Breaking News
Home / ත්‍රාසජනක

ත්‍රාසජනක

Radius (2017) Sinhala Subtitles | වුඩ්මෝ ප්‍රදෙශයෙ අභිරහස් මරණ දාමය [සිංහල උපසිරසි සමඟ]

පැමිණ සිටින සියළුම දෙනාගෙන්ම අවසරයි. මං අද පැමිණ සිටින්නෙ මාගෙ 5වෙනි උපසිරැසි නිර්මාණය ඉදිරිපත් කිරීමටයි. Movie එක ගැන මුලින් සඳහන් කරන්න කලින්, මම කැමති මේ අවස්ථාව baiscopelk අඩවියෙ හැමෝටම මට මෙ අවස්ථාව ලබාදීම ගැන ස්තුති වන්න. විශෙෂයෙන් සිසිල ප්‍රසාද් සහෝදරයාට ස්තුතියි කරන්න ඔන, මොකද ඒ සහෝදරයා ලබා දුන්න උපදෙස් ගොඩක් …

Read More »

Theeran Adhigaaram Ondru (2017) Sinhala Subtitles | දාම මංකොල්ලය හඹා යාම [සිංහල උපසිරැසි සමඟ]

  දිනය:- 1995.06.07 ස්ථානය:- වලජපෙට්,වෙල්ලෝර් දිසාව චෙන්නායි- බැංගලෝර් අධිවේගී මාර්ගයට නුදුරු නිවෙසක් රෙදි කඩෙන් මුහුණු වසා ගත් පිරිසක් මහා රාත්‍රියේ එක්තරා නිවෙසකට කඩා වදියි.නිවසේ සිට ඔවුන් හමුවට ආ වයසක මිත්තණියක් ඔවුන්ගෙන් එක් අයෙකුගේ යකඩ පොලු පහරින් බිම ඇද වැටෙයි.ඇයගේ ගෙල බැඳි රන් මාලයද මොහු විසින් ගලවා ගනියි.තම මිත්තණිය ගැන බැලීමට …

Read More »

The Battleship Island (2017) Sinhala Subtitles | අමානුෂිකත්වය පිරි කුරිරු දූපතෙන් පැන යාමේ වෙහෙසකර සටන [සිංහල උපසිරැසි සමඟ]

2017 වර්ෂයේ තිරගත වූ සිනමා නිර්මාණ අතරින් බිහිවූ විශිෂ්ටතම සිනමා සිත්තමක් තමයි The Battleship Island කියන්නෙ. තමන්ගේ බඩවියත සදහා ඉතා කටුක, දුෂ්කර රැකියාවක් වන පතල් හෑරීම ජීවිකාව කරගත් අසරණ මිනිසුන් රැසක් ඔවුන්ට ඉතා වේදනාකාරී ලෙස පහරදෙමින් වහලෙකුට සේ සලකමින් බලහත්කාර ලෙස සිර කර ගෙන සිටින හෂීමා දූපතෙන්(The Battlefield Island) තමන්ගේ …

Read More »

Golmaal Again (2017) Sinhala Subtitles | සිනහව – කඳුල අතරේ දෝලනය වූ වියරු පළිගැනීම! [සිංහල උපසිරැසි සමඟ]

ගෝපාල්, මාධව්, ලකී, සහ ලක්ෂ්මන් දෙදෙනා යන පස් දෙනා කුඩා කාලයේ පටන්ම ජීවත් වුනේ ජම්නාදාස් යන පුද්ගලයා විසින් පවත්වාගෙන යනු ලැබූ ජම්නාදාස් අනාථ ආශ්‍රමයේ. ළමයි කොහොමත් දඟකාරයි. හැබැයි, මේ ළමයි පස් දෙනා නම් අනිත් හැම ළමයෙක්ටම වඩා දඟකාර වුණා. කොයි වෙලාවෙත් මොකක්හරි මගෝඩි වැඩක්ම තමයි කලේ. මේ පස්දෙනා අතුරින් ගෝපාල් …

Read More »

The Punisher [S01: E12] Sinhala Subtitles | අවසානයට පෙර [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට? ඔන්න ඉතින් කට්ටිය බලාගෙන හිටපු පනිෂර් කතා මාලාවේ දොලොස්වෙනි කොටහා අරගෙන එන්න තමා සුදානම. මේ වැඩේට මාවත් එක්කාසු කර ගත්තට විමා අයියට තමා ස්තුති කරන්න ඕනා. කාතාව ගැන අළුතින් කියන්න ඕනේ නෑ නේ, විමා පලවෙනි ලිපියෙන් කතාව ගැන හොදට කියලා තියෙනවා. අපි එහෙනම් අද කතාව දිහාට හැරෙමු. …

