Breaking News

මලයාලම්

CIA: Comrade in America (2017) With Sinhala Subtitles | සහෘදයෙකුගේ ප්‍රේම චාරිකාව..! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කාලයේ ඉහළ වර්ධනයක් පෙන්වපු ශ්‍රී ලංකාවේ මලයාලම් රසිකත්වයේ බොහෝමයක් දෙනෙකුට මලයාලම් චිත්‍රපට නැරඹීම පුරුද්දක්,ඇබ්බැහියක් බවට පත් කරපු ඒ සිනමා චරිතය,DQ-Dulquer Salmaanගේ මේ අවුරුද්දේ පලවෙනි වෙඩිමුරය Jomonte Suvisheshangal (2017) විදියට ජනවාරි මාසයේදී නිකුත් කෙරුනා.ඉන්පස්සේ හැම මලයාලම් රසිකයෙක්ම වාගේ මොහුගේ මේ වසරේ දෙවෙනි වෙඩිමුරය වන මේ ෆිලුම එනකල් ඉතාම නොඉවසිල්ලෙන් තමයි …

Read More »

Vettah (2016) with Sinhala Subtitles | පොලිසියටත් නොදැනීම පොලිසිය ලවාම කළ දඩයම…! [සිංහල උපසිරැසි සමඟ]

තාත්තා මට කියල දුන්න එක දෙයක් තියනවා. අපි කවදාවත් ජීවිතේ තෝරන්නේ නෑ. ජීවිතේ තමයි අපිව තෝරන්නේ. පොලිස් නිලධාරිණියක් විදියට මගේ වෘත්තීය මම තෝරපු එකක් නෙමෙයි. මාණ්ඩලික පරීක්ෂක ශ්‍රී නිවාසන් උන මගේ තාත්තා හරහා ඒ වෘත්තිය මාව තේරුවා. හැම පොලිස් නිලධාරියෙක්ටම ජීවිත කාලය පුරාවටම අමතක නොවන සිද්ධියක් තියනවා. මගේ ජීවිතෙත් ඒ …

Read More »

Godha (2017) with Sinhala Subtitles | ගුස්ති පිටිය…! [සිංහල උපසිරැසි සමඟ]

“කන්නාඩික්කල්” ආදී ජනප්‍රවාද කතා වලින් අපිට ඇහිලා තියනවා වගේ, අප්‍රමාණ වීර රණශූරයන්ට උපත ලබා දුන් බිම. ගුස්ති ශූරයන්ගේ බිම . ඔවුන්ගේ වීරත්වයෙන් විනෝද වුන බිම. ගුස්ති මිනිසුන්ගේ ලේ තුලටම කිඳා බැස තිබූ අවධියේ , ජීවිත කාලය ඇතුලත ගුස්ති අල්ලපු නැති කෙනෙක් මේ රටේ ඉඳපු නැති තරම්. ඇත්තෙන්ම හිටියේ නෑ. කන්නාඩික්කල් …

Read More »

Pattam Pole (2013) With Sinhala Subtitles | සරුංගලයක් වගේ…! [සිංහල උපසිරසි සමඟ]

2017.08.19 අද මගේ 25 වන උපන් දිනය. ගිය අවුරුද්දේ උපන් දිනයට නම් බයිස්කෝප් 4රක්ම අරන් අවා. ඒ උනාට මේ පාරනම් ගෙනාවේ එකයි. 2013.10.13 වන දින තිරගත වෙනවා. IMDb 4.6 අගයක් අරන් තියනවා උනාට ලස්සන මලයාලම් බයිස්කෝප් එකක් මේක. මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ අලගප්පන්. නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙන්නේ කරුණාකරන්. තිර රචනය …

Read More »

22 Female Kottayam (2012) Sinhala Subtitles | අහිංසක හෙදියකගේ වියරු පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කලින් වතාවේ ලිපියකින් කිව්ව ඒ සම්මානනීය මලයාලම් ෆිලුම අරගෙන තමයි මේ පාර ආවේ.මේක තිරගතවුනේ 2012 අවුරුද්ද මුල් භාගයේ.ඒ වගේම ෆිලුම කාණ්ඩගත වෙලා තියෙන්නේ Crime, Drama, Romance ප්‍රභේදයන් ඔස්සේ.මලයාලම් සිනමාවේ තවත් විශිෂ්ට නළුවෙක් වන Fahadh Faasil මෙහි ප්‍රධාන චරිතයක් නිරූපනය කරනවා.ෆිලුමට බොහෝ විචාරකයින්ගේ වගේම ප්‍රේක්ෂකයින්ගේත් ධනාත්මක ප්‍රතිචාර ලැබිලා තියෙනවා.ඒ වගේම …

