Saturday , December 5 2020
Breaking News

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E15] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (සියළුම පුරාවෘතයන්ට පෙරවදන) [සිංහල උපසිරැසි සමග]

Rating: 9.8/10. From 5 votes.
Please wait...

ඒත් ආර්ත්දල් වලදී,
ශක්තිමත්ම කෙනා වෙන්න පුළුවන් වෙන්නේ,
බලය ඇති කෙනාගේ ‍පැත්තේ හිටගත්තොත් විතරයි.
එතකොට විතරයි හානි කරන්න බැරිවෙන්නේ.

ටාගොන් අරාමුන් හේසුල්ලා බව පැවසීමෙන් පසු ඔහුගේ බලය තීව්‍ර වුණා. මිහොල් පැමිණ ටාගොන් සමඟ හේ ගෝත්‍රය රැකගැනීමට ගනුදෙනුවක් යෝජනා කළා. සායා මහා දෙවොලේ පාලනය තමන් අතට රැගෙන ටාන්‍යා වෙනුවෙන් සියළු කටයුතු සිදු කරනවා. මේ අතරතුරදී ඉයුන්සම්ගේ මිතුරා ඉප්සෙන්ග් කිහිපවරක්ම ඉයුන්සම්ව අනතුරේ දමා පැනගියත් ඉයුන්සම් ඔහුව බේරාගන්න කටයුතු කරනවා. ඒ ඔහුටත් ටාන්‍යා බේරාගැනීම පිණිස බලය ලබා ගැනීමට අවශ්‍ය වී තිබෙන නිසාවෙනුයි. මේ අතර ටියාල්හා ටාගොන් සමඟ එක්වී මුළු ආර්ත් භූමියම ජයග්‍රහණය කිරීමට සිහින මවනවා. නමුත් ටාගොන්ට අවශ්‍ය රුධිරය වැගිරීමකින් තොරව විජයග්‍රහණය ලැබීමටයි. තමාට බලය ලැබීම පිළිබඳ කාරණය සැමරීම උදෙසා තම පියාගේ සොහොන වෙත යන ටාගොන්ට සතුටුදායක ලෙසින් ඒ ගමන අවසන් කරන්නට හැකි වන්නේ නැහැ. ටාගොන්, ටියාල්හා සහ ටාන්‍යා සමඟ කෝපයෙන් සිටිනා ආසා රොන් ධවල කූට කන්දේ රණශුරයන් හෙවත් ෂහාටිගේ දරුවන්‍ ගෙන්වා ටාගොන් හට පහර දීමට උත්සාහා කලත් ටාගොන් ඉගුටුවකු යන කාරණය නොදැන සිටි නිසා ඔවුන්ට එය පහසුවක් වන්නේ නැහැ.

තමන් ඉගුටුවෙකු බව හෙළිවීම නිසා ටාගොන් ඔවුන් සියල්ලන්වම මරා දැමීමට සමත් වේවිද? ටාගොන්ගේ රුධිරයෙන් ‍තොර විජයග්‍රහණයේ සිහිනය සිහිනයක්ම වේවිද? ඩේකන් හමුදාවට සිදුවන්නේ කුමක්ද? ටාන්‍යාට දිවි බේරාගන්නට හැකි වේවිද? මුන්ග්ටේට හමුවන ආසා රොන්ට මුන්ග්ටේ උදව් ලබා දේවිද? ටාගොන්ට ප්‍රතිකාර කරන්නට යන හාරිම් තම පවුල සමඟ කරන්නට සැරසෙන්නේ කුමක්ද? කලකට පෙර පැවසූ අනාවැකියක් මුග්වන්ග්ගේ ජීවිතයට බළපාවිද?

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Check Also

Minions Holiday Special (2020) & Once Upon a Snowman (2020) Sinhala Subtitles | මිනියන්ස් සහ ෆ්‍රෝසන් කෙටි චිත්‍රපට! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම, කුණාටු වැසි, සුළං අස්සේ ඔයාලට කෙටි චිත්‍රපට ද්විත්වයක් තිලිණ කරගෙන යන්නයි මං ආවේ. …

Leave a Reply to sachintha Cancel reply

Your email address will not be published.

13 comments

  1. Sub ekata thanx

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. බොහොම ස්තූතියි

  4. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  5. thankyou thankyou thankyou

  6. Vidanaarachchi

    Korean Drama download karanna puluwan site ekak danna knk innwada

  7. Me sub ekata thx
    Puluwan nam uncontrollably found drama ekatath sub denna

  8. thanks for sub

  9. සබ් එකට තෑන්ක්ස්
    පුළුවන්නම් Memorist ඩ්‍රාමා එකටත් සබ් දෙන්න……
    ජය වේවා…….

  10. සිංහල උපසිරැසියට ස්තූතියි

error: Alert: Content is protected !!