හොදම සහය නිලිය, ...

Read More »

Timeless [S01 : E16] with Sinhala Subtitles | අතීත, වර්තමාන, අනාගත ප්‍රශ්න [සිංහල උපසිරැසි සමඟ]

Timeless TV-2

ආයුබෝවන් හැමෝටම. ඔන්න ඉතින් අද Timeless කතා මාලාවෙ අවසන් කොටස තමා මේ අරගෙන එන්නෙ. ඉතින් කලින් සතියෙන් ටිකක් මතක් කරගෙනම ඉමු නේද. හැමෝම දැන ගන්නවා මේසන් සමාගම දැන් පාලනය කරන්නෙ රිට්න්හවුස්ලා කියලා. ඉතින් ඔය අතරෙ තමයි අළුත් පාලකයින් ලුසි ඇතුළු පිරිසට බාර දෙන්නෙ ෆ්ලින්ගෙ අම්මව මරන්න. ඒකට එයාලගෙ කෙනෙක්ව දෙනවා. ...

Read More »

Singh is Kinng (2008) with Sinhala Subtitles | සිංග් ඉස් කිංග් [සිංහල උපසිරැසි සමඟ]

Singh Is King 2008

මුලින්ම කියන්න තියෙන්නෙ මේ මගෙ 2වැනි උපසිරැසිය..සබ් එකක් ලියන්න ආසාව තිබ්බට ලියන්න හදන හැම එකේම සබ් දීල තියෙන්නෙ බයිස්කෝප් එකෙන්..ගොඩක් කලින් බලපු මේක මතක් වුනේ එතකොට, නළු නිළි කැල ගැන කියනවනම් ආක්ශේ කුමාර්, කත්‍රිනා කයිෆ්, සෝනු සූඩ්  තව ඉන්නව, මේක ආක්ශේගෙ ෆිල්ම් එකක්නෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ ෆුල් කොමඩියක්, කතාව ...

Read More »

Shivaay (2016) with Sinhala Subtitles | දියණිය වෙනුවෙන් විනාශකාරී රාක්ෂයෙකු වූ අවිහිංසක හිමාලයානු කඳුකර මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

Shivaay (2016)

යක්ෂ ගෝත්‍රික ස්වරූපය උසුලන්නා වූ, රොද ගැසුණු හිස කෙස් ඇත්තාද වූද, හෙල්ලයකින් සන්නද්ධව, සදහටම සාමයෙන් පිරී ඉතිරී ගියා වූද, ධාර්මික වූද, ඇඳුම් පැළඳුම් ලෙස දිශා සතරක් සහිත ශ්‍රේෂ්ඨ දේවොත්තම ශිව දෙවිඳුන් වෙත මාගේ නමස්කාරය වේවා!!! හිමාලයානු කඳුකරය ආශ්‍රිත පෙදෙසක ජීවත් වන්නාවූ, ශිව දෙවියන්ගේ බැතිමතෙකු වූ, වෘත්තියෙන් කඳු තරණය සිය ජීවනෝපාය ...

Read More »

Varuthapadatha Valibar Sangam (2013) With Sinhala Subtitles | දුක් නොවන තරුණ සංගමය [සිංහල උපසිරසි සමඟ]

Varuthapadatha Valibar Sangam (2013)

ඔන්න යාලුවනේ ආයෙත් මම බයිස්කොප් එකක් අරන් ආවා සලරුව නමි දමිළ නම දැක්කම මොකක්ද කියලා හිතෙනවා ඇති. පැහැදිලි කරනම් ඉතිං.. මේ සලරැව නමි තිර ගත වෙන්නේ 2010 දෙසැම්බර් 6 වෙනිදා ආදර කොමඩ් ගනයට වැටෙන තවත් හොද සලරුවක් තමා මෙක. ප්‍රධාන නලුවා හැටියට කවුරැත් දන්න sivakarthikeyan තමා රංගනයෙන් දායක වෙන්නේ මෙයාගේ ...

