Breaking News
Home / All / Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 08] with Sinhala Subtitles | නිල මුද්‍රාව [සිංහල උපසිරැසි සමඟ]

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 08] with Sinhala Subtitles | නිල මුද්‍රාව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5. From 6 votes.
Please wait...

යී සොන්ග්යේ සෙනෙවිතුමාගෙ කඳවුරේ සැඟවිලා තියෙන සංවිධානයේ නායකයා කවුද කියලා හෙළි වෙනවා. ඒ තමයි සැම්බොන්ග් ජන්දු ජොන්. සැම්බොන්ග් පවසනවා තමන් කළේ ජීවත් වෙන්ඩ මඟක් නැතුව හිටපු මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දෙන එක විතරයි කියලා. නමුත් සෙනෙවිතුමා සැම්බොන්ග්ගෙ කරුණු දැක්වීම් පිළිගන්ඩ කැමති වෙන්නෙ නැහැ. එයා දේශපාලනයට එන්ඩ අදහසක් නැති බවමයි කියන්නේ. ඒ විතරක් නෙමෙයි ඊළඟ දවසේ සැම්බොන්ග් ඇතුළු පිරිසට දඬුවම් කරන්ඩත් තීරණය කරනවා. ඒ ගැන දැනගන්න බැන්ග් වොන්ට ඉවසගන්ඩ බැරි වෙනවා. අන්තිමට ඒ ගැන එයාම තාත්තාට පැහැදිළි කරන්ඩ හැදුවත් හරි යන්නෙ නැහැ. ඒ නිසා දැන් හැම සැළැස්මක්ම අවුල් වෙන්ඩ යන්නෙ. ඔන්න ඔය අතරෙ තමයි බැන්ග්වොන්ගෙ කපටි බුද්ධිය වැඩ කරන්ඩ පටන් ගන්නෙ. ඒ ගැන දැනගන්නෙ බූන්යි විතරයි. බැන්ග්වොන් බූන්යිට කියන දෙයක් නිසා බූන්යි දැනගන්නවා මේ ඉන්නෙ එයා පොඩි කාලෙ හමුවුණ වංශවත් ළමයම තමයි කියලා. නමුත් බැන්ග්වොන් බූන්යි කවුද කියලා දැනගන්නෙ නැහැ.

අන්තිමට කොහොමින් කොහොමහරි අර හසුන අරගෙන සැම්බොන්ග් ගේග්යොන් යනවා. ඊට පස්සෙ බිගුක් පන්සලේ ජුක්‍රොන්ග් හම්ජු එනවා හොන්ග් ඉන්බැන්ග්ගෙ පණිවිඩයක් අරගෙන. ඒ පණිවිඩෙන් කියන්නේ “දේශසීමා ස්ථායීකරන සැළැස්ම අනුමත කළොත්, එයාට මොනවද සෙනෙවිතුමාගෙන් ලැබෙන වාසිය” කියලා. සෙනෙවිතුමාගෙයි, ලී ශින්ජොක් නිලධාරීතුමාටයි දවල් තරු පේන්නෙ ඔන්න ඔය වෙලාවෙ. සෙනෙවිතුමා නොදැන කවුරුහරි අර හසුනෙ සෙනෙවිතුමාගෙ නිල මුද්‍රාව තියලා.

Six Flying Dragons on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Six.Flying.Dragons.E08.151027.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 comments

  1. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  5. Thanks..
    Good Luck..

  6. Sub ekata thanx

  7. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි