Breaking News
Home / All / Logan (2017) with Sinhala Subtitles | වීරයෙක්ගේ නික්ම යාම [සිංහල උපසිරසි සමඟ]

Logan (2017) with Sinhala Subtitles | වීරයෙක්ගේ නික්ම යාම [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3. From 173 votes.
Please wait...

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මම මගේ අනු හතරවන උපසිරසිය අරගෙන ආවේ. කලින් කිව්වා වගේ විද්‍යා ප්‍රබන්දයක් නෙවි. මේකේ සබ් එක හදිසියේ ආවේ. ඒක හින්ද ඒක නවත්තලා මේක කලේ. මොකද ඔයාලත් ඔයාලට වඩා මමත් මේ චිත්‍රපටය ගැන මග බලන්නේ හිටියේ. ඒත් ඉතින් ඉස්සරවෙලාම ඔයාලට මට කියන්න කතාවක් තියනවා. එක හින්ද ඒක අහන්න අකමැති අය උපසිරැසිය අරගෙන යන්න. අනිත් අය මාත් එක්ක එකතුවෙලා මේ කතාව කියවන්න.
 
මේ උපසිරැසිය මම ආසාවෙන්ම කරන ලද උපසිරැසිය කිව්වොත් හරි. ඒ වගේම ආපහු වෙනත් උපසිරසියක් මෙච්චර ආසාවෙන් නොකරන්න පුළුවන්. හේතුව තමා මම මේ චිත්‍රපටයේ කතා නායකයාට ඒ කියන්නේ ලෝගන් නොහොත් වුල්වරින්ට (හියු ජැක්මන් ට නෙවි) පිස්සුවෙන් වගේ කැමැත්ත දක්වන හින්ද. ඔයාලට ශාරුක් කාන් ගේ ෆෑන් චිත්‍රපටයේ දකින්න ලැබෙන්න ඇතිනේ චිත්‍රපට නළුවෙක්ට උමතුවෙන් වගේ කැමැත්ත තියන කෙනෙක් ගැන. සැබෑ ජිවිතේ ඒක මට සමාන කලොත් හරි. මොකද මේ වුල්වරින් ඉස්සරවෙලාම එක්දහස් නවසිය අනු ගණන්වල  එක්ස් මෑන් කාටුන් වැඩසහටන නැරබිමෙන් ඇතිවෙච්ච කැමැත්ත අවුරුදු විස්සක් ගිහිනුත් තාම එහෙම්මම තියන එක. මම දන්නවා ඒක මානසික රෝගයක්. එත් මම ඒ රෝගයට කැමැතියි.
 
කොටින්ම මට තියෙන්නේ උමතුවක් වුල්වරින් ගැන. පාසල් යන කාලේ පොත් පුරවල තිබ්බේ එයාගේ ඉස්ටිකර් වලින්. ඒවගේම ඔයාල දන්නවා වුල්වරින්ගේ ශරීරයේ ලෝහ තියනවා කියල. ඉතින් මමත් දෙදාහ වසරේ ඉඳල මගේ අතේ තියන බ්‍රේස්ලට් එක පළඳිනවා. එක රත්තරන් හෝ රිදී නෙවි. සුදු යකඩ. ඒවගේම මාලයත්. බැංකුවල ආරක්ෂක ස්ථානවලින් යනකොට මටත් සීනු වදිනවා. ඒක මට සතුටක්. ඔයාල දන්නේ නැ රිය අනතුරක් වෙලා මගේ කකුලට හානි වෙච්ච වෙලාවේ දොස්තර ප්ලාස්ටරයක් දාන්න හදනකොට මම කිව්වේ කැමතිනම් යකඩ ප්ලේට් එකක් දාන්න  කියල. මොකද එතකොට මගේ ඇගේත් යකඩ තියනවා. ඒවගේම 1997 ඉඳල මගේ අතේ මාපට ඇඟිලි දෙකේ නියපොතු වවනවා. මොකද මට කොහෙද ඒවගේ උල්. එකට ආසන්නම දේ තමා ඒ ලොකු නියපොත්ත අත මිටි මැලෙව්ව්වම. ඒවගේම ලෝගන් චරිතයේ හමුදා ටැග් එක, එයාගේ ඇඳුම් ස්ටයිල් පවා මම රටින් ගෙන්නාගෙන තියනවා. කොටින්ම මගේ සෑම ඔන්ලයින් ප්‍රොෆයිල් පින්තුරයකම ඉන්නේ ලෝගන්. කොටින්ම පුළුවන් නම් මගේ හැඳුනුම්පතට පවා දාගන්නවා.
 
