Breaking News
Home / Sinhala Subtitle / තාමර දෙනුවන්

තාමර දෙනුවන්

Holidays (2016) with Sinhala Subtitles | මේ බය සමරන දිනයි [සිංහල උපසිරසි සමඟ]

හුඟ කාලෙකට පස්සේ ඔන්න මම තවත් චිත්‍රපටියකට උපසිරැසි අරගෙන ආවා. දිගටම කලේ කතාමාලා නිසා වෙනසකටත් එක්ක අද අරන් ආවේ 2016 දි තිරගත වුණ Horror/ Thriller වර්ගයේ චිත්‍රපටියක් වන Holidays. මේ කතාව මට බාරදීලා හුඟක් කල් වුණත් ෂර්ලොක් හෝම්ස් කතා එක්ක කරන්න වෙලාවක් තිබුණේ නෑ. ඒ නිසා මේක ටිකක් පරක්කු වුණා. …

Read More »

The Adventures of Sherlock Holmes S06 Special Episode with Sinhala Subtitles |සුනඛ ශාපය [සිංහල උපසිරැසි සමඟ]

  ඔන්න එහෙනම් හුඟ කාලෙකට පස්සේ මම ආවා ෂර්ලොක් හෝම්ස් කතාවේ තවත් උපසිරැසියක් අරගෙන. මම සමාව ඉල්ලනවා හුඟ කාලෙකට මේකෙ උපසිරැසිය දෙන්න බැරිවීම ගැන. මේ උපසිරැසිය කරන්න හරියට වෙලාවක් ලැබුණේ නැති එක තමයි ඒකට හේතුව. කොහොමහරි මාස කීපයකට පස්සේ වුණත් මම අරගෙන ආවා ෂර්ලොක් හෝම්ස් කතාවල තියෙන දීර්ඝ කතාවලින් එකක් …

Read More »

Marvels Daredevil [S02 : E10] with Sinhala Subtitles| අහිරහස් වෙඩික්කරුවා…. [සිංහල උපසිරසි සමඟ]

අතපසුවීමක් නිසාවෙන් අපේ සහෝදරයින් දෙන්නෙක්ම මේ එපිසෝඩ් ඒකට උපසිරසි කරලා තියනව, ඒ නිසා ඒ දෙදෙනාගේම උපසිරස මෙහි පලකරනව අපි. සිදුවූ අතපසු වීමට කණගාටුව ප්‍රකාශ කරනව. තාමර දෙනුවන් ඔන්න මම එහෙනම් ඩෙයාඩෙවිල් කතා මාලාවේ තවත් එක කොටසක් අරගෙන ආවා ඔයාලව හම්බෙන්න. කලින් කොටස අපේ යසිරු සහෝ කළානේ. මම මේක ගෙනාවා. මේ …

Read More »

The Adventures of Sherlock Holmes [S04:E05] with Sinhala Subtitles |උමං දුම්රියේ අභිරහස් මරණය [සිංහල උපසිරැසි සමඟ]

  මුලින්ම කියන්න ඕන මේක දෙන්න මෙච්චර ප්‍රමාද වුණාට ගොඩක් සමාවෙන්න. ඒකට හේතුව වුනේ මේකෙ සබ් හද හද ඉන්න අතරෙදි අපේ විමා සහෝ ඩෙයාඩෙවිල් වල එක කතාංගයක් කරන්න බාරදුන්න එක. ඒකෙ අවුලක් නැහැ කියලා හිතනවා.  එහෙනම් ඔන්න 4වෙනි කතාමාලාවත් ඉවර කළා. මම අද ඇවිල්ලා තියෙන්නේ ඒකෙ අවසාන කතාවත් අරගෙනයි. කලින් …

Read More »

Marvel’s Daredevil [S02 : E04] with Sinhala Subtitles| පැන්සයයි සත දහයයි…. [සිංහල උපසිරසි සමඟ]

