Breaking News
Home / Sinhala Subtitle / චාමර සම්පත් (page 5)

චාමර සම්පත්

The Exorcist [S01 : E02] with Sinhala Subtitles | මාකස්ගේ ඉතිහාසය හා කේසිගේ යක්ෂයා..[සිංහල උපසිරසි සමඟ]

අද කොටසත් ආපු දවසෙම රෑ අට වෙද්දීම කරලා ඉවරයක් කරගන්න නම් ලැබුණා.කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. කොහොමද හොදයිද? ඒ හැටි මනාපයක් නැති පාටක් තමයි මට පෙනුණේ. කලින් කොටසේ මතක ඇතිනේ තෝමස් පියතුමන්ට ඇන්ජෙලා ඇවිල්ලා ගෙදර තත්වේ කිව්වහම එයා බලන්න ගියා. මුල් වතාවේ නම් විශේෂ යමක් තිබුණේ නෑ. ඇන්ජෙලා වගේම …

Read More »

The Exorcist [S01 : E01] with Sinhala Subtitles | යක්ෂ බලවේග… [සිංහල උපසිරසි සමඟ]

පෙර සටහනක් The Exorcist එහෙමත් “යකදුරා” යන නමින් පටබැදුණු මෙහි පෙර චිත්‍රපට පහක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ඇසුරින් නිර්මණය වුන බවක් තමයි දැනගන්න ලැබුණේ. ඒ චිත්‍රපට අතරින් පළමු චිත්‍රපටය The Exorcist (1973) නම් පලවෙලා තියෙනවා. මං බලලා තියෙන්නෙත් පළමු චිත්‍රපටය විතරයි. හැමෝම දන්න කියන Prison Break වගේ සුපිරි කතාමලාවන් විකාශය …

Read More »

Mr. Robot [S02 : E12] with Sinhala Subtitles | වංකගිරියක් බදු අවසානයක්!! [සිංහල උපසිරසි සමඟ]

කිව්වත් වගේ මං කතාව කලේ මේකේ පිටපත අන්තර්ජාලයට නිකුත් වුන දවසට පස්සේ දවසේ. ඒ කියන්නේ සිකුරාදා රෑ තමයි ඉවරයක් කලේ. පුංචිම සෙට් එකක් විතරක් බලන කොටසකට මහන්සි වෙනවා කියන්නේ හරියට පාඩු පිට ලෝ බජට් මූවී එකක් දුවනවා වගේ වැඩක්. 😛 දෙවන කතාමාලාව මං කරන්න හිටපු එකක් නෙවෙයි. නමුත් ඉතින් ආසාවට …

Read More »

Mr. Robot [S02 : E11] with Sinhala Subtitles | ඇමරිකාවට චීනයෙන් ඩොලර් ට්‍රිලියන දෙකක්.. [සිංහල උපසිරසි සමඟ]

එදා ඩිපීරෝ කෑමත් අරගෙන ඇන්ජෙලා හම්බෙන්න ඇවිත් යද්දී කිව්වනේ “ඊලග පාර එන කෙනා ඔයාට කෑම අරගෙන එන එකක් නැහැ. ඔයාව කුදලගෙන ගිහින් අදුරු කුටියක දාලා තියාවි කියලා.” අන්න ඒක ඇත්තක් වෙන පෙර නිමිති කලින් කොටසේ දකින්න ඇතිනේ. එලියට් ඇන්ජෙලාව දාලා කෝච්චියෙන් බැස්සම කවුදෝ මන්දා ගෑණු කෙනෙක් හා පිරිමි කෙනෙක් ඇවිල්ලා …

Read More »

Mr. Robot [S02 : E10] with Sinhala Subtitles | අතුරුදහන් වූවන් සොයා… [සිංහල උපසිරසි සමඟ]

ගකලින් කොටසේ එලියට් එයාගේ ගෙදර එද්දී දැක්කනේ එයා නැවතිලා ඉන්න තැන ඉස්සරහ ටයිරෙල්ගේ SUV එක නතර කරලා තියෙනවා. නමුත් ඒකෙ හිටියේ ටයිරෙල් නෙවෙයි. එයාගේ නෝනා ජොහෑනා. එයා එලියට්ගෙන් උදව් ඉල්ලනවා එයාගේ මහත්තයව හොයාගන්න. එලියට් වගේම එයාගේ මැරිච්ච තාත්තා බයවෙලා ඉන්නේ. මොකද ඒ දෙන්නා කලින් කතාවක් කිව්වා මතකනේ අර පොරි ගොඩේ …

