Breaking News
Home / All / Spyder (2017) with Sinhala Subtitles | බිහිසුණු ඝාතන දාමයේ වියරු ඝාතකයා! [සිංහල උපසිරැසි සමඟ]

Spyder (2017) with Sinhala Subtitles | බිහිසුණු ඝාතන දාමයේ වියරු ඝාතකයා! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8. From 94 votes.
Please wait...

Sadistic Personality Disorder. හැමෝටම තේරෙන භාෂාවෙන් කියනවා නම්, අනිත් අයගේ දුක, වේදනාව දැකලා, එයින් සතුටක් ලැබීම. බොහොම දරුණු මානසික රෝගයක්. මෙවැනි මානසික රෝගයකින් පෙලෙන අයෙකු, තමන්ගේ සතුට වෙනුවෙන් අන් අයගේ දුක වේදනාව බැලීමට, ඕනෙම දෙයක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. විශ්වාස කරන්න… මේ ලෙඩේ අපි හැමෝම ළඟ තියෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක් තුල මේ රෝග ලක්ෂණය 4%ක් තියෙනවා. ඒත්, ගිය අවුරුද්දේ කැලිෆෝනියා වල කරපු පරීක්ෂණ වලින් හෙළිවෙලා තියෙනවා, මේ තත්වය දැන් 6% ක් දක්වා වැඩිවීමක් වෙලා තියෙනවා කියලා. ඒත්, බොහොම කලාතුරකින් මේ තත්වය බොහොම උත්සන්න වෙලා, දයාවක් හෝ අනුකම්පාවක් කියා සේයා මාත්‍රාවක් හො නොමැති පුද්ගලයින් ඉපදෙනවා. සුඩලෙයි! ඉහත කී රෝග තත්වය 15% ක් ඔහු තුල පිහිටා තිබෙනවා. හිතාගන්නකෝ කොයි මට්ටමේ දරුණු පුද්ගලයෙක්ද කියලා!

– නෝනා, මේ ගෑණු ළමයි දෙන්නගේ ඇඳුම් ගලවලා දාලා, දෙන්නවම කෑලි කෑලි වෙන්න කපලා කොටලා, එකටම දාලා ගිහිල්ලා තියෙනවා. ශරීර කොටස් කාගේද කියලා වත් හොයාගන්න බැහැ. පොඩ්ඩක් පවුලේ ගෑණු කට්ටියත් එක්ක ඇවිල්ලා, ශරීර කොටස් ටික අඳුරගෙන, මිනී දෙක එකලාසයක් කරලා හදාගන්න උදව් කළොත් හොඳයි.

– උඹ ගෙදර එනකොට, අම්මවයි මල්ලිවයි පෙති පෙති ගහලා තියන්නද? උණු ලේ හැමතැනම විදීවී!

– මුවෙක් මරලා දැම්මාම දඬුවම් දෙනවා. හැබැයි බැටළුවෙක් මැරුවා කියලා කිසි අවුලක් නැහැ. ඇයි ඒ? මොකද, මුවෝ ඉන්නේ ටික දෙනයි. බැටළුවෝ ඕනේ තරම් ඉන්නවා. මේ ලෝකේ බැටළුවොන්ට වඩා මිනිස්සු මහ ගොඩක් ඉන්නවා. ඉතිං, මං මිනිස්සු කීපදෙනෙක් මරලා දැම්මා කියලා මොකෝ වෙන්නේ?

– භූමිකම්පා, සුනාමි, කුණාටු වගේම රජය මගිනුත් ජනගහණය පාලනය කරනවා. ජනගහණය පාලනය කරන්න ආපු අලුත්ම කෙනා තමයි මේ මම!

මේ දෙබස් හතර ඕනෙවටත් වඩා වැඩිවෙන්න ඇති සුඩලෙයි කියන්නේ කොයිතරම් දරුණු, කෘර ඝාතකයෙක්ද කියලා දැනගන්න. කවුද මේ සුඩලෙයි? මේ මිනිහා මේ වෙද්දී මිනිස්සු කී දෙනෙක් මරලා ඇත්ද? එක්කෙනෙක්? දෙන්නෙක්? දහයක්? විස්සක්? නැහැ! සිය ගණනක් මරලා තියෙන්නේ! දහස් ගාණක් මරන්න සැලසුම් හදලා තියෙන්නේ. අවුරුදු 12 දි තමයි පළවෙනි වතාවට මිනිහෙක් මරන්නේ. එදා ඒ පටන්ගත්ත ලේ පිපාසය කවදාවත් අඩුවුණේ නැහැ. වැඩි වුණා මිසක්. දරුණුකම විතරක් නෙමෙයි. බොහොම තියුණු මනසක් තිබ්බ මේ සුඩලෙයිව අල්ලගන්න තියා කවුද කියලාවත් පොලීසිය දැනගෙන හිටියෙ නැහැ. මේ කෘර මිනීමරුවව නීතියේ රැහැනට කෙසේ නම් හසුකර ගන්නද?

