Breaking News
Home / Sinhala Subtitle / බුද්ධික නුවන්

බුද්ධික නුවන්

Jamaica Inn (1939) with sinhala subtitles | ජැමෙයිකා තානායම [සිංහල උපසිරසි සමඟ]

1939 වසරේ තිරගත වූ ඇල්ෆ්රඩ් හිච්කොක් මහතාගේ තවත් සිනමා සලරුවක් මා ඔබ වෙත ගෙන ආවා. ඩැෆ්නි ඩූ මොරියර් නම් බ්‍රිතාන්‍යය ලේකකයාගේ එනමින් වන නවකතාව පාදක කරගෙන මෙම සිනමා පටය නිපදවා ඇත. අන්තර්ජාලය වාර්ථා කරන අන්දමට මෙය හිච්කොක් මහතාගේ අසාර්ථක චිත්‍රපට ලැයිස්තුවේ ඉහලින්ම පවතින්නකි. එමෙන්ම ඔහු එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට පෙර …

Read More »

Foreign Correspondent (1940) with sinhala subtitles | විදෙස් වාර්ථාකරු [සිංහල උපසිරසි සමඟ]

නිව්යෝක් ට්යිම්ස් ග්ලෝබ් පුවත් පතට යුරෝපයෙන් ලැබෙන පුවත් ඒකාකාරී, පාඨකයා බලාපොරොත්තු කඩවූ තත්වයට පත් කරන ඒවායි. පුවත් පතේ ප්‍රධානියාට උවමනා වී ඇත්තේ ඇත්ත ඇති සැටියෙන් තම පුවත් පතේ පල කිරීමටයි. මේ සඳහා එංගලන්තයේ සිටින තම නියෝජිතායා වෙතට තවත් වාර්ථාකරුවෙක් යැවීමට ප්‍රධානියා තීරණය කරයි. අවස්ථාව හිමිවන්නේ මදක් කලහකාරී තරුණ වාර්ථා කරුවෙකුටයි. …

Read More »

Suspicion (1941) with sinhala subtitles | සැකය. [සිංහල උපසිරසි සමඟ]

මාගේ 51 වෙනි උපසිරැසි නිර්මාණය ලෙස ඔබට ඉදිරිපත් කරනුයේ ඇල්ෆ්රඩ් හිච්කොක් මහතාගේ ඇති 1941 වසරේ තිරගත වූ Suspicion නම් සිනමා කෘතියයි. 1942 වසරේ හොඳම නිලියට හිමි ඔස්කාර් සම්මානය  මේ වෙනුවෙන් ලීනාගේ චරිතයට පන පෙවූ ජොආන් ෆින්ටයින් හිමිකරගන්නවා. IDMB අගය 7.2 ක්. බලමු කතාවක් ඔහොමද කියල ටිකක්. ලන්ඩනයේ ග්‍රාමීය දුම්රියක ගමන් …

Read More »

I Wanna Hold Your Hand (1978) with sinhala subtitles | කුරුමිණි මේනියා. [සිංහල උපසිරසි සමඟ] (50)

2015 ජුලි මස දහ වන  දින මගේ පලමු උපසිරැසිය බයිස්කෝප් අඩවියේ පලකිරීමෙන් පසු, මේ මගේ පලමු කඩ ඉමයි. එනම් මේ මගේ පනස් වෙනි උපසිරැසි නිර්මාණයයි. මේ පිලිබඳව විශේෂයෙන් කිසිවක් පැවසීමට නැතත්, මේ සඳහා මා හට අවස්ථාවක් ලබා දුන් බයිස්කෝප් කාර්‍ය මණ්ඩලයට ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා. රොයිලි, යශෝධ, සමන් මේ …

Read More »

Strangers On A Train (1951) with sinhala subtitles | දුම්රියේ අමුත්තා. [සිංහල උපසිරසි සමඟ]

ගයි හේනස්, ප්‍රසිද්ධ ටෙනිස් ක්‍රීඩකයෙකි. එමෙන්ම ඔහුගේ අභිප්‍රාය ටෙනිස් වලට පසුව දේශපාලනයට එක්වීමයි. මේ අතරම පුවත් පත් වල ඕප දූප පිටු පිරෙන්නේ මොහුගේ විවාහක බීරිඳගෙන් දික්කසාද වීමට සූදානම් බව පවසන පුවත් වලිනි. හේනස් ගේ බිරිඳ ඔහුට වංචා කරමින් වෙනත් පිරිමින් ඇසුරු කරන්නියකි. මුලදී දික්කසාදයට කැමැත්ත පෙන්නුවද පසුව ඔහු මංත්‍රී දියණියක් …

Read More »

