Breaking News
Home / All / Gotham [S04 : E06] with Sinhala Subtitles | ප්‍රොෆෙසර් පිග් [සිංහල උපසිරැසි සමඟ]

Gotham [S04 : E06] with Sinhala Subtitles | ප්‍රොෆෙසර් පිග් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5. From 31 votes.
Please wait...

මෙන්න එහෙනම් හයවෙනි කොටසත් අරගෙන ඔයාලාව බලන්න ආවා. ඔයාලා දන්නවානේ ඉතින් අලුත් කොටස එලියට ආපු දවසේම ඔයාලාට මේක කොටලා දෙන්න තමයි මගේ උපරිම උත්සාහය අරගන්නේ. වෙලාව රෑ 10.30යි. දැන් තමයි සබ් එක කරලා ඉවරකරගන්න පුලුවන් උනේ. අපි එහෙනම් කලින් සතිය ගැන ටිකක් මතක් කරගෙනම අද කතාව ගැන ටිකක් බලමු.

ඉතින් ගිය සතියේ මිලියන දෙකේ පිහිය එක්ක මෙච්චර දවසක් පිල්ලියක් වගේ හිටපු රාස් අල් ගුල් බෘස් අතින් මරණයට පත්වුනා. එයා මෙච්චර මේ පිහිය පස්සෙන් පන්නපු හේතුව ඇත්තටම අදහාගන්න බැරි දෙයක් උනා. බෘස් රාස්ව මුලින් මරන්න කැමති උනේ නැතත් එයාව ඒක කරන තැනට ගේන්න රාස්ට හැකියාව ලැබුනා. ඒ සිදුවීම් පෙල අවසානයක් දකිද්දී ගෝඩ්න්ට වගේම අපිටත් තියන ලොකුම ප්‍රශ්නය, “මොකක්ද මේ සොෆියා කරන්න යන සෙල්ලම ? ” කවුද ඉතින් දන්නේ. පෙන්ගුයින්ට මොනවා කරයිද දන්නේ නෑ ඉතින්. ගෑණු මායම් වලට පෙන්ගුයින් නෙමෙයි ඉතින් කවුරු උනත් අහුවෙනවානේ 😛

මේ සතියේ, පොලිස්කාරයන්ව මරන කෙනෙක් ඔන්න එලියට එනවා. හැබැයි එයා මරන්නේ දූෂිත පොලිස්කාරයන්ව. කොටින්ම කිව්වොත් පෙන්ගුයින්ගේ පඩි පැකට් එක අරගන්න අයව. එයාගේ නම තමයි ප්‍රොෆෙසර් පිග්. එයා පෙන්ගුයින්ට වැඩ කරන පොලිස්කාරයන්ව හතරදෙනෙක්ව මරලා දානවා. ඔය අස්සේ බුලොක්ටත් ලොකු අකරතැබ්බයක් සිද්ධවෙනවා. මේ කොටසේ බෘස්ව නම් පෙන්වන්නේ නෑ. සම්පූර්ණයෙන්ම කතාව දුවන්නේ මේ ඌරු ඔලුව දාගෙන ඉන්න ප්‍රොෆෙසර්ගේ වැඩ එක්ක තමයි. එතනින් ගියාම ඔයාලාට මතක ඇතිනේ සොලමන් ග්‍රන්ඩි. ඒ කියන්නේ බුච් ගිල්සීන්ව. එඩ් එයාගෙන් හොඳට සල්ලි හම්බ කරගන්නවා. එතකොට ලී, එයත් මොකද මේ තැන කරන්නේ කියලා අද ඔයාලාට බලාගන්න පුලුවන්. සොෆියා සහ පෙන්ගුයින් අතර තියන මේ ඇයි හොඳැයියට මොනවා වෙයිද ? අද තව තව දේවල් ඔයාලාට බලාගන්න පුලුවන්. එහෙනම් ලබන සතියේ මුණගැහෙමු.

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

36 comments

  1. sub ekata thanx bro

  2. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ…

  3. ලක්මාල්

    කෝ 7වෙනි එකේ සබ් එක තවම නෑනේ? සීරිස් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන් ඉන්නව සබ් එක දෙනකල්

  4. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. meeka pat pat gala denawata thanks

  6. thankZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!

  7. thanx sub ekta

  8. niyami sahooo niyamai degatam kargena yamooo jaya…

  9. නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
    ඊලග කොටසෙන් හමු වෙමු

  10. සබට තුති බ්‍රෝ
    එලම

  11. සිංහල උපසිරැසියට ස්තූතියි සහො
    ජය

  12. ඉසුරු ගමගේ

    බොහොම ඉස්තූතියි සබ් එකට. ජය !!

  13. sub ekata thanks saho.. jaya wewa!!

  14. බොහොම ස්තූතියි උපසිරැසියට ☺☺☺
    ජය වේවා..!!

  15. ස්තූතියි.

  16. ස්තුතියි සහෝ.

  17. සදෙව් බණ්ඩාර

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට හා සිංහල උපසිරසි ලබා දුන්නාට..

  18. උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා

  19. Thanks

  20. එලම
    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා

  21. ලක්මාල්

    එල බ්රෝ. ඊයෙ රෑ ඉදන් සබ් එක දෙනකල් බලන් හිටියෙ.

  22. සුපිරි වැඩක්

  23. ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
    ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  24. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    එනකම් හිටියේ….

  25. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa

  26. Thanx broo

  27. තිසර නියෝ

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

  28. Subata thanks…