නවමු තතු

Invictus (2009) | අවශ්‍ය වූයේ නායකයෙකි, ඔහු ජයග්‍රාහකයෙකු ලබා දුනි. [සිංහල උපසිරසි සමඟ]

invictus

නෙල්සන් මැන්ඩෙලා ලෝකයේ සිටි ශ්‍රේෂ්ඨ දේශපාලඥයෙකි. ඔහුගේ රටට ඔහු පියෙකි. ඔහුගේ මරණයෙන් ඔහුගේ රටට පියෙකු අහිමි විය. ලෝකයට යුග පුරුෂයෙකු අහිමි විය…

John Carlin ගේ Playing the Enemy: Nelson Mandela and the Game That Changed a Nation නැමැති පොත අනුසාරයෙන් ගොඩනැඟුනු චරිතාපදාන කතාවක් වන මෙම ෆිල්ම් එකට උපසිරසි යෙදීමට ‘විකියා’ සොයුරා මා හට ලබාදීම පිළිඹඳව මම ස්තූතිවන්ත වෙනවා. සාමාන්‍යයෙන් චරිතාපදාන කතා වලට අකමැති මම, මේ ෆිල්ම් එක නැරඹීමෙන් පසුව ඒ අදහස වෙනස් කර ගත්තා. මේක සෑම කෙනෙක්ම නැරඹිය යුතු කතාවක්. නිකම් ම නිකන් ප්‍රබන්ධ කතාවකට වඩා වෙනස් වූ සත්‍ය සිද්ධි මත පදනම් වුණු මෙම චිත්‍රපටය ඕනෑම කෙනෙකුගේ ජීවිතයට නියම මඟපෙන්වීමක් වගේම නියමම පාඩමක් වේවි.

රොයිලි සොයුරා මෙයට හොඳ ලිපියක් ලබා දී තිබෙන නිසා මම විස්තර පැවසීම අනවශ්‍යයි.

නෙල්සන් මැන්ඩෙලා මහත්මාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා…!

මීට පෙර පළකල ලිපිය.
කාලෙකට පස්සෙ හිතට කා වදින නියම කතා තේමාවක් රැගත් සරලවම කියනවනම් පට්ටම චිත්‍රපටියක් ඔබ හමුවට ගෙන එන්න හිතුනා. IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.5/10 ලබා තිබෙන මෙම චිත්‍රපටිය ඔස්කාර් සම්මාන ලැබූ Clint Eastwood ගේ අධ්‍යක්ෂනයෙන් ඔප වැටී ඔස්කාර් සම්මාන 2ක් ඇතුළු සම්මාන 17 කට නිර්දේශ වී සම්මාන 6ක් ලබා ගැනීමට සමත්වුනා. මෙය John Carlin ගේ Playing the Enemy: Nelson Mandela and the Game That Changed a Nation නැමැති පොත අනුසාරයෙන් ගොඩනැඟුනු චරිතාපදාන කතාවක්. සමහර විට මෙම කතාව සිදුවූ රටේ ඉතිහාස කතාව නොදැන සිටීම මෙම කතාව රස විඳිමට බාධාවක් වෙන්න පුළුවන් වුනත් චිත්‍රපටයේ මුල් කොටසෙන් එම ඉතිහාසය සෑහෙන දුරකට විදහා දක්වනවා.

