Breaking News
Home / Sinhala Subtitle / චාමර සම්පත්

චාමර සම්පත්

The Originals [S04 : E02] with Sinhala Subtitles | මුදවාගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං කියපු දේම සිද්දවුණා. මං කිව්වනේ මේ සීරිස් එකේ සබ් එන්නේ ප්‍රමාද වෙලා කියලා. පළමු කොටසට විතරයි ඉංග්‍රීසි උපසිරැසි ඉක්මණින්ම එන්නේ. තවත් සමහර මේකේ සබ් එක ඉල්ලලා පලවෙනි එපියට ඊයේ කමෙන්ට් කරලා තිබ්බා. අනේමන්දා ඉතින්. නොදැනුවත් කෙනෙක් ඉන්නවනම් කියන්නම්, මේක විකාශය වෙන්නේ සිකුරාදා දිනයේ. අන්තර්ජාලයට පිටපත් නිකුත් වෙන්නේ සෙනසුරාදා ...

Read More »

Live by Night (2016) with Sinhala Subtitles | ජීවිතේ හිතන තරම් සරල වුනා නම්.. [සිංහල උපසිරැසි සමඟ]

1917 දී යුද්ධයට ගිහිල්ලා, සෙබලෙක් හැටියට ගෙවන ජීවිතේ අතහැරලා දාලා ජෝ ෆොක්ලින් ගෙදර එන්නේ නීතියෙන් පැනලා ආපු කෙනෙක් හැටියට. මෙයාගේ තාත්තා පොලිසියේ හොද ලොක්කෙක්. එයාගේ නම ජෝ කොෆ්ලින්. ජෝ තමන්ගේ ජීවිතේ ගැටගහගෙන අරන් යන්න කලේ මංකොල්ල කාපු එක. පස්සේ මෙයාට සිද්ද වෙනවා මාසෝ පෙස්කැටොරේ කියලා ලොකු ලොක්කෙක් එක්ක වැඩ කරන්න. ...

Read More »

Iron Fist [S01: E03] with Sinhala Subtitles | තමන්ගේ දේ වෙනුවෙන් නැගීසිටීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ ගොඩවෙන්නේ සුපුරුදු මාවල් Netflix ටෙලි කතාමාලාවක් සමගයි. මේ සීරිස් විශේෂයක් තියෙනවා. මොකද මෙයා තමයි Defenders කතාමලාවෙහි අවසන් සාමාජිකයා. මට නම් පුද්ගලිකවම කතාව මාර විදිහට හිතට ඇල්ලුවා හරියට Daredevil ගානටම වගේම Jessica Jone හා Luke Cage එක්ක බලද්දී මේක නම් දාහෙන් සම්පතක්.  නමුත් මේක පොඩ්ඩක් හැලහැප්පීම් වලට ලක් ...

Read More »

The Originals [S04 : E01] with Sinhala Subtitles | කෘර පාලකයෙකුගේ නව ඇරඹුමක්.. [සිංහල උපසිරැසි සමඟ]

මේ හැමදේම පටන්ගත්තේ මෙතනින් 10 වන ශතවර්ෂයේ එස්තර් හා මයිකල් කියලා යුවලක් හිටියා. මයිකල් කියන්නේ වයිකින්ග්ලගේ රණ ශුරයෙක්. එස්තර් කියන්නේ මායාකාරියක් (ඔරිජිනල් මායාකාරියක්.) මේ අයට හිටිය ළමයින්ගෙන් බාලයා තමයි හෙන්රික් කියන්නේ. නමුත් අවාසනාවට දවසක් හෙන්රික්ට වෙයවුල්ෆ්(මිනිස් වෘක) රංචුවක් පහර දෙනවා. මේ පහර දීමෙන් ඔහු මිය යාමත් එක්ක.මේ සිදුවීමෙන් පස්සේ එස්තර් ...

Read More »

Bad Kids of Crestview Academy (2017) with Sinhala Subtitles | සහෝදරිය වෙනුවෙන් පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

සෙනෙටර් විල්ක්ස් ක්‍රිස්ට්වීව් කියන ඇකඩමියේ කට්ටියටත් එන්න කියලා සාදයක් පවත්වනවා. මේකට ඉතින් ජේෂ්ඨ අය විතරක් නෙවෙයි හැම පාර්ශවයක්ම එනවා. මේ සාදය ඇතුලේ වෙන්න ඕන හැමදේම වෙනවා. බොනවා විතරක් නෙවෙයි. කොහොම හරි මේ ඔක්කොම වෙන අතරේ සූසි හෙක්ස්ගේ අක්කා ගොඩක් උස ගොඩනැගිල්ලකින් බිමට වැටිලා මැරිලා යනවා. හැමෝම හිතන්නේ එයා උඩ ඉදන් ...