ඉතින් මෙච්චර කැමති චරිතයක අවසන් චිත්‍රපටය තමා මේ. මොකද චරිතය නිරුපනය කරන හියු ජැක්මන් පවා චිත්‍රපටය හදන්න ගන්නකොටම කිව්වා වන් ලාස්ට් ටයිම් කියල. ඉතින් මට මේ චිත්‍රපටයට උපසිරසි කොහොම හරි කරන්න ඕන උනා. මම මේ චිත්‍රපටය මට වෙන්කරගන්න හැදුවේ චිත්‍රපටය නිර්මාණය කරන්න පටන් ගන්න කලින්ම. ඒ කියන්නේ පසුගිය වර්ෂයේ අගෝස්තු මාසයේ. ඒත් මොනවා කරන්නද චිත්‍රපටය වෙන්වෙලා තිබ්බේ හසන්ත සහෝදරයාට.
 
ඔයාලට මෙතනදි කියන්න දෙයක් තියනවා. මොකද ඔයාල ගොඩක් අය හිතන් ඉන්නේ හොඳම චිත්‍රපට කරන්නේ ඇඩ්මින්ලා කියල. ඒත් ඇත්ත ඒක නෙවි. මොකද අලුත් ජනප්‍රිය චිත්‍රපට ගොඩක් පරණ චිත්‍රපට වල කොටස්. එක්ස් මෑන් ගත්තත්, කැප්ටන් ඇමරිකා ගත්තත්, ට්‍රාන්ස්ෆොමර් ගත්තත් මේ ලෝගන් චිත්‍රපටය ගත්තත්. බයිස්කෝප් එකේ නිතිය පලවෙනි කොටස් කරපු කෙනාට අලුත් එක දෙනවා කියන එක. ඉතින් ගොඩක් ඒවා ඇඩ්මින් ලා පළමු කොටස් කරලා තියන හින්ද තමා අලුත් ඒවත් එයාලට අයිති වෙන්නේ. ඉතින් මේකත් එහෙමයි.
 
ඉතින් මාසගානක් නොනවත්වා කන්කෙඳිරි ගෑමත් පසුව සිදු උන දේවල් කිහිපයකුත් හින්ද මට මගේ මේ වීරයාගේ අවසන් චිත්‍රපටය කරන්න අවස්තාව හිමි උනා. ඔන්න දැන් ඒ අවස්තාව. ඉතින්  IMDb 8.6 වෙච්ච මේ සුපිරි චිත්‍රපටය මම ඔයාලට අරගෙන එනවා. 
 
මේකේ කතාව යන්නේ 2029 අවුරුද්දේ වෙන දෙයක් විදියට. එතකොට ලෝකෙන් විපරිතයෝ අතුරුදහන් වෙලා. චාල්ස් එග්සෙවියර්ට වගේම ලෝගනුත් වයසට ගිහින්. ලෝගන් ගේ ශරීරයේ තියන ඇඩ්මෙන්ටියම් හින්ද එයාගේ රෝග සුවවෙන හැකියාව නැතිවෙලා. ඉතින් මේ අතරේ තමා එයාල අතරට පොඩි කෙල්ලෙක් එන්නේ. එයා තමා ලෝරා නොහිත් X23. එයාත් ලෝගන් නිර්මාණය කරපු ආයතනයේම නිර්මාණයක්. ඒවගේම ලොගන්ගේ ජාන. වෙන විදියට කියනවා නම් ලොගන්ගේ දුව. එයාව මරන්න එයා නිර්මාණය කරපු ආයතනය උත්සාහ කරනවා. ඉතින් එයාගෙන් ගැලවිලා මේ දැරිවි නිදහස් තැනකට එක්ක යන එක තමා චිත්‍රපටය. අවසානයේ තියෙන්නේ බලාපොරොත්තු නොවන දෙයක්. ඒත් බලලා තීරණය කරන්න කියල කියනවා.
 
