Breaking News
Home / Sinhala Subtitle / සිසිල ප්‍රසාද්

සිසිල ප්‍රසාද්

Wolf Warrior II (2017) Sinhala Subtitles | මාරාන්තික වෛරසයකට සහ ප්‍රචණ්ඩ කැරළිකාර හමුදාවකට එරෙහිව, අප්‍රිකානු දේශයෙහි වෘක රණශූරයාගේ මෙහෙයුම! [සිංහල උපසිරැසි]

අප්‍රිකානු දේශය! බොහොම ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ සාඩම්බර දේශයක්. කතාවක් තියෙනවා, අවුරුදු ලක්ෂයකට කලින් අප්‍රිකාවෙන් මිනිස්සු පිටත්වෙලා ගියා කියලා. ඒත්, අප්‍රිකාව කියන්නේ නූතන ශිෂ්ඨාචාරයේ තොටිල්ලක්. ඒත්, පරිණාමය වෙච්ච, ශිෂ්ඨාචාරයට පත්වෙච්ච මිනිස්සු මේ අප්‍රිකානු භූමියට පැමිණෙන විට අරගෙන ආවේ, දුප්පත්කමයි, ලෙඩ රෝගයි, යුද්ධයයි විතරයි. වර්තමානය වෙන විටත්, අප්‍රිකානු දේශයට මේ …

Read More »

Spyder (2017) with Sinhala Subtitles | බිහිසුණු ඝාතන දාමයේ වියරු ඝාතකයා! [සිංහල උපසිරැසි සමඟ]

Sadistic Personality Disorder. හැමෝටම තේරෙන භාෂාවෙන් කියනවා නම්, අනිත් අයගේ දුක, වේදනාව දැකලා, එයින් සතුටක් ලැබීම. බොහොම දරුණු මානසික රෝගයක්. මෙවැනි මානසික රෝගයකින් පෙලෙන අයෙකු, තමන්ගේ සතුට වෙනුවෙන් අන් අයගේ දුක වේදනාව බැලීමට, ඕනෙම දෙයක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. විශ්වාස කරන්න… මේ ලෙඩේ අපි හැමෝම ළඟ තියෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක් තුල …

Read More »

It (2017) with Sinhala Subtitles | ළමයින් බිලිගන්නා බිහිසුණු කවටයා! [සිංහල උපසිරැසි සමඟ]

මොර සූරන මුරුගසම් වර්ෂාව… ඩෙරී නගරයේ පාළුවට ගිය වීදියක්… මේ වර්ෂාව අස්සේ පුංචි ජෝර්ජි එළියට බැස්සා… අයියා හදලා දීපු හරි ලස්සන බෝට්ටුව, වතුරෙන් පිරී ගියපු මාර්ගයේ පාකරන්න! බෝට්ටුව වේගයෙන් වතුරේ පාවෙලා ගියා… පුංචි ජෝර්ජිට බෝට්ටුව තරම් හයියෙන් දුවගන්න හයියක් තිබ්බේ නැහැ… අපොයි! වතුර බහින්න තියෙන කාණුවක් අස්සට බෝට්ටුව වැටුණා! දැන් …

Read More »

Baadshaho (2017) with Sinhala Subtitles | මහ රැජිණියගේ රත්‍රන් මංකොල්ලය! [සිංහල උපසිරැසි සමඟ]

ගීතාංජලී දේවි! රාජස්ථානය සිය රාජධානිය කරගත් රාජ්පුත් රාජ පරම්පරාවේ වර්තමාන අවසාන පුරුක… මහා රැජිණ වුනත්, වෙන්න දෙයක් තියෙනවා නම් ඒක වළක්වන්න බැහැ… ඇයගේ දෛවය ඇයට කුරිරු වුණා… රජය විසින් ඒකාධිපති පාලනයක් ආරම්භ කරනු ලැබුවා. රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවා. රට වැසියන් හේතුවක් රහිතවම සිරගත කරනු ලැබුවා. මේ ඒකාධිපති …