ශිවා! රජයේ ආයතනයක බොහොම පොඩි රස්සාවක් කරන්නේ. ඒ තමයි කෝල් ටැප් කරන එක. මිනිස්සුන්ගේ පුද්ගලික කෝල් ටැප් කරන එක නීතිවිරෝධියි තමයි. හැබැයි, සාමය සහ ජාතික ආරක්ෂාව පවත්වාගෙන යන්න ඕනේ නිසා, මහජනතාවගේ හැසිරීම් නිරීක්ෂණය කරලා, මොකක්මහරි සැක කටයුතු හැසිරීමක් ගැන ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ කණ්ඩායම දැක්කොත් එහෙම, අන්න ඊට පස්සේ ඒ පුද්ගලයාගේ කෝල් වලට සවන්දීල සහ ඒවා රෙකෝඩ් කරනවා. නැතුව, හැමෝගෙම කෝල් වලට සවන්දෙන්න අවසර නැහැ. ඒත් මේ ශිවා නම් හැම කෝල් එකකටම සවන් දුන්නා. ඒ වෙනුවෙන්ම විශේෂිත සොෆ්ට්වෙයා එකක් හැදුවා. කවුරුහරි කෙනෙක් කෝල් එකකින් තර්ජනය කිරීමක් කලොත්, එහෙම නැත්නම් උදව් ඉල්ලුවොත් හරි, සොෆ්ට්වෙයා එක ඇක්ටිවේට් වෙලා, සිස්ටම් එකෙන් ඒක හොයාගන්නවා. මේ නිසාම, අපරාධයක් සිද්ධවෙන්න කලින් ඒ ගැන දැනගෙන, මේ අපරාධ නවත්වන්න ශිවාට හැකියාව ලැබුණා. එක දවසක් මේ වගේ කෝල් එකකට ශිවා සවන් දුන්නා. ගෑණු ළමයෙක්ගේ. මේ තමයි මේ සිද්ධි දාමයේ සියළුම කාරණා උඩි යටිකුරු වීමේ කේන්ද්‍රස්ථානය. සුඩලෙයිට එරෙහිව ශිවා!