මම ඊළඟට අරන් එන්නේ කලින් කිව්ව විද්‍යා ප්‍රබන්දය. ඉතින් එකත් අරගෙන එන්නම්. වෙනදා නම් සමුගන්න කලින් ප්‍රාර්ථනය කරන්නේ බුදු සරණයි කියල. එත් මේකෙදි මගේ හිතේ තියන ප්‍රාර්ථනය කරනවා. හියු ජැක්මන් කිව්වේ වන් ලාස්ට් ටයිම් කියල. එත් මම කියනවා.
 
Please One Last Time Again (කරුණාකර තව එක පාරක්, ආපහු)…

 

පසු සටහන
ඔන්න ඉතින්  අද 2017 මැයි 22. අද තමා BR පිටපත නිකුත් උනේ. ඔයාලට පොරොන්දු වෙච්ච විදියට අලුතෙන්ම නැවත උපසිරසි සකස් කරලා මම මෙන්න මේ චිත්‍රපටය ඔයාලට අරගෙන ඇවිත් තියනවා. ඉතින් මේ සුවිශේෂී චරිතය එක්ක මගේ නම එක්කිරීමට ගත් උත්සාහය සාර්ථකව මෙතනින් අවසන් වෙනවා.

 

X-Men Origins: Wolverine (2009)

The Wolverine (2013)

Logan (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Logan.2017.1080p.BluRay.x264-YTS.AG
Logan.2017.720p.BluRay.x264-YTS.AG
Logan.2017.1080p.BluRay.x264-BLOW
Logan.2017.720p.BluRay.x264-BLOW
Logan.2017.1080p.BluRay.x264-RARBG
Logan.2017.720p.BluRay.x264-RARBG
Logan.2017.BRRip.XViD.AC3-WeTv-ETRG
Logan.2017.BRRip.XViD.AC3-RARBG-EVO
Logan.2017.BRRip.XViD.AC3-iExTV
Logan.2017.BRRip.XViD.AC3-MkvCage

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

133 comments

  1. sub 1ta thanks saho.jaya wewa!

  2. Thank you bn.

  3. thnx bro…

  4. Hashan Madhuwantha [The HASH]

    Thank you very much… 🙂

  5. නියමයි..නියමයි…ගොඩාක් ස්තූතීයි උපසි‍රැසියට සහෝ..

    බයිස්කෝප් උපැසිරසි කණ්ඩායමට ජයෙන් ජය…

  6. hammee enakam bohoma amaruwena ewasal edal me bagathe. bohoma sthithi sahooo

  7. Thanks bn bro!!sub hamadama hadala denna!!jaya wewa!!

  8. ඔන්න ඉවසන් ඉදලා ඉදලා අද බාගත්තා. උපසිරැසියට බොහොම ස්තුතියි අසංක සහෝ…!!!
    “Please One Last Time Again (කරුණාකර තව එක පාරක්, ආපහු)…” මමත් ඒකඟයි…

  9. බොහෝම ස්තූතියි සහෝ…

  10. niayamai…br 1ka enakm hitiye saho….thanks again ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. ඉෂාන් මදුෂ

    br update කලාට බොහොම ස්තූතියි සහෝ

  12. sankha sandaruwan

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ……………..
    ජය වේවා!..,………………..

  13. Saranga Liyanagama

    බොහෝම ස්තූතියි සහෝ…

  14. Nilupul Wijayawardhana

    Thnx brother ✌️

  15. Dilum Wisuddha

    Thanx Bro

  16. BLURAY update කලාට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  17. Ela……ela…….bro

  18. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ. (ජය වේවා!..)

  19. Ammatahudu Br subath daalane..thanxx..ban 🙂

  20. Ela bn…… Thanks for Brrip update

  21. enakan hitiye thanks

  22. charith eranga

    Awa awa br awa……
    Thank you veru much macho

  23. ado br update karala … thanks bokka.. ubala athnam kohoma kathawa therum gannada… logan ge awasana eka neh.. dukayi yaku…

  24. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  25. Bluray Awillla 🙂

  26. kohomada oya sub eka BR copy ekata convert karaganne?

  27. එයා නම් කියයි වන් ලාස්ට් ටයිම් කියල.
    ඒත් අපිටනේ එපා වෙන්නේ
    මොනා කරන්නද??
    සබට තෑන්ක්ස් මචං

  28. Blurry update please guys

  29. Thanx Thanx Thanx 😀
    Brrip ekath update karannako

  30. උපසිරැසියට බොහෝම ස්තුතියි

  31. Patttaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  32. download kerande ba ne

  33. WEB -DL update eka denna

  34. Thanks for Sub!!…….

  35. machan x-men. not x man.