වසර ගණනාවක් සිර දඬුවම් විඳි නෙල්සන් මැන්ඩෙලා 1990 දී ඉන් නිදහස් වී පැමිණ සුලුතර ජාතිය වූ සුදු ජාතිකයින් අතින් බහුතරය වූ කළු ජාතිකයන් පාලනය වූ වර්ණභේද පාලනය අවසන් කර ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පැවැත්වූ පළමු මැතිවරණයෙන් ඔහු ජයග්‍රහනය ලැබූ සමයයි මේ. සුදු ජාතිකයින් විසින් 1948 සිට කළ කෲරකම් හා කළු ජාතිකයන් එයට එවැනිම දේ වලින් පසුකාලීනව දැක්වූ ප්‍රතිචාර හේතුවෙන් දෙගොල්ලන්ම සිටින්නෙ එකිනෙකාට වෛරයෙන්. 1994 දී නෙල්සන් මැන්ඩෙලා ජනාධිපති ලෙස පත්වූ විට ඔහුට මුලින්ම සිදු කරන්නට තිබෙන්නෙ කළු ජාතිකයන්ගේ අහිලාෂයන් සමග සුදු ජාතිකයන්ගේ බිය සමබර කිරීමයි. කොටින්ම ඔහු විසින් ඔහුගේ කළු ජාතික ආරක්ෂකයින් වෙතට හොඳින් පුහුණුව ලැබූ හිටපු සුදු ජාතික ශරීරාක්ෂකයින් අනුයුක්ත කිරීම පවා කළු ජාතික ආරක්ෂකයින්ට නොයිවසිලිමත් හැඟීම් පහල කරනවා.

මේ අතර තවත් අවුරුද්දකින් ලෝක රග්බි ලෝක කුසළාන තරඟාවලිය පැවැත්වෙන්නෙ දකුණු අප්‍රිකාවේ. ඔවුන්ගේ ජාතික කණ්ඩායම වන Springboks හී සිටින්නේ සුදු ජාතිකයින් නිසා තරඟ නරඹන කළු ජාතිකයින් සහය පළ කරන්නේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් වෙතටයි. නමුත් අපරාධ හා විරැකියාව වැනි ප්‍රශ්න ඇති රටක් ගොඩ නැගීමට ඇති දුෂ්කරතා මැද සිටින මැන්ඩෙලා මෙම තරඟාවලියේ වටිනාකම නියාමාකාරයෙන් දකිනවා. ඒ නිසා ඔහු අලුතින් පත්වූ දකුණු අප්‍රිකාණු ක්‍රීඩා කමිටුවේ තීරණයක් වන Springboks නාමය වෙනස් කිරීම හා සුදු ජාතිකයින් ඉන් ඉවත් කිරීම අත්හිටුවීමට බල කර කණ්ඩායම් නායකයා වන François Pienaar හට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලබා දීම පිලිබඳ ව තමා මෙහි කතා පුවත වන්නේ. Matt Damon, Morgan Freeman අපූර්ව රංගනයෙන් මෙම චිත්‍රපටය හැඩවී තිබෙනවා.

නිකම් ම නිකන් ප්‍රබන්ධ කතාවකට වඩා වෙනස් වූ සත්‍ය සිද්ධි මත පදනම් වුණු මෙම චිත්‍රපටය ඕනෑම කෙනෙකුගේ ජීවිතයට නියම මඟපෙන්වීමක් වගේම නියමම පාඩමක් වේවි.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Invictus (2009) on IMDb

 

 

900 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

0d0cf562cb2519cd51cb84777e4cd7ef9f253388

850 MB (BR) කොපිය මෙතනින් බාගන්න

372e8f8418630d4c838d5dd574b148c85c55ce58

1.8 GB (BR) කොපිය මෙතනින් බාගන්න

35e54ff403aa45939b1f84b3aa3649ef15c1581a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

77 comments

  1. onna udenama රොයිලි aiye damma, ehenag thanks hode….

  2. මේක ආපු මුල් දවස්වලම මම බැලුවා.ආයේ කතා දෙකක් නෑ.අනිවා බලන්න. Morgan Freeman,Clint Eastwood හොලිවූඩ් ලෝකයේ යෝදයෝ දෙන්නෙක්ගේ වැඩක්නේ…

  3. සමන් කලුබෝවිල

    ela…ela…udemna banawaa….. thankx

  4. මනිෂ කසුන් ගමගේ

    පට්ට ෆිල්ම් එකක්.. හැමෝම අනිවා බලන්න……….