හැමදාම ෂර්ලොක් හෝම්ස් අරගෙන ආපු මම ඔන්න වෙනසකටත් එක්ක කොමික් සීරීස් එකක් වන ඩෙයාඩෙවිල් කතාමාලාවට උපසිරසියක් අරගෙන ආවා. මේ පාර නෙට්ෆ්ලික්ස්ලා මුළු කතා මාලාවම එකපාරටම මුදාහැරලා තිබුණා. මේ උපසිරැසිය කරන්න මට ලබාදීම ගැන විමා අයියට මුලින්ම ස්තූති කරන්න ඕන ඔන්න එහෙනම මගේ මේ සුදානම බයිස්කෝප් පවුල එක්කාසු වෙලා කරන වැඩේට …

Read More »

The Adventures of Sherlock Holmes [S04:E04] with Sinhala Subtitles |විස්ටේරියා මන්දිරයේ වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

  ඔන්න මම ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ තවත් එක කතාවක් අරගෙන ආවා. චිත්‍රපටියකට සබ් දෙන්න හිටියත් චිත්‍රපටියක් හොයාගන්න බැරිවුනානේ. චිත්‍රපටියක් ලැබුණ ගමන්ම ඒකට සබ් දෙනවා. කතාව ගැන කිව්වොත් මේක සිව්රහස් සලකුණ පොතේ තියෙන The Adventure of Wisteria Lodge හෙවත් විස්ටේරියා මන්දිරයේ වික්‍රමය කියන කතාව. අපූර්ව කියන වචනයේ ඛේදවාචකයක් හෝ භයානක …

Read More »

The Adventures of Sherlock Holmes [S04:E03] with Sinhala Subtitles |මිනීමරුවා නිදැල්ලේ [සිංහල උපසිරැසි සමඟ]

  ඔන්න මම 4වෙනි කතා සමයේ 3 වෙනි කතාංගයත් අරගෙන ආවා. 4 වෙනි කතා සමයේ පළවෙනි කතාංග දෙක කලින්ම කරලයි තිබුණේ. ඉතින් මම 3 වෙනි එක කළා. මේ කතාව The Adventure Of Silver Blaze නමින් ආතර් කොනන් ඩොය්ල් මහතා රචනා කළ කතාවයි. ඇත්තෙන්ම මේ කතාව තිබුණ පොත මං ළඟ තිබුනේ …

Read More »

The Adventures of Sherlock Holmes [S03:E07] with Sinhala Subtitles |අද්භුත සිදුවීමක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වෙනි කතා මාලාවේ අවසාන කතාංගය ඒ කියන්නේ Season Finale එකත් අරගෙන මම ආවා. මේ කතාව ගැන කිව්වොත් මේක ආතර් කොනන් ඩොයිල් මහත්මයාගේ The Adventure of the Six Napoleons කියන කතාවේ සිංහල පරිවර්තනය. චන්දන මෙන්ඩිස් මහත්මයාගේ මහ රෑ ආ මාරයා කෘතියේ තමයි මේක අන්තර්ගත වෙන්නේ. කතාව කිව්වොතින්, මේ ගැටළුව …

Read More »

The Adventures of Sherlock Holmes [S03:E06] with Sinhala Subtitles |අභිරහස් ළමා කොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඊළඟ කතාංගයත් අරගෙන මම ආවා. මේ කතාව ගැන කතා කළොත් මේක කොනන් ඩොයිල්ගේ The Priory School කතාවේ සිංහල පරිවර්තනය. චන්දන මෙන්ඩිස් මහතාගේ “මළගිය ඇත්තෝ සාක්කි දෙති“ කියන පොතේ තමයි මේක අන්තර්ගත වෙන්නේ. හෝල්ඩනස් කියලා ආදිපාදවරයෙකුගේ පුතා අතුරුදන් වෙනවා. ඔහුව හොයාගන්න එක තමයි හෝම්ස්ට පැවරෙන වගකීම. මේ පරීක්ෂණය අරගෙන …

Read More »

The Adventures of Sherlock Holmes [S03:E05] with Sinhala Subtitles |අතුරුදන් වූ ව්‍යාපාරිකයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හුඟ කාලෙකට පස්සේ හරියටම කිව්වොත් මාස 10කට විතර පස්සේ මම ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ ඊළඟ කතාංගයත් එක්ක ආපහු ආවා. ප්‍රමාදයට පුධාන හේතුව වුණේ සාමාන්‍ය පෙල විභාගය. ඒකෙන් පස්සේ දෙසැම්බර් 20 වෙද්දී සබ් එකේ අවසාන ටික තමයි හදන්න තිබුණේ. ඒත් මගේ PC එකේ අවුලක් නිසා Hard Drive එක Full-format …

