Breaking News
Home / All / Vedalam (2015) with Sinhala Subtitles | සෙනෙහසට වහ වැටී වෙනස් වුන මැරයා. [සිංහල උපසිරසි සමඟ]

Vedalam (2015) with Sinhala Subtitles | සෙනෙහසට වහ වැටී වෙනස් වුන මැරයා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2. From 5 votes.
Please wait...

Vedalam-(2015)

සඳුන් ධනුෂ්ක සොයුරාගේ ලිපිය

හැමෝටම ආයුබෝවන්…..! ඉතින් උපසිරැසිය කරල ඉවර වුනහම තමයි දැක්කේ අරුම පුදුම සිදුවීමක්. මෙන්න බයිස්කෝප් එකේ ෆිල්ම් එක දීලා. ඉතින් හොයාගෙන යද්දි තමයි වැඩේ තේරුනේ Vedhalam 2015 කියන නමින් තමයි මම සලරුව භාරගනිද්දි විකිපීඩියා එකේ තිබුනේ ඉතින් මම ඒ නමින් භාර ගත්තා. නමුත් වර්ථමානයේදී Vedalam 2015 කියන නමින් ෆිල්ම් එක තියෙන නිසා ඒක අපේ රවිදු සහෝට භාර දීලා තියෙනවා. මමත් සලරුව අසා ලිවීමක් තමයි කලේ ලයින් 2500 හදාගෙන අසා ලියනව කියන්නේ සෙල්ලම් දෙයක්ද ? මොනවා කරන්නද ඔන්න ඉතින් මගේ සබ් එකත් දැම්මා. සලරුව ගැන කියන්න ඕනේ නැහැ නේ රවිදු සහෝ කියල තියෙනවනේ. 

රවිඳු සංදීප සොයුරාගේ ලිපිය

අදත් මම මේඅවුරුද්දේ නිකුත් වුන සුපිරිම දමිල චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ, මෙහි ප්‍රධාන නළුවා වන්නේ අජිත් කුමාර්, දමිල චිත්‍රපට බලන අය නම් මේ නළුවාව නොදැන ඉන්න විදියක් නැහැ, මොකද මේ නළුවා මේ වෙනකන් චිත්‍රපට පනහකට වඩා රඟපාලා තියෙන නිසා, ඉතින් මං ගොඩ කාලෙක ඉඳල ආසාවෙන් හිටියේ මේ නළුවාගේ චිත්‍රපටයකට සබ් එකක් කරන්න, ඉතින් ඒක අද ඉෂ්ට වුනා, ඉතින් මෙම චිත්‍රපටයේ සබ් ෆයිල් එකක් මෙතෙක් කොහේවත් නොතිබුන නිසා, ලයින් ගහලා අසා ලිවීමක් තමයි කලේ, ඒකට මට දවස් දෙකක් විතර ගියා, සින්දු වලටත් ලයින් ගහලා සබ් එක කළා, නැත්නම් අපරාධයක්නේ.

ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සිවා විසිනි, මිට කලින් මෙම නළුවාගේම චිත්‍රපටයක් වන Veeram මොවී එකත් සිවා විසින් අධ්‍යක්ෂණය කරපු එකක් තමයි, ඉතින් ඔහුගේ එම චිත්‍රපටය ගොඩාක් හොඳට තිරගත වූ නිසා, මිට කලින් මොහු විසින් රඟපාපු චිත්‍රපට වලින් වැඩිම ආදායමක් හම්බ කරපු චිත්‍රපටය මෙය වෙනවා, ඒ නිසා ඔහුගේ ප්‍රේක්ෂකයන් මොහුගෙන් ඉල්ලීමක් කළා ආයෙත් එම අධ්‍යක්ෂක වරයා යටතේ චිත්‍රපටයක් කරන්න කියලා. ඉතින් ඔහුගේ නවතම චිත්‍රපටය Vedalam නමින් තිරගත වුනා, ඉතින් දැන් අර වාර්තාව අලුත් කරමින් සතියක් තුල කොටි සියයක ආදායමක් වාර්තා කරමින් දැනටත් ඉන්දියාවේ හොඳට තිරගත වෙනවා. මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ අපි කවුරුත් දන්නා අනිරුද් විසිනි, මෙහි තීම් මුසික් නියමෙට කරලා තියෙනවා, ඉතින් සින්දු ටිකත් නියමයි, අහන්න අහන්න ආසයි, මෙහි පසුතල සංගීතය හොඳට ගැලපෙන විදියට කරලා තියෙනවා කිව්වොත් නිවැරදියි, මේකේ Imdb Rating එක 6.8 ක් ලබාගෙන තියෙනවා.

