Saturday , March 25 2023

ක්‍රිමිනල් ජස්ටිස්: බිහයින්ඩ් ක්ලෝස්ඩ් ඩෝ(ර්)ස් (2020-) [S01 : E03] Sinhala Subtitles | සාධාරණ සැකයක්!! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 8 votes.
Please wait...

Disney HotStar වෙතින් එළිදක්වපු අලුත්ම හින්දි කතාමාලාව Criminal Justice : Behind Closed Doors, 2019දි විකාශය වුණු Criminal Justice කතාමාලාවෙම තවත් දිගුවක්. කතාව සිංහලෙන් රසවිඳින්න ඕන අය මේ වෙද්දීත් අපි එක්ක එකතු වෙලා තමයි ඉන්නේ. IMDb අගය 8ක් ලෙස සටහන් කරගෙන ඉන්න මේ කතාමාලාව රචනය කරලා තියෙන්නේ අපූර්වා අස්රානි විසින්. රංගනයෙන් දායක වෙන්නේ පංකජ් ත්‍රිපාටි, කීර්ති කුල්හාරි, අනුප්‍රියා ගොඑන්කා එක්ක ජීෂු සෙන්ගුප්තා. ඉතින් මේ අරන් එන්නේ තුන්වෙනි කොටස. කලින් කොටස මතක් කරගෙනම ඉම්මු.

මාධව් මිශ්‍රා මහත්තයා නඩුව බාරගන්න කියලා මුම්බායි ආවා. සේවාදායකයා ලොකු අත්තක් කියලා හිතාගෙන මනුස්සයා වැඩට බැස්සත් එතනත් පොඩි කොස්සක් පෙනුනා. අනිත් අතින් අනූගෙන් පවා මාධව්ට සහයක් හම්බවුණේ නැහැ. කිසිම ප්‍රශ්නයකට උත්තර දෙන්න කට ඇරියෙත් නෑ. කියපු එකම දේ තමන්ගේ දුවව බලන්න ඕන කියලා විතරයි. ඔය අස්සෙන් පොලිසියේ ප්‍රධාන් ජෝඩුව එයාගෙන් වැරැද්ද පිළිගන්න විදිහට කටඋත්තරයකුත් අරන් තිබ්බා. ඉතින් මාධව් හැදුවේ උසාවියේ අනූ ලව්වා ඒ කටඋත්තරේ ප්‍රතික්ෂේප කරගන්න. වෙච්ච දේ දැක්කනේ. ප්‍රධාන්කාරයා මේක ඇඟට අරගෙන වැඩිත් වගේ පේනවා. මොනා වුණත් රඝු සාලියන් වෙනදා වගේම විමසිලිමත් විදිහට වැඩ කරන එකත් සුබ ලකුණක්. ඔය අතරේ මාධව් ගිහින් අනූගේ මනෝ වෛද්‍යවරයා මොක්ෂ්වත් මුණගැහුනානේ. ඒ වගේම උසාවියෙදි එයාගේ පරණ හවුල්කාරයා නිඛත්වත් හම්බවුණා. දෙන්නා ආයේ එකතු වෙලා වැඩේ ගොඩ දායිද? නිඛත්ට නම් කිසිම අදහසක් නෑ එහෙම. මොකද මාධව් එක්ක එකතු වෙලා වැඩ කරපු නිසා එයා ඉන්නේ වැලේ වැල් නැතුවනේ.

අද කොටසත් එක්කත් එකතු වෙන්න එහෙනම්. සුපුරුදු විදිහට කුතුහලය පිරුණු රසවත් කොටසක්. නැවත හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Pathaan (2023) Sinhala Subtitles | ඔබෙන් සමුගනිමි! [සිංහල උපසිරැසි]

එකෝමත් එක කාලයක බොලිවුඩ් සිනමාවෙ බොහොම සුන්දර නළුවෙක් හිටියා. ඒ හාදයා රඟපාන හැම ෆිල්ම් එකක් …

Leave a Reply to Kps Cancel reply

Your email address will not be published.

10 comments

  1. thanks a lot sub ekata

  2. thanks …………………

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. Thanks !!!!!!

  5. Chandima Prasad

    Thanks Sub Ekata..

  6. සුභාෂිණි මල්ලව ආරච්චි

    උපසිරැසියට බොහොම ස්තූතියි මල්ලි.

  7. සිංහල උපසිරැසියට ස්තූතියි

  8. තෑන්ක්ස් සහෝ

  9. Sthuthi obata

  10. ස්තූතියි

error: Alert: Content is protected !!