Breaking News
Home / Box-office Hits

Box-office Hits

Dunkirk (2017) with Sinhala Subtitle | ඩන්කර්ක් ප්‍රාතිහාර්යය හෙවත් ඩයිනමෝ මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

යුද්ධය අපට නුපුරුදු දෙයක් නෙමෙයි. ඒ වගේමයි යුද්ධයක් හොඳ අවස්ථාවක්, මිනිසා තුළ සැගවී ඇති කුරිරුකම් හඳුනා ගන්න. අපි හැමකෙනා තුළම එක්තරා මට්ටමක මේ ගති ගුණ සැගවිලා තියනවා නෙව. ඒ වගේමයි යුද්ධය ස්වර්ණමය අවස්ථාවක් මිනිසුන්ගේ නිර්භීත කම දැක බලා ගන්නටත්. තමුන් කිසිදා නොදැක්ක, වචනයක් කතා නොකළ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කී දෙනෙක් …

Read More »

Wolf Warrior II (2017) Sinhala Subtitles | මාරාන්තික වෛරසයකට සහ ප්‍රචණ්ඩ කැරළිකාර හමුදාවකට එරෙහිව, අප්‍රිකානු දේශයෙහි වෘක රණශූරයාගේ මෙහෙයුම! [සිංහල උපසිරැසි]

අප්‍රිකානු දේශය! බොහොම ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ සාඩම්බර දේශයක්. කතාවක් තියෙනවා, අවුරුදු ලක්ෂයකට කලින් අප්‍රිකාවෙන් මිනිස්සු පිටත්වෙලා ගියා කියලා. ඒත්, අප්‍රිකාව කියන්නේ නූතන ශිෂ්ඨාචාරයේ තොටිල්ලක්. ඒත්, පරිණාමය වෙච්ච, ශිෂ්ඨාචාරයට පත්වෙච්ච මිනිස්සු මේ අප්‍රිකානු භූමියට පැමිණෙන විට අරගෙන ආවේ, දුප්පත්කමයි, ලෙඩ රෝගයි, යුද්ධයයි විතරයි. වර්තමානය වෙන විටත්, අප්‍රිකානු දේශයට මේ …

Read More »

The Nut Job 2: Nutty by Nature (2017) with Sinhala Subtitles | පාර්ක් එකේ වීරයා.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවුරුදු 3 කට කලින් තිරගත වූ චිත්‍රපටයක දෙවෙනි චිත්‍රපටයක් එක්ක තමා අද මේ එකතු වෙන්නේ. කලින් The Nut Job (2014) කොටසේ වගේම දෙවෙනි කොටසේ උපසිරසත් මටම කරන්න ලැබුනා. ඒ වගේම කාලෙකින් කරන ඇනිමේෂන් උපසිරසක්. මතකනේ සර්ලි ගැන අර බඩී කියන කතා කරන්න බැරි මීයාත් එක්ක එක්කහු වෙලා ලොකු ලොකු …

Read More »

It (2017) with Sinhala Subtitles | ළමයින් බිලිගන්නා බිහිසුණු කවටයා! [සිංහල උපසිරැසි සමඟ]

මොර සූරන මුරුගසම් වර්ෂාව… ඩෙරී නගරයේ පාළුවට ගිය වීදියක්… මේ වර්ෂාව අස්සේ පුංචි ජෝර්ජි එළියට බැස්සා… අයියා හදලා දීපු හරි ලස්සන බෝට්ටුව, වතුරෙන් පිරී ගියපු මාර්ගයේ පාකරන්න! බෝට්ටුව වේගයෙන් වතුරේ පාවෙලා ගියා… පුංචි ජෝර්ජිට බෝට්ටුව තරම් හයියෙන් දුවගන්න හයියක් තිබ්බේ නැහැ… අපොයි! වතුර බහින්න තියෙන කාණුවක් අස්සට බෝට්ටුව වැටුණා! දැන් …

Read More »

American Made (2017) – Sinhala Subtitles | ජාවාරම්කරුවෙක් ලෙස හංවඩු ගැසූ රජුන් තනන්නෙක්. [සිංහල උපසිරැසි සමඟ]

පරක්කුයි පරක්කුයි හොඳටම පරක්කුයි. නැද්ද මම අහන්නේ? මේ කොපිය ඇවිල්ලත් සතියක් පැන්නා. වැඩේ කියන්නෙ තිබ්බ සබ් එකේ ලයින් අඩුයි. ඒ අඩු තැන් වලට ඊට පස්සෙ කියවෙන කොටස් රිංගවලා. ඉතින් ටිකක් කට්ටක් කන්න වුණා ඒවා හදාගන්න. ඊටත් පස්සෙ ඉතින් වෙලාව අඩුකමත් බලපෑවා. කොහොමහරි කමක් නෑ වැඩේ කළානේ… කවුද මේ බැරී සීල් …