  36. Thanks Bro Suba Dunnata.. WEB-DL eka awith.. Ekata Sub eka Ada Heta Denawa Neda??

  37. ashan lankanath

    thanks …………………………………..

  38. උබට ම්‍ෙකේ සබ් කරන්න හම්බ උනාට (or දුන්නට) මට මාර හැපි

  39. එලෝ

  40. Nirodha uthpala

    Umba nam wolvarine pissek thx for sub obata jaya brrip deepu gaman update eaka oni bro

  41. thilina sandaruwan

    ela

  42. bohoma sthuthi saho…
    thama John Wick 2 eke hoda copy ekak awe nadda… update ekak denna aniwa macho

  43. තවම හොඳ ොපියක් ආවෙ නැද්ද?

  44. thanks asanka

  45. පැතුම් චතුරංග

    සුපිරි සහෝ..
    තැනකු වේවා උපසිරසියට..
    ජය වේවා!!

  46. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    නව වසර සුබම සුබ නව වසරක් වේවා!

  47. Hima Benaragama

    බොහෝම ස්තුතියි…

  48. BR ekata update eka dennako..

  49. Br ekk enakan iwasanawa.. meka camera copy blnn watina fil ekk neweyi.. br ektth ikmnt sub denna

  50. top top ♥♥
    The end of a hero….

  51. Oyage mahansiyata asawata pattama thankz bro niymai

  52. උපසිරැසියට බොහෝම ස්තුතියි

  53. BR ekamai balanne bn subta tkz

  54. සබට ස්තූතියි

  55. කසුන් ටී. පීරිස්

    බොහොම ස්තූතියි සහෝ….

  56. Sub ekata thanx

  57. Udara Damith B/K

    මාත් ඔයා වගේ පොත් ගත්තා තව එකක දේවල් ගත්තා
    වෙබ් හරි බ් ලු රේ හරි එනකල් ඉවසන් ඉන්නවා

  58. සචින් අකලංක

    thanx sabata

  59. චින්තක

    මුලින්ම කියන්න ඕනි අසංකයා උබට බොහොම පින් බන් මේක මෙතරම් ඉක්මනින් අරන් ආවට . මේක මෙවිදිහට වත් බලනවා නැත්නම් මාව පිස්සෙක් වෙලා පිස්සෙක් වෙලා තමයි නතර වෙන්නේ . උබ වගේම මාත් පට්ටෙට ආසාවෙන් බලපු ෆිල්ම් එකක් තමයි මේ අවසාන වෙන්නේ . පට්ට දුකයි බන් . ජය වේවා .

  60. නියමයි බං නියමයි. සුපිරි 🙂

  61. Web-බුවා

    දෙයියනේ කියලා 10/10 වෙන්න rate කරපල්ලා. ✋✋✋

    ජය! 🙂

  62. Web-බුවා

    BLURAY පිටපත එනකං මං කිසිම අවස්ථාවක් දෙන්නේ නෑ මගේ ඇස් බෝලවලට මේක බලන්න.

    මං net එකේ දැක්කා කියලා තියෙනවා මේ සිනමාපටය මෙතෙක් කල් නිපදවපු “හොඳම සුපිරි වීර චිත්‍රපටයක් විතරක් නෙමේ මේක අග්‍රගන්‍ය සිනමාපටයක් වෙනවත් කියලා.” ඉතිං එහෙව් එකේ අසංක ලොක්කා සබ් එක ආපහු හදනවා කියලා කිව්ව එක පුදුමයකට කාරණයක් නොවේ. ඉතිං සහෝ අනිවා ආයේ BR ආවාම සුපිරි ඉංග්‍රීසි සබකින් හදපු හොඳම සිංහල සබ් එක දෙනකං මඟ බලං ඉන්නවා. මං හිතනවා ඒ වෙනුවෙන් ඔබතුමා වෙන් කරන කාලය කිසිසේත්ම අපරාධයක් නෑ කියලා. ඒ වගේම සිනමා රසිකයන්ට කියනවා අඩුම තරමින් webrip එක එනකංවත් ඉන්න. camrip,hdts වලින් බලන්න වටින film එකක් නෙමේ මේ. මොකද මේ සිනමාපටය ගොඩක් විශේෂයි. ඒ මොකද කියන්න මං මෙතැන යන්නේ නෑ. comment එක දිග වැඩි වෙනවා. දන්නෝ දනිති. හේතු එකක් නෙමේ ගොඩක් තියේ. මං එදා ඉඳන්ම දැනගෙන උන්නා මේක අනිවා ඔබතුමා කරන්නේ කියලා. මං ඒ ගැන කිව්වත් එක්කනේ lol. 😉 ඉතිං එහෙනම් කිව්වා BR ආවාම බලන්නම්, ඒ කාලේ වෙද් දී final සබ් එකත් එයිනේ lol. එහෙනම් ඔබට,

