Breaking News
Home / All / Dhuruvangal Pathinaaru (2016) with Sinhala Subtitles | මැදියම් රැයේ සිදුවූ අභිරහස් මනුෂ්‍ය ඝාතනය [සිංහල උපසිරැසි සමඟ]

Dhuruvangal Pathinaaru (2016) with Sinhala Subtitles | මැදියම් රැයේ සිදුවූ අභිරහස් මනුෂ්‍ය ඝාතනය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8. From 12 votes.
Please wait...

මං මුලින්ම ප්‍රශ්න දෙකක් අහලා ඉන්නම්. 

පලවෙනි ප්‍රශ්නයඑක දවසකදී ඔයාලා ගොඩක් දේවල් කරනවා. සමහර දේවල් හොඳට හිතලා බලලා කල්පනාකාරීව කරනවා. තවත් සමහරක් දේවල් කිසිඳු හෙවිල්ලකින් බැලිල්ලකින් තොරව කරන්නම් වාලේ කරනවා. මේ කරන්නම් වාලේ කරපු දෙයක් නිසා, කවදාහරි දවසක ඔයාගේ ජීවිතය උඩි යටිකුරු වෙලා තියෙනවද….? 

දෙවැනි ප්‍රශ්නය –  ඒ විදියට හිතා බලන්නෙ නැතිව මොකක්හරි දෙයක් කළා නම්, ඒකෙන් මොකහරි ලොකු ප්‍රථිපලයක් ලැබෙන්න ඇතිනෙ. ඒ ලැබුණු ප්‍රථිපලය දරුණු විදියේ එකක් නම්, ඒ වෙලාවේදී ඔයා පුදුමාකාර විදියට අසරණ වුණා නම්, ඒ වෙලාවේ ඔයාට ශක්තියක් වෙමින් ඔයාගේ පිහිටට හිටියේ කවුද…? 

ප්‍රශ්ණයට පිළිතුරු හිතන ගමන්ම මගේ කතාවටත් පොඩ්ඩක් ඇහුම්කම් දෙන්නකෝ.

මං මේ බෙදාගන්න හදන්නෙ මගේ ජීවිතේ එක කොටසක් විතරක්ම නෙමෙයි. එතකොට මට යන්තම් 27 ක් වුණා විතරයි. මට ලැබිච්ච පොලිස් රස්සාවට මං හුඟක් ආසා වුණා. මට හැමදෙයක්ම ලැබුණා. ඒත්, දැනුම් දීමක් නැතිවම, ජීවිතය මාව ‘චෙක් මේට්’ කළා. මට මගේ බිරිඳව නැති වුණා. ඒත් ඒ කම්පනයට පස්සේ වුණත්, මං සතුටින් හිටියා. වතාවක් මගේ යාලුවෙක් මගෙන් ඇහුවා, මෙච්චර ලොකු ඛේදවාචකයක් වෙලත්, ඔයා කොහොමද හොඳින් ඉන්නෙ කියලා. මට ඒකට දෙන්න තරම් හරියාකාර උත්තරයක් තිබුණේ නැහැ. ඒ නිසා, පොඩි හිනාවක් දාලා, මං මාතෘකාව වෙනස් කළා. ඒත්, සමහරක් ගැටළු තියෙනවා, කාලයට පවා සුව කරන්න බැරි විදියේ ඒවා. හරියට, ස්ථිර කැළලක් විදියට, කවදාවත් නැතිවෙලා යන්නෙ නැතිවම. ඒ දිහා බලනකොට අඳුරු මතකයන් විතරයිමයි එලියට එන්නෙ. ඒකත් එක්ක විධි දෙකකට ගණුදෙණු කරන්න පුළුවන්. පලවෙනි එක තමයි, ඒ ගැනම හිත හිත, දුකෙහි ගිලෙමින් ඉඳීම. අනිත් විදිය තමයි, ඒකට අනුවර්තනය වෙලා,ඒකත් එක්කම ජීවත් වීම. මං සාමාන්‍යයෙන් මේ වගේ දර්ශන විද්‍යාවන් ගැන දේශනා දෙන්නෙ නැහැ. මොකද, ඒ දේවල් තේරුම් ගන්න, මට පොඩි කාලයක් ගතවෙනවා. එතකොට ගොඩක් පරක්කු වැඩියි. එක දෙයක් නම් විශ්වාසයි, කර්මය කියන්නෙ…..? 