මෙහි කතාව පැත්තට පොඩ්ඩක් යමුකෝ, ගනේෂ් (අජිත් කුමාර්) කියන්නේ ගොඩාක් අහිංසක පොරක්, ඉතින් ඔහුගේ නංගි තමිල් (ලක්ෂ්මි මෙනන්) කොලේජ් එකට ඇතුලත් කරන්න ඕනේ කියලා කොල්කටා නගරයට එනවා, මොහු ටැක්සි රියදුරෙක්, ඉතින් දවසක් පොලිසිය විසින් කොල්කටා නගරයේ ටැක්සි රියදුරන්ව සහ ත්‍රිවිල් පදින අයව ගෙන්නා ගන්නවා, රාහුල් (රාහුල් දෙව්), අබිනෙයි (කබීර් දුහාන් සිංග්) සහ ඇනිකෙට් (අනිකෙට් චව්හාන්) මොහුන් හෝ මොහුන් යටතේ වැඩ කරන තිස් දෙනෙකුගේ පින්තුර ඇතුලත් නෝටිස් එකක් බෙදා දෙනවා මේ සේරටම, ඉතින් පස්සේ ගනේෂ් එහි පින්තුර ඇතුලත් කෙනෙක්ව දකිනවා, පස්සේ ගනේෂ් මොහුව පොලිසියට අල්ලලා දෙනවා (ලොකු හොරා එතනින් පැන ගන්නවා), මේක අහු කරලා දුන්න කෙනාව කොහොම හරි හොයා ගන්නවා, පස්සේ මෙයාට හොඳටම ගහලා ඇදගෙන යනවා ඌන් ඉන්න තැනට, මෙතනින් තමයි කතාව කණ පිට හැරවෙන්නේ, ඇත්තටම ගනේෂ්ද ඒ අයට අහු වුනේ නැත්නම්, ඒ අයද ගනේෂ්ට අහු වුනේ කියලා චිත්‍රපටය නරඹා දැන ගන්න.

එහෙනම් මම ගියා, ඔබට ජය…!!!

Vedalam (2015) on IMDb

 

 

  700 MB (HDRip.x264) කොපිය මෙතනින් බාගන්න

B0F23058B93336B9BBEEAD8BF6DAA7D36F80F55A

  1.47 GB (HDRip.x264) කොපිය මෙතනින් බාගන්න

1F906FB000AC43777B408E9B498877FC96E578C1

  1.64 GB (HDRip.1080P.x265) කොපිය මෙතනින් බාගන්න

9EF84828BFB0869DA5FC3DAFE8D52BA33A00EAD6
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සහ “සදුන් ධනුෂ්ක” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

53 comments

  1. Good job bro, keep it up…

  2. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට බ්‍රෝ.. එ වගෙම ඉල්ලිමක් කරනව අජිත් කුමාර්ගෙ (Mankatha) මුවි එකට උපසිරැසි දෙන්න පුලුවන්ද කටහරි .. බයිස්කෝප් ටිම් එකෙන් මෙ උදව්ව ඉල්ලනව .
    මෙ කරන සෙවෙට තුති

  3. ඇත්තටම බයිස්කෝප් සයිඩ් එක ගැන ලොකු කරුත්වයක් ඇති වෙනව. මම ගොඩක් කල් ඉදන් මෙ දියෙ බලන් උන්න , ඔයාලට ස්තුතියි මෙ කරන සෙවෙට

  4. කාලයකින් බලපු එලම ෆිල්ම් ඒක [email protected]@@@@@@

  5. saho 2nnteme godak isthuthi 😀

  6. නියමයි අයියේ
    සුපිරි වැඩක්.උපසිරසියට බොහොම ස්තූතියි.

