Breaking News
Home / සිංහල උපසිරැසි / චිත්‍රපටි

චිත්‍රපටි

Jomonte Suvisheshangal (2017) with Sinhala Subtitles | පිය-පුතු සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් මලයාලම් ෆිලුමක් අරගෙන මම ආයෙත් ආවා.මේකනම් අලුත්ම එකක් ! අපේ මලයාලම් ෆිල්ම් රසිකයන් අතර ගොඩක් ප්‍රසිද්ධ Dulquer Salmaan මේ අවුරුද්දේ වැඩ අරඹන්නේ මේ ෆිලුමෙන්.Comedy,Drama,Family කියන ප්‍රභේද වලට මේක අයිති වෙනවා.පවුලේ හැමෝම එක්ක බලන්න පුළුවන් ලස්සන ෆිලුමක් !   ජෝමොන් කියන්නේ ධනවත් ව්‍යාපාරික පවුලක තුන්වෙනි දරුවා.මෙයාට සහෝදර-සහෝදරියන් තුන් දෙනෙක් ...

Read More »

Northern Limit Line (2015) AKA Yeonpyeong Haejeon with Sinhala Subtitles | කහ මුහුදේ සංග්‍රාමය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! කොහොමද ඉතින්? කලින් වතාවෙ දීපු ”The Throne” චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියල හිතනවා.අදත් ඉතින් වෙනද වගේම කොරියානු චිත්‍රපටියකට තමයි සිංහල උපසැරසි අරගෙන ආවෙ.මේකත් 2015 බොක්ස් ඔෆිස් වාර්තා තියපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2002 වසරෙ උතුරු කොරියා සහ දකුණු කොරියා නාවික හමුදා අතර ඇති වුණ සටනක් ඇසුරින් තමයි නිර්මාණය කරල තියෙන්නෙ.විශේෂයෙන්ම ...

Read More »

I Wanna Hold Your Hand (1978) with sinhala subtitles | කුරුමිණි මේනියා. [සිංහල උපසිරසි සමඟ] (50)

2015 ජුලි මස දහ වන  දින මගේ පලමු උපසිරැසිය බයිස්කෝප් අඩවියේ පලකිරීමෙන් පසු, මේ මගේ පලමු කඩ ඉමයි. එනම් මේ මගේ පනස් වෙනි උපසිරැසි නිර්මාණයයි. මේ පිලිබඳව විශේෂයෙන් කිසිවක් පැවසීමට නැතත්, මේ සඳහා මා හට අවස්ථාවක් ලබා දුන් බයිස්කෝප් කාර්‍ය මණ්ඩලයට ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා. රොයිලි, යශෝධ, සමන් මේ ...

Read More »

Prityazhenie AKA Attraction (2017) with Sinhala Subtitles | ආදරයේ සැබෑ අරුත ලොවට පෙන්වාදුන්, ඈත මන්දාකිනියේ අබිරහස් පිටසක්වල ජීවියා [සිංහල උපසිරැසි සමඟ]

මිනිසා කියන්නෙ සොබාදහමේ හරිම පුදුම නිර්මාණයක්. විටෙක ලොව වඩාත්ම ආදරණීයම පුද්ගලයා වෙන මිනිසා, තවත් විටෙක ලොව දරුණුතම මිනිසා වීමට ගත වෙන්නේ සුළු නිමේෂයයි. ඒ නිසා වෙන්න ඇති, ලොව දරුණුතම සහ ආදරණීයම සත්වයා ලෙස අවිවාදයෙන්ම මිනිසාව හඳුන්වන්නෙ. පෘතුවිය කියන්නෙ මිනිස් වාසය සඳහා ඉතාමත් උචිත පරිසරයක් සහිත ග්‍රහලොවක්. කෙසේ නමුත්, පසුගිය අවුරුදු ...

Read More »

Strangers On A Train (1951) with sinhala subtitles | දුම්රියේ අමුත්තා. [සිංහල උපසිරසි සමඟ]

ගයි හේනස්, ප්‍රසිද්ධ ටෙනිස් ක්‍රීඩකයෙකි. එමෙන්ම ඔහුගේ අභිප්‍රාය ටෙනිස් වලට පසුව දේශපාලනයට එක්වීමයි. මේ අතරම පුවත් පත් වල ඕප දූප පිටු පිරෙන්නේ මොහුගේ විවාහක බීරිඳගෙන් දික්කසාද වීමට සූදානම් බව පවසන පුවත් වලිනි. හේනස් ගේ බිරිඳ ඔහුට වංචා කරමින් වෙනත් පිරිමින් ඇසුරු කරන්නියකි. මුලදී දික්කසාදයට කැමැත්ත පෙන්නුවද පසුව ඔහු මංත්‍රී දියණියක් ...

