Breaking News
Home / All / Lavender (2015) With Sinhala Subtitles | ලැවෙන්ඩර් සහ කළු ටියුලිප්..! [සිංහල උපසිරැසි සමඟ]

Lavender (2015) With Sinhala Subtitles | ලැවෙන්ඩර් සහ කළු ටියුලිප්..! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2. From 13 votes.
Please wait...

ඔන්න මේ සති අන්තයට අපේ මලයාලම් රසිකයින්ගේ රසවින්දනය වෙනුවෙන් තවත් ෆිලුමක් අරගෙනයි මේ පාර ආවේ.මේක තවත් වෙනස් මලයාලම් ෆිලුමක්.Drama ගණයට තමයි අයිති වෙන්නේ.Dhuruvangal Pathinaaru (2016) [දමිළ සහ Traffic (2011) [මලයාලම් වගේ ගොඩක් ජනප්‍රිය වුනු චිත්‍රපට වලට රංගනයෙන් දායක වුනු Rahman මේකේ ප්‍රධාන චරිතයට පණ පොවනවා.ෆිලුමේ වැඩි හරියක් රූපගත කරලා තියෙන්නේ තායිලන්තයේ.

ෆිලුමේ යන්නේ කබීර් අබ්බාස් කියන චිත්‍රපට තිර රචකයා,එයා ලියපු චිත්‍රපටියක කතාව එයාගේ යෙහෙලියක් වුනු නිළියකට කියන සිද්දියක් ගැන.ඒ අතර මේ කතාව ෆිලුමෙන් අපිට පෙන්නනවා.මුලින් නම් කතාව ලොකු පටලැවිල්ලක් වගේ තමයි හිතෙන්නේ.ඒත් පස්සේ තමයි වෙන්නේ මොකක්ද කියන එක තේරෙන්නේ.කබීර්ගේ කතාවේ විදියට තමන්ගේ සීයා එක්ක තායිලන්තයේ ජීවත්වෙන ගැහැණු ළමයෙක් ඉන්නවා,එයාගේ නම ඉශා.මෙයා ජීවත්වෙන්න කරන්නේ චිත්‍ර අඳින එක.ඒත් මෙයා එක දවසක යම් තැනකට චිත්‍රයක් අඳින්න ගියාම එයාට නොසිතූ දෙයක් සිද්ද වෙනවා.මේකෙදි එයාට උදවු කරන්න කෙනෙක් ඉදිරිපත් වෙනවා.ඒත් එතනදී ඉශාට සිහි නැති වෙන හින්දා ඒ කෙනා කවුද කියලා ඉශා ට දැනගන්න ලැබෙන්නේ නෑ .එදායින් පස්සේ හැමදාකම ඉශාගේ ගෙදර ඉස්සරහට උදේ පාන්දර කවුරුහරි කෙනෙක් ලැවෙන්ඩර් මල් පෝච්චියක් ගෙනත් තියනවා.ඔය විදියට තමයි කතාව යන්නේ.මොකක්ද අර කලින් කිව්ව සිද්දිය? කවුද ඉශාට ඒ විදියට රහසේම උදවු කලේ? කවුද හැමදාම එයා වෙනුවෙන් මල් ගෙනත් තියන්නේ? මේ දේවල් ෆිලුම බලද්දී ඔයාලට ලෙහා ගන්න පුළුවන් වෙයි.

ළඟකදී අලුත් මලයාලම් ෆිලුමක් ආවේ නැති නිසා තමයි මලයාලම් ෆිලුමක් එනකල්ම බලාගෙන ඉන්න රසිකයින් වෙනුවෙන් මේකට උපසිරැසි කරන්න ඕනේ කියලා හිතුනේ.ඉතින් ඒ අයට මේකත් අනිවාර්යෙන්ම බලන්න කියලා අරාධනා කරනවා! ඒ වගේම උපසිරැසිය ගැන ඔයාලගේ අදහසත් ගොඩක් වටිනවා කියලා අවසාන වශයෙන් මතක් කරනවා!

තවත් දෙයක් කියන්න වෙනවා,සමහරවිට මේක අවුරුදු 2ක් විතර පරණ ෆිලුමක් හින්දා seeds අඩු නිසා බාගන්න ටිකක් අමාරු වෙයි.ඒ නිසා ඒකට විකල්ප ක්‍රම භාවිතා කරන්න.එහෙමත් නැත්නම් baiscopedownloads සයිට් එකට ගියොත් මේක පහසුවෙන්ම ඩිරෙක්ට් බාගන්න ලින්ක් එකක් ගන්න පුළුවන් වෙයි.

එහෙමනම් තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු.එතෙක් ඔබට ජය!

 

 

 Lavender (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 comments

  1. දමිත්

    උපසිරැසියට ස්තුතියි සහෝ..
    ජයෙන් ජය.

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. උපසිරැසියට බොහෝම ස්තුතියි

  4. නියමයි තරිඳු සහෝ.
    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට.
    ඉදිරියටත් මෙවැනිම අනර්ඝ මලයාලම් චිත්‍රපට සඳහා උපසිරසි කරන්න
    හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
    ජයවේවා…!!!

  5. නියමායි…. නියමායි….
    ෆටිටම මලයාලි ෆිලුමකින් නැවතත් අප හමුවට ආපු තරිදු සහෝ⁣ට අපගේ බලවත් ආචාරය සහ ස්තුතීය පිරිනමනවා.

    එල එල මෙි ෆිලුම අපට දෙන්න මහන්සි උනාට ෆටිටම ස්තුතීයි සහෝ.ඔබ කරන මෙි මහගු සේවයට අපි ණය ගැතියි.ඔබලා නිසාමයි මලයාලි ෆිලුමක් ආසාවෙන් අපි බලන්නෙ.අපි ඒ නිසාමයි ෆිලුම බලන බලන පාරට ඔයාලට පිං දෙන්නෙ.එල…

    තරිදු සහෝ මෙි ටිකේම අපි ඉල්ලුවා Fahadh Faasil ගේ නිකුත්වෙලා තියෙන අලුත්ම ෆිලුම Roll Models (2017) ෆිලුමට සබ දෙන්න කියලා.තවම ලැබුනෙ නෑ සහෝ.පුලුවන් නමි අපට ඒ ෆිලුමට ඊලග සබ දෙන්න කියලා ඉල්ලීමක් කරනවා..ජයවෙිවා ..

  6. බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං. මලයාලම් නම් ඉතිං කොරම තමයි. එල

  7. Thanks ewain download karanna be seeders la nathi nisa puluwannam direct link ekak denna thank you

  8. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    **************බුදුසරණයි***************

  9. Thanks for sub puluwannam Mumbai police 2013 film eke direct link ekak denna puluwanda thanks

  10. niayamai…malayalam film nm ithin nobala in na ne…aniwa bamak thama…..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!