දිනය හරියටම 2016 ජූලි 23 වෙනිදා. වෙනදා වගේම පොලීසියේ වැඩට ආවා. ඒත්, මේ දවස මගේ ජීවිතය සදහටම උඩි යටිකුරු කරාවි කියලා, මොහොතකට වත් එදා නම් හිතුනේ නැහැ. වසර ගණනාවක් ගෙවිලා ගියත්, එදා වෙච්ච හැම දෙයක්ම අකුරක් නෑර තවමත් හදවතේ රැඳිලා තියෙනවා. උදේ පාන්දරම ලැබුනේ නම් හොඳ ආරංචියක් නෙමෙයි. කවුදෝ මන්දා තරුණයෙක් තුවක්කුවකින් ඔලුවට වෙඩි තියාගෙන මැරිලා. නමුත්, දිගින් දිගටම පරීක්ෂණ කරනකොට, මේක ඝාතනයක්දෝ කියන සැකයත් ඇතිවෙන්න පටන්ගත්තා. තරුණයාගේ මරණයේ ආරංචිය ලැබිලා පැය කීපයක් යද්දී, තවත් අමිහිරි තොරතුරක් ලැබුණා. මහල් නිවාසයක ජීවත්වුණ තරුණියක් එදා දවසෙම හිටිහැටියේ අතුරුදහන් වෙලා. ඒ ඇරෙන්න ඇයගේ කාමරය පුරාම ලේ පැල්ලම් තිබුනා. මේ ගැටළු දෙකම ලොකු අභිරහස් දෙකක්. වෙච්ච කිසිම දෙයක් හිතාගන්න බැහැ. නමුත්, හදිසියේම දෙයක් සිද්ධවෙනවා. මේ වගේ දෙයක් මුළු පොලිස් ඉතිහාසය පුරාවටම සිද්ධවෙලා නැහැ. මේ සිද්ධවෙච්ච දේ නිසා මාත් ඇතුළුව, කිහිප දෙනෙක්ගේ ජීවිත උඩි යටිකුරු වෙනවා. සිද්ධවෙච්ච දේ අකුරක් නෑර දැනගන්න අවශ්‍ය නම්, එන්න…මාත් එක්ක අත්වැල් බැඳගන්න. මගේ ජීවිත කතාවේ වැදගත්ම කොටසක් මාත් එක්ක බෙදාගන්න. විශ්වාසයෙන් කියනවා, මේ වගේ කතාවක් නම් ඔයාලා ජීවිත කාලය පුරාවටම අහලා නැතිව ඇති. ඒ වගේම, අහන්න හම්බෙන එකකුත් නැහැ. ඔයාලට හුස්ම ගන්න එක පවා මොහොතකට අමතක වේවි. මුලින් මං අහපු ප්‍රශ්න දෙකටත්, ඔයාලට උත්තර හම්බවේවි. එන්න… මගේ කතාවට සාදරයෙන් පිලිගන්නවා. මෙයට, ඔබේම හිතවත්, දීපක්. 

දමිළ සිනමාව කිව්වම ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නෙ, අතාත්වික සටන් සහිත, බොළඳ චිත්‍රපට ක්ෂේත්‍රයක් හැටියට. මේ චිත්‍රපටයත් සමගින්, ඒ සියලුම දෙනාට මං අභියෝග කරනවා. මේ චිත්‍රපටය අවසානය තෙක් නරඹලා, පුළුවන් නම් කියන්න, දමිළ සිනමාව කියන්නෙ කිසිම වැඩකට නැති දෙයක් කියලා.  Mystery, Thriller  යන කාණ්ඩ යටතේ,  IMDB දර්ශකයේ 9.2 ක අගයක් සහිතව,  මෑත කාලීන දමිල චිත්‍රපට ඉතිහාසයේ ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගත් චිත්‍රපටය… විචාරක මතයන්ට අනුව, එදා මෙදා තුර දමිල චිත්‍රපට ක්ෂේත්‍රයේ නිෂ්පාදනය වූ විශිෂ්ටතම චිත්‍රපට අතුරින් පෙරමුණේම තැබිය හැකි ඇති විශිෂ්ඨ සිනමා නිර්මාණයක්… දමිළ, තෙලිඟු සහ මලයාලම් චිත්‍රපට ක්ෂේත්‍රයන් සිය අසීමිත රංගන කෞශල්‍යයෙන් හැඩගැන්වමින්, චිත්‍රපට 150 කට අධික ප්‍රමාණයක රංගනයෙන් දායක වූ Rahman ගේ තවත් සුවිශේෂී රංගන හැකියාවක් විදහා පාන්නාවූ චිත්‍රපටයක්… ඉන්දියානු රුපියල් කෝටි 17 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් සහිත විශිෂ්ට නිර්මාණයක්… සියළුම දෙනා වෙත සෙනෙහෙ සිතින් පිදීමට අවසරයි එසේනම්….

