Breaking News
Home / Tag Archives: subtitle

Tag Archives: subtitle

Rings (2017) with Sinhala Subtitles | ඔබේ මරණයට තව දින හතයි. [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න මං හරිම ආසාවෙන් එනකල් බලන් හිටපු Drama වගේම Thriller ගණයට වැටෙන කතාවක් ඔයාලට මගේ විසිවන උපසිරැසි විදිහට අරං එනවා. හැබැයි මේක ගොඩ දෙනෙක්ට පේන්නේ හොල්මන් කතාවක් වගෙයි. මේක පරිවර්තනය කරන්න පටන් ගත්තේ අද උදේ. ඉතිං පැය 12ක් විතර ගියා ඉවර කරන්න. දැන් නම් ඇත්තටම මහන්සියි. ඒත් ඉතිං වැඩේ ...

Read More »

Bates Motel [S05 : E09] with Sinhala Subtitles | සෑම සත්‍යක්ම හෙළිවේ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් නමවැනි කොටස අරගෙන ආවා.මේ සැරේ පරක්කු වුණේ Blindspot කතාමාලාවේ එපියක් කරපු නිසයි.මේක තමයි අවසාන කොටසට කලින් කොටස.ඒවගේම කියන්න ඕනේ මේ කතාමාලාවේ පස්වෙනි කොටසින් පස්සේ රේටින්ග් එහෙමත් වැඩිවුණා.ඇත්තවශයෙන්ම කිව්වොත් 9ත් පන්නනවා.කතාව ගැන කිව්වොත්, නොර්මන් අම්මගේ වැඩ ඉවසගන්න බැරිව සෑම් ලූමස්ව මැරුවා කියලා පාපොච්චාරණය කළා.ඊටපස්සේ නොර්මන් එහෙමත් නැත්තම් නොර්මා මේක ...

Read More »

Why Him? (2016) with Sinhala Subtitles | ඇයි එයා? [සිංහල උපසිරැසි සමඟ]

ආයෙත් ටික කාලෙකට පස්සේ සුපිරිම කොමඩියක් අරගෙන ආවා! හොද කොපියක් ඇවිල්ලා නම් දැන් ටික කාලයක් වෙනවා. ඔන්න දැන් තමා ඉවරකරගන්න ලැබුනේ. පසුගිය වසරේ දෙසැම්බර් 23වෙනිදා තමයි චිත්‍රපටිය නිකුත්වුනේ. imdb අගය 6.3ක් ලබාගෙන තියෙන අතර මේ වනවිට හොද ආදායමක් උපයාගෙන තියෙනවා. ප්‍රධාන චරිත විදියට, සුපිරි නළු Bryan Cranston(නෙඩ් ෆ්ලෙමින්), තවත් සුපිරි ...

Read More »

Bates Motel [S05 : E08] with Sinhala Subtitles | පාපොච්චාරණය… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම,ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.මේ සැරෙත් ටිකක් පරක්කුයි. මොකද මම ගෙදරින් පිට ඉන්න නිසා සබ් එක ෆෝන් එකෙන් තමයි කෙටුවේ.වැඩිය හුරුත් නැහැ ඒ නිසා අඩුපාඩුවක් තිබුණොත් සමාවෙන්න ඕනේ. ගිය සතියේ අන්තිම කොටසේ මතක ඇතිනේ නොර්මන් සෑම්ව මැරුවා කියලා පාපොච්චරණය.ඉතින් ...

Read More »

Supernatural [S12 : E18] with Sinhala Subtitles | බ්ලැක් බිල්…. [සිංහල උපසිරැසි සමඟ]

​කලින් කොටසේ මතක ඇතිනේ කෙලී ක්ලයින්ව හොයන් ගියපු ගමන. එතකොට මික් ඩේවිස් මේ ගත කරන ජිවිතේ ඉගෙන ගත්ත තැන. හොග්වෝ(ර්)ට්ස් වගේ තැන. එතන එයා ඉස්සරහට ඇවිත් තියෙන්නේ එයාගේ හොදම යාළුවාව මරලා දාලා. ඒ නිසාම තමයි එයා නිතරම නීති සංග්‍රහයක් මුලට ගන්නේ. මොකද එයත් සෑම් ඩීන් දෙන්නගේ විදිහට හැඩ ගැහීගෙන ආවා. නමුත් ...