  5. රොයිලියා බයිස්කෝප් එකෙන් සිංහල සබ් දුන්න වගේ සීන් එකක්නේ… ගුරා ඇඹරි ඇඹරි ඉන්නකොට මැන්ඩෙලා වගේ මූ ආවනේ..

  6. හරිම ලස්සන කතාවක්.ස්තූතියි..!!!

  7. මේක ගැන මුලින්ම දැනගත්තෙ මේ‍කෙ මියුසික් කරල තියෙන overtone කණ්ඩායමේ යූටියුබ් වීඩියෝවක් දැකලයි. ඊට පස්සෙ චිත්‍රපටිය ගැන දැනගෙන ඒක හොයාගෙන බැලුවා. නියම කතාවක්. ලස්සන සංගීතය එක්ක හොඳට රස විඳින්න පුළුවන්

  8. මෙන්න රොයිලිගේ මරු වැඩක්. මමත් බාමී. තෑන්ක්ස් වේවා. ඉඩක් ලැබුණු ගමන් සයිට් එක පැත්තේ එනවා. ඒත් කමෙන්ට් එකක් දැන්න බැරි වෙන අවස්ථා තිබේ. වෙරි සොරි. කට්ටියටම jayawewa

  9. එලම කිරි…. මේක බලන්ඩ හිතාගෙන හිටපු ෆිල්ම් එකක්…. ස්තුතියි මචන්… දැන් නන් බාන්න විදිහක් නෑ…ගෙදර ගිය ගමන් බෑමට බලපොරොත්තු වෙමි…..

  10. @ චමිදේවා, කතාව ඇත්ත.මාත් මේ film එක ගැන post එකක් දැම්මා. ඒකටත් ගිහිල්ලා බලන්නකො. spam නම් සමාවෙන්න.

  11. තැන්කූ වේවා! කාලෙකට පස්සෙ ඔන්න ආයෙ ෆිල්ම් බලන්න සෙට් උනා…

    • @දසයා,
      ඒක තමයි මාත් බැලුවෙ කාලෙකින් දැක්කෙ නැති කොට. ආපු එකට සතුටුයි. හැමදාම එන්න කියලා තමා කියන්න තියෙන්නෙ :)

  12. අනේ පින්

  13. Onna banda demma… Thanks ayya..

  14. ගින්දර ස්ටෝරිය

  15. very nice story.

  16. very nice story..

  17. Thank Roily Aiya
    Onna Mamath banna Demma.

  18. mamath baluwaa… lassana, hithata wadina film ekak….

  19. මේක නිකන් කම්මැලි වගේද…..?? :(

  20. Bro Can we merge these two clips? And then how to add subs??

  21. thankz machooo

  22. රන්දිම

    A great movie. Thanks for sharing.

  23. විශිෂ්ඨයකුගේ විශිෂ්ඨත්වය උදෙසා උපහාරයක් ලෙස සිනමාවේ විශිෂ්ඨයන් දෙදෙනෙකුගෙන් පිදුනු විශිෂ්ඨ චිත්‍රපටයක්.

  24. මේ ෆිල්ම් එක මම බැලුවා.වර්ගවාදී සහ ජාතිවාදී දේසපාලනයක් කරා ඇදෙමින් ඉන්න ලාංකිකයන්ට එවැනිම තත්වයක් තිබුණු දකුණු අප්රිකාවේ නෙල්සන් මැන්ඩේලා ඊට මැදිහත්වෙන ආකාරය මැනවින් මේ ෆිල්ම් එකේ පෙන්වනවා.සිංහල උපශීර්ෂ සහිතව මෙය බයිස්කෝප් පාටකයන්ට ලබාදෙන්න.

