Breaking News
Home / All / The Tiger: An Old Hunter’s Tale (2015) with Sinhala Subtitles | කොටි දඩයම. [සිංහල උපසිරැසි සමඟ]

The Tiger: An Old Hunter’s Tale (2015) with Sinhala Subtitles | කොටි දඩයම. [සිංහල උපසිරැසි සමඟ]

The Tiger-An Old Hunter's Tale (2015)ආයුබෝවන්!

”the long way home” කතාවට හැමෝම කැමති වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අද අරන් ආවෙත් 2015 දෙසැම්බර් 17 තිරගත වුණ drama/thriller ගණයට අයත් වෙන imdb 7.3 ක අගයක් ගත්තු සුපිරිම කොරියානුචිත්‍රපටියක්. පැය දෙකයි විනාඩි 19 ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය පවුලෙ හැමෝටම බලන්න පුළුවන්. චිත්‍රපටියෙනම දැක්කම චිත්‍රපටිය කා ගැනද තියෙන්නෙ කියල තේරෙණවනෙ නේද? ඒ නිසා වැඩි දෙයක් නැතුව කතාවකියන්නම් ටිකක්.

1925 කොරියාවෙ ජපන් පාලන සමයේ. ජිරිසන් කියන කන්ද ලඟ මඩුවක චුන් මන්-දුක්(Choi Min‑sik) කියනදක්ෂ දඩයක්කාරයෙක් එයාගෙ වයස 16ක තරුණ පුතත් එක්ක ජීවත් වෙනවා. ඒත් මේ දඩයක්කාරයා එයාගෙ බිරිඳ මැරුණට පස්සේ තුවක්කුවට විශ්‍රාම දීලයි තියෙන්නෙ. ඒ කියන්නෙ තවත් දඩයම් කරන්නෙ නෑ. (බිරිඳ මැරෙන්නෙත්විශේෂ විදියකට). දඩයම් නොකරන මෙයා කරන්නෙ කන්දෙන් බෙහෙත් පැළ හොයලා විකුණන එක.

මේ පළාත පාලනය කරන ජපන් ආණ්ඩුකාරයගෙ විනෝදාංශෙ තමයි කොටි හම් එකතු කරන එක.ඒ වගේම තමයි කොරියාවෙ ඉන්න කොටි සේරම මැරුවත් මේ ජිරි කන්දෙ ඉන්න තනි ඇහැක් තියෙන විශාල කොටියව මරන්නවිදියක් නෑ. මේ කොටිය තමයි කොරියාවෙ ඉතුරු වෙලා ඉන්න අන්තිම කොටියා. මේ කොටියව මරන්න උත්සහකරපු දඩයක්කාරයො සේරම මැරුම් කාල තමයි නැවතිලා තියෙන්නෙ. මිනිස්සු මේ කොටියට කියන්නෙ කන්දෙ අධිපති කියලා. මූව මැරුවොත් වෘකයොයි වළස්සුයි එයි කියල බයේ තමයි මිනිස්සු ඉන්නෙ.

ගු-ක්යුන්ග්(Jung Man‑sik) කියන්නෙ දඩයම්කරුවන් කණ්ඩායමක නිර්භීත නමුත් අනුකම්පාවක් නැති දඩයක්කාරනායකයෙක්. මෙයා උත්සහ කරල කරලා කන්දෙ අධිපතිගෙ ඒ කියන්නෙ මහ කොටියගෙ සහාකාරියි පැටව්දෙන්නවයි මරණවා. ඒ කරලා පැට්ව්න්ව ඇමට දාලා මහ කොටියව අල්ලන්න තමයි හදන්නෙ. ඒ වගේම තමයි මේ ගූ-ක්යුන්ග් සහ කන්දෙ අධිපතියි එක්කත් අතීත සිදුවීමක් තියෙනවා. දඩයමේ යද්දි මෙයාගෙ සහෝදරයව මරලතියෙන්නෙ මේ කොටියා. පැටව්න්ව ඇමට දැම්මත් මේ කොටියා උගුල් වලටවත් අහු වෙන්නෙ නැති තරමටදක්ෂයි. කොටියව අල්ලන්න බැරිම තැන මෙයාලා ගිහින් මන්-දුක්ගෙන් අහනවා දඩයමට එකතු වෙන්න කියලා. ඒත්මෙයා හැමදාම වගේ ඒක ප්‍රතික්ෂේප කරනවා.