ප්‍රින්ස් මහේෂ් බාබු! තෙලිඟු සිනමාව කිව්වම සමහරු හිතාගෙන ඉන්නේ අල්ලු අර්ජුන්, රාම් චරන්, ප්‍රභාස් වගේ අය තමයි ජනප්‍රියම නළුවෝ කියලා. ජනප්‍රියයි තමයි. හැබැයි, 1988 දී Bazaar Rowdy චිත්‍රපටය මගින් සිනමාවට පය තබපු මහේෂ් බාබුගේ ජනප්‍රියත්වය අසලකට එන්න හෝ ඉහත කියපු නළුවන්ට බැහැයි කියලා, තෙලිඟු සිනමාව ගැන දන්න උදවිය හොඳාකාරම දන්නවා. ඉන්දියාව තුලට පමණක් සීමා නොවී, ලොව වටාම ප්‍රේක්ෂක ජනතාවක් සිටින මහේෂ් බාබුගේ නවතම සිනමා පටය තමයි මේ ආකාරයෙන් ඔබවෙත ගෙන එන්නේ. මේක විශේෂයි. මොකද කියනවා නම්, අසාර්ථක චිත්‍රපට කීපයකට පස්සේ, මහේෂ් බාබුගේ නැවත නැගිටීමක් විදියට මේ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. තේරෙන භාෂාවෙන් කියනවා නම්, “ගින්දර බඩුවක්” තමයි මේ සැරේ මහේෂ් බාබු අරගෙන එන්නේ. තනියෙන් නම් නෙමෙයි. Ghajini (2005), Ghajini (2008), 7 Aum Arivu (2011), Thuppakki (2012), Holiday (2014), Kaththi (2014) වගේ විශිෂ්ඨ සිනමා නිර්මාණයන් අධ්‍යක්ෂණය කරපු A.R. Murugadoss තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරන්නේ. සංගීත ක්ෂේත්‍රයේ තවත් දැවැන්තයෙක් වෙන Harris Jayaraj ගේ සුමියුරු සංගීතයෙන් තමයි චිත්‍රපටය වර්ණවත් වෙන්නෙ. ඒ වගේම, චිත්‍රපටයේ නිෂ්පාදන වියදම පමණක් ඉන්දියානු රුපියල් කෝටි 120ක් වෙනවා. මේ අවුරුද්දේ, තෙලිඟු චිත්‍රපටයක් වෙනුවෙන් වියදම් කරපු දෙවැනි වැඩිම මුදල් ප්‍රමාණය. ඒ වගේම, මේ චිත්‍රපටය දෙමල භාෂාවෙන් පවා නිකුත් කරලා තියෙනවා. මේ තමයි, මහේෂ් බාබු දෙමල සිනමා ක්ෂේත්‍රයට පැමිණෙන පළමු අවස්ථාව. චිත්‍රපටය සඳහා කෝටි 120ක් වියදම් කළාට පාඩුවක් වුනේ නම් නැහැ. පළවෙනි දවසෙම ඉන්දියානු රුපියල් කෝටි 51ක බොක්ස් ඔෆිස් ආදායමක් වාර්තා කරන්න සමත් වුණා. මේ තමයි, එදා මෙදා තුර ඉන්දීය චිත්‍රපට ඉතිහාසය තුල, සමාරම්භක දිනයේදීම චිත්‍රපටයක් වාර්තා කරපු 12 වෙනි වැඩිම ආදායම. මෙතනින් නැවතුනේ නම් නැහැ. දවස් දොළහක් ගතවෙද්දී ඉන්දියානු රුපියල් කෝටි 150 සීමාව බොහොම ලේසියෙන් ඉක්මවලා ගියා. මීට පස්සේ ආදායම් ගැන කිසිම සඳහනක් නැහැ. බොහෝ දුරට, ඉන්දියානු රුපියල් කෝටි 200-250 ක් ලබාගන්න හැකියාව ලැබෙන්න ඇතියි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම, මේ චිත්‍රපටයේ re-make එකක්, බොලිවුඩ් දැවැන්ත නළුවෙකුගේ ප්‍රධාන රංගන දායකත්වය සමගින් සිදුවන බවට දැනටමත් නිළ නොවන ආරංචි මාර්ග පවසනවා.

ඒ වගේම කියන්න ඕනේ, චිත්‍රපටය සඳහා තාක්ෂනය උපරිම වශයෙන් යොදාගෙන තියෙනවා. හොලිවුඩ් disaster චිත්‍රපට වල වගේ, තාක්ෂනය බොහොම ඉහලින් යොදාගනිපු දර්ශන කීපයක් බලාගන්න හැකියාව ලැබේවි. ඒ වගේම, පන්දහස ඉක්මවූ ප්‍රේක්ෂක සංඛයාවකගේ මනාපයෙන් IMDB දර්ශකය 7.6 ක් දක්වා කරකවන්න මෙම සිනමා නිර්මාණයට හැකියාව ලැබිලා තියෙනවා. චිත්‍රපටය අයිති වෙන්නේ, Action, Crime, Thriller කාණ්ඩ වලට. චිත්‍රපටයේ සෙසු චරිත සඳහා, සුරූපී Rakul Preet Singh සහ, දමිළ නළු Bharath Srinivasan සහ Surya S.J. රංගනයෙන් දායක වෙනවා.

ඒ වගේම, මේ චිත්‍රපටය සඳහා හාඩ් කෝඩඩ් සබ් එකක් තමයි නිකුත් වුනේ. ඒ නිසා අලුතින්ම ලයින් හදාගෙන තමයි සබ් එක කරන්න වුනේ. විභාගේ පටන්ගන්න තව දවස් තුනයි තියෙන්නේ. මේ චිත්‍රපටයට තිබ්බ ආසාව නිසාම තමයි විභාගයක් අස්සේ වුනත් මේක කලේ.