Read More »

Supernatural [S12 : E15] with Sinhala Subtitles | යම බල්ලෝ….. [සිංහල උපසිරැසි සමඟ]

දැන් නම් කතාව එන්න එන්නම පරණ කාලේ ගතිය එනවා නෙහ්?! අර බිලී කිව්වා වගේ විශ්ව තරලයේ ලොකු ලොකු දේවල් වැඩියෙන් වෙන්න අරන් වගේ. කලින් කොටසේ මතක ඇතිනේ සෑම්ව එයාගේ අම්මා එයාලා වැඩ කරන එක තැනකට එක්ක ගියා. ඒ තමයි බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ ඉන්න තැනට. එතන වැඩ නම් හොදට තිබුණු බවක් ...

Read More »

Supernatural [S12 : E14] with Sinhala Subtitles | හතුරු මිතුරු එකට එකතු වෙයි… [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටස නම් හුගක් උණුසුම්කාරී කොටසක් වුනා. ඒ මොකද කිව්වත් මේරී සෑම්ටයි, ඩීන්ටයි ඇත්ත කිව්වා. ඒක හොදින් නම් සිද්ද වුනේ නෑනේ. මොකද බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ කියන නම ඇහුනත් මේ දෙන්නට ඇති කලින් වෙච්ච සිද්දිය මතක් කරවන්න.මේරී කියපු හුගක් දේවල් කලින් කොටසෙදි පෙන්නුවේ නෑනේ. ඒත් මේ කොටසදී සමහර කොටස් දැකගන්න පුළුවන්. ...

Read More »

Supernatural [S12 : E13] with Sinhala Subtitles | පවුලේ ආරවුල… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ගිය සතියේ කොටස හොදයිද? මට නම් නිකන් ආයේ කතාවේ මුල් හරියට ගියා වගේ අර ඩීමන් ආවට පස්සේ. මේ වෙච්ච සිද්දියෙන් පස්සේ කැස්ටියල් කෙලී ක්ලයින්ව හොයන්න ගිහින්. ඔව් ඔව් අද කොටසේ එයා ගැන විස්තර කිහිපයක් බලාගන්න පුළුවන්. මේරී බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ එක්ක වැඩට ගිහින්. එයා වැඩේ හොදට කරන් යනවා. කෙච් ආතර් කාරායව ...

Read More »

Assassin’s Creed (2016) with Sinhala Subtitles | මරණයේ සෙවනැල්ල! [සිංහල උපසිරැසි සමඟ]

බොහෝදෙනෙක් මේ දවස්වල පිස්සුවෙන් වගේ ඇඩ්මින් මණ්ඩලයට වද දිදී ඉල්ලන චිත්‍රපටයක් අරන් තමයි මේ අරන් ආවේ. මේ කරන්න ගත්තට අවංකවම මං නම් මේක කරන්න හිටියේ නැහැ. මොකද මං මේකේ කලින් ලිපිය විමාට ලියලා දුන්නා විතරමයි. ඔව් ඔව්. මේකේ අයිතිය විමාගේ. මොකක් වෙලාදෝ මන්දා ඊයේ මට මේක දුන්නා කරහන් කියලා. නැත්තම් ...

Read More »

Supernatural [S12 : E12] with Sinhala Subtitles | අපායේ කුමරු [සිංහල උපසිරැසි සමඟ]

බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයන් එක්ක මේරී වැඩ කරන්න කැමති වුනාදෝ කියලා අපිට කලින් කොටසක දැකගන්න ලැබුනානේ. ඔව්, දැන් මේරී බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයන්ට වැඩ කරනවා. නමුත් මේ ගැන කිසිම දෙයක් සෑම්වත්, ඩීන්වත් දන්නේ නැහැ. මේ අය මේරීව දාන්නේ ලොකු අනතුරු දායක වැඩකට. නමුත් මේරී මේකෙදි සෑම් හා ඩීන්ගෙන් උදව් අරගන්නවා මේරීගේ වෙන ...