    ජය! 🙂

    Logan Isn’t Just a Great Superhero Movie, It’s a Great Movie..!
    – Erik Henriksen –

  63. වජිර රත්නායක

    උපසිරැසියට සුබ පැතුම්

  64. x men කතා මාලාවට කොහොමත් කැමතියි….ස්තුතියි ඔබට

  65. බොහෝම ස්තූතියි සහෝ

  66. Tnx Mcn Subata.Digatama sub demu…!

  67. Hoda copy awama balannam

  68. Kabil eke sub ekkth dennako

  69. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.
    Fan එකේ වගේ ෆෑන් කෙනෙක්නම් වෙන්න එපා හොඳේ..
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  70. Mmmmmmmmmmmmmmmmmmm
    Nice

  71. upasirasata godak stuthi. the mummy 2017 film ekatat upasirasa dennako

  72. [email protected]

    බුදු අම්මෝ බන් උබ නම් සයිකෝ පොරක්.බේත් ගනින් lol

  73. උපසිරැසියට බොහොම ස්තූතියි අසංක අයිය. හොද copy එකක් ආවහමම බලනව. Update එකක් ඕනෙ….

  74. Thank uu asanka
    Torrent file ekaj danna ko

  75. ඔන් මෙක බැවා , br එනකල් ඉවසන්න බැ , හැබැයි br අපුගමන් අප්ඩේට් ඔනී….

  76. guntue talkies movie eke subtb krpllkooooo

  77. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  78. mageth bokka tama bro wolverine.logan pissu pahara bn.mn balapu no1 action movie akath mekama tama itin dan.imdb 9 tibbat awlak ne .mata dark knight akatath wadiya waduna hodee.br anakn imu bro aya sapa ganna.

  79. camer copy kannda bolaw

  80. Withanage Priyantha Dayakeerthi

    ඔබේ ලිපියත් සම්පුර්ණයෙන් කියවූවා. උපසිරසියට ස්තුතියි!

  81. මේ කොපිය බලන්න බැරි තරම් සවුත්තුද ?
    බැලුව එකෙක් කියපල්ලකො

    හොද කොපියක් එනකම් ඉවසන්ඩ බෑ ඒකයි

  82. thanks macho sub akta..

  83. නියමයි අසංක අයියේ… සබට තුති වේවා!

  84. BR එනකන් ඉන්න බෑ… මාත් බානවා…. sub එකට thnx සහෝදරයා…

  85. පට්ට සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ…
    ඒත් හීනෙන්වත් හිතුවේ නෑ මේක මෙච්චර ඉක්මනට දෙයි කියලා තෑන්ක්ස් අසන්ක සහෝ සින්හල උපසිරැසියට….
    #ජය වේවා….

  86. Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  87. I’m so sad
    bluray කොලිටියෙන්ම බලනවා

  88. සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට . X MEN කියන්නෙ බලල තියෙන පට්ටම චිත්රනපටියක් නොවැ. බ්ලූ රේ කොපියක් ආවහම ආයේ බලන්න බැරියෑ. දැනට මේක නොබලා කොහොමද. මෙන්න බානවා.

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම kong skull island සිංහල සබ් ලබාදෙන්න . හැකිනම් KING KONG පරන ෆිල්ම් වලටත් සබ් ලබා දෙන්න.

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

  89. මචං, හොඳ කොපියක් එනකං ඉවසලා මේක ඔයාගේ 100 වෙනි සබ් එක විදියට කරා නම් තමා වැඩිය හොඳ…

  90. thanks saho sab ekata enakan iwasilak natuwa ine. br ekak enakan iwasanawa. barima unot balanawa

  91. Ptta bro. Thanks sub ekata.elama

  92. Dinusha jayamal

    Mamanam film eka hall eken baluwa.
    Apahu balanna one.supiri film eka.
    Sub ekata godak sthuthi.
    Mageth asama hero thamai wolverine.