Read More »

Laid in America (2016) with Sinhala Subtitles | අරමුණ ඉටුවෙනකල් උත්සහය අත්හරින්න එපා. [සිංහල උපසිරසි සමඟ] (18+)

හරි ඔන්න ඉක්මනටම තවත් චිත්‍රපටියක් උස්සන් ආවා. ඇත්තම කිව්වොක් මේක බාර ඇගෙන දැන් මාස ගානක් වෙනවා. The Secret Circle  එක නිසා තමයි පරක්කු වුනේ. ඉතින් මේක ගැන කියනවනම් මේක 2016 ආපු සුපිරිම ගනයේ කොමඩියක්. අනේ මන්දා ඉසුරැට කොහොම මේක මිස් වුනාද කියලා.කොහොම හරි වැඩි පුරාජේරැ ඔනි නැහැ කතාව ගැන ටිකක් ...

Read More »

Ali and Nino (2016) with Sinhala Subtitle | අලි සහ නිනෝ… [සිංහල උපසිරැසි සමඟ]

උකුස්සෙකුට සමාන තියුණු බැල්ම, සිත් ඇදගන්නා සිනාව, එකදු රැවුල් ගසකට හෝ හිස එසවීමට ඉඩ නොදුන් දිගටි මුහුණ, රාජකීය ගමන් ලීලාව. ඒ තරුණයා මාව පිස්සු වැට්ටුවේ දැකපු පළවෙනිම දවසෙමයි. වෙනතකට අවධානය යොමු කරන්න හැදුවත් මටත් නොදැනීම මගේ ඇස් එයාව ලුහුබඳින්න අරන්. කවදාවත් මෙහෙම වෙලා නැහැ, මෙහෙම අතරමං වෙලා නැහැ. අන්න.. අන්න ...

Read More »

Mirzya (2016) with Sinhala Subtitles | සංසාරගත බැඳීම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාටම, ඔයාලට වෙනදා වගේම අදත් ගෙනාවා ලස්සන හිංදි කතාවක්. එක පෙලට හිංදි කතා ගොඩක් කරපු එකේ මේකත් කරලා දාන්න, තවත් පහරක් කියලා මගේ ඇඟේ ගැහුව ආසිරි සහෝට ස්තූතියි.  බැලුවම තමයි තේරුනේ ෆිලුමේ අමුතු ගතියන්යක් තියෙනවා කියලා. කතාව හොඳ උනාට හරියට සම්පූර්ණ සබක් හොයාගන්න තමයි අමාරු උනේ. පොඩි ...

Read More »

Live by Night (2016) with Sinhala Subtitles | ජීවිතේ හිතන තරම් සරල වුනා නම්.. [සිංහල උපසිරැසි සමඟ]

1917 දී යුද්ධයට ගිහිල්ලා, සෙබලෙක් හැටියට ගෙවන ජීවිතේ අතහැරලා දාලා ජෝ ෆොක්ලින් ගෙදර එන්නේ නීතියෙන් පැනලා ආපු කෙනෙක් හැටියට. මෙයාගේ තාත්තා පොලිසියේ හොද ලොක්කෙක්. එයාගේ නම ජෝ කොෆ්ලින්. ජෝ තමන්ගේ ජීවිතේ ගැටගහගෙන අරන් යන්න කලේ මංකොල්ල කාපු එක. පස්සේ මෙයාට සිද්ද වෙනවා මාසෝ පෙස්කැටොරේ කියලා ලොකු ලොක්කෙක් එක්ක වැඩ කරන්න. ...