Read More »

Mr. Robot [S02 : E09] with Sinhala Subtitles | සියල්ල පැටලිලි සහගතයි… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ නම් කොහොම හරි කොටස් හතරක් දුන්නා. මේ සතියේ තව එක කොටසයි විකාශය වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ දොළොස්වැනි කොටස. කලින් කොටස දුන්නම සමහරුන්ට කතාව නොතේරුන ස්වභායක් දකින්න ලැබුණා. ඒ නිසා තීරණය කලා ටිකක් දිගට ලිපිය ලියන්න. මමත් මේකේ එන එන කොටස් ඔක්කොම ඩවුන්ලෝඩ් කලාට තාම බැලුවේ නෑ. ඒ නිසා …

Read More »

Mr. Robot [S02 : E08] with Sinhala Subtitles | FBI එකට වැඩ වරදියි… [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටස අවසානයේදී ඩාර්ලීන් කට්ටියගෙන් අහනවනේ මොනාද ඔය තරම් බලන්නේ? මේක අද වෙනවද කියලා? මොකද්ද මේ කියලා හිතාගන්න බැරි වෙන්න ඇති නේද බලපු අයට නම්? FBI කට්ටියක් එකතු වෙලා රහස් සම්මේලනයක් පවත්වන්න හදන්නේ. මේ කට්ටිය කොහොමහරි ඒකටත් වැඩේ දීලා හොරෙන් මේ සම්මේලනයට එකතු වෙනවා. ඇත්තටම කියනවනම් මේ සම්මේලනය දුරකථන ඇමතුම් …

Read More »

Mr. Robot [S02 : E07] with Sinhala Subtitles | කරදරපිට කරදර… [සිංහල උපසිරසි සමඟ]

රේගේ සයිට් එක ගැන එලියට් හොයගෙන නේ තියෙන්නේ අර RT නිසා. ඇත්තටම ඒක හොර වෙලදාම් කරන අසැබි අඩවියක්. ඒ සයිට් එකේ කෙල්ලෙන් පවා විකුණන්න දාලා තියෙනවා. එලියට් මේ ගැන හෙව්වයි කියලා අන්තිමට රේ දැනගෙන එලියට්ට ගහලා ඉස්පිරිතාලෙ නවත්තල එතනිනුත් කුදලගෙන ගිහින් හිර කරලා තියලා එයාට කියලා කොහොම හරි සයිට් එකේ …

Read More »

Mr. Robot [S02 : E06] with Sinhala Subtitles | දැවැන්ත හැකින් ප්‍රහාරය FBI එකට… [සිංහල උපසිරසි සමඟ]

ඩිපීරෝ ඇතුළු තවත් ඒජ්නට් කෙනෙක් චිනේ ගිහින් ජාන්ග් අමාත්‍ය එක්ක සංචාරයේ යෙදෙන්න මොහොතකට කලින් එයාලා නැවතිලා ඉන්න තැනට කවුදෝ මන්දා කට්ටියක් ඇවිත් පහර දුන්නානේ. ඩිපීරෝ විතරයි ද බේරුණේ? පෙනුණේ නම් එහෙමයි. නමුත් ඇතුලේ තවත් FBI ඒජ්නට් කෙනෙක් ඉදලා. කවුද ඒ? ඩිපීරෝනම් සැක කරන්නේ මේක අදුරු හමුදාවේ වැඩක් කියලා. ඇත්තටම මේක …

Read More »

Mr. Robot [S02 : E05] with Sinhala Subtitles | අවුල් ජාලයක පැටලී… [සිංහල උපසිරසි සමඟ]

එලියට් FBI එක හැක් කරන්නනේ පහුගිය කොටසේදී ලැස්ති වුණේ. ඒකත් රේගේ කම්පියුටර් එක හදනවා කියලා ඉල්ලගෙන. ඒ අස්සේ අර ඩිපීරෝ පිස්සුවෙන් වගේ මේ වැටලීම පස්සේ යනවා. රේ කියන්නේ හොද මිනිහෙක් නෙවෙයි. එයා කරගෙන යන සයිට් එකත් හොද එකක් නෙවෙයි. එයා කලින් සර්වර් එක වෙනත් එකකට මාරු කරගන්න වැඩේ කරගන්න ලැබුණේ …

Read More »