Read More »

The Dark Tower (2017) with Sinhala Subtitles | අඳුරු කුළුණ [සිංහල උපසිරසි සමඟ]

ඉතිං කොහොමද කස්ටියට? සෑහෙන කාලෙකට පස්සේ ඔයාල වෙනුවෙන් ඔන්න මං The Dark Tower (2017) කියන සුපිරිම සුපිරි චිත්‍රපටයේ උපසිරැසියත් අරං ආවා. මං දන්නවා ගොඩ දෙනෙක් හිටියේ මේකේ උපසිරැසිය එළියට එනකල් තමා. කාලෙකින් උපසිරැසි හදපු නැති නිසා ඉඳලා ඉඳලා දෙන එක ලොවෙත් නැති වෙන්න දෙන්න හිතුවා. මේ මගේ 25 වෙනි උපසිරැසිය. …

Read More »

War for the Planet of the Apes (2017) with Sinhala Subtitles | වානර යුද්ධය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මම මගේ එකසිය දහවන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. එත් ඉතින් කලින් කිව්වා වගේ සුපිරි වීරයෙක් ඉන්න එකක් නම් නෙවි. මේ චිත්‍රපටයේ හොඳ කොපි එකක් හදිසියේ ආවේ. ඉතින් හදිසියේම සබ් එක කරලා දෙනවා ඔයාලට. එත් ඉතින් එක්තරා විදියක සුපිරි වීරයෙක් තමා මේ කතාවේ ඉන්නෙත්.  ප්ලෑනට් ඔෆ් …

Read More »

Spider-Man: Homecoming (2017) with Sinhala Subtitles | සිවිල් යුද්ධයකට පස්සේ.. [සිංහල උපසිරැසි සමඟ]

ස්පයිඩර්මෑන් කිව්වම කවුද නොදන්නේ? එහෙනම් අද මේ මුණ ගැහෙන්න යන්නේ ස්පයිඩර්මෑන් උනාට වෙනස් කතාවක් වෙනස් නළුවෙක් වගේම වෙනස් ආයතනයක හිමිකාරත්වයක් යටතේ. මෙච්චර කාලයක් සෝනි සමාගමේ නිර්මාණයක් විදිහට කලඑළි දක්වපු මේ සුපිරි චරිතය ආයෙත් මාවල් අයිතියටම පවර ගනු ලැබුවේ 2015 පෙබරවාරි මාසය තුල. සෝනි සමාගමෙන් වෙන් වූ මේ චරිතයට නව නළුවෙකු …

Read More »

Baby Driver (2017) with Sinhala Subtitles | දුම්මල වරම අතට ගත් මාරක රියදුරා! [සිංහල උපසිරැසි සමඟ]

අපි හැමෝම වාහන වල ගිහිල්ලා තියෙනවා. ගොඩක් තරුණ තරුණියෝ කාර් වලට ගොඩක් ආසයි. ඒ වගේම, කාර් වලින් වේගයෙන් යන්නත් ගොඩක් දෙනෙක් ආසයි. මතකද වේගයෙන් ගියපු වාහනයක ගිහිල්ලා හොඳටම බයවෙච්ච දවසක් ගැන? වාහනයක ගිහිල්ලා තියෙන කෙනෙක් නම් ඒ වගේ අත්දැකීමක් නැති කෙනෙක් ඉන්න බැහැ. ඩ්‍රයිවර්ට හිතින් බැන බැන, “මූ මේක කොයි …

Read More »

Annabelle: Creation (2017) with Sinhala Subtitles | සොදුරැ බෝනික්කෙකු තුල සිරවූ වියරැ යක්ෂණියකගේ ආත්මය [සිංහල උපසිරැසි සමඟ] (50)

ඔන්න එහෙනම් 2015දි නොවැම්බරයේ Redeemer 2014 චිත්‍රපටියෙන් ආරම්භ කරපු මගේ උපසිරසි ගමනේ පළවෙනි කඩයිම පහුකරන්නයි මේ සූදනම් වෙන්නේ.මගේ උපසිරසි වලින් 13ක් චිත්‍රපටි, ඉතිරි ටික ටීවී සීරිස් එපි . ඉතින් මේ වගේ කඩයිමකට එන්න හීනෙකින් වත් හිතුවේ නැහැ. මේකෙදි මම මුලින්ම ස්තූති කරන්න ඔනි අශාන් විමුක්ති අයියට. මොකද එයා නැත්තම් මම …