Read More »

A Street Cat Named Bob (2016) with Sinhala Subtitles | පාරේ හිටපු පූසා…. [සිංහල උපසිරසි සමඟ]

හායී..කොහොමද ඉතින් කට්ටියට? ඔන්න මං මං ඉස්සෙල්ලා කරපු True Memories Of An International Assassin කියන ෆිලුමේ සබ කරලා ඉවර වෙලා සතියක් යන්න කලින් මං මේ  A Street Cat Named Bob කියන ෆිලුමේ වැඩ පටන් ගත්තා.මේ තමයි මං අඩවිය වෙනුවෙන් කරන 5වැනි උපසිරැසිය.ඒත් නිළ වශයෙන් අඩවියේ පළ වෙන 2වැනි උපසිරැසිය. කලින් ...

Read More »

War on Everyone(2016) with Sinhala Subtitles | අපි තමා පොලිසිය! [සිංහල උපසිරසි සමඟ] (18+)

අන්තිමට සබ් එකක් කරලා අවුරුද්දකට විතර පස්සේ තමයි මට තවත් උපසැරසි නිර්මාණයක් අරන් එන්න පුලුවන් වෙන්නේ. විශේෂයෙන්ම අධ්‍යාපණ කටයුතු නිසා තමයි එච්චර කල් ගියේ. ඉස්සරහට එක දිගට සබ් දෙන්න පුලුවන් වෙයි කියල හිතනවා. මේ චිත්‍රපටිය නිකුත් උනේ 2017 පෙබරවාරි 3 වෙනිදා. Action/Comedy කියන genre එකට තමයි චිත්‍රපටිය වැටෙන්නේ. චිත්‍රපටියේ IMdb ...

Read More »

Total Recall (1990) with Sinhala Subtitles | ද්විත්ව මානසික ඒජන්තවරයා… [සිංහල උපසිරසි සමඟ]

අයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ අනු පස්වන උපසිරැසිය තමා මේ අරගෙන එන්නේ. චිත්‍රපටය වෙන්කරන් නම් ටිකක් කල්. එත් ඉතින් ඔයාලට ගෙන්න පුළුවන් උනේ අද. අපි කවුරුත් හොඳින් දන්නා ආර්නෝල්ඩ් රඟපාන සුපිරිම විද්‍යා ප්‍රබන්දයක් තමා මේ චිත්‍රපටය. IMDb අගය 7.5 තරම් ඉහල අගයක් අරන් තියෙන Action, Sci-Fi, Thriller ගණයට අයිතිවෙන මෙම ...

Read More »

The Princess Bride (1987) with Sinhala Subtitles | “සැබෑ ආදරය” [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමදෙනාටම. ටික කාලෙකට පස්සෙ තමා ආපහු සැරයක් සබ් එකක් අරගෙන එන්නෙ. මේක මගේ 16 වෙනි සබ් එක. මේක ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපටයක්. කවුරැවත් මේ වෙනකං මේකට සබ් එකක් නොදුන්න එකත් ඇත්තටම පුදුමයි. මේක Adventure / Family / Fantasy / Romance යන වර්ග වලට අයත් චිත්‍රපටයක්. පවුලෙ හැමෝටම රසඳින්න පුළුවන් චිත්‍රපටයක් ...

Read More »

Moonlight (2016) With Sinhala Subtitles | “හඳ එලියට නිල් පාට වෙන කළු කොල්ලො” [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔව් මේ දෙන්න හදන්නේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය(චලන) විදියට තේරුණ චිත්‍රපයට. මේකට ඊට අමතරව තව සම්මාන දෙකක් ලැබුනා. නළුවෙක් විසින් කරන ලද හොඳම සහය රංගනය – Mahershala Ali හොඳම අනුවර්තිත තිර රචනය – Barry Jenkins (screenplay) Tarell Alvin McCraney (story) මීට අමතරව තව ඔස්කාර් සම්මාන 5 ක් සඳහා නිර්දේශ ...

Read More »

Dangal (2016) with Sinhala Subtitles | හීනයක් සමඟ පොරබදින්න… [සිංහල උපසිරැසි සමඟ]

හැම ක්‍රීඩකයෙක්ටම වගේ මටත් හීනයක් තිබ්බා. රට වෙනුවෙන් රන් පදක්කමක් ගේන එක. හැබැයි ඒක හීනයක් විතරක්ම වුණා. ඒ පවුලේ බලපෑමට මට මල්ලවපොර මඩුවට සමුදෙන්න සිද්ධවුණුහින්දා. හැබැයි හිතේ ලොකුම ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. මං හැමදාම මගේ පරණ කුසලාන ගොඩ දිහා බලන් දොඩවනවා, දයා පැත්තක ඉඳන් බලන් ඉන්නවා. “මට කරන්න බැරි වෙච්ච දේ ...