එහෙනම්, අරගෙනම බලන්න. නැවතත් මතක් කරනවා. මේක ” සාම්ප්‍රදායික ඉන්දියානු ගොන් ආතල් චිත්‍රපටයක්” නම් නෙමෙයි. එදා මෙදා තුර ඉන්දීය චිත්‍රපටයක් තුලින් නොදැකපු අන්දමේ දරුණු, සාහසික වගේම තියුණු මනසක් සහිත අපරාධකරුවෙක් හඹා යෑමක් බලාගන්න පුළුවන්. ඉහලට ගත්ත හුස්ම ටික පහළට දාන්න අමතක කරවන මට්ටමේ සුපිරියක්. එහෙනම්, ගිහිල්ලා එන්නම්. ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDRip  පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

91 comments

  1. viraj sahintha

    බලපු සුපිරිම ෆිල්ම් එකක්…සබ් එකට ස්තුතියි..විස්තරයත් සුපිරි

  2. Me karana wade patta……
    Mcn sup extract karanna ba ne………..

  3. බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

  4. ගොඩක් හොදයි, තවත් කරගෙන යන්න

  5. sub ekata thanks saho.. jaya wewa!!

  6. Dinuka Jayasekara

    තෑන්ක්ස් මචෝ

  7. thank u……. 🙂

  8. ashan alnkanath

    thanks……………….good luck…………………………

  9. patta bro.issarhata me wage supiriyata karagena yanna

  10. bohoma sthuthi sahoo 🙂 jaya wewa..

  11. දමිත්

    බොහොම ස්තුතියි උපසිරැසියට සිසිල සහෝ.
    ජයෙන් ජය.

  12. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. supiri film eka godak thanx

  14. full movie eka download krnna link ekk dennkoo…thnkz sub ekt.torrent nm godak hodai

  15. Thanx bro

  16. බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. සුපිරිම පහරක් වගේ. එල එල. ගොඩාක් පිං.

  17. Good Work friend, Thanks!

  18. උපසිරැසියට බොහොම ස්තූතියි. ☺☺☺
    ජය වේවා..!! 

  19. එල එල බන් සබට කලින් මේ ෆිල්ම් එකට උඹ දෙන විචාරේ පට්ට බන් සිසිලයා… එලම මචෝ….

  20. Page Not Found
    සොයා ගත නොහැක
    Why?

  21. lassanai. sub ekath ela

  22. බොහෝම ස්තුතියි…

  23. Film eka boxoffice disaster. E kiyanne asarthakai. Worldwide boxoffice just 150 Cr. India athula budget eka 120 Cr Hoya gnda bro Una me film ekta. Telugu version eka full disaster. Asarthakai. Google search krla blnna. 2017 hits and flops Telugu films kiyla. Film eka gana thorathuru danakota hariyata danna

    • හරි. දැනුවත් වුණා. බොහොම ස්තුතියි ඔබතුමා මේ ගැන කියලා දීලා ලොකු උදව්වක් කලේ. මං ඔය ඔබතුමා කිව්ව විදියට ගූගල් එකේ මුකුත් හොයන්නේ නැතුව, ඒ වෙලාවේ හිතට ආපු ගාණක් තමයි දැම්මේ. මොකද, මහේෂ් බාබු මට කෝල් එකක් දීලා කිව්වා, “මචං, බයිස්කෝප් එකේ උඹ ස්පයිඩර් එකේ ලිපිය ලියනකොට, ආදායම් වාර්තා ටිකක් වැඩිකරලා ලියලා, ෆිල්ම් එක ලංකාව ඇතුලේ හිට් කරලා දියන්” කියලා. ඒකයි මං එක දෙක කරලා ලිපිය මෙහෙම ලිව්වේ. ඔබතුමා බොහොම මහන්සිවෙලා, ගූගල් එකේ හොයලා හොයලා, මේ ගැන අනිත් උදවිය දැනුවත් නොකරන්න හරි අපරාධයක් වෙන්නේ.

      එක දෙයක් කියන්නම් සහෝදරයා. ඔබතුමා ඔය හෙව්වා කියන ගූගලේ එකේ හරි විදියට හෙව්වා නම් ඔය කතාව කීයටවත් කියන එකක් නැහැ. කිසිම දෙයක් හරිහැටි හොයන්නේ බලන්නේ නැතුව, යන්තම් උඩින් මොනවහරි බලාගෙන ඇවිල්ලා, ඒක හරියි කියලා දඟලන්නේ ඔබතුමාමයි. ඒ වගේ අයත් එක්ක කතා කරලා වැඩක් නැහැයි කියන එකයි මගේ මතය. ඒ නිසා ඔබතුමා හරි, මං වැරදියි කියලා පිළිගන්නම්. ජය!