  93. නියමයි මචෝ…
    මේක නම් අනිවා බ්ලුරේ තමයි බලන්නේ.
    ආපු ගමන්ම අප්ඩේට් එකක් දෙමු…
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

  94. Br copy enkn enwa bro.thx sub.but aya nam iorn plte dagnna epo bro.kkkkkk ela ela

  95. tank bro . mat loganta godak kamti sub akata tank you vrri mach …………

  96. Chinthaka Silva

    Thank you bro. oyage salaruwath lassanai.

  97. Sudheera Kasun

    ela yalu…. hoda copyak awa gaman gannawa….

  98. niayamai…meka nm aniwa balana 1k..eth br 1ka enakm innawa…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  99. 1080p br එකක් එනකන් ඉන්නවා මේක නම් බලන්න බ්‍රෝ

  100. පීටර්

    මම නම් කැමතියි මේ ෆිල්ම් එක හොද කොලිටියට බලන්න. Br එකක් ආවම මතක් කරන්න යාලු. ගොඩාක් ස්තූතියි ඔයාලගේ කැපකිරීමට

  101. Sanindu Lakkitha

    මුලින්ම කියන්න ඔනි ලිපියනම් නියමයි සහෝ.. ඇත්තටම super hero movie වලට ආසවක් ඇති උනේ x-men බලලා.එකෙත් wolverine නිසා තමයි.. මේ film එකටත් හියු ජැක්මන් ගොඩක් මහන්සි වෙලා තිබුනා. ඒ වයසේ කෙනෙක්ට කරන්න පුලුවන් උපරිම කැපකිරීමක් කරලා තිබුනා කියලා අන්තර්ජාලයෙ ගොඩක් තැන්වල සදහන් වෙලා තිබුනා.. ඒක නිසා මේ වගේ සුපිරි ෆිලුමක් BR එකෙන්ම බලනවා..
    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට.. BR ආව ගමන් update එකක් දෙන්න..
    බුදුසරණයි..

  102. සබ් එකට තැන්කූ බන්…
    ඉවසල බ්ලූ රේ එකම බලනව….

  103. lahiru ruchiran

    thanks saho

  104. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  105. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.බොහෝම ස්තුතියි
    br එනකම් ඉදලම තමයි බලන්නේ
    ජය වේවා!

  106. aththatama ban anith vikara virayo vageneve supirima akak monavakarannada hodama avane mulin yanne thanks machan

  107. hi bro,,,mamath oya wagema logan pissek,,,,godak thanks ,,,,

  108. Bluray copyya apuhama balanawa aniwa ekata update karanna.sub ekata godaaak thnkss mcn gud luck digatama sub karanna Lebewesen auf

  109. Amila Kaushalya

    sira bn magath asama hero kenek bn wolverine kiyanna thanx sub 1ta eth ivasan innava br rip enakan bro avama plz ikma update karanna

  110. අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  111. Thanks a lot

  112. Thankz sub ekata

  113. Hashan Madhuwantha [HASH]

    Logange loku rasikayek wage… 🙂 Asawen karapu ekak nisa upasirasiya supiriyata athi kiyala hithanawa. Bluray awama balannam… Jaya!

  114. බොහොම ස්තුතියි

  115. ආතල් ලන්තය/instagram

    Thanks

  116. උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තුතියි සහෝ.
    අනිවාර්යයෙන්ම බ්ලූරේ කොපියක් ආවම තමයි බලන්නෙ.
    ජයවේවා!!!

  117. Gathsara Umesh

    Niymye sahooo..patta

  118. අසංකයො නියමයි ස්තුතියි

    • ලෝගන් කියන්නේ ඇසට කඳුලක් උනපු චිත්‍රපටයක්.
      හියු ජැක්මන් අවුරුදු ගාණක් තිස්සෙ 2000-2017 දක්වා, විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කළ සුපිරි චිත්‍රපට මාලාවක අවසානයක්…
      මේක ඔයාටම කරන්න ලැබුණ එකටත් මං ගොඩක්ම කැමතියි අසංක සහෝ…
      කියලම වැඩක් නෑ, මමනං බ්ලූරේ එනකල්ම ඔන්න ඉවසනවා…
      නැවතත් බොහොම ස්තුතියි…