Family Plot (1976) with sinhala subtitles | පවුලක අවුල. [සිංහල උපසිරසි සමඟ]

මේ 1976 වසරේ තිරගත වන හිච්කොක් මහතාගේ තවත් චිත්‍රපටයක්. ක්‍රියාදාම හාස්‍යමය වර්ගයට අයත්වන මෙය ඉතා හොඳින් රසවිඳිය හැකියි. භූත වේදිනියක් යැයි කියාගන්නා ටේලර් බ්ලාන්ච් තම සගයා හරහා ලබාගන්නා ඉඟියක් අනුව ලක්ෂපතිනියක් වන ජූලියා රේන්බර්ඩ් මහත්මිය රවටා යම් මුදලක් කඩාගැනීමට උත්සහ දරයි. ජූලියා රේන්බර්ඩ් මහත්මියගේ ප්‍රශ්නය නම් නින්ද නොයෑමය. මැඩම් බ්ලාන්ච් …

Read More »

Sabotage (1936) with sinhala subtitles | කුමන්ත්‍රණය. [සිංහල උපසිරසි සමඟ]

1936 වසරේ තිරගතවන තවත් කලුසුදු චිත්‍රපටයක්. වර්ලොක් මහත්මයා සිනමාශාලා හිමියෙක්, නමුත් ඒ අතරම ඔහු විදෙස් ඔත්තු සේවා නිළධාරියෙක්. ලන්ඩන් නගරය තුල දිගින් දිගටම සිදුවන විනාශකාරී සිදුවීම් පිටුපස මේ සිනමාශාලා හිමිකරු ඇති බවට සැක කරන ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය ඒ පිලිබඳ පරීක්ෂණයක් පවත්වයි. මේ පිලිබඳ විමසිල්ලෙන් සිටීමට ඒ අසලම පිහිටි පලතුරු වෙළඳ සැලේ …

Read More »

Marnie (1964) with sinhala subtitles | මාර්නි.(ලියතඹරා) [සිංහල උපසිරසි සමඟ]

මෙන්න මම ඔයාලට තවත් ඇල්ෆ්රඩ් හිච්කොක් මහතාගේ සිනමා සිත්තමක් ගෙන ආව. ප්‍රමුඛ පෙලේ සමාගම් වල ලිපිකාර තනතුරු සඳහා රැකියා ලබාගන්නා මාර්නි, පෙනි සිටිනුයේ  ව්‍යාජ නම් වලිනි. ඒ ඇගේ යටිසිතේ ක්‍රියාත්මක වන අදහස් ඉටුකරගැනීමටයි. ඇගේ කර්ර්‍යය වන්නේ මාස කිහිපයකට පසු ආයතනය මංකොල්ල කා පලා යෑමයි. මෙලෙස සේවය කල ස්ට්‍රට් ආයතනය කොල්ල …

Read More »

Dial M for Murder (1954) with sinhala subtitles | මරණයේ ඇමතුම [සිංහල උපසිරසි සමඟ]

1954 වසරේ තිරගත වන හිච්කොක් මහතාගේ තවත් සිනමා නිර්මාණයක්. ඔහුගේ බොහෝ නිර්මාණ මෙන්ම මෙයත් රහස් පරීක්ෂක කතාවක්. ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා ඔබට සිහි කරවන මෙම සිනමා සිත්තම කුතුහලය සිත තුල පුරවාගෙන නැරඹිය හැකි බව මගේ විශ්වාසයයි. රහස් පරීක්ෂක කතා රචක මාර්ක් හැලිඩේ සමග තම බිරිඳ පෙම් සබඳතාවයක් පවත්වන බව …

Read More »

Notorious (1946) with sinhala subtitles | වැළඳගත් අවාසනාව [සිංහල උපසිරසි සමඟ]

1946 වසරේ තිරගත උන ඇල්ෆ්‍රඩ් හිච්කොක් ශ්‍රීමතාණන් ගේ සිනමා සිත්තමක් මා ඔබ වෙත අරෙගෙන ආවා. දෙවන ලෝක යුධ සමයේ විශාල ලෙස කෙරුන ඔත්තු බැලීම් ඇසුරින් නිමවුන රහස් පරීක්ෂක චිත්‍රපටයක් වන මෙහි ප්‍රධාන චරිත වලට පන පොවන්නේ සුරූපී ඉන්ග්‍රිඩ් බර්ග්මාන් සමග කඩවසම් කැරී ග්‍රාන්ට්. ඇලීෂියාගෙ පියා එක්සත් ජනපදයට විරුද්ධව නාසි ඔත්තු …

Read More »

Frenzy (1972) with sinhala subtitles | උන්මාදය [සිංහල උපසිරසි සමඟ]