Read More »

The Adventurers (2017) with Sinhala Subtitles | මිල කළ නොහැකි පළඳනා තුනේ විශ්මිත මංකොල්ලය! [සිංහල උපසිරැසි සමඟ]

හොරකම් කියන්නේ වර්තමාන ලෝකයේ අතිශය සුලභ දෙයක්. හැබැයි, කෞතුකාගාරයකින් හොරකම් කරනවා කියන්නේ නම් බොහොම විශේෂ සිදුවීමක්. මොකද, කෞතුකාගාර වල ප්‍රදර්ශනය සඳහා තියෙන්නේ බොහොම පෞරාණික සහ මිල කළ නොහැකි වටිනාකමකින් යුතු දේවල්. ඒ නිසාම, කෞතුකාගාරයකින් හොරකම් කරලා කියල ආරංචියක් ලැබුනාම ඕනෙම කෙනෙක් සහජයෙන්ම විමසිලිමත් වෙනවා. ලූවර් කෞතුකාගාරයේත් මේ වගේ හොරකමක් සිදුවෙනවා. …

Read More »

A Gentleman (2017) with Sinhala Subtitles | එක්ස් බලකායේ රහස් නියෝජිතයා! [සිංහල උපසිරැසි සමඟ]

එක්ස් බලකාය! ඉන්දියානු අර්ධද්වීපයේ ජාතික ආරක්ෂාවට එල්ලවී ඇති තර්ජන මැඩලමින්, රට තුල ඒකීයභාවය පවත්වාගෙන යෑම උදෙසා ඉන්දියානු ජාතික ආරක්ෂක අමාත්‍යංශය විසින් සියලු දෙනාගේම ඇස් වසමින්, හොර රහසේ පවත්වාගෙන යන්නා වූ සුවිශේෂී හමුදා ඒකකයකි. ඉන්දියාවේ මුම්බායි නගරය මූලික කරගනිමින් මෙහෙයවන්නා වූද, ලොව ඕනෑම කොනක, ඕනෑම රටක, ඕනෑම නගරයකට ගොස්, පවරන ලද …

Read More »

Overdrive (2017) with Sinhala Subtitles | මාරක ධාවනය! [සිංහල උපසිරැසි සමඟ]

අපි හැමෝම ජීවත්වෙන්න එක එක විදියේ රස්සා කරනවා. සමහරු සාධාරණ විදියට රස්සාවක් කරලා තමන්ගේ පාඩුවේ ජීවත්වෙනවා. තවත් සමහරු අසාධාරණ විදියට වැඩ කරලා ජීවත්වෙන්න උත්සාහ කරනවා. ෆෝස්ටර් සහෝදරයෝ දෙන්නත් ජීවත්වෙන්න රස්සාවක් කරනවා. හැබැයි අයිති වෙන්නෙ අන්තිමට කියපු කාණ්ඩයට. අනුන්ගේ දේවල් අරගෙන තමයි ජීවත්වෙන්නෙ. ඒත්, මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. මෙයාලා හොරකම් කරන්නේ …

Read More »

Sniper: Ultimate Kill (2017) with Sinhala Subtitles | ස්නයිපර් යුද්ධය! [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොලොම්බියාව කියන්නේ අපරාධ සඳහා උරුමයෙන්ම නමක් දිනාගත්ත රටක්. මේ රට පුරාවටම විවිධාකාර අපරාධ බොහොම දරුණුවට සිද්ධවෙනවා. මේ දේවල් එම රටේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට සාමාන්‍ය දේවල් බවට පත්වෙලා තිබුනේ. නමුත්, හිටි හැටියේම අසාමාන්‍ය දෙයක් සිද්ධවෙනවා. බොහොම බලවත් ව්‍යාපාරිකයෙක්ව ඝාතනය කරනු ලබනවා. ස්නයිපර් සෙබලෙක් යොදවලා බොහොම දුර ඉඳලා, .50 දිගු දුර …