Mr. Robot [S02 : E04] with Sinhala Subtitles | FBI වැටලීම… [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසේ දකින්න ඇතිනේ FBI ඒජන්ට් ගේමට බැහැලා රෝමිරෝගේ මරණයෙන් පස්සේ එයාගේ ගෙදරටත් ගිහින් ප්‍රින්ට් කරපු කොල වගයක් හොයාගත්තා. ඒකෙ ගොඩක් ඒජන්ට්ලගේ නම් තිබුණා. ඇත්තෙන්ම ගොඩක් නෙවෙයි හැමෝගෙම. පස්සේ ඇය හෝඩුවාවන් දිගේ ගිහින් අර ආකේඩ් එක හොයාගත්තනේ. අද එයාගේ ටීම් එකේ කට්ටිය ගෙනල්ලා මෙතන සෝදිසි කරනවා ඒවගේම එදා පාටිය තිබුණු …

Read More »

Batman Unlimited: Mech vs. Mutants (2016) with Sinhala Subtitles | මිස්ටර් ෆ්‍රීස්ගේ සද්දන්තයින්… [සිංහල උපසිරසි සමඟ]

මේ වසරේ නිකුත් වුන තවත් එක් DC කොමික් ඇනිමේෂන් චිත්‍රපටයක් අරගෙනයි අදත් මේ හමුවෙන්න යන්නේ.  ඒත් බැට්මෑන් කිලින් ජෝක් එක ගෙනාවට පස්සේ මෙච්චර ඉක්මණට මේකත් එයි කියලා නම් හිතුවේ නැහැ. මේක ඇවිල්ලයි කියලා දැනුවත් කරලා මටම මේක බාරදුන්නට ස්තුතිය හිමිවෙන්න ඕනේ විමාට. මේ චිත්‍රපටිය නිකුත් වුණේ 2016 අගෝස්තු 30 වෙනිදා. …

Read More »

Mr. Robot [S02 : E03] with Sinhala Subtitles | කර්නල් පැනික්… [සිංහල උපසිරසි සමඟ]

එලියට්ට ඕනේ වෙලා තියෙන්නේ එයාගේ තාත්තව එයාගේ මනසින් යවාගන්න. මෙයා ඒකට ඇඩ්රියල් කියලා බෙහෙතක් අරගන්නවා. බෙහෙත මොකටද ගන්නේ කියලා සබ් එකේ විස්තර කරලා ඇති. වැඩේ හරි යනවා. නමුත් ඒක ඕනෙවට වඩා අර ගත්තට පස්සේ එලියට් අමු මන්දමානසිකයෙක් වගෙයි හැසිරෙන්නේ. කොහොමත් එහෙමනේ. මගේ ඔලුවත් විකාර වෙලා තියෙන්නේ මේක දැකලා. ගිඩියන්ව අර …

Read More »

Junooniyat (2016) with Sinhala Subtitle | ඔබේ ආලය මගේ සිහසුනයි [සිංහල උපසිරසි සමඟ]

ජීවිතය කියන්නේ වාසනාව, ඉරණම හා දෛවය කියනමේ හැමදේමකම එකතුවක්. නමුත් ගොඩදෙනෙක් කියන්න පුලුවන් ජීවිතය කියන්නේ දෛවයටම වෙන්වූ දෙයක් කියලා. මම නම් ඒක පිළිගන්නේ නැහැ. මොකද ජීවිතය කියන්නේ තනිකරම තෝරාගැනීම් වලින් පිරුණු දෙයක්. හිතන්න අද ඔයා මොකක්ම හරි තැනක ඉන්නවා වෙන්න පුළුවන්. ඒතැන ඉන්නේ ඔයා කරපු ඒ විකල්පයන් අතරින් තෝරාගැනීමක් නිසා. …

Read More »

Mr. Robot [S02 : E02] with Sinhala Subtitles | මොනාද මේ වෙන්නේ? [සිංහල උපසිරසි සමඟ]

ගොඑෆ් සොයසිටී එකේ මිලග ප්‍රහාරය වුණේ ඉ කොර්ප් වල බැංකු වට්ටන එක. ඔවුන් කියා සිටියේ කප්පම් මුදල ගෙවන්න නැත්තම් සියලුම ගිණුම් බිද දමනවා කියලා. මේ නිසා ඔවුන් ඉල්ලපු ඩොලර් ඩොලර් මිලියන 5.9ක මුදල ඉ කොර්ප් එකේ පරිඝනක ප්‍රධාන ඉංජිනේරුවා වන ස්කොට් ක්නොලස් අරන් යනවා හැබැයි උපකාරක සහය ඇතිව. පේන්න යන්නේ …