Read More »

Notorious (1946) with sinhala subtitles | වැළඳගත් අවාසනාව [සිංහල උපසිරසි සමඟ]

Notorious 1946

1946 වසරේ තිරගත උන ඇල්ෆ්‍රඩ් හිච්කොක් ශ්‍රීමතාණන් ගේ සිනමා සිත්තමක් මා ඔබ වෙත අරෙගෙන ආවා. දෙවන ලෝක යුධ සමයේ විශාල ලෙස කෙරුන ඔත්තු බැලීම් ඇසුරින් නිමවුන රහස් පරීක්ෂක චිත්‍රපටයක් වන මෙහි ප්‍රධාන චරිත වලට පන පොවන්නේ සුරූපී ඉන්ග්‍රිඩ් බර්ග්මාන් සමග කඩවසම් කැරී ග්‍රාන්ට්. ඇලීෂියාගෙ පියා එක්සත් ජනපදයට විරුද්ධව නාසි ඔත්තු ...

Read More »

Pride & Prejudice (2005) with Sinhala subtitles | ආදරයට දෙවෙනි වූ අභිමානය [සිංහල උපසිරැසි සමඟ]

Pride & Prejudice (2005)

ඔයාල හැමෝම බලලා ඇතිනේ a walk to remember, notebook, dear john වගේ සුපිරි ආදර කතා. ඒ වගේම සුපිරි ආදර කතාවක් තමා pride and prejudice කියන්නේ. ආදර කතා වලට ආදරේ කරන හැමෝම නැරබිය යුතුම ෆිල්ම් එකක් කියල මම නිර්දේශ කරනවා. මේ ෆිල්ම් එක  jane austen  ගේ  pride and prejudice(1813) කියන නවකතාව ආශ්‍රයෙන් තමා හදල ...

Read More »

Iyobinte Pusthakam (2014) with Sinhala Subtitles | වයසත් සමඟ නිවැරදි දේ තේරුම් නොගතහොත් කිසිදා වයසත් සමඟ මුහුකුරා නොයයි [සිංහල උපසිරැසි සමඟ]

Iyobinte Pusthakam 2014

ඔන්න යාලුවනේ මම අදත් ඔයාලව බලන්න ආවේ සුපිරිම මලයාලම් ෆිල්ම් එකක්ම අරගන තමයි. මේක මගේ හතරවන උපසිරැසිය. අද මම තෝරගත්තු ෆිල්ම් එක 2014 වර්ෂයේ ප්‍රදර්ශනය වූ Iyobinte Pusthakam කියන ෆිල්ම් එක. ටිකක් පරණයි තමයි. එහෙමයි කියලා නොබලා යන්නෙපා, මොකද මේක සුපිරිම ෆිල්ම් එකක්. ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වෙලා තියෙන්නේ Fahad Fazil. මෙයා කවුද කියලා ...

Read More »

Timeless [S01 : E15] with Sinhala Subtitles | වතාවකට එක ප්‍රශ්නයයි [සිංහල උපසිරැසි සමඟ]

Timeless TV-2

ඔන්න ඉතින් සුපුරුදු ලෙසටම Timeless කතා මාලාවෙ 15 වෙනි කොටසත් අරගෙන ආවා. මතකනෙ කලින් සතියෙ ලුසීට එයාගෙ තාත්තා සෑහෙන දේවල් වගයක් කියනවා. ඒත් ඉතින් ලුසි කොහොමත් කැමති නැ රිට්න්හවුස්ලගෙ කොටසක් වෙන්න. ඒත් ලුසීගෙ තාත්තා කියන්නෙ එයත් කොහෙන්හ රි කැරකිලා එතෙන්ට එයි කියලයි. පස්සෙ ලුසි එතනින් පිටවෙලා යනවා. ඔය දේවල් සිද්ද ...

Read More »

La La Land (2016) with Sinhala Subtitles | එන්න! ජීවිතය විදින්න! [සිංහල උපසිරැසි සමඟ]

La La Land (2016)

සෙබස්තියන්. ජෑස් සංගීතයට හදවතින්ම ආදරය කරන ඔහු ජෑස් පියානෝ වාදකයෙක්. නමුත් ඔහුට ඔහුගේ හැකියාවන් සම්පූර්ණයෙන් පෙන්නන්න සමාජයෙන් අවස්තාවක් ලැබෙන්නේ නෑ. ඔහු කැමති, නිදහස් ජෑස් සංගීතයක් වාදනය කරන්න ඔහුට ඉඩ ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔහුගේ එකම බලාපොරොත්තුව තමා තමන්ගේම සමාජ ශාලාවක් ආරම්භ කරන එක. එතනදී ඔහුට තමන් කැමති වාදනයක් නිදහසේ  ඉදිරිපත් ...