Read More »

Tiyaan (2017) with Sinhala Subtitles | දෙවියන්ට එරෙහිව යුධ වැදුණු අදෘශ්‍යමාන මිනිසා! [සිංහල උපසිරැසි සමඟ]

කඳුකර භූමියෙන් පැවතගෙන ආවා වූ ගුරුවරුන්ගෙත් ගුරුවරයෙකු විසින් අද්වේත වේදන්තයන් හට ක්‍රිස්තු වර්ෂ නව වන සියවසේදී පවසනු ලැබුවා, “දෙවියන් සහ ඔබ යනු එකම පුද්ගලයෙකි!” යනුවෙන්. ඒ තමයි, ආදී ශංකරන්. දිශා අටෙහිම තම යුධ බලය මැනවින් විදහා පෑවා වූ බලවත් රජවරුන් විසින්, තම බල සේනාවන් සමගින් ආදී ශංකරන් හට ආරක්ෂාව සැපයීමට …

Read More »

First They Killed My Father: A Daughter of Cambodia Remembers (2017) with Sinhala Subtitles | යුද්ධයේ අළු තුලින් නැගී සිටි කාම්බෝජියානු දියණිය! [සිංහල උපසිරැසි සමඟ]

යුද්ධය! දශක ගණනාවක් පුරාවට යුද්ධයෙන් බැට කෑ ජනතාවක් විදියට, ශ්‍රී ලාංකික අපිට යුද්ධ කියන්නේ නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. යුද්ධය කියන දේ කෙතරම් කුරිරුද කියලා මේ ලෝකේ වෙන කිසිම ජාතියකටත් වඩා හොඳින් ශ්‍රී ලාංකිකයින් වන අපි දන්නවා. දශක ගණනාවක් පුරාවට පැවති මේ කුරිරු යුද්ධය අවසාන වූයේ අපි හැම දෙනාටම බොහෝ අහිමිවීම් …

Read More »

Sathriyan (2017) with Sinhala Subtitles | රක්ත වර්ණ රුධිරයෙන් සිත්තම් කළ ආදර අන්දරය! [සිංහල උපසිරැසි සමඟ]

තිචී. මලකොට්ටයි වල සුන්දර කඳු යායක් අතර තමයි පිහිටා තියෙන්නෙ. මේ කන්ද මුදුනේ වැඩ වසන්නා වූ මහානුභාවසම්පන්න ගණ දෙවිඳුන් තමයි මේ ත්‍රිචී ප්‍රදේශය පාලනය කරනු ලැබුවේ. හැම ආගමකම වගේ මිනිස්සු මේ නගරයේ ජීවත් වුණා. නමුත්, මෙම ප්‍රදේශය පුරාවටම නිරන්තරයෙන් භක්තිය සහ විනය රඳා පැවතුණා. හැම ආගමකම මිනිස්සු කිසිම රණ්ඩු සරුවලක් …

Read More »

Baby Driver (2017) with Sinhala Subtitles | දුම්මල වරම අතට ගත් මාරක රියදුරා! [සිංහල උපසිරැසි සමඟ]

අපි හැමෝම වාහන වල ගිහිල්ලා තියෙනවා. ගොඩක් තරුණ තරුණියෝ කාර් වලට ගොඩක් ආසයි. ඒ වගේම, කාර් වලින් වේගයෙන් යන්නත් ගොඩක් දෙනෙක් ආසයි. මතකද වේගයෙන් ගියපු වාහනයක ගිහිල්ලා හොඳටම බයවෙච්ච දවසක් ගැන? වාහනයක ගිහිල්ලා තියෙන කෙනෙක් නම් ඒ වගේ අත්දැකීමක් නැති කෙනෙක් ඉන්න බැහැ. ඩ්‍රයිවර්ට හිතින් බැන බැන, “මූ මේක කොයි …

Read More »