Read More »

Transformers: The Last Knight (2017) With sinhala subtitles | අවසන් නයිට්වරයා[සිංහල උපසිරසි සමඟ] (250)

ඔන්න එහෙමනම් මං මේ පාර ආවේ හැමෝම වගේ මග බලාගෙන හිටිය අති දැවැන්ත සිනමාපටයක් රැගෙනයි. ඔයාලා වගේම මාත් මේක එනකම් මග බලාන තමා හිටියේ . මොකද කියනවනම් මේ සිනමාපටය තමයි මගේ උපසිරසි ක්ෂේත්‍රයේ 250වන කඩයිම සැපිරීමේ සළරුව වෙන්නේ. කට්ටියට මතකද දන්නේ නෑ මාව මෙහෙම එකෙක් හිටියද කියලවත්.හෙහ් හේ..හොදයි එහෙමනම් මගේ …

Read More »

Despicable Me 3 (2017) with Sinhala Subtitle | නිවුන් දුෂ්ඨ ජෝගිය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සෑහෙන දෙනෙක් ආසාවෙන් බලන් හිටිය ෆිල්ම් එකක් අරගෙන ආව, සෑහෙන කාලෙකට පස්සේ තමයි සබ් එකක් කලෙත්, මතකද දන්නෙත් නෑ කට්ටියට, නෑ නෑ මාව නෙමේ “ගෘ” ව. ලො සුපතල අධමයා නහය උල් ගෘ, පොඩ්ඩක් කරුණු කාරනා දිග ඇරගෙන කතාවට යමු එහෙනම්. Despicable Me (2010) නමින් මිට වසර හතක් වගේ …

Read More »

The Hitman’s Bodyguard (2017) with Sinhala Subtitles | කුලී ඝාතකයාගේ අංගාරක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ] (18+) [50]

New York Minute (2004) නම් චිත්‍රපටියට සැකසුනු මගේ පළවෙනි සිංහල උපසිරැසිය බයිස්කෝප් අඩවියෙ පළවෙන්නෙ 2014 සැප්තැම්බර් මාසෙ 26 වැනිදා. ඒ අදට ආසන්න වශයෙන් අවුරුදු 03 කට කලින්. ඉතිං මං මගේ උපසිරැසි කරණයේ පළවෙනි කඩඉම තමයි මේ පහු කරන්නෙ. උපසිරැසි අර්ධ ශතකය. මේ උපසිරැසි 50 ම චිත්‍රපටිවලට විතරක් කරපු උපසිරැසියි. ටීවී …

Read More »

Baywatch (2017) with Sinhala Subtitles | රකිමු පණමෙන් වෙරළ! [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ වසරේ නිකුත්වුන සුපිරි නිර්මාණයක් අරගෙනයි මෙදාපාර ගොඩවදින්නේ. ගොඩක් අය මේක ගැන දන්නවා ඇති. මොකද මෙහේ සිනමාශාලා වල එහෙමත් තිරගත වුනානේ. ඔන්න ඉතින් පුළුවන් ඉක්මනින් අරගෙන ආවා! Action,Comedy ගණයට තමයි ෆිල්ම් එක අයිතිවෙන්නේ. නිකුත්වුනේ මැයි 25වෙනිදා. මේ වනවිට imdb 5.7ක අගයක් ලබාගෙන තියෙනවා. ජනප්‍රිය නළු නිලියන් රැසක්ම රංගනයෙන් දායකවෙනවා. ඒ …

Read More »

Guardians of the Galaxy Vol. 2 (2017) with Sinhala Subtitles | මන්දාකිනියේ ආරක්ෂකයෝ නැවතත්…. ! [සිංහල උපසිරැසි සමඟ]

ලබන සතියේ වෙබ් කොපි එනවා ලිපියක් ලියල දියන්කෝ කියල හසාගේ මැසේජ් ඒක දැක්ක ගමන් හා කියල කිව්වට මොකෝ සතියකටත් ලං වෙලා තමයි ලියල දෙන්න උනේ ලිපිය. කොහොම හරි ඔන්න පොඩි ලිපියක් ගෙනවා Guardians of the Galaxy ගැන. මේ වෙනකොට හැමෝම වගේ මේ ගැන විස්තර ටිකක් හරි දන්න නිසා ලොකු විස්තරයක් …