1972 වසරෙ තිරගත වෙච්ච අග්‍රගන්‍ය සින්මාකරු ඇල්ෆ්රඩ් හිච්කොක් ශ්‍රීමතාණන් ගේ සිනමා සිත්තමක් ඔබ වෙත ගෙන ආව. මානසික විකෘතියකින් පෙලෙන, ඒ විකෘතිය නිසාම සිදුවන මිනීමැරුම් වැලක් තමා මේ කතාවට පසුබිම් වෙන්නෙ. බ්ලේනි, බිරිඳගෙන් දික්කසාද වූ රාජකීය ගුවන්හමුදාවෙ ගුවන් නියමුවෙක්. හමුදා සේවයෙන් ඉවත්වෙලා සාමාන්‍ය තැබෑරුමක සේවය කරනවා. එහිම සේවය කරන තරුණ සේවිකාව …

Read More »

The Muppets (2011) with sinhala subtitles | මපට් නැවත හමුවීම [සිංහල උපසිරසි සමඟ]

මෙන්න තියෙනව 2011 වසරේ තිරගත උන මපට් චිත්‍රපටය. වසර ගානක් තිස්සෙ වෙන්වෙලා හිටපු මිත්‍රයො ටික නැවත එකතු කරල තවත් එක මපට් ෂෝ එකක් කරන එක තමා කතාවෙ තියෙන්නෙ. ඒකට මූලික වෙන්නෙ කුඩා කාලෙ ඉඳලම මපට් ලට ඇබ්බහි උන රසිකයෙක්. අපි ටිකක් කතාව පැත්තට හැරෙමුකො. ගැරී, මැරී කියන්නෙ පෙම්වතුන් යුවලක්, වෝල්ටර් කියන්නෙ …

Read More »

Muppets from Space (1999) with sinhala subtitles | පිටසක්වල ගොන්සෝ [සිංහල උපසිරසි සමඟ]

සෑම රාත්‍රියකම එකම සිහිනය දකින ගොන්සෝ, අපේ මිත්‍රයාගේ ගැටලුව නම් තමාගේ උපත කුමන ආකාරයකට සිදුවිනිද යන්නයි. එකම නිවසක වෙසෙන මේ මපට් පිරිස අතර ගොන්සෝට මේ ගැටලුව ඇති වන්නේ තම හීනය නිසාවෙනි. එනම් තමාට විශේෂයක් නැති නිසා ලෝක අවසාන දිනයේ නෝආ ගේ නැවට ගොන්සෝව ගොඩකරගැනීම ප්‍රතිකේෂ්ප කිරීමයි. ඔහු දකින්නේ එම සිහිනයයි. …

Read More »

Muppet Treasure Island (1996) with sinhala subtitles | නිධන් සොයා ගිය රූකඩයෝ [සිංහල උපසිරසි සමඟ]

රොබර්ට් ලුවී ස්ටීවන්සන් ගේ Treasure Island නම් නවකතාව ඔබ බොහෝ දෙනෙක් කියවා ඇතුවාට නිසැකයි. එයම සිනමා පටවලට පවා නිර්මාණය වී තිබෙනවා, මේ වනවිට ඔබත් නරඹා ඇතුවා විය හැකියි. මේ එහි රූකඩ අනුවාදයයි. මෙ මෙගින් අප රූකඩයන්ව මුහුදු සවාරියක් ගෙනගොස් ඇත. රිසෝ හා ගොන්සෝ සමග ජිම් හෝකින්ස් සේවය කරනුයේ අද්මිරාල් බිම්බෝ …

Read More »

The Muppets Take Manhattan (1984) with sinhala subtitles | බ්‍රෝඩ්වේ ගිය මණ්ඩුක [සිංහල උපසිරසි සමඟ]

1984 වසරේ තිරගත වන මේ මපට් චිත්‍රපටය මණ්ඩුකගේ තවත් උත්සහයක් මල්පල ගන්වාගන්නා ආකාරය ඔබට පෙන්වා දෙයි. අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු මණ්ඩුක හා පිරිස තමන්ගේ මැන්හැටන් මෙලඩීස් නම් සංදර්ශනය රැගෙන බ්‍රෝඩ්වේ නම් ලෝක ප්‍රසිද්ධ නාට්‍ය ශාලා සොයා යන්නේ නිෂ්පාදකයකු ලවා තම ෂෝ එක ප්‍රදර්ශනය කරවීමටයි. නමුත් අවාසනාවකට කිසිම අයෙක් එය බාරගැනීමට කැමති …

Read More »