Read More »

Seducing Mr. Perfect AKA Mr. Robin kkosigi (2006) with Sinhala Subtitles | පරිපූර්ණ රැවටීම [සිංහල උපසිරැසි සමඟ]

Mr. Robin kkosigi

කොහොමද යාලුවනේ, ඔන්න මම ඔයාලට valentine gift  එකක් ගෙනාවා. මේක ගොඩක් පරණ (2006) චිත්‍රපටියක්. ඒත් කතාව ලස්සනයි. එක එක්කෙනා ආදරේ කරන හැටි, ආදරේ දකින හැටි අනිත් අයගේ ආදරේ තේරුම්ගන්න හැටි තමයි මේ කතාවේ තියෙන්නේ. ඉතින් බලන්නකෝ ඒක කොහොමද කියලා… හැමෝටම සුභ පෙම්වතුන්ගේ දිනයක්!! (පුංචි සාමාජිකයින්ට ඇරෙන්න) 🙂 M & A ...

Read More »

Passengers (2016) with Sinhala Subtitles | ප්‍රේමණිය විද්‍යාප්‍රබන්ධය [සිංහල උපසිරැසි සමඟ]

Passengers-(2016)

කොහොමද යාළුවනේ. ආපහු ඔන්න මම සබ් එකක් උස්සන් ආවා. අද අරන් ආවෙ Adventure, Drama, Romance  කියන වර්ගයට අයත් චිත්‍රපටියක්. චිත්‍රපටිය තමයි Passengers (2016). රඟපෑමෙන් දායක වෙලා තියෙන්නෙ Jennifer Lawrence, Chris Pratt, Michael Sheen සහ Laurence Fishburne.  එහෙනම් කතාව පොඩ්ඩක් බලමු.   මගීන් 5000ක් සහ කාර්‍යය මණ්ඩල සාමාජිකයින් 258ක් ස්ටාර්ෂිප් ඇව්ලෝන් කියන යානයෙන් වෙනත් ග්‍රහලෝකයක අළුත් ජනපධයක් පිහිටුවන්න යනවා. ගමනට ගත ...

Read More »

Ta Ra Rum Pum (2007) with Sinhala Subtitles | තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් මොනවද කරන්න බැරි [සිංහල උපසිරැසි සමඟ]

Ta Ra Rum Pum (2007)

රාජ්වීර් සිං, ඇමරිකාවේ නිව්යෝක් නගරයේ වාසය කරන ඉන්දියානුවෙක්. රැකියාව විදිහට කරන්නේ ධාවන තරඟවලදී රේසිං කාර්වල ටයර් මාරු කරනවා. දවසක් රාජ්වීර් සිං ගොඩක් කලබලයෙන් ගමනක් යන්න ලෑස්ති වෙනවා. ඔහුට එකපාරම ටැක්සියක් හම්බවෙනවා. ඉතින් ඒ ටැක්සි රියදුරත් ඉන්දියානුවෙක්. ඔහුත් එක්ක වාද කරමින් ඉන්න කොට අහම්බෙන් වගේ තවත් ඉන්දියානුවෙක් මුණගැහෙනවා. ඒ ලස්සනම ලස්සන ...

Read More »

Hacksaw Ridge (2016) with Sinhala Subtitles | දැවී-තැවුණ සිත් නිවී-පහන් කරනු පිණිස! [සිංහල උපසිරැසි සමඟ]

Hacksaw Ridge 2016 new

වෙනස් විදියට ලෝකේ දකින මිනිස්සු බොහෝ වෙලාවට ලෝකය වෙනස් කරනව, එහෙම අය නිසා තමා ලෝකය ඉදිරියට යන්නේ. අද කියන්න යන කතාව අන්න ඒ විදියේ වෙනස් විදියට ලෝකය දැකපු කෙනෙක් ගැන නිමවෙන එකක්. ලෝක යුධ සමය සහ යුද්ධය අලලා නිමවුන චිත්‍රපට රුපවාහිනී කතා මාලා සිය ගණනක් බලල ඇති ඔයාල. මේකත් දෙවැනි ලෝක ...