Read More »

Headshot (2016) with Sinhala Subtitles | ආලෝකය වෙත සටනේ [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා හැමදෙනාටම. මුලින්ම මේක බාරදුන්න සමන් ප්‍රසාද් සහෝදරයට ස්තූති කරන අතර සමාව ඉල්ලනවා මේක ගේන්න චුට්ටක් පරක්කු වුනාට. මොකද පහුගිය දවස් ටිකේ නිතරම වගේ රෝහල්වල තමයි ඉන්න වුනේ පවුලේ අයගේ අසනීප තත්ත්වයන් නිසා. රැකියාවේ නිවාඩු තියෙන දවසට මොනාහරි දෙයක් වෙලා, වෙන මොකක්හරි වැඩක් එනවා. ඉතිං උපසිරැසිය ගොඩ දාන්න ...

Read More »

The Black Stallion Returns (1983) with Sinhala Subtitle | උත්සාහය, අධිෂ්ඨානය සහ කැපවීම ඇත්නම් ජය නියතය. [සිංහල උපසිරැසි සමඟ]

The Black Stallion (1979) කියන්නේ කා අතරෙත් ප්‍රසිද්ධ වුණු සුපිරි චිත්‍රපටයක් බව මම නැවත කිව යුතු නැහැ. මේ එම චිත්‍රපටයේ දෙවැන්නයි. කොච්චර පරණ වුණත් මටනම් නැවත නැවත බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක. IMDb අගය 5.9ක් විදිහට තමයි සටහන් වෙන්නේ. එක් සම්මානයක් සඳහා නාමයෝජනා ලැබී තිබෙනවා. ඇලෙක් රැම්සි තමන්ගේ අස්සයාත් තියාගෙන ...

Read More »

Ammani (2016) with Sinhala Subtitle | අම්මානී [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ….කොහොමද කියල ඇහුවට ඔයාල මං කවුද කියල නං දන්නැතුව ඇති. හැමදාම වෙන අය හදන සම් දාගෙන ෆිල්ම් බල බල ඉද්දි මටත් හිතුන සබ් එකක් හදල බලන්න. ඉතින් ආසාවටත් එක්ක හැදුව එකක්. මාස ගානක් බලන් හිටිය කවුරු හරි මේකට සබ් එකක් හදල දායි කියල. ඒත් දැම්මෙ නෑ කවුරුත්. මගෙ පලවෙනි ...

Read More »

Geet (1970) with Sinhala Subtitles | ශ්‍රී ලංකාවේ සිනමාහලක වැඩිම කාලයක් තිරගත වූ අතිශය ජනප්‍රිය හින්දි සිනමාපටය නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

 හින්දි සිනමාව තුළ මා නැරඹූ සිනමාපට අතුරින් අමතක නොවන, නිර්මාණයක් ලෙස මෙම සිනමාපටය හැඳින්වීමට මා කැමතියි. මගේ මතකයේ හැටියට 70 දශකයේ මරදාන ක්‍රවුන් සිනමාහලේ මෙම සිනමාපටය නොකඩවා වර්ෂ තුනකට අධික කාලයක් තිරගත වූවා. එකළ ලංකාවේ ඈත ප්‍රදේශවල සිටි සිනමාලෝලීන් බොහොමයක් කොළඹට පැමිණ දිගු පෝලිම්වල පැය ගණනාවක් සිට තමයි මෙය නැරඹීමට ...

Read More »

John Wick Chapter 2 (2017) with Sinhala subtitles | ජෝන් මහත්තයා. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් සියලුම දෙනාට හොඳක්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! මේ වතාවෙ අරගෙන ආවෙ ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය මූවි එකක්, මේ ෆිල්ම් එක හසන්ත අයිය තමයි මට බාර දුන්නෙ, ඒ වගේම මේ ෆිල්ම් එකේ යම් යම් ගැටලුකාරී තැන් විසඳගන්නත් හසන්ත අයිය මට ගොඩක් උදව් කළා, ඒක නිසා බොහෝම ස්තූතියි කියල මේ වෙලාවෙ හසන්ත ...

Read More »