Read More »

Puthan Panam (2017) Sinhala Subtitles | කළු සල්ලි සමඟින් අලුත් රුපියල [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් අලුත්ම මලයාලම් ෆිලුමක් අරගෙන පුළුවන් ඉක්මනින්ම ආවා.මේක ටිකක් විශේෂ ෆිලුමක්.මොකද ෆිලුමට ප්‍රධාන රංගනයෙන් දායකවෙන්නේ මලයාලම් සිනමාවේ ජේෂ්ඨ නළුවෙක් ඒ වගේම Mohanlal ගෙන් පස්සේ වැඩිම ජනප්‍රසාදයක් තිබෙන නළුවෙක් වන Mammootty.ඒ වගේම මේක අයිතිවෙන්නේ Action, Crime, Thriller කියන ප්‍රභේද වලට.Mammootty මේකේ ඉන්දියාවේ කාසරගොඩ් කියන ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැරයෙක්ගේ චරිතයකට තමයි පණ …

Read More »

Ramante Edenthottam (2017) Sinhala Subtitles | ජීවිත උයන..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මීට සතියකට ආසන්න කාලයකදී හොඳ වීඩියෝ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුනු තවත් අලුත් ෆිලුමක් අරගෙන ආයෙත් ඉක්මනින්ම එන්න මට අවස්තාව ලැබුණා.මේ පාර ගෙනාවේ Comedy, Drama, Romance යන කාණ්ඩ ඔස්සේ වර්ගීකරණය වුනු ෆිලුමක්.මේක තිරගතවීම් ඇරඹුවේ ජූනි 2වෙනිදා.ලස්සන ෆිලුමක්,බොහොම නිස්කලංක විදියට නිදහසේ රසවිඳින්න කැමති අයට මේක බලන්න කියලා ආරධනා කරනවා.මොකද ෆිලුමේ කතාව …

Read More »

Munthirivallikal Thalirkkumbol (2017) with Sinhala Subtitles | බිරිඳයි මගේ ජීවිතේ…! [සිංහල උපසිරැසි සමඟ]

මලයාලම් සිනමාවට නව පිටුවක් පෙරලූ ඒ සුපිරි සිනමා කෘතිය Drishyam(2013) බොහෝ දෙනෙක් නරඹලා ඇති. එහෙම නැත්තම් ඒකෙන් ප්‍රතිනිර්මාණය වූ චිත්‍රපටයක් හරි නරඹලා ඇති කියලා හිතනවා. ඒ නිසා ජෝර්ජ් කුට්ටි(මෝහන්ලාල්) සහ රාණි(මීනා) යුවළ අමතක නැතුව ඇති කියලා හිතනවා. මේ යුවල එක්ව ප්‍රධාන චරිත නිරූපණය කල සිනමා කෘති රැසක් තියනවා. Varnapakittu  (1997), …

Read More »

Lakshyam (2017) Sinhala Subtitles | දෛවය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ මීළඟ උපසිරැසි ගැන්වුමත් අරගෙන ආයෙත් ඉක්මනින්ම ආවා.මේ පාර අරගෙන ආවේ Action, Adventure, Thriller කාණ්ඩයන්ට වැටෙන ෆිලුමක්.ෆිලුමේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Prithviraj Sukumaran ගේ වැඩිමහල් සොහොයුරා, Indrajith Sukumaran සමඟ Biju Menon.ෆිලුම තිරගතවීම් අරඹලා තියෙන්නේ මැයි 6 වෙනිදා. මේක පටන්ගන්නේ මුස්තාෆා සහ විමල් කියන සිරකරුවන් දෙන්නා ගමන්කරන පොලිස් ජීප් …

Read More »

Escape from Uganda (2013) Sinhala Subtitles | නීතිය හැරදා යුක්තිය සොයා..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් පාරක් මෑත කාලයේ තිරගතවීම් සිදුවුන මලයාලම් ෆිලුමක් අරගෙන ආවා! මේක Thriller කාණ්ඩය ඔස්සේ වර්ගීකරණය වුනු ෆිලුමක්.කොහොමත් හුඟ දෙනෙක් මලයාලම් thriller ෆිලුම් බලන්න කැමතියිනේ! මේක තමයි අප්‍රිකානු රටක වැඩිම දර්ශන ප්‍රමාණයක් රූපගතකිරීම් කරපු පළවෙනි මලයාලම් ෆිලුම.ඒ වගේම 80 දශකයේ අග භාගයේදී උගන්ඩාවේ සිදුවුණු සත්‍ය කතාවක් ඇසුරින් තමයි ෆිලුම හැදිලා …