Megan Leavey (2017) with Sinhala Subtitles | රුදුරු යුධ බිමෙහි බිම් බෝම්බයට නැවතිය නොහැකි වූ අපරිමිත සෙනෙහස! [සිංහල උපසිරැසි සමඟ]

ජීවිතය කියන්නෙ හරිම පුදුමාකාර දෙයක්. කාලයක් මං හරිම කෙළිදෙලෙන් හිටියා. පුළුවන් තරම් ජීවිතයේ පිස්සු නැටුවා. ඒ තමයි උසස් අධ්‍යාපනය ලබන කාලේ. එකට විනෝද වෙලා, කාලා-බීලා මාත් එක්ක රෑ නින්දට ගියපු මගේම සහෝදරයෙක් වගේ හිටපු මගේ හොඳම යාළුවා පහුවදා උදේ ආපහු නැගිට්ටේ නැහැ. මෙතනින් තමයි මගේ ජීවිතය කඩා වැටෙන්න ගත්තේ. ඒ …

Read More »

The Wall (2017) with Sinhala Subtitles | ප්‍රාකාරයකට වසන් වී, දිවි බේරාගැනීමට සටන් වැදි ස්නයිපර් සෙබළා…! [සිංහල උපසිරැසි සමඟ]

යුද්ධය! ලෝකය ආරම්භයේ පටන් අද දක්වාම පවතින්නා වූද, අනාගතයේදීද පවතින්නා වූ, කිසිදා සමතයකට නොපැමිණෙන මිනිසුන්ගේ සටන! මීට වසර කීපයකට පෙරාතුව මුළු මහත් ලෝකයේම අවදානයක් දිනාගත් යුද්ධයක් තමයි, ඇමරිකා-ඉරාක යුද්ධය කියන්නෙ. එවකට ඇමරිකානු ජනාධිපති ධූරය හෙබවූ, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ ආඥාවට අනුව, ඒකාධිපති පාලක සදාම් හුසේන්ගේ ඉරාක දේශය ආක්‍රමණය කරන ලද ඇමරිකානු …

Read More »

Rangoon (2017) with Sinhala Subtitles | මියන්මාර දේශයේ අබිරහස් රත්‍රන් ජාවාරම…! [සිංහල උපසිරැසි සමඟ]

ඉපදෙන්න හරිම ලේසියි… මැරෙන එක ඊටත් වඩා ලේසියි… ඒත්, ජීවත්වෙලා ඉන්න එක තමයි අමාරුම දේ! මං ඉපදුනේ ඉන්දියාවේ නෙමෙයි… බුරුම දේශයේ. බුරුමයේ, රැන්ගූන් කියන හරි ලස්සන පුංචි ගම්මානයේ තමයි ඉපදුණු දවසේ ඉඳලා මං උස් මහත් වුනේ. අම්මයි, මමයි, නංගියි විතරයි බුරුමයේ හිටියෙ. තාත්තා හිටියෙ ඉන්දියාවේ. තාත්තට ඉන්දියාවේ, චෙන්නායි වල මාකට් …

Read More »

Uru (2017) with Sinhala Subtitles | මනසේ ඇති වූ කල්පිතයකට සීමා නොවූ, අති බිහිසුණු ඝාතකයෙකුගේ උන්මාදය…! [සිංහල උපසිරැසි සමඟ]

වසර කීපයකට පෙර… නවකතා ප්‍රකාශක – එන්න, එන්න ජීවන්! එනකම් තමයි මං මේ බලාගෙන හිටියෙ. නවකතාව නියමෙටම ලියලා තියෙනවා. මේ විදියේ නවකතා වලට තමයි දැන් කාලේ ඉල්ලුම තියෙන්නෙ. ඔයාගේ පළවෙනි පොත ප්‍රකාශනය කිරීමේ වගකීම මං බාරගන්නවා. දිගටම මේ විදියේ පංකාදු පොත් ටිකක් ලියමු. ජීවන් – බොහොම ස්තුතියි, සර්. වසර දෙකකට …

Read More »