The Muppet Movie (1979) with sinhala subtitles | මණ්ඩුක හා මිත්‍රයෝ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම ඔයාල වෙනුවෙන් රගෙන ආව තවත් ලස්සන සිනමා සිත්තමක්. මම ඔයාලට අරගෙන එන ඒව බොහෝමයක් පරණ ඒව කියල ඔයාල දන්නවනෙ. මේකත් ඒ වගේම තමා. 1976, බයිස්කෝප් අඩවියත් එක්ක ඉන්න හැමෝම වගේ ඉපදෙන්නත් කලින් නිපදවුන එකක්. හාස්‍යමය සංගීතමය, වීරක්‍රියා යන වර්ගයට අයත් මේ සිනමා සිත්තම විශේෂයෙන්ම කුඩා දරුවන් වෙනුවෙන් නිපදවූවක්. …

Read More »

Wes Craven’s New Nightmare (1994) with sinhala subtitles | නොමිනිසෙකුගේ පිබිදීම [සිංහල උපසිරසි සමඟ]

එල්ම් වීදියේ හීන වලින් මුලින්ම ඔබ හමුවට ආපු නැන්සි නැවත වතාවක් ඔබ හමුවට එනව. ඒ මුල් චිත්‍රපටයෙන් වසර දහයකට පස්සෙ එන සමරුමකුත් එක්ක. මෙය එන්නෙ චිත්‍රපටයක් තුල චිත්‍රපටයක් විදියට. ඒ කියන්නෙ වසර දහයකට කලින් එල්ම් වීදියේ චිත්‍රපට වලට එකතු උන අය සම්බන්ධ වෙලා නව චිත්‍රපටයක් නිපදවීම ගැන තමා කතාව යන්නෙ. විශේෂිත …

Read More »

Freddy’s Dead: The Final Nightmare (1991) with sinhala subtitles | ෆ්රෙඩීගේ මරණය [සිංහල උපසිරසි සමඟ]

මෙන්න තියෙනව 1991 වසරෙ නිපදවනලද හීන චිත්‍රපට මාලාවෙ හයවැන්න.කතා නායකය ග්ලෙන් දකින හීනෙ නිසා කාලය හරහා ස්ප්‍රින්ග්වුඩ් වලට යවනව ෆ්රෙඩී. අවසානයේ නවතින්නෙ පොලිස් පුනරුත්තාපන මධ්‍යස්ථානයක. කාලෝස්, ට්‍රේසි, ස්පෙන්සර්, සමාජ විරෝධී ක්‍රියා වල යෙදුන බාලවයස්කාරයන් කිහිප දෙනෙක්ම මෙතන ඉන්නව. එයාලව බලාගන්න වෛද්‍ය උපදේශක වරුන් දෙදෙනෙකුත් එක්ක. මෙයාලගෙ උත්සහය මේ පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පැනයන්න. …

Read More »

A Nightmare on Elm Street 5: The Dream Child (1989) with sinhala subtitles | ළදරුවාගේ සිහිනය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එල්ම් වීදිය චිත්‍රපට මාලාවේ පස්වෙනි චිත්‍රපටය මම ඔයාලට අරගෙන ආව. 1989 තිරගත වන මේ චිත්‍රපටය තවත් එල්ම් හීනයක් ඔබ වෙත ගෙන එනවා. ඇලිස්, යුවාන්,ග්‍රේටා, ඩෑන් මාර්ක්, කියන්නෙ එකම පන්තියේ මිතුරු මිතුරියන්. පාසල් කාලය අවසන් වෙලා උපාධි උත්සවය සමග චිත්‍රපටය ආරම්භ වෙනව. උපාධි උත්සවයට පස්සෙ එන නිවාඩුවට මෙයාල විවිධ වැඩ …

Read More »

A Nightmare on Elm Street 4: The Dream Master (1988) with sinhala subtitles | හීන අධිපති [සිංහල උපසිරසි සමඟ]

මෙන්න තියෙනව ෆිල්ම් නවයක එකතුවක හතරවෙනි එක. මේක තුන්වෙනි එකත් එක්ක සම්බන්ධ වෙනව. මතකනෙ ඒකෙදි ජීවිත බේරගත්ත තුන්දෙනා, ක්‍රිස්ටීන් කින්කේඩ්, ජෝයි. ඒකෙත් ක්‍රිස්ටීන්ට පුලුවන්නෙ තමන් දකින හීනෙට තව කවුරු හරි ඇදල ගන්න. ඇය නැවතත් හීන දකින්න පටන් ගන්නව. මුලින්ම මතක් වෙන්නෙ යාළුවො දෙන්නව. ඒ දෙනවත් තමන්ගෙ හීනෙට ආයෙ වතාවක් ඇදල …

Read More »