Home / All / Sahasam (2013) | නිධන් දඩයම [සිංහල උපසිරැසි සමඟ]

Sahasam (2013) | නිධන් දඩයම [සිංහල උපසිරැසි සමඟ]

Sahasam (2013)
ඉතින් එහෙනම් ඔන්න ටික කාලයකට පස්සෙ ආයෙත් අලුත්ම තෙලුඟු චිත්‍රපයටකුත් අරගෙන ගොඩවැදුනා මේ පැත්තට.කාලෙකින් තමා චිත්‍රපටයකට උපසිරැසියක් නිර්මාණය කලේ.2013 ජුලි 12 වෙනිදා නිකුත්වුන IMDb අගය 6.9/10 ලබාගන්න සමත් වෙලා තියෙන Chandra Sekhar Yeleti අධයක්ෂණයෙන් නිමවුන Saahasam චිත්‍රපටය තමා අද ඔයාලට ලබා දෙන්නෙ.මෙහි ප්‍රධාන චරිතයට පණපොවන්නෙ තෙලුඟු සිනමාවෙ සුපිරි ක්‍රියාදාම නළුවෙකු වන Gopichand විසින්.ඒ වගේම සූරූපි Taapsee Pannu තමයි ප්‍රධාන නිළිය.හින්දි සිනාමාවෙ කලක් නැතිවම බැරි චරිතයක් වුන Shakti Kapoor මතක ඇතිනෙ.ඔන්න එයත් එකතු වෙලා ඉන්නවා මේ චිත්‍රපටය සඳහා.හොඳයි ඉතින් ඔය විස්තර මදෑ
නේද?

අපි එහෙනම් කතාව පැත්තටත් ටිකක් හැරෙමු නේද?

අලාම් සිද්දකී කියන්නෙ පකිස්ථානු පුරාවිද්‍යාඥයෙක්.මෙයා 2003 වසරෙදි පකිස්ථාන් රජයෙ අවසරය ලබාගෙන කැණිම් කරනවා කණිෂ්ක අධිරාජයාගෙ සැඟවුන නිධානාගාරයක් හොයන්න.එතකොට අපේ වීරයා ගෞතම් 2013 වෙනකොට හයිද්‍රාබාදයෙ ජීවත්වෙන තරුණයෙක්.කෝටිපතියෙක් වෙන්න සෑහෙන බලාපොරොන්තු තියාගෙන ග්‍රහයො කේන්දර ගැන සම්පූර්ණ විශ්වාසය තියලා නිතර ලොතරැයි මිලදී ගන්න බැංකුවක ආරක්ෂක නිළධාරියෙක්.කොලනියක ජීවත්වෙන දුප්පත් කොල්ලෙක්.දවසක් වැස්ස වෙලාවක මෙයාගෙ ගෙදර වහලෙ සිමෙන්ති කොටසක් කඩාගෙන වැටෙන්නෙ පරණ බෑගයක් එක්ක.ඒකෙ තියෙන්නෙ මෙයා කවදාවත් දැකලා නැති මෙයාගෙම සීයා ශ්‍රී සත්‍ය නාරයනගෙ දිනපොත සහ අන්තිම කැමති පත්‍රය.ඔන්න ඔතනින් තමා කතාව වෙනස් වෙන්න පටන්ගන්නෙ.ඔයිට වඩා විස්තරනම් අද මම කියන්නෙ නෑ. 😉 ඔයාලටම බලන්න වෙනවා ඉස්සරහ මොකද වෙන්නෙ කියලා.

උපසිරැසිය හදන්න ඉතින් වෙනදා වගේම මට බාර දුන්නෙ අපේ විකිය සහෝ.ඇත්තටම විකියා සහෝට ස්තුතිවන්ත වෙනවා මේ වගේ හොඳ චිත්‍රපටියක් ලබා දුන්නට.මගෙන් උපසිරැසිය කරලා ඉල්ලුවෙ ඊයෙ හවස් වෙනකොට.මමත් පොරොන්දු වුනා.ඒත් චිත්‍රපටය බලන්නෙ නැතිව උපසිරැසිය කරලා දුන්නොත් අඩුපාඩු වැඩිවෙන්න පුළුවන්.එහෙම වුනොත් අපේ උපසිරැසි ගන්න ඔයාලගෙ හිතටත් හරි නැතිවෙනවා.මොකද දන්නවද, ඉක්මණට පට ගලා උපසිරැසිය ගහලා දාලා චිත්‍රපටියෙ පෙන්වන මාල පෙත්තට මම උපසිරැසියෙ මන්ජුසාවක් කියලා දැම්මොත් 😛 කරන දේ හරියට එපෑ නැද්ද..? තැන් කීපයක ලයින් ටයිමින් හදන්නත් වුනා.කොලේ බලාගෙන ටයිප් කලානම් ඒවා දකින්නෙත් නෑනෙ.කෝමහරි දැන් එලි වෙලා.
ඔන්න පොඩ්ඩක්වත් නිදිනැතිව උපසිරැසිය අවසන් කලා.එහෙනම් බලන්නකො කොහොමද හොඳද කියලා.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු මම සමුගන්නම්. :) ඔබට ජය..!

Sahasam (2013) on IMDb

 

 

3772A9FEC950559C302EEB440C1E72082949D2D5
63966E0069F606D014AA4EEC2076C8E4F8F5DEA9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Strain SE2-1

The Strain [S02 : E08] | සෑක්ව අල්ලගනියිද? [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසේදී ඩොක්ටර් ගුඩ්වෙදර් කියනවා ඔහු එල්ඩ්‍රිච් පාමර්ව මරන්න යන්නේ කියලා. ඔහු ඒකට මොනාද කරන්නේ යන්නේ ...

Leave a Reply

71 Comments on "Sahasam (2013) | නිධන් දඩයම [සිංහල උපසිරැසි සමඟ]"


Guest
Snoopy Imesh
1 year 24 days ago

maru yakado maru

Guest
sahan
1 year 4 months ago

jaya wewaa!!!!!!!!!!!..tawa sub denna ohoma..tnx..

Guest
1 year 5 months ago

niyama film eka saho. Puluwannam BOYS film ekatath sub demu.

Guest
1 year 5 months ago

niyamai machan patta film eka. Puluwannam BOYS film ekatath sub ekak damu.

Guest
sanj
1 year 7 months ago

maru thanxxxxxxxxxxxx