Read More »

War Wolves (2009) Sinhala Subtitles | ලෝබස්ගේ යුද්දය [සිංහල උපසිරසි සමඟ]

ඉෂාර උදිත් සොහොයුරාගේ ලිපිය… කොහොමද යාලුවනේ……….මම ඉෂාර උදිත් ගුණරත්න.මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් වෙබ් අඩවියට සහ සිසිල ප්‍රසාද් සහෝදරයාට.මේක තමයි මගේ ප්‍රථම උපසිරැසි නිර්මාණය. ඉතිං බොහෝම කාර්ය බහුල ජීවිතයක් ගත කරන මට මේක හදන්න ගොඩ කාලයක් ගත වුණා.ඒත් ඕගොල්ලො දන්නවනේ මේ වගේ වැඩකට අතගහන්න ලැබෙන එක කොච්චර වාසනාවක්ද කියලා. මමත් …

Read More »

Dunkirk (2017) with Sinhala Subtitle | ඩන්කර්ක් ප්‍රාතිහාර්යය හෙවත් ඩයිනමෝ මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

යුද්ධය අපට නුපුරුදු දෙයක් නෙමෙයි. ඒ වගේමයි යුද්ධයක් හොඳ අවස්ථාවක්, මිනිසා තුළ සැගවී ඇති කුරිරුකම් හඳුනා ගන්න. අපි හැමකෙනා තුළම එක්තරා මට්ටමක මේ ගති ගුණ සැගවිලා තියනවා නෙව. ඒ වගේමයි යුද්ධය ස්වර්ණමය අවස්ථාවක් මිනිසුන්ගේ නිර්භීත කම දැක බලා ගන්නටත්. තමුන් කිසිදා නොදැක්ක, වචනයක් කතා නොකළ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කී දෙනෙක් …

Read More »

Rough Night (2017) Sinhala Subtitles | ගෙවාගන්න අමාරු අමිහිරි රාත්‍රිය [සිංහල උපසිරසි සමඟ] (18+)

2017 ජුනි 06 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කරපු, විනාඩි 101ක දර්ශන කාලයක් තියෙන මේ ච්ත්‍රපටිය කාන්තාවක් විසින් අධ්‍යක්ෂණය කරපු එකක්. මේක මේ වෙද්දි IMDB දර්ශකයෙ 5.2ක ඇගයීමක් අරගෙන තියෙනවා. Lucia Aniello අධ්‍යක්ෂණය කරපු හාස්‍යෝත්පාදක ගණයට වැටෙන මේ චිත්‍රපටියට සිංහල උප සිරැසි ඔන්න අරගෙන ආවා. මේක යෙහෙළියන් පස් දෙනෙක් වටා ගෙතිච්ච කතාවක්. …

Read More »

The Suspect (2013) AKA Yong-eui-ja Sinhala Subtitles | සැකකරු [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මගෙ යාළුවො ඔක්කොටම. මගේ පස්වන උපසිරසිය විදිහට මම අරගෙන ආවෙ ජනප්‍රිය දකුණු කොරියානු ක්‍රියාදාම චිත්‍රපටයක්. IMDB අගය 6.9 ක් විදිහට සටහන් කරගන්නා මෙම චිත්‍රපටය සදහා රංගනයෙන් දායක වන්නේ ඉතා ජනප්‍රිය චිත්‍රපටයක් වුන Train to Busan හි ප්‍රධාන චරිතය නිරූපණය කල Yoo-Gong. ඩොන්ග්-චුල්(Yoo-Gong) කියන්නෙ උතුරු කොරියාවේ හිටපු හොඳම ඔත්තු බැලීමේ …

Read More »

Marshland (2014) AKA La isla mínima Sinhala Subtitles | වගුරුබිමේ මාරයා [සිංහල උපසිරැසි සමග]

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න මං තවත් ස්පාඤ්ඤ ෆිල්ම් එකකට සබ් එකකුත් අරගෙන ආවා. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මට මේක බාර දීපු සිසිල ප්‍රසාද් සහෝදරයා ඇතුළු බයිස්කෝප් කණ්ඩායමට. ඉතින් මේක 2014 වර්ෂයේ La isla mínima නමින් ස්පාඤ්ඤයේ තිරගතවීම ආරම්භ වුණු Crime, Thriller වර්ගයට අයිති චිත්‍රපටියක්. ඉංග්‍රීසි නම තමයි Marshland. එහෙමත් නැත්නම් …

Read More »

The Foreigner (2017) Sinhala Subtitles | මාරක බෝම්බ ප්‍රහාරයෙන් ඉස්මතු වූ, පිය සෙනෙහසේ වියරු පළිගැනීම! [සිංහල උපසිරැසි]

දෙමව්පියන්ට මේ ලෝකේ තියෙන වටිනාම සම්පත තමයි දරුවෝ කියන්නේ. කතාවක් තියෙනවා, උනහපුළු අම්මට උගේ පැටියා මැණිකක් කියලා. තමන්ගේ දරුවා කොච්චර කැත වුනත් අම්මා කෙනෙක්ට, තාත්තා කෙනෙක්ට පේන්නේ ලෝකේ ඉන්නේ ලස්සනම දරුවා තමන්ගේ දරුවා කියලයි. තමන්ගේ දරුවා මොන අන්දමේ ආබාධයකින් පෙළුනත්, අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට පේන්නේ, ලෝකේ ඉන්න හොඳම ළමයා තමන්ගේ …

Read More »

The Punisher [S01: E11] Sinhala Subtitles | පාවාදුන් මිතුදමට එරෙහිව! [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් මම මේ අරගෙන ආවේ මාවල් පනිෂර් කතාමාලාවේ 11 වෙනි කොටස, මුලින්ම අශාන් විමුක්ති අයියට ස්තූති කරන්න ඕනි, මේ වගේ වටින කතාමාලාවකට මාවත් එකතු කරගත්ත එකට, ඉතින් දැන් කතාමාලාවේ අවසානය ලංවෙලා නිසා  කට්ටියට ඉවසිල්ලක් නැතිවනේ ඇත්තේ. ඒක නිසා වැඩි විස්තර ඕනි නැහැ, කතාව පැත්තට යමු. ඉතින් කලින් කොටසෙදි වුනේ මොනවද කියලා …

Read More »

The Punisher [S01: E10] Sinhala Subtitles | රහස් එළිවේ! [සිංහල උපසිරැසි සමඟ]

ලුයිස්ගෙ තත්ත්වය එන්න එන්නම වැඩි වීමත් එක්ක එයාට උමතුමක් වගේ හැදෙනවා.ඒකෙන් එයා ත්‍රස්තවාදීයෙන් ගාණට වැටෙනවා.මොකද එයා රජයේ සමහර ස්ථාන වල බෝම්බ දානවා.ඒවගේම ලුයිස් කැරන්ට ලියුමක් යනව තමන් ඒ දේවල් කරන්නෙ ඇයි ඒවට හේතු කියන දේවල්.හැබැයි කැරන් පත්තරේ පළ කරන්නෙ ලුයිස් බයගුල්ලෙක් ගාණට දාල.අද කතාවෙදි ලුයිස් උත්තර මන්ත්‍රීව මරන්න යනව ඔතනදි …

Read More »

Vikings [S05: E01- E02] with Sinhala Subtitles | එගොඩහ යන්නෝ – මෙගොඩහ යන්නෝ… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න එහෙනම් මගේ ප්‍රියතම ප්‍රේක්ෂකයින් පිරිස ඉන්න කතා මාලාවට උපසිරසි අරගෙන ආයෙමත් ආව. වයිකින් බලන කට්ටිය තමා මම කැමතිම සෙට් එක. මොකද මේක බලන්නේ 1000+ක් වගේ ටික දෙනෙක් උනාට ඒ අය මුල ඉඳලම කතාව එක්ක එකතුවෙලා හිටිය අය. පොඩ්ඩ එහෙ මෙහෙ වෙද්දී කවදාවත් මාපිය සනුහරේ ගුණ වයල …

Read More »

Badmaash (2016) Sinhala Subtitles | හිත හොඳ නරකයා [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සියලු දෙනාහට සුභාසිරි..! එසෙනම් අද දින මා බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගොඩ වන්නේ 2016 වසරේ තිරගතවු දකුණු ඉන්දියානු කර්නාටක ප්‍රාන්තයේ කන්නඩ භාෂාවෙන් නිමැවුනු තවත් එක් Action , Romantic , Thriller ඝණයට අයත් අගනා සිනමා සිත්තමක් සමඟින් එසෙනම් භාරගත් සැනින් ඔබවෙත ගෙන ඒමට සිදුවු ප්‍රමාදය පිළිබඳව සමාව අයැදිමින් (මෙම චිත්‍රපටය …

Read More »

Rendel (2017) Sinhala Subtitles | වියරු පළිගැනීමෙන් උපත ලැබූ ඝාතකයා! [සිංහල උපසිරැසි]