Read More »

Leap ! (2016) with Sinhala Subtitles | පිපීමට වෙරදරන සිහිනයන් සැබෑ කරගනු පිනිස. [සිංහල උපසිරසි සමඟ]

මේ ලෝකේ ඔන තරම් සිහිනයන් තියනවා. ඒත් ඒවා ලේසියකට සැබෑ වෙන්නේ නැහැ, සමහරැන්ගේ හිත්වල ඒවා සිහින විදිහටම තිබිලා අවසානෙදි පරවෙලා යනවා. හරියට මගේ හිතේ තියන හීන වගේ.  ඒත් ඇතැම් පුද්ගලයන් කොච්චර කරදර බාධක ආවත් කෙසේ හෝ තමන්ගේ අරමුණු ඉටුකරගෙන සිහිනයන් සැබෑකරගන්නවා. ඉතින් ඒ වගේ තමන්ට කිසිම දිනක ලන්වෙන්නවත් බැරි විදිහේ ...

Read More »

Jolly LLB 2 (2017) with Sinhala Subtitles | හීනාගේ බලාපොරොත්තුව වෙනුවෙන් ජොලි නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

හායි කොහොමද කට්ටියට,,,දන්නවා දන්නවා හොදටම පරක්කුයි කියලා,එත් මොනවා කරන්නද,වැඩ රාජකාරි මැද්දේ තාමයි මේක කරන්න වුනේ,ගොඩක් කට්ටිය මේකට පොර කෑවද මන්දා, එත් මුලින්ම ස්තුතියි වෙන්න ඕනේ ආසිරි අයියට මේකේ හොද කොපියක් ආපු ගමන් කියපු එකට,කියපු වෙලාවටම දෙන්න බැරි වුණා,තව කියනවනම් මේකේ පලවේදී එක කරපු ඒ කියන්නේ Jolly LLB 1 එක කරපු ...

Read More »

Boyka: Undisputed IV (2016) with Sinhala Subtitles | ඇතැම් විට ජයග්‍රහණය ද වේදනාකාරීය. [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම් ඊයේ මං ඔයාලට Sleepless (2017) දෙන ගමන් පොරොන්දු උනා වගේ අද ඔන්න ගොඩක් අයගේ ඉල්ලීම ඉෂ්ට කරන්නUndisputed කතා මාලාවේ සිව්වැන්න වන Boyka: Undisputed (2016) චිත්‍රපටයේ උපසිරැසිය අරං එනවා මගේ දහනව වන උපසිරැසිය විදිහට. මේ කතාව ගැන අහලා නැති action ෆිල්ම් බලන අය එහෙම ඉන්නවද? නෑ නේද? ඉන්නවා නම් ...

Read More »

Sleepless (2017) with Sinhala Subtitles | නිදි නැති මෙහෙයුම. [සිංහල උපසිරසි සමඟ]

කිලෝ 25ක කොකේන් වලට මොනාද කරන්න පුළුවන්? මිනිහෙක්ගෙ ජීවිතයක් නැති කරන්න? මිනිස්සු දෙන්නෙක්ගෙ ජීවිත නැති කරන්න? මිනිස්සු ගොඩ දෙනෙක්ගේ ජීවිත නැති කරන්න? මිනිස්සුන්ගේ විශ්වාසය බිඳින්න? මිනිස්සුන් අතර විශ්වාසය ගොඩ නගන්න? එහෙමත් නැත්නම් කෙනෙක්ට ජීවිතයක් දෙන්න? මෙහෙම කියනකොට මං මොකාටද එන්නෙත් කියල ඔයාල හිතනවා ඇති. එහෙනම් ඔන්න මේ ගේන්නේ මගේ දහඅට ...

Read More »

Supernatural [S12 : E17] with Sinhala Subtitles | බ්‍රිතාන්‍යයන්ගේ නීති.. [සිංහල උපසිරැසි සමඟ]

​ ගිය සතියේ මතකනේ මිනිස් වෘකයෙක්ගේ සිදුවීම් පෙළක් වුණා. ඇත්තටම ඒ වෙයවුල්ෆ්ට ඕනේ වෙලා තිබුණේ එයාගේ රැල නැති වෙලා සී සී කඩ වුනු නිසා කට්ටිය එකතු කරගෙන ආයෙමත් රැලක් ගොඩනගන්න. මේකට ක්ලෙයාර්වත් හවුල් වෙලා තව ටිකෙන් එයාවත් බේරගන්න බැරුව යනවා. ඔක්කොමත් හරි මික් එයාගේ විදිහට වැඩේ ඉවරයක් කරලා දලා අර ...

