Breaking News
Home / All / The Adventures of Sherlock Holmes S06 Special Episode with Sinhala Subtitles |සුනඛ ශාපය [සිංහල උපසිරැසි සමඟ]

The Adventures of Sherlock Holmes S06 Special Episode with Sinhala Subtitles |සුනඛ ශාපය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0. From 2 votes.
Please wait...

 

The Adventures of Sherlock Holmes

ඔන්න එහෙනම් හුඟ කාලෙකට පස්සේ මම ආවා ෂර්ලොක් හෝම්ස් කතාවේ තවත් උපසිරැසියක් අරගෙන. මම සමාව ඉල්ලනවා හුඟ කාලෙකට මේකෙ උපසිරැසිය දෙන්න බැරිවීම ගැන. මේ උපසිරැසිය කරන්න හරියට වෙලාවක් ලැබුණේ නැති එක තමයි ඒකට හේතුව. කොහොමහරි මාස කීපයකට පස්සේ වුණත් මම අරගෙන ආවා ෂර්ලොක් හෝම්ස් කතාවල තියෙන දීර්ඝ කතාවලින් එකක් වන “සුනඛ ශාපය“.

ෂර්ලොක් හෝම්ස් කතාමාලාවේ මේ කතාංගය තියෙන්නේ විශේෂ කතාවක් හැටියට. මම 4 වෙනි කතා මාලාවේ අන්තිම කොටස දුන්නට පස්සේ මට මේක කරන්න කියලා ගොඩක් අය කරපු ඉල්ලීම් නිසා තමයි මම පස්වෙනි කතා මාලාව නොකර මේක කරන්න තීරණය කළේ. මේ කතාව නම් නොදන්න කෙනෙක් නැතුව ඇති. කෝකටත් කියලා කතාව කියන්නම්කෝ. මේකෙදි හෝම්ස්ට ලැබෙන්නේ බැස්කවිල් කියලා ධනවත් පවුලකට හොල්මන් කරන බලු අවතාරයක් සම්බන්ධ ගැටළුවක්. ගමේ අය විශ්වාස කරන විදියට ඒ රුදුරු බල්ලා බැස්කවිල් පවුලේ අයව ගොදුරු කරගන්නවා. ඒ නිසා ඒක බැස්කවිල් ශාපය කියලා හැඳින්වුණා. කොහොම වුණත් මේ ශාපය නිසා මුලින්ම මැරෙන්නේ සර් චාල්ස් කියන බැස්කවිල්.ඊට පස්සේ බැස්කවිල් පරම්පරාවේ අන්තිමයා එනවා බැස්කවිල් මැදුරේ ජීවත් වෙන්න. හෝම්ස්ගේ කාර්යය තමයි මේ අන්තිම බැස්කවිල්, හෙන්රිව ශාපයෙන් ආරක්ෂා කරන එක. හෝම්ස් ඒකට හෙන්රි එක්ක යවන්නේ වොට්ස්නව. ඉතින් ඊළඟට මොනවා වෙයිද කියලා ඔයාලම බලාගෙන්න.

මේ කතාවත් චන්දන මෙන්ඩිස් මහත්මයාගේ පොතේ කතාවත් අතර ලොකු පරස්පර-විරෝධී බවක් තිබුණා. මේකෙ තිබුණ සමහර කොටස් ඒකෙ නැහැ, ඒකෙ තිබුණ සමහර කොටස් මේකෙ නැහැ. ඒකෙ මුලින් තිබුණු සමහර කොටස් මේකෙ තියෙන්නේ අන්තිමට. මේ වගේ දේවල් ගොඩක් තිබුණා. උදාහරණයක් විදියට පොතේ හැටියට මේකට අන්තිමේදි ලෙස්ට්‍රේඩ් සම්බන්ධයි. ඒත් මේ කතාවේ එහෙම එකක් නැහැ. කතාවත් දිග හින්දද කොහෙද ලිපියත් දිග වුණා. ඊළඟට 5වෙනි කතාමාලාවේ පළවෙනි කතාංගයේ උපසිරැසියත් අරගෙන ඉක්මනටම එන්නම්.