කාටවත් කරදරයක්, හිංසාවක් නැතුව ජීවත් වෙච්ච අහිංසක මනුස්සයෙක්. බිරිඳයි, පුංචි දියණියයි තමයි මුළු ලෝකයම වුනේ. රැකියාවක් විදියට ආයතනයක මූල්‍ය අධ්‍යක්ෂක කෙනෙක් විදියට වැඩ කළා. හැබැයි, හොඳ මිනිස්සුන්ට වරදින්න වැඩි කාලයක් යන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. ඒ කතාව සැබෑවක් කරමින් මේ අහිංසක මනුස්සයටත් වැරදුණා. නිකරුනේ රැකියාවෙන් දොට්ට දැම්මා. රැකියාවක් නැති මනුස්සයෙක් …

Read More »

Cube (1997) Sinhala Subtitles | ඝනකයක අරුමය [සිංහල උපසිරැසි සමග]

දිල්ශාන් මධුරංග සොහොයුරාගේ ලිපිය සුබ දවසක් යාළුවනේ.. මේ පාර මං අරන් ආවේ අවුරුදු 20ක් පරණ එකක්. ඇත්තටම මේ ගැන ලිපියක් පලවෙලා තිබුණට සබ් එකක් දීල තිබුණේ නෑ. ඉතින් මං හිතුව ඒ ලිපියට කමෙන්ට් කරපු, ඒක කියවල මේක බලන්න හිතුණු අය වෙනුවෙන් මේ සබ් එක දෙන්න. IMDB 7.3 ක අගයක් අරන් …

Read More »

The Punisher [S01: E09] Sinhala Subtitles | සතුරා ඉදිරියට! [සිංහල උපසිරැසි සමඟ]

ගිය වතාවේ ෆ්‍රෑන්ක් රොව්ලින්ස්ට ස්නයිපර් ප්‍රහාරයක් එල්ලකරනවා. කවදාවත් ඉලක්කය වරද්දාගත්තේ නැති ෆ්‍රෑන්ක්ටමේ පාර ඉලක්කය වරදිනව, ඒ වෙඩි නොවදින වීදුරුවක් නිසා. මයික්‍රෝ සහ ෆ්‍රෑන්ක් මේ විදියට තමන්ට මෙහෙම තත්වයකට වැටෙන්න තමන්ගෙන් යුතු ප්‍රයෝජන ගත්ත තමන්ව ද්‍රෝහීන් කරපු තමන් එක්ක ලඟින් හිටිය අය පසුපස යනවා. ඔය අතරේදී යුද්දේ නිසා මානසික වශයෙන් වයාකුල තත්වයට …

Read More »

Kingsman : The Golden Circle (2017) Sinhala Subtitles | ඇරඹුමක අවසානය.. [සිංහල උපසිරැසි සමඟ]

  “සිරිත් විරිත්… හොද මිනිහෙක්ව… නිර්මාණය කරනවා…” ඔය වාක්‍ය කැල්ල ඇහුනත් ඇති ඕනෙම කෙනෙක් දන්නවා. නොදන්නා කෙනෙක් ඉන්න විදිහක් නැහැ. එහෙම කෙනෙක් ඉන්නවනම් ඔත්තු කරුවන්ගේ රජ දැක්ම නොහොත් Kingsman: The Secret Service (2014) මුලින් බලලම ඉන්නකෝ. මං දන්නවා ඉතින් මුල් චිත්‍රපටය බලපු කෙනෙක් මේකේ අලුත්ම චිත්‍රපටය නිකුත් වෙනකන් නොඉවසිල්ලෙන් ඉන්න …

Read More »

Duvvada Jagannadham (2017) Sinhala Subtitles | චරිත දෙකක්… [සිංහල උපසිරසි සමඟ]

සුහ දවසක් කිව්වා එහෙනම් හැමෝටම… හුඟ කාලෙකට පස්සේ. ඔන්න ඉතින් ආයෙත් ආවා ඔයාලා ලඟට තවත් ජනප්‍රිය සුපිරි චිත්‍රපටියක් අරගෙන. වසරේ අවසාන එක විදිහට. මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා සිදුවූ ප්‍රමාදය සම්බන්දව.☺️☺️☺️ හුඟ කාලෙකින් තමයි ආයෙත් සබ් එකක් කරන්න සෙට් උනේ. හ්ම්ම්… කොතනින් පටන්ගෙන කොතනින් ඉවර කරන්නද කියලා හිතාගන්න අමාරුයි. හරි, අපි …

Read More »