Read More »

The Adventures of Sherlock Holmes [S03:E04] | දෙවෙනි ලේ පැල්ලම [සිංහල උපසිරැසි සමඟ]

ලොකු නිවාඩුවකට පස්සේ නේද? කට්ටිය දැන් මට බනිනවත් ඇති, “කෝ මේකා දෙනවා කිව්ව එක තාම දුන්නේ නෑ“ කියලා. මොනවා කරන්නද? අපේ වාර විභාගේ තිබුණනේ. ඉන්පස්සේ අලුත් අවුරුද්ද. අනෙක මේ මම සා/පෙ ලියන අවුරුද්දනේ. ඒ නිසා වැඩ ටික ඔක්කොම හිරවුණා. අවුරුදු ඉවර වුණ ගමන් ඉක්මනටම මේක හදලා දෙන්න පුළුවන් වුණා. දැන් …

Read More »

The Adventures of Sherlock Holmes [S03:E03] | විස්මයජනක චාරිත්‍රය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තුන්වෙනි සීසන් එකේ තුන්වෙනි කතාංගයත් එක්ක මම ආපහු ආවා. එන්න එන්න උපසිරැසි දෙන වේගය අඩුවෙනවා වගේ නේද? ඒ ඉතින් මගේ අධ්‍යාපන වැඩකටයුතු වලට කාලය යොදවන්න ඕන නිසයි. කොහොමහරි ඔන්න මේක මම අද ගෙනැල්ලා තියෙනවා. පොතේ තියෙන විදියටනම් මේක හෝම්ස් වොට්සන්ට කියන්නේ ඔහුව හමුවීමට පෙර හෝම්ස් විසින් කරපු පරීක්ෂණයක් විදියට. …

Read More »

The Adventures of Sherlock Holmes [S03:E02] | මහ රෑ ආ මාරයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තුන්වෙනි කතා සමයේ දෙවෙනි කතාංගයත් එක්ක ඉක්මනටම ආවා. මේක දෙන්න නම් දවස් දෙකකට වැඩිය ගියා නේද? ඒකෙ අවුලක් නෑනේ. කොහොම වුණත් කලින් කතාවේ දකින්න ඇතිනේ රයිෂන්බාක් දිය ඇල්ලට වැටුණා කියලා හිතපු ෂර්ලොක් හෝම්ස් ආපහු වොට්සන් හමුවෙන්න ආපු හැටි. ඒ වගේම ඔහුට තර්ජනයක් වෙන පුද්ගලයෙක් එක්කනේ ඔහු එන්නේ. ඒ …

Read More »

The Adventures of Sherlock Holmes [S03:E01] | අතිදක්ෂ යක්ෂයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ තුන්වන කතා සමය ඒ කියන්නේ THE RETURN OF SHERLOCK HOLMES (ෂර්ලොක් හෝම්ස් ආපසු එයි) කතා සමයේ පළවෙනි කතාංගයත් එක්ක ඔයාලව මුණගැහෙන්න ආවා. කලින් කතාවේ වුණ දේ මතක ඇතිනේ. වොට්සන් හිතන්නේ හෝම්ස්  මොරියාටිත් එක්ක රයිෂන්බාක් දිය ඇල්ලෙන්පහතට වැටුණා කියලයි. ඒ බව සනාථ කරන හෝම්ස් විසින් …

Read More »

The Adventures of Sherlock Holmes [S02:E06] | අවසන් ගැටලුව [සිංහල උපසිරැසි සමඟ]

දෙවෙනි සීසන් එකේ අන්තිම කතාංගයටත් ආවා නේද? ඔන්න මේකත් ඉක්මනටම දුන්නා. දන්නවා ඇතිනේ කතාව. අවසන් ගැටළුව කතාව තමයි ෂර්ලොක් හෝම්ස් කතාවල එක නැවතුමක් සලකුණු කරන්නේ. මේක තියෙන්නේ පොත්වල තියෙන පිලිවෙලට නෙවෙයි. උදාහරණයක් විදියට මම කලින් දීපු රතු හිසකෙස් ගැටළුව කතාවේ චිත්‍රපටියේ තියෙන විදියට මහාචාර්ය මොරියාටිත් සම්බන්ධයි. ඒත් පොතේ එහෙම කාරණයක් කියලා …