ජය!

The Hound of the Baskervilles (1988) on IMDb

 

 

 

The Adventures of Sherlock Holmes Jeremy Brett Season 6-BOZX

මේ ලබාදී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                         All Episodes                           Next Season >>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

29 comments

  1. කෝ බන් මේකේ ඉතුරු ඒවා ..?

  2. අම්මපා.අපි කන්නාඩි දාන්ද මේකේ ඉතුරු කොටස් බලන්න ඕනි

  3. rattaran male ethuru tikath sub deepanko wasthu…… adarei bn….. be kiyannanam epa koma hari try ekak deepan hode… ubala okkotama godak pin….

  4. Thamara mallo..uba koheda bn giye.. meka parana unata apitanam supiri series ekak bn..Apahu try karahanko ithuru tikatath sub tika denna..plz bn..

  5. චින්තක

    තාමර මල්ලියේ මේකේ ඉතුරු ටිකටත් සුබ දුන්නනම් උබ නිවන් දකිනවා බන්. බලන් ඉදලම දැන් නම් එපාවෙලා ඉන්නේ. උබට වෙලාවක් හොයා ගන්න බැරිනම් වෙන කෙනෙකුට බර දියන්කෝ. හැබැයි උබ තමා සුපිරි. please බන්

  6. wadak nh ithuru ewa danne nane

  7. epa epa sub dennama epa

  8. චමොද්‍ය

    ඉතුරු ටිකටත් sub දෙන්නකෝ මචං…!!!

  9. Dunna subs okkotama thnx malli…Ithuru subs tikath puluwantharam ikmanin denna try karahan machn..
    Sehena kalayak balagena innaw sub enkan..

  10. Ithuru sub tikat ikmanata dennako…..Godak kal idan balagena inne…

  11. මල්ලියෝ, චිත්‍රපට එපා. මේ කතා මාලාවේ ඉතිරි සබ් ටික දෙන්නකෝ….

  12. Dear Bro,
    I am recovering from an accident, I saw the TV Series with your sub, Please do the rest of soon.
    Thanks.

  13. තාමර දෙනුවන්

    මේ දවස් ටිකේ වැඩ වැඩියි සහෝ…චිත්‍රපටියකට උපසිරැසි දෙන්නත් තියෙනවා. පුළුවන් තරම් ඉක්මනට දෙන්නම්

  14. Mchn ithuru sub denwda.. balan innwa denkn mchn maasa dekk tisse idan.. pluwnnm loku deyak

  15. ithuru tikakatath sub denna bohoma sthuthi

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  17. Dilanka Madushan

    bohoma isthuthi malli…. balan htya denkn.. digatama wade krgena ynna.. thanks…..

  18. niayamai…thanks THAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  20. godak kalayak balan hitiyaa bro….tnx ssn 5 ekath meke ithuru tikak dennaa….tnx

  21. Amila Jayasena

    Thanks bro…

  22. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  23. Ela broooooooooo thanx sahenna kalayak balan hitiya sub nathuwa, godak sthuthiiiiiiiii

  24. පහත ටොරන්ට් ලින්ක් එකෙහි ඇති “Sherlock Holmes – SP01 – The Hound Of The Baskervilles” නැමති 650mb කතාංගය ටොරන්ට් ගොනුවෙන් තෝරාගෙන එය බාගත කරගන්න. ලබාදී ඇති උපසිරස එම කොපියට ගැලපේ.

    https://kat.cr/the-adventures-of-sherlock-holmes-jeremy-brett-season-6-bozx-t4115781.html

    Torrent hash: eda728191fda2bc0873058de0f651577b13485a0

    • මේකේ ඉතිරි සබ් ටිකත් දෙන්න පුළුවන් කෙනෙකුට බාර දෙන්න. අන්තිමට දීපු Episode එකත් බලලා මාස 05ක් විතර වෙලා.