Read More »

Supernatural [S12 : E11] with Sinhala Subtitles | අහිමි වූ ඩීන්ගේ මතකය [සිංහල උපසිරැසි සමඟ]

හුගක් අකරතැබ්බ මත උපසිරැසිය කරන්න වුණේ. වෙනදා වගේ විස්තර කිරීමක් කරලා දීර්ඝ ලිපියක් ලියන්නේ නැහැ. වැඩකුත් නෑනේ ඉතින් එහෙම ලියලා නෙහ්. අඩුම තරමේ මේක ආපු දවසේවත් ඉවරයක් කරන්න ලැබුණු එකම මට ලොකු දෙයක්. කෙලින්ම කතාවට හැරෙමු එහෙනම්. පරණ මායාකාර පවුලක කට්ටියක් එකතු වෙලා ගිණුම්කරුවෙක්ව මරල දාලා. ඉතින් සුපුරුදු පරිදි සෑම් ...

Read More »

Legion [S01 : E01] with Sinhala Subtitles | මාවල් විශ්වයේ තවත් විකෘතිකයෙකුගේ කතාවක ආරම්භයක්… [සිංහල උපසිරැසි සමඟ]

Legion (ලීජන්) කියන්නේ සිංහල අරුතෙන් නම් “පුරාණ රෝම හමුදාවේ 3000-6000 අතර සේනාංක වලට. නමුත් මාවල් කොමික් විශ්වය තුල ඉන්නා විකෘතිකයන් අතරේ ලීජන් කියලා චරිතයකුත් ඉන්නවා. අපි කතාව පැත්තට හැරෙන්න කලින් පොඩ්ඩක් එයා ගැන විස්තර හොයලා බලමු නෙහ්?! කවුද මේ ලීජන් කියන්නේ? ඇත්තටම ලීජන් කියන්නේ මාවල් විශ්වයේ ඉන්න තවත් බලගතුම විකෘතිකයෙක් ...

Read More »

Allied (2016) with Sinhala Subtitles | යුද්ධයේ බලපෑම… [සිංහල උපසිරසි සමඟ]

“1942 කාලයේදී මැක්ස් වැටෑන් කියලා කැනේඩියානු බුද්ධි අංශ නිලධාරියෙකුට මෙහෙයුමක් පැවරෙනවා කැසබ්ලැන්කාවල වලදී ජර්මානු තානාපතිව ඝාතනය කරන්න කියලා. මේකට එයාට උදව් ලැබෙනවා. ඒ ඇයගේ බිරිදගෙන්. නමුත් සැබෑ ජීවිතයේ බිරිද නම් නෙවෙයි. ජර්මානු තානාපති ඝාතනය දවස එනකන් දවස් ගනනක් මේ දෙන්නට එකට ඉන්න සිද්දවෙනවා බැදපු ජෝඩුවක් හැටියට. ඇයගේ නම මරීයාන් බියුසොජෝර්. ...

Read More »

Supernatural [S12 : E10] with Sinhala Subtitles | ලිලී සන්ඩර්ගේ පරණ කෝන්තරය [සිංහල උපසිරැසි සමඟ]

සෑම්ව වගේම ඩීන්ව කුදලගෙන ගියා ජනාධිපතිව මරන්න තැත් කලා කියලා. අරගෙන ගියාට මේක කිසි කෙනෙක්ට කියලා හෙලිකලේ නැහැ මොකද කිහිප දෙනෙක් අතර විතරක් තිබුණු රහසක් වුණා. කොටින්ම  කියනවනම් මේක ගැන දන්නේ ජනාධිපතිගේ ආරක්ෂයෝ ටිකයි අපේ වින්චෙස්ටර් කොල්ලෝ දෙන්නව අරං ගිහින් හිර කරන් ඉන්න හිර ගෙදර ආරක්ෂයෝ ටික විතරයි. අඩුම තරමේ ...

Read More »

Arrival (2016) with Sinhala Subtitles | ඔවුන් සැබෑවටම ආක්‍රමණිකයන්ද? [සිංහල උපසිරසි සමඟ]

ඕනි කෙනෙක් දන්න දෙයක් තමයි පහුගිය අවුරුද්ද කියන්නේ සුපිරිම සිනමාපට බිහිවුණු අවුරුද්දක් විදිහට. සුපිරි සිනමාපට කියන්නේ නිකන්ම නිකන් රූප ටිකක් සංකලනය කරලා දෙන ඒවා නෙවෙයි. විද්‍යා ප්‍රබන්ධ පැතිකඩ සම්පුර්ණයෙන්ම වගේ ඩැහැගන්න හැකියාවක් ලැබුණු සිනමාපටයක් තමයි මේ Arrival කියලා කියන්නේ. මේ තරම් ලොකු වැල් වටාරමක් කියවන්න දගලන්නේ ඇයි කියලා බලමුකෝ. පිටසක්වලයන් ...