The Girl with All the Gifts (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

www.TamilRockers.cz – Dhuruvangal Pathinaaru (2016)[720p HD – AVC – MP4 – 950MB – ESubs – Tamil]

ලබා දී ඇති උපසිරසි සියලුම TamilRockers HD පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

47 comments

  1. onna mamath banna damma
    visthare baluwama nogena bane…
    Thank You
    ela ela

  2. යාලුවනේ බලපු අය මගේ පටලැවිල්ල ලිහලා දෙනවද.?
    ඒ තාත්තා මිනීමරුව මෙයාමයි(කවුද කිව්වොත් බලන්න ඉන්න අයට කරන අසාධාරණයක්නෙ ) කියලා දැනගන්නේ ජීප් එකේ එලවනකොට නේද අර පන්නන වෙලාවේ.?
    ඒත් එයා කාගෙ කවුද එතන සිද්ධියේ නාදුනන අයත් ඉන්නවනේ..
    අනේ තෝරලා දෙන්ටකො සැදැහැති පින්වතෙක්.මට අඤ්ඤකොරොස් වෙලා වගේ

  3. Me movie ekata 950mb copyia nathuwa 400MB/700MB link enne nadda .hd rip ekata sub eka wadakaraida.

  4. අනුෂ්ක දිල්ශාන්

    thanx bro sub ekata

  5. thanks………………!

  6. super machooo

  7. Thanks…

  8. Saranga Liyanagama

    Thanks bro

  9. niyamai ayya.jayawewa !!!!!

  10. Sinhala subtitle can not download brother help me plz

  11. නියමයි සිසිල අයියා

  12. film eka ganna me site ekaga yanna.300mbmoviesdl.com.patta site eka bro.

  13. patta film eka.thankz for sub…………….

  14. සහෝ sub file එක extract වෙන්නේ නැනේ.
    plz help

  15. sisil aiye oua dunnoth pattayak tama.aniwa balanawa.oualage magansiyata apen suba patum.aiye tawa aluth ewa aran ennna.api balan innawa.gd luck aiyeeee.

  16. Sub eke file type eka rar. tiyena nisa sub eka daganna amarui. srt nam awlak na. pls help.

  17. supirima film ekak wage kathawen hithenne.
    sub ekata thank you!!!

  18. නිරෝෂ්

    ස්තුතියි සිසිල.ජයවේවා !

  19. Chalana Rukshan

    thnx bro.. patta lipiya

  20. Ela kollohhh ohoma yan

  21. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  22. බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..
    සුබ අනාගතයක්!
    බුදුසරණයි.

  23. Doctor Strange Ekata Sub Dennako…

  24. උබල නම් එල ඕයි HD ආව විතරයි මෙන්න සබත් දාල එල එල සබ එනකම් හිටියේ

  25. Sasitha Asaranga

    me wage tamil movies balanna patta kemathi.. Thanks macho

  26. niayamai…thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. wisthare kiyawala gaththe…….sirawatama patta film ekak saho.bohoma sthuthi sub ekata

  28. patta saho thanks

  29. Thank bro.. jaya wewaa..!!

  30. Thank you very much machan..diagatama sub denna….hodata visthara karalan thiyenava…mewa kammali amaru weda..ubala kana katta apita therenava ban…api me athal eke balanne ubalage watina kalaya kapa karapu subs…ubata pin

  31. Nirodha uthpala

    Yako sisilayaaaaa a ummma digatama demu obata jaya bro

  32. Mchn puluwan nm bairavaa eke sub denna ikmanata tamilrocker.cz site ekata dala thiyenne original copy eka

  33. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  34. Sub ekata thuthi…. 🙂

  35. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  36. නියමයි මචෝ.
    මේක නම් බලන්නමයි හිතෙන්නේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

  37. හම්මේ ඉතින්, නොබලා කොහොමද. සබට ස්තූතියි සහෝ

  38. මේ පර නම් ෆට්ටම එකක් වගෙ ගෙනත් තියෙන්නෙ සිංහල සබ් එකට තැන්ක්ස් සහෝ රෙටින් එක දකිද්දීම පිස්සු හැදිල කොම් හෙව්වෙ ඉක්මනින් ගන්න කියල නියමයි සහෝ සතුටුයි