  25. Elazz niyama velavatamaa sub eka dilaaaa….

  26. thanks watinawa meyka

  27. ශා පට්ට මචං

  28. වටිනාම කතාවක් හොද මිනිසෙකුගේ සබ් වලට පින්

  29. mihin ලංකා

    ස්තූතියි මචෝ අති විශිෂ්ඨයි

  30. pattama film akak saho

  31. meywa thama denna one films
    thawath subs danna shakthiya labeywa soyura

  32. අගනා වටිනා නිර්මාණයක් සබ් එකට තුති!

  33. නෙල්සන් මැන්ඩෙලා මහත්මාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා…!

  34. niyamayi saho

  35. කේ.යූ.ජී. උදාර

    වටිනා සලරුවකට සිංහල එකතු කළාට බොහොම ස්තූතියි සහෝ………

  36. මුළු ලෝකයම නව වටිනාකමක් දුන්නු නායකයෙක්.මුළු ලොවම ගෞරව කරන නායකයෙක්..ඔබට නිවන් සුව!!!

  37. ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.

  38. ස්තූතියි මචෝ! සබ් වලට පින්!

  39. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ..මමත් මේක බලන්න උන්නුම ෆිල්ම් එකක්..
    ඒත් වැඩේ කියන්නේ සයිස් එක තමා..
    පොඩි සයිස් එකක් තිබ්බෙම නැද්ද දෙයියෝ…
    ජය..

  40. “චූටී මල්ලි”

    පෙනුමෙන් නම් ලස්සනම එකක් වගේ
    බලන්න ඔනි
    සබට තුති නියෝ
    ඔබට ජය……

  41. mamath meka balala nm thiyanawa.niyama film 1k.kohoma unath meka dakkama apahu balanna hituna.e nisa mmth banawa.thanks රොයිලි aiye…….. ohoma yn.ela ela. Sub dunnata Thisara sahoo tath thanks…. all the best. jaya wewa.onna mmth banawa.

  42. Niyama kathawa br….sub dipu aka patta….thank U….:-)

  43. පට්ට ෆිල්ම් එකක් වගේ. ඔන්න මාත් බාන්න දැම්මා….thnx.

  44. Saman Prasad ( Black Cobra )

    ela ela saho…. thanks… RIP sir Nelson Mandela….

  45. මගේ ප්‍රියතම sports movie එක.මම මේක 3 පාරක බලලා තියෙනවා.good work Baiscope lk team.Thanks Thisara BRO.

  46. මේක නම් අනිවා බලන්න ඕනා!! එළකිරි!!! :D

  47. Thank Saho…..

  48. thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

  49. meke honda 900MB ekada 850MB ekada?

  50. හොඳ දෙයක්,බොහොම ස්තුතියි සබ් වලට

  51. mudiya / මුදියා

    මාර කමෙන්ට්ස් ටිකක්නෙ වැටිල තියෙන්නෙ.
    මේ දවස් වල බලන්න ඕනි ෆිල්ම් වලින් පළවෙනියටම දාන්න මේක හොඳයි.
    නියමයි නියෝ.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!

  52. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  53. බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ලස්සන චිත්‍රපටයක් වගේම ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙන කතාවක්. ජය෴෴ :P :P

  54. මුලින්ම නෙල්සන් මැන්ඩෙලා මහත්මයාට වර්ගවාදය සහ අනිකුත් ගැටලු වෙනුවෙන් හඬනැගූ ඔබතුමාට, නිවන්සුව අත්වේවා!!

    දෙවනියට, බොහොම ස්තූතියි මචං මේ වගේ චිත්‍රපටියක් අරගෙන ආවට. මේ වගේ කතා තමයි බං ඇත්තටම හැමෝම බලන්න ඕන. එල එල. අනිවා බැලිල්ලක්.
    ජයවේවා!

  55. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  56. me vage film denavata thanks. 1948 nidahasa labunata pasuwa apatath me vage nayakayek labuna nam SL api koi tharam vasanawanthada?

  57. බොහොම උසස් ගනයේ වැඩක් සහෝ
    බොහොම ස්තුතියි මේ වටිනා වැඩේට
    ජය!

  58. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! [thumbsup]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>