Read More »

Mr. Robot [S02 : E01] with Sinhala Subtitles | ඩොලර් මිලියන 5.9 [සිංහල උපසිරසි සමඟ]

ගොඩක් අය ඉල්ලීම් කරපු වගේම කවුරුත් නොකරපු ඒ කතාව ඔන්න මං අද අරන් ආවා. ඒ තමයි අර එෆ් අකුරින් පටන් ගන්න සමාජේ ගැන කියවෙන මිස්ටර් රොබට්. දැනට කොටස් හතක් විකාශය වෙලා තියෙනවා. පුලුවන් ඉක්මණට ඉතුරු කොටස් හය ලබාදෙන්න උත්සහ කරන්නම්. මේක මං කරපු අමුතුම විදිහේ සබක්. මිස්ටර් රොබට් බලන අය …

Read More »

The Musketeers [S03 : E10] with Sinhala Subtitles | අවසානය කරා… [සිංහල උපසිරැසි සමඟ]

හරියටම දවස් විස්සයි. ඔන්න අද මං අන්තිම කොටස ඉවර කළා. මේක පලවෙද්දී නම් ප්‍රමාද වෙයි. මොකද අඩවිය නිතර නිතරම ඇද වැටෙන නිසා හා සැලකිය යුතු හේතු නිසා. මං තමයි මස්කිටියර් දෙවැනි කතාමාලාව කලේ. තුන්වෙනි කතාමාලාච මේ අවුරුද්දේ නිකුත් වුනාට ඒ වෙද්දී මට කරගන්න පුළුවන් කමක් තිබුණේ නෑ ඒ වෙද්දීත් කතාමාලා …

Read More »

The Musketeers [S03 : E09] with Sinhala Subtitles | රජුගේ මියයාම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවසන් කොටසට කලින් කොටස අරන් ආවා. ලොකුවට කියන්න දෙයක් නෑ මාතෘකාවෙන් තේරෙනවා ඇතිනේ. අද රජතුමා ට්‍රේවිල් එක්ක කඩු හරබ කර කර ඉන්නකොට එක පාරට කැස්සක් ඇවිත් අන්තිම හුස්ම හෙලනවා. මෙතනින් පස්සේ තමයි යුධ ආරම්භයක් වෙන්නේ. මොකද ඊළගට රජ වෙන්න ඉන්නේ ඩෝපෑන්නෙ. ඒත් එයාට තාම අවුරුදු හයයි නිසා ප්‍රශ්ණ වැඩියි. …

Read More »

The Musketeers [S03 : E08] with Sinhala Subtitles | කුමන්ත්‍රණ… [සිංහල උපසිරැසි සමඟ]

ග්‍රිමඩ්ව හොයාගන්න බැරිව ගියා කියලා පහුගිය කොටසින් දකින්න ඇතිනේ. හැබැයි එයාගෙයි එයාගේ අම්මගෙයි අතීත කතාව නම් දැනගත්තා. ඈන් රැජිණ ස්පාඥ්ඥ කෙනෙක් කියලා දන්නවනේ. එයාගේ සහොයුරා ඉන්නෙත් ස්පාඥ්ඥයේ. ඈන් හදන්නේ දෙගොල්ලෝ අතරේ සාමය ඇති කරන්න. මොකද ඈන් ව නම් කරනවා කියලා ලුව් කිව්වනේ. එතකොට මුකුත් ප්‍රශ්න තිබ්බේ නැත්තම් සහයෝගේ ලේසියෙන් ඕනෙම …

Read More »

The Musketeers [S03 : E07] with Sinhala Subtitles | පලායන්නන් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ග්‍රිමඩ් හා ගැස්ටන් පැනලා ගියපු නිසා අද මස්කිටියර්ලා යනවා මේ අයව හොයාගෙන. මේ යන ගමන නම් හිතුවට වඩා අමුතුයි වගේම වික්‍රමාන්විතයි. හැතැක්ම හතරක් විතර ආවට පස්සේ කැලේ නතර වෙන්න තැනක් හොයද්දි හමුවෙනවා ගමක්. ඒ ගමේ ගොඩක්ම ඉන්නේ ගැහැණු අය. නිකන් අය නෙවෙයි හරියට සොල්දාදුවෝ වගේ. මිනිස්සු වගේ උගුල් අටවලා. ඒ …

Read More »