Sunday , October 17 2021
Breaking News

කානෙක්කානේ (2021) Sinhala Subtitles | තාත්තාගේ ආදරේ [සිංහල උපසිරසි]

Rating: 9.0/10. From 11 votes.
Please wait...

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 සැප්තැම්බර් මාසේ 17 වෙනිදා නිකුත් වුණු Drama Thriller කාණ්ඩයේ සිනමා නිර්මාණයක් වන Kaanekkaane (2021) මලයාලම් චිත්‍රපටියට සිංහල උපසිරසි අරගෙනයි අද මං බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනේ.

මීට කලින් මං අරන් ආපු Home (2021) දිත් ‌කතා කරේ තාත්තා කෙනෙක්ගේ අසීමිත දරු සෙනෙහස. දරුවන් මොන විදියට සැලකුවත් වෙනස් වෙන්නේ නැති තාත්තාගේ සෙනෙහස ගැන. මං අදත් අරන් ආවේ තාත්තා කෙනෙක්ගේ නිමක් නැති ආදරේ පෙන්නුම් කරන සිනමා නිර්මාණයක්. අම්මා කෙනෙක් දස මසක් කුසේ තියාගෙන ජීවිත කාලයක් අපිව හිතේ දරාගෙන ජීවත් වෙනවා. ඒ හා සමානව අපිට නොපෙනුනනත් තාත්තා දරුවෙක් මව් කුසට ආපු දා ඉදන් ජීවිත කාලේ පුරාම දරුවන්ව හිතේ දරාගෙන ජීවත් වෙනවා. මේ විදියට අසීමිත වූ සෙනෙහසකින් තමන්ගේ දරුවන් වෙනුවෙන් කැප වෙන තාත්තලාගේ කතාවක් විදියට අද අරන් ආපු Kaanekkaane සිනමා නිර්මාණය හදුන්වන්න කැමතියි. මෙම සිනමා නිර්මාණය, තුරුණු වයසෙදිම මෙලොව හැර ගියපු දුවගේ මරණයට සාධාරණයක් හොයන තාත්තා කෙනෙක්, තමන්ගේ දුවගේ ජීවිතයේ සැනසීම ‌වෙනුවෙන් ඉල්ලීම් කරනා තාත්තෙක්, තමන්ගේ පුංචි පුතුගේ අනාගතේ වෙනුවෙන් ඕනේ කැපකිරීමක් කරන්න සූදානම් තාත්තා කෙනෙක් ආදී විදියට පියවරුන් තිදෙනෙක්ගේ නොනිමි සෙනෙහස වටා ‌නිර්මාණය වෙලා තියෙනවා.

Uyare අධ්‍යක්ෂණය කළ Manu Ashokan ගේ අධ්‍යක්ෂණයක් වන Kaanekkaane තිර රචනය කරන ලද්දේ Bobby and Sanjay දෙපළයි.

කතාව ගැන කිව්වොත්, පෝල්ගේ (Suraj Venjaramoodu) දුව ෂෙරින් (Shruti Ramachandran) විවාහ වෙලා ඉන්නේ ඇලන් (Tovino Thomas) එක්ක. පුංචි පුතෙක්ගේ දෙමව්පියො වුණ ෂෙරිනුයි ඇලනුයි බොහොම සතුටින් සමාදානෙන් ඉන්න අතරෙදි හදිස්සි අනතුරකින් ෂෙරින් මිය යනවා. මහ රෑක ෂෙරින්ව අනතුරකට ලක් කරන වාහනේ රියදුරා ෂෙරින්ව පාරේ අත ඇරලා දාල ගියපු හින්දා ෂෙරින්ට අවාසනාවන්ත විදියට මිය යන්න සිද්ධ වෙනවා. මේ අවාසනාවන්ත සිද්ධියෙන් පස්සේ ඇලන් ආයෙමත් ‌ස්නේහා (Aishwarya Lekshmi) එක්ක විවාහ වෙනවා. මේ අතරෙදි පෝල්ට තමන්ගේ දුව ෂෙරින්ගේ මරණය ගැන සැකයක් මතුවෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ?

තවත් සිංහල උපසිරසියකින් මුණ ගැහෙමු. සුබ දවසක් වේවා.!

 

 

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි True WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

See (2019-) [S02 : E08] Sinhala Subtitles | අවසන් මහා සටන… [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ රැගෙන එන්නෙ “See” දෙවැනි කතා සමයෙ අවසාන කොටසයි. ඒවගේම කියන්න ඕන තෙවැනි …

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. ටොවිනෝ, අයිශ්, සුරජ්…..කොහොම මඟහරින්නද….බොහොම ස්තූතියි අක්කේ…….

  2. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  3. සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

  4. සිංහල උපසිරසියට ස්තුතියි අක්කේ
    Jayasurya ගේ අලුත් එකත් දෙමු

  5. තැන්කු තැන්කු

  6. Thanks sister..keep going..

  7. සිංහල උපසිරසියට ස්තුතියි ..ජයෙන් ජයම වේවා .!!

  8. Deegayu Abeysekera

    thanks sister

    digatama sub denna wish karanawa!!!!!!!!!!!!!!!!!!!!

  9. thanks sis
    alice in panchalinadu sub dennko

  10. සිංහල උපසිරසියට ස්තුතියි අක්කේ

  11. සබ් එකට බොහොම ස්තූතියි….!

  12. Idunil Weerasinghe

    Thanks sister

  13. කාන්තා පාර්ශවය සබ් දෙනකොට අලංකාර හරවත් සභ්‍යත්වය දනවන උපසිරස යොදනවා පිරිමි පාර්ශවයට වඩා..උසස්පෙළට කලා විෂය කරපු අයට නම් සිංහල ගැන කියන්න ඕනෙ නැහැනෙ.. බොහොම ස්තූතියි සුභා සොයුරිය ඔබට විශේෂයෙන් මලයාලම් වලට සබ් ලබාදීම වෙනුවෙන්

  14. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  15. Sub ekata thanx

  16. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  17. Niyamai sis

  18. උපසිරසියට ස්තුතියි

  19. Sub akta thanks

  20. Home eka nm supirima filuma akke mekath e wagema athi
    bohoma sthuthiyi me karana sewayata

  21. සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
    ජය වේවා!!!

  22. තෑම්ක්ස්

  23. Thanks sister
    Keep it up

  24. Thanks sister

  25. උපසිරසියට තුති

  26. සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  27. සිංහල උපසිරසියට ස්තුතිය

  28. Sub ekata thanks!

error: Alert: Content is protected !!