Read More »

Yes Man (2008) with Sinhala Subtitles | හැම දේටම yes කියන්න පුරුදුවෙන්න [සිංහල උපසිරැසි සමඟ]

Yes Man

හසිත දීගොඩ සොයුරා එවන ලද ලිපිය… ආයුබෝවන් සියලුම දෙනාට!! ඔන්න මම අරන් ආවා මගේ ජිවිතේ පළවෙනිම උපසිරැසිය. ගොඩ කාලෙක ඉදන් ආසාවක් තිබුන උපසිරසියක් කරන්න. හැමදාම බයිස්කෝප් එකට එනවා උපසිරසි බානවා විතරනේ. ගොඩක් ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් එකේ හැමෝටම මට මේ අවස්තාව දුන්න එක ගැන. yes man තමා අද ගෙනාපු සලේරුවේ නම. ...

Read More »

Allied (2016) with Sinhala Subtitles | යුද්ධයේ බලපෑම… [සිංහල උපසිරසි සමඟ]

Allied 1

“1942 කාලයේදී මැක්ස් වැටෑන් කියලා කැනේඩියානු බුද්ධි අංශ නිලධාරියෙකුට මෙහෙයුමක් පැවරෙනවා කැසබ්ලැන්කාවල වලදී ජර්මානු තානාපතිව ඝාතනය කරන්න කියලා. මේකට එයාට උදව් ලැබෙනවා. ඒ ඇයගේ බිරිදගෙන්. නමුත් සැබෑ ජීවිතයේ බිරිද නම් නෙවෙයි. ජර්මානු තානාපති ඝාතනය දවස එනකන් දවස් ගනනක් මේ දෙන්නට එකට ඉන්න සිද්දවෙනවා බැදපු ජෝඩුවක් හැටියට. ඇයගේ නම මරීයාන් බියුසොජෝර්. ...

Read More »

Timeless [S01 : E14] with Sinhala Subtitles | රිට්න්හවුස්ලා හැමතැනම [සිංහල උපසිරැසි සමඟ]

Timeless TV-2

කොහොමද කස්ටියට ඔන්න ඉතින් Timless කතා මාලාවෙ 14 වෙනි කොටහත් අරගෙන ආවා. ඒ වුනත් කියන්න කණගාටුයි අවසානය ලං ලං වෙනකොට කට්ටියට කොමෙන්ටුවක් එහෙම දාගෙන යන්නත් අමතක වෙන තත්ත්වයක් තමා තියෙන්නෙ. හරි කොහොම වෙතත් පහුගිය සුමානෙන් මතක් කරගෙන ඉමුකො. ඔයාලට මතකනෙ වායට් ලුසීගෙ ගෙදරට ඇවිත් කියනවා එයයි රූෆසුයි දෙන්නා ටයිම් මැෂින් ...

Read More »

Aradhana (1969) with Sinhala Subtitles | ආදරයට ආරාධනාවක්… [සිංහල උපසිරසි සමඟ]

Aradhana

ඔන්න මම කිව්ව වගේම පරන චිත්‍රපටියක් අරන් ආවා. 1969 අවුරුද්දෙ තිරගත වුනු ඉතා ජනප්‍රිය වූ මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය හා නිශ්පාදනය  Shakti Samanta ගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ Sharmila Tagore, Rajesh Khanna, Sujit Kumar, Farida Jalal. සංගීතය S. D. Burman ගෙන්. කතාවෙ වෙන්නෙ මෙහෙමයි. අරුන් වර්මා කියන්නෙ ඉන්දියානු ගුවන් හමුදාවෙ පයිලට් කෙනෙක්. ...

Read More »

Priceless (2016) with Sinhala Subtitles | මිනිස් ජාවාරමක් නිසාවෙන් දෙහදක ඇතිවූ මිලකළ නොහැකි ආදර අන්දරය [සිංහල උපසිරැසි සමඟ]

Priceless (2016)

කාලයක් මං හොඳ මිනිහෙක් වෙලා හිටියා. තාත්තා කෙනෙක්… සැමියෙක්… ඒත්, මං ආදරය කරපු කාන්තාව මට අහිමි වුණා. මං ඒකට බැනගත්තේ මටමයි. එතන ඉඳලා, දිගටම යන්න හරිම අමාරු වුණා. රස්සාවක් එකදිගට තියාගන්න. ඒ නිසා, මගේ පුංචි කෙල්ලව මගෙන් ඈතකට අරගෙන ගියා. මං දැන් බලාපොරොත්තු සුන් වෙච්ච මිනිහෙක් බවට පත්වෙලා. අපේක්ෂා භංගත්වය ...

Read More »