Read More »

North 24 Kaatham (2013) with Sinhala Subtitles | ජීවිතයම වෙනස් කළ චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් යාලුවෝ හැමෝටම…! සුපුරුදු පරිදි අදත් ආවේ මලයාලම් ෆිලුමක් අරගනම තමයි. මේක මගේ 11වෙනි උපසිරැසිය. ඔක්කොම ඉතින් මලයාලම් ඒවා නම් තමයි. ලිපිය නම් ගොඩක් ලියන්නේ නෑ. සබ කරගත්තට පස්සේ ඒක බයිස්කෝප් එකේ දාගන්නකම් මාරම හදිස්සියක් තියෙන්නේ. අද ෆිලුම තමයි North 24 Kaatham(2013).ෆිලුම ගැන විස්තර ටිකක් පහලින් බලාගන්න. IMDB අගය …

Read More »

Thattathin Marayathu (2012) with Sinhala Subtitles | වේලයේ සෙවනැල්ල යටින් නුඹේ වත දිටිමි අයිෂා…! [සිංහල උපසිරැසි සමඟ]

මරතෝඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ මොට්ටු තෝඩි ඉරුවංගල් එලියට අත වනනා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා මම විනෝද්. දවසක් මම, කොලේජ් එකේ මගේ හොඳම යාළුවෙක් වුන මුස්තාෆාගේ කසාදෙට එයාගේ ගෙදරට ගියා. එදා තමයි මට අයිෂාව දකින්න ලැබුනු පලවෙනි දවස. එදා අපි මුණ ගැහුනේ හරි …

Read More »

The Great Father (2017) with Sinhala Subtitles | අමානුෂික තිරිසනෙකුට එරෙහිව තම දියණිය වෙනුවෙන් යුධ වැදුණු ආදරණීය පියෙක්! [සිංහල උපසිරැසි සමඟ]

‘සිඳී බිඳී ගියා’ ‘මගේ කුඩා දරුවාගේ සිහිනයක් බඳු වූ සිනහව’ ‘නුඹේ පියාගේ හදවතේ ගිණි ජාලාවක දල්වමින්’ ‘දුරකට යන්න’ ‘නුඹ ගොඩක් දුරකට යන්න’ ‘අන්ධකාරයෙන් නුඹගේ වේදනාව දුරුවී යන ආකාරයට’ ‘නුඹේ නිහඬතාවයන්ගෙන් මා හදවත ලෝ දිය මෙන් පිළිස්සෙනවා’ ‘කිරිල්ලියක මෙන් යලිත් මා සවනට ගුමු ගුමු නදින් කොඳුරනවාද?’ ‘කඳුළු වැස්සක් සමගින් මා නුඹව …

Read More »

7th Day (2014) Sinhala Subtitles | හත්වෙනි දවස [සිංහල උපසිරැසි සමඟ]

අබිරහස් කතා කියවන්න අපි පොඩි කාලේ ඉඳලා පුරුදුවෙලා හිටියනේ,ඒ වගේම ඒ වගේ කතාවලට ගොඩක් අය ලොකු කැමැත්තක් දක්වනවා.ඉස්සර එනිඩ් බ්ල්යිටන්ගේ කතා පොතක් හරි ෂර්ලොක් හොල්ම්ස් විසඳන අබිරහසක් ගැන හරි කියවද්දී ඒ සිද්දියේ අපිට කියවන්න ලැබෙන හෝඩුවාවල් එක්ක කතාව ඉවරවෙන්න කලින් අපිත් ඒ සිද්දිය වුනේ මෙහෙමයි කියලා කියවන ගමන්ම හිතුවා නේද?ඒ …

Read More »