Read More »

Bates Motel [S05 : E07] with Sinhala Subtitles | සෑම්ගේ මරණය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් සති දෙකකට පස්සේ තමයි බේටස් මොටෙල් කතාමාලාව අරගෙන එන්නේ.මට කරගන්න බැරි වුණු සති දෙකේ කතාමාලාව කරන්න බාරගත්ත කාවින්ද බුද්ධික සහෝට ස්තුතිවන්ත වෙනවා.හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු, මතක ඇතිනේ කට්ටිය මැරියන්ගේ පැමිණීම.හැබැයි ඔන්න ඉතින් කොහොමෙන්හරි මැරියන් සෑම්ගේ ඇත්ත දැනගෙන එයාව දාලා යනවා.ඒවගේම මැඩලිනුත් සෑම්ව ගෙදරින් දොට්ට දානවා.එයා අන්තිමේදී එන්නේ ...

Read More »

The Walking Dead [S07 : E16] with Sinhala Subtitles | අඩුගානේ එක්කෙනෙක්ටවත් මැරෙන්න වෙනවා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් වෝකින් ඩෙඩ් කතාමාලාවේ අවසන් කොටස අරගෙන ආවා! ඊයෙම දෙන්න හිටියත් කරගන්න බැරිවුනා නොවැ. දැන් තමා ඉවරකරන්න ලැබුනේ. හත්වෙනි සමයත් මෙතනින් අහවරයි එහෙනම්. ඊලඟ කතාසමය සුපුරුදු විදියට ඔක්තෝම්බර් මාසයේ ආරම්භ වෙයි. අද අවසාන කොටස පුරා පැයක් විකාශය වෙනවා.එහෙනම් කතාව ගැන බලන්න කලින් කියන්න දේවල් ටිකක් තියෙනවා.:-) කට්ටිය දන්නවා ඇතිනේ ...

Read More »

Bates Motel [S05 : E06] with Sinhala Subtitles | මැරියන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 06 වෙනි එපියත් අරගෙන ආවා.. පොඩ්ඩක් පරක්කු උන එක ගැන නම් සමා වෙන්න ඕනේ.. කලින් කොටසේදී අපි දැක්කා මැරියන් එයාට බැංකුවට දාන්න දුන්න සල්ලි අරගෙන පැනලා යනවා.. මේ සල්ලිත් අරගෙන එයා එන්නේ නොර්මන්ගේ බේස්ට් තානායමට.. සෑම්ව මුණගැහෙන බලාපොරොත්තුවෙන්.. මෙතන ඉඳලා වෙන සිදුවීම් පෙළ තමයි කතාවේ දිගහැරෙන්නේ.. ඒ වගේම ...

Read More »

Bates Motel [S05 : E05] with Sinhala Subtitles | කරාබුව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 05 වන කතාංගයත් අරගෙන ආවා.. සෑහෙන්න පරක්කු උන නිසා සමාව ඉල්ලන්න ඕන.. අනික සුපුරුදු පරිදි මේ කතා මාලාවේ උපසිරැසිය දෙන රවිඳු රුක්ශාන් සහෝ මේ දවස් ටිකේ කාර්‍යබහුල වීම නිසා සති දෙකක වගේ උපසිරැසිය දෙන එක මම බාර ගත්තා.. කලින්ම කියන්න ඕන මම මේ කතා මාලාව නරඹලා නම් නැහැ.. ඒක ...

Read More »

Supernatural [S12 : E16] with Sinhala Subtitles | මිනිස් වෘකයා.. [සිංහල උපසිරැසි සමඟ]

​සති ගානක නිවාඩුවකට පස්සේ ඔන්න එහෙනම් ආයේ සුපර්නැචුරල් පටාන් ගත්තා. නමුත් මං ඇරෙන්න CW නාලිකාවේ වෙනත් කතාමාලා කරන සහෝදරයින්ට නම් මේ සතියේ තමයි ඒ නිවාඩුව ලැබුනේ. සුපර්නැචුරල් වගේම ඔරිජිනල්ස් කරන මට කිසිම නිවාඩුවක් නෑ. මොකද මේ සීරිස් දෙකම අප්‍රේල් මුල් සති කිහිපයේ විකාශය වෙනවා. ඔක්කොමත් හරි සුපර්නැචුරල්වල අවසන් කොටස් දෙක ...