එතකොට මන්-දුක්ගෙ පුතා ”සොක්”  නගරෙ ඉන්න ගෑණු ළමයෙක්ට කැමැත්තෙන් ඉන්නෙ. ඒත් කෙල්ලගෙ අම්මලා කෙල්ලව වෙන කෙනෙක්ට බන්දලා දෙන්නයි යන්නෙ. ඒ නිසා ඊට කලින් සල්ලි හොයාගෙන නගරෙන් ගෙයක්ගන්න හිතාගෙන මේ කොල්ලා තාත්තත් එක්ක තරහින් ගිහින් දඩයක්කාරයින් එක්ක එකතු වෙනවා. ඒත් කොහොමහරි මේ දඩයම අතරතුරදී සොක්ට කොටියගෙන් පාර වැදිලා හොඳටම තුවාල වෙනවා. ඒ වගේම තමයි කොටියත්තුවාල වෙනවා. ඒත් මේ කොටියා ලේසියෙන් මැරෙන්නෙ නම් නෑ. බැරිම තැන දඩයක්කාරයෝ ජපන් හමුදාවත් එක්කරගෙන කැලෑවට යනවා කොටි දඩයමේ. කොටියා මේ සේරම මරණවා. ඒත් කල් යද්දී උටත් හොඳටම අමාරු වෙනවා.

මං වැඩි දෙයක් නොකියා ඉන්නම් කතාවෙ අගේ නැති වෙන නිසා. අන්තිමේට මේ දඩයක්කාරයින්ට කොටියව අල්ලගන්න පුළුවන් වෙයිද කියලා බලන්න. චිත්‍රපටිය නම් හොඳටම හොඳයි ඒ ගැන කියන්න දෙයක් නෑ. අදට ගිහින්එන්නම්. හැමදෙනාගෙම ප්‍රතිචාර වලට ස්තූතියි. මම චාමල් කැලුම් අතපත්තු.

බුදු සරණයි!

Nameless Gangster: The Tiger: An Old Hunter's Tale (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Tiger.An.Old.Hunters.Tale.2015.BluRay.720p.950MB.Ganool.cc.mkv

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

25 comments

  1. චින්තක

    නියමයි බ්‍රෝ පට්ට ෆිල්ම් එකක් වගේ , පුළුවන් නම් මට මේකේ ටොරේන්ට් ලින්ක් එක දෙනවදෝ ….

  2. ayyaaa godaaaaaaaaaaaaaaaaaak tnqqqqqqqqqq hodeeee….. 🙂

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. දිලාන්

    ගොඩාක් ගොඩාක් ස්තුතියි යාළුවා.

  5. මචන් උම්බට පිං අයිතිවෙන්න සුපිරි ෆිල්ම් ටිකක් බැලුව කොරියානු කියන්න වචන නෑ සයිඩ් එකෙ කොරියානු චිත්‍රපට උපසිරැසි ගන්වන්න ඔයා වගෙ උපසිරැසි කරුවෙක් ඉන්න එක ගැන ගොඩක් සතුටුයි මෙ වැඩේ නම් නවත්වන්න එපා සහෝ මිට කලි දුන්න ෆිල්ම් එකත් සුපිරි එකෙ හොදම කොලිටින් එකක් අයෙ බෑව තියාගන්න කියල මෙකත් සුපිරි කතාව ගගොඩක් ස්තුතියි සහෝ ඔයාට ,,, සිංහල සබ් නම් සුපිරිම විදියට ඔයා දානව දැනෙන්නම එක හැමොටම කියල නෑ සහෝ දිගටම හොදම එව දෙමු ආපූ ශෙනික සුපිරි කොරියානු එව.. ඔබට ජය..

    • මිට කලින් මෙ ෆිල්ම් එක හම්බවුණා ,මොකක් හරි මිස් එකකින් මගඇරුන ඔයා නිස අයේ බැලුව ෆට්ට මෙක නම්

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි…….!

  7. වැඩි දෙයක් නොකිව්වට සෑහෙන්න ටිකක් කියලා තියනවා. ස්තුතියි උපසිරැසියට.

  8. Thx bro. Jaya wawa!!

  9. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  10. niayamai…patta filumak neee…bamak thama.thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. අප්පට
    පට්ට කතාවක්හො වගේ හොදේ
    තෑන්ක්ස් සහෝ

  12. මාත් හිතුවෙ නෑ මේක මෙච්චර ඉක්මනට පල වෙයි කියලා.. ඔයාල බලන්න එහෙනම්..

  13. සමන් කුමාර

    පව් කොටියා

  14. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  15. Sameera Lakshan

    niyamai mcn ..thanks…

  16. Cannibal Holocaust 1980 මූවි එකට සබ් එක දෙන්නකෝ..

  17. woow..express denavane.supiri mr.korean

  18. ඉෂාන් මදුෂ

    නියමයි.බොහෝම ස්තුතියි සහෝ
    ජය වේවා!