Alamara (2017) with Sinhala Subtitles | අරුන් සහ අල්මාරිය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම. අදත් ගෙනාවේ නම් මලයාලම් ෆිලුමක්ම තමයි. ෆිලුම Alamara(2017). මේක කරන්න හිතාගන ඉඳපු ෆිලුමක් නම් නෙමෙයි. ඒත් ඉතිං අපේ මලයාලම් රසිකයෙක් මේ ෆිලුමට සබ ඉල්ලලා තිබුන නිසා බයිස්කෝප් එකට මේල් එකක් දාලා ෆිලුම වෙන් කර ගත්තා. මොකද ඉතිං මලයාලම් වලට සබ් දෙන අපිට ඉන්නේ තවම පොඩි රසික පිරිසක්නේ. …

Read More »

Take Off (2017) with Sinhala Subtitles | රුදුරු ත්‍රස්ත බිමේ, දිවි ගලවාගැනීමේ මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකය හරිම පුදුමාකාරයි. මේ පුදුමාකාර ලෝකෙයේ එක එක විදියේ මිනිස්සු ඉන්නවා. ප්‍රධාන වශයෙන් මේ මිනිස්සුන්ව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දුප්පත් මිනිස්සු සහ පෝසත් මිනිස්සු විදියට. සමහර මිනිස්සු ධනයෙන් පෝසත් වුණත්, හිතේ කිසිම සතුටක් නැහැ. තවත් සමහර මිනිස්සු හිතේ කොච්චර සතුටින් හිටියත්, අතේ සතේ නැහැ. තවත් සමහරු ඉන්නවා, අතේ මිටේ …

Read More »

Annayum Rasoolum (2013) with Sinhala Subtitles | ඇනී සහ රසූල් [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් සියළුම දෙනාට…!!! ෆිලුම පැත්තට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. ඉස්සරට සාපේක්ෂව දැන් මලයාලම් ෆිල්ම් බලන ගණන ගොඩක් ඉහල ගිහින් තියනවා. ඒ දවස් වල මලයාලම් ෆිලුමකට සබක් කලාම ඩව්න්ලෝඩ් ගාන 1000ට ගියෙත් හරි අමාරුවෙන්. දැන් මලයාලම් ෆිල්ම් වලට ඊට වඩා ඉහල ඩව්න්ලෝඩ් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා මා …

Read More »

C/O Saira Banu (2017) Sinhala Subtitles | මව් සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ]

මලයාලම්,බයිස්කෝප් අඩවියේ නැගී එන චිත්‍රපට භාෂාව කිව්වොත් මම හිතන්නේ ඒකෙ වැරැද්දක් නෑ .මොකද දැන් ඉස්සරට වඩා මලයාලම් චිත්‍රපටවල උපසිරැසි බාගත කරන අයත්,ඒවට කමෙන්ට් කරන අයත් සැලකිය යුතුලෙස වැඩිවෙලා තියෙනවා.ඒ වගේම මලයාලම් ෆිලුම් වලට ලැබෙන කමෙන්ට් වලින් බයිස්කෝප් රසිකයින් මලයාලම් ෆිලුම් වලට දක්වන කැමැත්ත හොඳින් පිළිඹිබු වෙනවා.ඒ වගේම අලුත් මලයාලම් ෆිලුමක් …

Read More »

Ottaal (2014) with Sinhala Subtitles | ළමාවිය අහිමි වූ කුට්ටප්පායි..! [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් බයිස්කෝප් වාසී සියළුම දෙනාට…! සුපුරුදු විදියට අදත් ආවේ මලයාලම් ෆිලුමකටම උපසිරැසි අරගන තමයි. ෆිලුම Ottaal(2014). IMDB අගය 8.2/10ක් ලබාගැනීමට මේකට හැකිවෙලා තියනවා. ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jayaraj කියන විශිෂ්ට මලයාලම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විසින්. මලයාලම් සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම නිර්මාණය වූ මෙම චිත්‍රපටයට Ashanth K. Sha කුට්ටප්පායි ලෙසත්, …

Read More »

Ore Mukham (2016) with Sinhala Subtitles | එකම මුහුණ [සිංහල උපසිරැසි සමඟ]

කීවත් සවණ පිනවන රස මියුරු කතා මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා(යාළුවෙක් උනත්) සුභ දවසක් යාලුවෝ සියළුම දෙනාට. මුලින්ම පොඩි වදනක් දැම්මා. අද කතාව මොන වගේ එකක්ද කියලා ඔයාලට අදහසක් ලබා දෙන්න තමයි ඒක දැම්මේ. මම කලින් උපසිරැසි ලබාදුන්න Maheshinte Prathikaaram(2016) ෆිල්ම් එකත් බලන්න ඇති කියලා හිතනවා. අද අරගන ආවේ Ore …

Read More »