      • Bro udin pallen mn bluewe ne boxoffice collection. Site keepayakma bluewa Telugu . Disaster me film eka. Boru nm ubama blpn.ube danumata. Nathuwa mn me loku kamakata news kiwe. Oka Tamil version ekenuth gahuwa. Maheshge 1st Tamil eka. Ekai plweni dwase koti 51 k gatte. Telugu version eka totally lost. Janatawata boru kiynne kauda kiyala broma Dan hithuwa nm hari. Anyway api marn wadk ne kiyalai Mata hithe. Sabata thanks

      • මේකෙ verdict එක flop බන්
        ඒකෙ කතා දෙකක් නෑ

  24. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  25. Thanks bro sub 1ta, good job

  26. උපසිරැසියට ස්තූතියි සිසිල සහෝ.බයිස්කෝප් එකට ජය වේවා…!!!!

  27. සබ් එකට ගොඩාක් ස්තූතියි. කෝ අනික් සයිට් එකෙ නෑනෙ පිලුම.

  28. sub ekata thanx mcn විභාගේ හොදට ලියන්න.

  29. ගොඩක් ස්තූතියි!

  30. බොහොම ස්තූතියි!

  31. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…….!!!!

  32. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…….!!!!

  33. thanks macho. me wage film patta. exam walata jaya.

  34. Sub එකට thaq මචං..sweetiee weds nri මේ film එක google එකේ පොඩ්ඩක් හොයලා බලන්න ෆට්ටම film එකක්..පුලුවන් නම් මේකේ sub එක දෙන්න මචං

  35. madusara manawasinghe

    බොහොම ස්තුතියි.
    විභාගයත් බොහොම ඉහලින් පාස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජයවේවා!

  36. උපසිරැසි යට බෝම ස්තුතීයි සිසිල සහෝ.හරිම ආසාවෙන් බලන් හිටපු ෆිලුමක් . අපි වෙනුවෙන් කරපු කැප කිරීමට බොහෝම තුති.ජයවෙිවා .

  37. පසිදු අමරසිංහ

    උපසිරසියට බොහොමත් ස්තූතියි සිසිල සහෝ
    ලයින් හදලම ගේමගහල නේද ✌️✌️✌️

  38. Thank you very much bro
    Oyalnam maaray
    Film eke hdrip 1 awith dawas 2n sub 1th dunna
    Patta saho
    Enakal balan hitapu film 1k
    Jayawewa!
    Digatama api ubalath ekka innawa
    Ela ela ela……..

  39. Super wedak… Thank you aiya…!

  40. sub ekata thanx brooo
    exam ekata good luck

  41. විභාගයට සුබ පැතුම් බ්‍රෝ

  42. sub ekata tnx bro!!

  43. nirodha uthpala

    Hambe lipiya kiyavaddi sisilayada kiyala hite kanava tibba suba download karaddi dakke pora thamai …. thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

  44. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  45. Hash : 0D4CCFB4799D746067A402FACF0A5A5123F9D4EB

    Size : 708.89 MB

    • බොහොම ස්තූතියි! ලින්ක් එක හොයාගන්න බැරිව හිටියෙ!

  46. Thank you very very much bro…maka hoya hoya hitiya..sub ekata thank you..exam ekath hodata karanne..jaya wava….

  47. එනකං මග බලාගන ඉඳපු ෆිලුමක් තමයි මේක.
    බොහොම ස්තුතියි සිසිල සහෝ විභාග අස්සේ උනත් අපි වෙනුවෙන් කරන මේ සේවයට.
    විභාගෙත් හොඳට කරගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
    ජය වේවා…!!!

  48. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට….!

  49. ලිපියනම් සුපිරියටම දීල තියෙනව සහෝ.සබ් එකට ස්තූතියි

  50. බොහොම ස්තූතියි සහෝ

  51. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
    ජය වේවා…!

  52. lthanks sisils saho sub ekata.supiri film ekak tama genath tienne.

  53. Gathsara Umesh Kumara

    Ayge sub niymyi….
    Enkm blgrn idiye …..
    Bhooooooooooooooooooooooooooooooooom
    Sthuthiyi….