Read More »

Supernatural [S12 : E09] with Sinhala Subtitles | ප්‍රිසන් බ්‍රේක්… [සිංහල උපසිරැසි සමඟ]

සීතල නත්තල් සමයේ කතාව ඉවර වුණේ මෙන්න මෙතනින්. ලූසි බිෂොප්ට වහලා එයාව ධාරකයාව කරගෙන පල්ලියේ හිටිය හැම පූජකයෙක්ව වගේම හැම සහෝදරියක්වම මරලා දැම්මා. ලූසි බිෂොප් වුණා කියලා හිතාගෙන හෝඩුවාවල් හොයාගෙන පල්ලියට එන අතරේ වෙන්න ඕනි හැමදේම වෙලා ඉවරයි. ඊටපස්සේ ලූසි තමන්ගේ ධාරකයා කරගන්නේ ඇමරිකානු එකසත් ජනපදයේ ජනාධිපතිව. වැඩේ නම් ලේසි ...

Read More »

Justice League Dark (2017) with Sinhala Subtitles | අදුරු මායාවන් වලට එරෙහිව කොන්ස්ටන්ටීන්… [සිංහල උපසිරසි සමඟ]

සුපුරුදු පරිදි හුග කාලයකට පස්සේ හමුවෙන්නේ මේ අවුරුද්දට නිකුත්වුන, පළමු DC Comic පදනම් කරගෙන වාර්ෂික ඇනිමේෂන් චිත්‍රපට පෙලෙහි පළමුවැන්න අරගෙනයි. මේක තාම නිකුත් වීමක් සිදු වෙලත් නැහැ. ඒ කියන්නේ මේක නිකුත්වීමට පෙර අන්තර්ජාලයට මුදාහැරුණු එකක්. කිසිම හේතුවක් නැතුව දින එහෙ මෙහෙ වුණා. මොකද මේක මිට කලින් සදහන් කරලා තිබුනේ 2016 ...

Read More »

Frequency [S01 : E010] with Sinhala Subtitles | නයිට්ගේල් ඝාතනයේ (අ)සාර්ථකත්වය… [සිංහල උපසිරැසි සමඟ]

රේමිට නයිට්ගේල්ව හොයාගන්න තිබුණු ලොකු උත්සහය නිසා එයා නයිට්ගේල් ඝාතන රැල්ලේ මුල්ම ඝාතනය හොයාගෙන තිබුණු දඩබ්බර ගතිය නිසා තනියම ගියා සැච් එපා කියද්දීම. රේමීට  නයිට්ගේල්වත් හම්බුණා. නමුත් මිනිහට එතනිනුත් පැනලා යන්න තරම් වාසනාවක් ලැබුණා තිබුණු හැකියාවටද මන්දා. මේ අස්සේ රේමී එයාගේ අසම්මත කොල්ලා එක්ක එකතු වෙන්න ලැබුණා. නමුත් දැනගන්න ලැබුණා ...

Read More »

Sisters (2015) with Sinhala Subtitles | සාදයක් කල විනාශයක්… [සිංහල උපසිරසි සමඟ]

එලිස් කියන්නේ කුඩා කාලයේ ඉදන් එකට තමන්ගේ පවුල එක්ක හැදී වැඩි දැන් වෙන වෙන තැන්වල ජීවත් වෙන අය. වැඩිමලා තමයි කේට්. එයාට නම් දුවෙකුත් ඉන්නවා. හැබැයි මහත්තයා නම් නෑ. මක් වෙලාද කියලා නම් දන්නේ නෑ. මොකද සදහනක් නෑ. දුවගේ නම හෙයිලි. කේට්ට හරිහමන් රැකියාවක් නැති නිසා එයාගේ දුව එයා එක්ක ...

Read More »

Run the Tide (2016) with Sinhala Subtitles | බැදීම් හා වගකීම් හමුවේ තම ජීවිතය සොයා.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හුග කාලෙකට පස්සේ ෆිලුම්කට සබක් අරං ආවා. දන්නවනේ ඉතින් ෆිල්ම් නම් කරන්නෙම නැති තරම්. ඒත් ඉතින් ආස හිතුන නිසා බාරගත්තෙ. මං කතාවේ වෙන්න මොකක්ද කියලා මුලින් කියලා ඉන්නම්කො. 🙂 රේ කියන්නේ පවුලේ වැඩිමලා. එයාට තව බාල සොහොයුරෙකුත් ඉන්නවා. එයාගේ අම්මා (ලෝලා) පොඩි කාලේ ඉදන්ම එයාට වෙනස්කම් කරලා තියෙන්නේ. ...

Read More »