Read More »

The Adventures of Sherlock Holmes [S02:E05] | රතු හිසකෙස් ගැටළුව. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම කියපු විදියටම ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ ඊළඟ කතාංගයත් එක්ක ඉතාම ඉක්මනින් ඔයාලව හමුවෙන්න ආවා. මේ තියෙන්නේ 2වෙනි සීසන් එකේ අන්තිම කතාංගයට කලින් කතාංගයයි. මේක කලින් ඒවට වඩා ගොඩක් ඉක්මනින් දෙන්න පුළුවන් වුණා නේද? දිගටම මේ වේගෙන් දෙන්න තමා ට්‍රයි කරන්නේ. බලමුකෝ. දැන් කතාව පැත්තට හැරෙමු. අද මම සබ් …

Read More »

Saw 3D: The Final Chapter (2010) | මරණයේ අවසන් අදෝනාව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම කලින් ලිපියේ කියපු විදියටම SAW VII වල උපසිරැසි අරගෙන ආවා. කොහොමවුනත් කට්ටිය මම මේ වෙන වෙන චිත්‍රපටිවලට උපසිරැසි දුන්නා කියලා බය වෙන්න එපා. අනිවාර්යෙන් ෂර්ලොක් හෝම්ස් කතාමාලාව ඉවර කරන එක කරනවාමයි! කලින් කරපු අය වගේ මම නම් මේක නවත්වන්නේ නෑ. ඔන්න….ඔන්න කතාවෙන් පිට යනවනේ. දැන් ඉතින් කතාවට බහිමු. …

Read More »

The Adventures of Sherlock Holmes [S02:E04] | නේවාසික රෝගියා [සිංහල උපසිරැසි සමඟ]

හුඟ කාලෙකට පස්සේ නේද? කොහේද ඉතින් මගේ වැඩ හිරවුණ නිසා මුකුත් කරගන්න බැරිවුණානේ. ඊට වඩා මම මමේ පාර සාමාන්‍ය පෙළ කරනවනේ. පාඩම් කිරීමත් එක්ක කලාතුරකින් තමයි උපසිරැසි හදන්න වෙන්නේ. කොහොමහරි මේක හැදුවා. මේ කතාව “අන්තරාය අඩවියක“ පොතේ දක්වලා තියෙන නේවාසික රෝගියා කියන අබිරහස. කතාව මෙහෙමයි. දන්නවත් ඇතිනේ ඒක. මේ වතාවේ …

Read More »

Me Myself and Irene (2000) |මම, මගේ ජීවිතය හා අයරින් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම කලින් ලිපියේ කිව්ව විදියටම Me.Myself and Irene කියන චිත්‍රපටියේ උපසිරැසියත් අරගෙන ආවා. ඉතින් ඔයාලා හිතනවා ඇති ෂර්ලොක් හෝම්ස් කතා මාලාව තියාගෙන මේ වගේ චිත්‍රපටියට උපසිරැසි දැම්මෙ මොකටද කියලා. පළවෙනි හේතුව තමයි මේක හුඟක් පරණ චිත්‍රපටියක් වගේම හාස්‍යජනක වුණත් කවුරුවත් උපසිරැසි නොදා තිබීම. අනෙක් එක තමයි මේ චිත්‍රපටිය මම …

Read More »

The Adventures of Sherlock Holmes [S02:E03] | නෝර්වුඩ්හි තනන්නා. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්…..? ඔන්න ෂර්ලොක් හෝම්ස් කතාමාලාවේ කතාංගයක් එක්ක ආයෙත් මම ආවා. මේකනම් කලින්ට වඩා ඉක්මනට දෙන්න පුළුවන් වුණා නේද?. ඒත් මේක තවත් වේලාසනින් දෙන්න තිබුණා. එහෙම කරන්න බැරි වුණේ මේකෙ ඉංග්‍රීසි උපසිරැසියේ කාල රාමු හරියට හදලා නොතිබීම නිසා. ඉතින් කාල රාමු ට්කත් හදාගෙනයි මේක පරිවර්තනය කරන්න වුණේ. මේකෙ එතවරකට කියන …

Read More »