  54. රුවන් ඉන්දික

    කිසිදු මිල මුදලක් නොමගෙන කරන්නා වු මෙම කටයුත්තට ගොඩාක් පින් සහෝ……………ගොඩක් ස්තුතියි මෙම උපසිරසියට……

  55. Thanks Bro

  56. bohoma stutie sub ekata saho .lipiya niyamatama tiyanawa.saho maka direct link eka baiscope download ekata danawada?

  57. yukthi sudheera

    බොහොම ස්තූතියි සහෝදරයා ….. විභාගයට ජයවේවා …!

  58. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  59. සිර සහෝ උබ නම් එල ෆිල්ම් එක ඇවිත් සතියක් වත් ගියෙ නෑ සබ දිලා…තෑන්ක්ස් සහෝ මේ සෙවයට…!!

    කිසිදු ලාබ අපේක්ශාවකින් තොරව ඔබලාගේ වටිනා කාලය අපේ රස වින්දනය උදේසා කැප කරමින් මේ කරන සේවයට ඔබ සියලුම දෙනාට අනේක වාරයක් ස්තුතියි!!!

    බුදු සරණයි !! දෙවි පිහිටයි!!

    තව තවත් මෙවැනි සේවාවන් අප උදෙසා ඉදිරියෙදි ඉටු කරන්නට ලැබේවායි එක සිතින් පතනවා….!!!!!

    ජයෙන් ජයම වේවා ඔබලාට !!
    ස්තුති…!

  60. සිසිර සහෝ උබ නම් එල ෆිල්ම් එක ඇවිත් සතියක් වත් ගියෙ නෑ සබ දිලා…තෑන්ක්ස් සහෝ මේ සෙවයට…!!

    තැන්ක් යු තරිදු සහෝ දෙනකන් බලන් හිටපු ෆිල්ම් එකක් මේක

    කිසිදු ලාබ අපේක්ශාවකින් තොරව ඔබලාගේ වටිනා කාලය අපේ රස වින්දනය උදේසා කැප කරමින් මේ කරන සේවයට ඔබ සියලුම දෙනාට අනේක වාරයක් ස්තුතියි!!!

    බුදු සරණයි !! දෙවි පිහිටයි!!

    තව තවත් මෙවැනි සේවාවන් අප උදෙසා ඉදිරියෙදි ඉටු කරන්නට ලැබේවායි එක සිතින් පතනවා….!!!!!

    ජයෙන් ජයම වේවා ඔබලාට !!
    ස්තුති…!

  61. Bro සබ් එක unvalid කියලා වැටෙනවානෙ.

  62. wow niyamai sisila saho… Thank bro…. puluwannam Birth of the Dragon film ekata sub denna

  63. exam pass wenna mama hadawathin wish karanawa

  64. බොහෝම පිං

  65. Sub eka not fund kiyala watenawani

  66. Sub ekata thanx

  67. elma saho…..rough night 2017 movie ekatath suba dena..jaya wewa…

  68. lahiru sandaruwan

    thank you so much aiye.. exam ekath goda yanna kyla wish karanawa… all the best……

  69. elama saho thanks

  70. C. R. ජයලත්

    නියමයි සිසිල අයියා ජය වේවා!!!!

  71. super
    sub ekata thanks wawa

  72. Sajith thilakarathne

    bokkenna Thanks bro sub ekata

  73. බොහොම ස්තුතියි සහෝ,විභාගෙත් කට උඩ තියාගෙන සබක් කරනවා කියන්නේ,ඒකත් HC එකක්,කියන්න වචන නෑ ,නියමයි,ෆිලුම අද නැත්නම් හෙටම අනිවාර්යෙන් බලන්න ඕනේ,ජයවේවා!!

  74. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 -2017 වසරවල දමිළ චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  75. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    ලිපිය කියවව්වේ නෑ

    ෆිල්ම් එක බලන්න ඕනේ ඉක්මනට
    බොහොම ස්තුතියි …
    තව පට්ට ෆිල්ම් ගෙන්න ….
    ☺☺☺☺☺☺☺☺
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

  76. හම්මේ සිසිල….
    මේක දෙනකල් තමයි බලන් හිටියේ.
    දෙපාරක් හිතන්න දෙයක් නෑ ආය සුපිරියක් තමයි. අනිවා බැලිල්ලක්.
    විභාග කටයුතුත් සාර්ථක වේවා කිව්වා ඕං. 😛
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  77. Thnx kawadda denne kyl blgena hitiye

  78. Udara Rajapakse

    Ammo #Sisila Aiye Liyuma 🙂 <3

  79. ammo ela ela… thaz bro