Alien: Covenant (2017) with Sinhala Subtitles | ජීවය සොයා බිහිසුණු ලොවක් කරා…! [සිංහල උපසිරැසි සමඟ] (18+)

දිනය – 2104 දෙසැම්බර් 5 අභ්‍යාවකාශ යාත්‍රා වර්ගය – කොවෙනන්ට් කාර්‍ය මණ්ඩලය – 15 ජනපද වැසියන් – 2000 කළල – 1140 ගමනාන්තය – ඔරිගෙයි-6 ජීවය පවතින්නාවූ ඔරිගෙයි-6 නමැති ග්‍රහලොව සොයමින් මෙම යානාව පෘථිවියට සමුදුන්නේ මීට දශකයට පමණ ඉහතදීයි. නියමිත ගමනාන්තයට ලඟා වීමට නම් තවත් අවුරුදු හතයි මස හතරක කාලයක් ගමන් …

Read More »

The Great Father (2017) with Sinhala Subtitles | අමානුෂික තිරිසනෙකුට එරෙහිව තම දියණිය වෙනුවෙන් යුධ වැදුණු ආදරණීය පියෙක්! [සිංහල උපසිරැසි සමඟ]

‘සිඳී බිඳී ගියා’ ‘මගේ කුඩා දරුවාගේ සිහිනයක් බඳු වූ සිනහව’ ‘නුඹේ පියාගේ හදවතේ ගිණි ජාලාවක දල්වමින්’ ‘දුරකට යන්න’ ‘නුඹ ගොඩක් දුරකට යන්න’ ‘අන්ධකාරයෙන් නුඹගේ වේදනාව දුරුවී යන ආකාරයට’ ‘නුඹේ නිහඬතාවයන්ගෙන් මා හදවත ලෝ දිය මෙන් පිළිස්සෙනවා’ ‘කිරිල්ලියක මෙන් යලිත් මා සවනට ගුමු ගුමු නදින් කොඳුරනවාද?’ ‘කඳුළු වැස්සක් සමගින් මා නුඹව …

Read More »

Okja (2017) with Sinhala Subtitles | අමනුශ්‍යත්වයෙන් පිරී ගිය මනුෂ්‍යයන්ට එරෙහිව, විකෘති සත්වයෙකුට පෙම් බැඳී තරුණිය! [සිංහල උපසිරැසි සමඟ]

වර්ෂ 2007 වන විට ලෝක ජනගහණය බිලියන හත ඉක්මවා යනවා. දිනෙන් දින ඉහල යන ලෝක ජනගහණයත් සමගින්, නුදුරු අනාගතයේදී සමස්ත ලොවම දැඩි ආහාර අර්බුධයකට ලක්විය හැකි බවට විද්‍යාඥයින් විසින් අනතුරු අඟවනු ලබනවා. අහාර වෙනුවෙන් අනාගතයේදී නිසැකවම තරඟයක් ඇතිවෙන බවට අනතුරු අඟවනු ලබනවා. වර්ෂ 2007 වන විටත්, දෛනිකව කුසගින්න නිවාගැනීම සඳහා, …

Read More »

Take Off (2017) with Sinhala Subtitles | රුදුරු ත්‍රස්ත බිමේ, දිවි ගලවාගැනීමේ මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකය හරිම පුදුමාකාරයි. මේ පුදුමාකාර ලෝකෙයේ එක එක විදියේ මිනිස්සු ඉන්නවා. ප්‍රධාන වශයෙන් මේ මිනිස්සුන්ව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දුප්පත් මිනිස්සු සහ පෝසත් මිනිස්සු විදියට. සමහර මිනිස්සු ධනයෙන් පෝසත් වුණත්, හිතේ කිසිම සතුටක් නැහැ. තවත් සමහර මිනිස්සු හිතේ කොච්චර සතුටින් හිටියත්, අතේ සතේ නැහැ. තවත් සමහරු ඉන්නවා, අතේ මිටේ …

Read More »