Read More »

Legion [S01 : E08] with Sinhala Subtitles | අවසානය.. [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ මතක ඇතිනේ මනෝ ලෝකෙක හිර වෙලා වෙච්ච හරියක්. මතකනේ ඒකෙන් ගොඩඑන්න මොන තරම් දේවල් වුණාද කියලා. අමුතුවෙන් විස්තර කරලා දෙන්න දෙයක් නැහැ. ඩේවිඩ්ව අර පරපෝෂිතයා යටපත් කරලා තියෙද්දී ලැබෙන කාලයෙන් එයා පැහැදිලි කරගන්නවා එයාට මේ පරපෝෂිතයා ආවේශයක් වුණේ එහෙමත් නැත්තම් ඒ පරපෝෂිතයා කොහොමද ඩේවිඩ්ව ධාරකයෙක් කරගත්තේ කියලා. ඒකෙදී ...

Read More »

The Walking Dead [S07 : E15] with Sinhala Subtitles | ඕනකරන දෙයක්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පහලොස්වෙනි එපිය. නැතහොත් අවසාන එපියට කලින් එක. ඔන්න ලබන සතියේ අවසන් කොටසින් සීසන් හතත් අවසන් වෙනවා. ගියවර කොටසේ සිදුවුන දේවල් මතක ඇති කියලා හිතනවා. සාෂායි රොසීටයි යනවනේ නීගන් කාරයට ගේම දෙන්න. හැබැයි හිතුව නැති විදියට සාෂා වැඩේ තනියම කරන්න බාරගන්නවා. ඉතින් එතනින් එහාට සාෂාට මොනාද වුනේ කියලා මේ ...

Read More »

Laid in America (2016) with Sinhala Subtitles | අරමුණ ඉටුවෙනකල් උත්සහය අත්හරින්න එපා. [සිංහල උපසිරසි සමඟ] (18+)

හරි ඔන්න ඉක්මනටම තවත් චිත්‍රපටියක් උස්සන් ආවා. ඇත්තම කිව්වොක් මේක බාර ඇගෙන දැන් මාස ගානක් වෙනවා. The Secret Circle  එක නිසා තමයි පරක්කු වුනේ. ඉතින් මේක ගැන කියනවනම් මේක 2016 ආපු සුපිරිම ගනයේ කොමඩියක්. අනේ මන්දා ඉසුරැට කොහොම මේක මිස් වුනාද කියලා.කොහොම හරි වැඩි පුරාජේරැ ඔනි නැහැ කතාව ගැන ටිකක් ...

Read More »

The Secret Circle [S01 : E22] with Sinhala Subtitles | නික්මයෑමට අවසරයි [සිංහල උපසිරසි සමඟ]

දිල්ෂාන් සචින්තගේ ලිපිය ඔන්න ඉතින් The Secret Circle කතාමාලාවේ 22වෙනි  කොටස එහෙමත් නැත්තම් කතාමාලවේ අවසාන කොටස තමයි අද මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම කතාව ගැන කියන්න කලින් පොඩි දේවල් ටිකක් තියනවා මතක් කරන්න. ඇත්තටම කිව්වොත් මේ කතාමාලාව මම උපසිරසි ගන්වන්න කියලා පහුගිය අවුරැදු දෙක තිස්සෙම හිතාගෙන හිටියා ඒත් වැඩේ වුනේ ...

Read More »

The Secret Circle [S01 : E21] with Sinhala Subtitles | අවසන් පළිගුවේ හෙළිදරව්ව [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 21 වෙනි කොටස තමයි මේ අරගෙන ආවේ හරියටම කියනවනම් තව එක කොටසකින් හැම දෙයක්ම අවසන් වෙනවා. කලින් කොටසේ වුන දේවල් මතක ඇතිනේ. කලින් කොටසෙදි එබන් මායා බලයන් පාවිච්චි කරන නිසා කට්ටිය දැනගන්නවනේ එබන්ට කවුරැහරි ද්‍රෝහි මායාකාරයෙක් මයා බලයන් දීලා කියලා. ඒ වගේම එබන් ...

Read More »