  7. ah.sub 1ta thanks.nice movie

  8. ස්තුතියි……

  9. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  10. බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. thx sahoo

  12. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  13. සදුන් & රවිදු සහෝ නියමයි….. ෆිලුම දෙපාරක් බැලුවා…. පහර…. දනූෂ්ගෙ එකත් එලටම දෙන්න……

  14. Rimesh Dilshan

    Thanx Saho Sub ekata……. Film eka Bagena hitiye Sub Danakam…….

  15. anuradha rathnasiri

    thanks for subtitles… hd rip eka hoda ekakda bro?

  16. මේ චිත්‍රපටිය නොමිලේ ටොරන්ට් නැතුව ඩිරෙක්ට් බා ගන්න එන්න මගේ twitter පිටුවට

  17. thanks bro

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. thanks machan mama hoyagena hitap film ekak

  20. niyami sahoo niyamai

  21. Thanx bro !!!!!!

  22. enakal balan hitapu ekak thanks

  23. කසුන් ගයන්ත

    හම්මේ සබ දෙනකන් සිහියක් නැතුව ඉදියේ,බොහොම ස්තුතී සබට.keep it up guys (y)

  24. patta saho…. bohoma pin….

  25. thank u sub 1kta

  26. නියමයි රවිඳු අයියේ
    ඕක ලස්සන කතාවක්
    සබ් එක දුන්නට ගොඩක්
    ස්තුතියි …
    දිගටම මේ වගේ කතාවල
    සබ් දෙන්න ….
    ජය වේවා …………..

  27. සබට තුති දෙනකම් උන්නෙ 720p කොපියෙ සවුන්ඩ් අවුල් නෙද?

  28. supiriy yaluwa…gindara film ekak wage..ajith ge aluth film ekak kalekin..nobaa kohomada…sub ekata thanks ban…

  29. thanx saho sub ekata………hmmm me film eka enakam hitiye…..hmm puluwannam telugu film tikakatk sub dennako…godak telugu film wala hoda copy awa….

  30. බොහොම තුති සහෝ සබ් එකට.පට්ට ෆිලුමක් නේ ගෙනැත් තියෙන්නේ.
    මරු මරු ජයවේවා!!!

  31. නියමයි බොස්…
    ස්තුතියි..සබ් එකට..
    දිගටම කරගෙන යමු..
    ජය වේවා…..!!

  32. Thanks 4 the sub…

  33. නියමයි නියමයි අයියේ
    සුපිරි වැඩක්
    “තල” ගේ ෆිලුමක් කියන්නේ නිකන්ද?
    මාත් “තල රසිගන් ” කෙනෙක් තමා
    සුපිරි ෆිලුමක් , සුපිරි කතාවක්
    දීපවාලි එක “තල දීපවාලි ” උනු ෆිලුමක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

  34. 1080 ekama gatthaa… niyamaii sahoo… 😀

  35. kavindugayashan

    ane balanna filumak nathuwa hitiye metiyanne supirima film ekak

  36. THALA AJITH inne ithin sellam da kiyapanko

  37. ජයවේවා සහෝ කාලෙකින් පට්ට ෆිලුමක් ගෙනාවට කික්2 එකටත් පුලුවන්නම් සබක් දෙන්න

  38. aiya oyata pin,pissuwen wage hitiye filumak natiwa balanna.jaya wewa

  39. ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

  40. එනකන් බලාගෙන හිටපු එකක් තමයි මේක.
    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
    ජයවේවා…!

  41. Sub ekata tnx saho 🙂 🙂