Read More »

Cars 3 (2017) with Sinhala Subtitles | නව පරපුරෙන් අභියෝගයක් [සිංහල උපසිරසි සමඟ](50)

මිනිසුන් ජිවිතයේ බොහෝ දේ කරන්නේ යම් අරමුණක්,ඉලක්කයක් වෙනුවෙනුයි. උපසිරැසිකරණය. මා මේ ක්‍රියාදාමය ආරම්භ කලෙත් යම් අරමුණක් හිතේ තබාගෙනයි.එසේ නොමැතිනම් යමකට පිලියමක් වශයෙනුයි.එනම් මෙයින් වසර 2ට පෙර සමාජ ජාලවලට (මුහුණු පොත නොවේ) අධික ලෙස ඇබ්බැහිවී සිටි මා එයට පිලියමක් ලෙස චිත්‍රපට හා රුපවාහිනී කතාමාලා නැරඹීම ආරම්භ කලා. (ඉඟුරු දීලා නයි කොච්චි …

Read More »

Dhruva (2016) with Sinhala Subtitles | තනි මිනිසෙක්..එකම අරමුණක් ! [සිංහල උපසිරසි සමඟ] 50*

දෘවා..පසුගිය වකවානුවේ බයිස්කෝප් වාසීන්ගෙන් පුදුමාකාර ඩිමාන්ඩ් එකක් තිබුණු උපසිරසියක්. ඉතින් ඒ භාරදූර කාර්යය ඔයාලා වෙනුවෙන්ම බාරගත්තා. හසන්ත සහෝට ස්තුතියි යෝජනා කිරීම ගැන. නමුත් තෙළිඟු කළඳක්වත් දැනගෙන නෙවෙයි මේ උපසිරසිය කළේ. ඉංග්‍රීසි උපසිරසියක්වත් තිබුණා නම් මීට කලින් දෙන්න තිබුණා. සඳුන් අයියාටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේකට ඩිරෙක්ට් ලිංක් එකක් හදලා දීලා තව …

Read More »

King Arthur: Legend of the Sword (2017) with Sinhala Subtitles | පිය උරුමය සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඔයාලට අලුත් උපසිරසක් ගෙනාවා. පරක්කු මොකද කියල අහනවා නම් හේතුව මෙන්න මේකයි. අපි වෙබ් අඩවියේ ඔයාලගේ මත විමසුමක් කලානේ. අපි ඔබේ මතයට ගරු කරන්න තීරණය කළා. මින් මතුවට බයිස්කෝප් සිංහලෙන් නාමය යටතේ ලැබෙන උපසිරැසි ආරම්භ වෙන්නේ HD හෝ WEB පිටපත් සමගින්. මේ උපසිරසත් එසේ HD පිටපතක් නිකුත් වූ …

Read More »

The Mummy (2017) with Sinhala Subtitles | අඳුරට කැප වූ සුන්දරිය.. [සිංහල උපසිරසි සමඟ] 150*

බයිස්කෝප් සිංහලෙන්, මේ අපූරු සහෘද කැළ සමඟ සම්බන්ධ වෙලා මේ වන විට වසර 4 ක් පමණ ගත වී තිබෙනවා. 2013 දෙසැම්බර් මස John Carter (2012) චිත්‍රපටය වෙනුවෙන් මා පරිවර්තනය කළ සිංහල උපසිරැසිය අඩවියේ පළවීමත් සමඟම උපසිරැසිකරුවෙක් ලෙස මාත් මේ සහෘද කැළට බොහොම සාඩම්බරයෙන් එකතු වුනා. 2014 අගෝස්තු මාසයේදී Heropanti (2012) …

Read More »

The Circle (2017) with Sinhala Subtitles | කවය [සිංහල උපසිරසි සමඟ] 150*

උපසිරැසි පරිවර්තනය කරන්නෙක් හැටියට බයිස්කෝප් අඩවියත් එක්ක එකතුවෙලා අද වෙනකොට හරියටම අවුරුදු 4ක් සම්පූර්න වෙන්න දවස් 5ක් විතරයි අඩු වෙලා තියෙන්නේ. ඉතිං මේ මුල පුරන්න යන්නේ තවත් කඩ ඉමක් සනිටුහන් කරන්නයි. අහස කඩාවැටීම තුළින් පටන්ගත්ත මේ ගමන් මේ තරම් දුරක් එන්න ලැබෙයි කියලා නම් කොහෙත්ම හිතුවේ නැහැ. මේ 150 කඩ …

Read More »