Wednesday , February 1 2023

ජය ජය ජය ජය හේයි (2022) Sinhala Subtitles | ජයාභාරතීට ජය ‍ වේවා..! [සිංහල උපසිරසි]

Rating: 7.9/10. From 19 votes.
Please wait...

2022 වසරේ ඔක්තොම්බර් 28 වෙනි දින නිකුත් වුණ Jaya Jaya Jaya Jaya Hey සිනමා නිර්මාණයට උපසිරැසි අරගෙනයි අද මම බයිස්කෝප් සිංහලෙන් ‍ වෙබ් අඩවියට ගොඩ වැදුනේ.  Vipin Das, Nashid Mohamed Famy  එක්ව තිර රචනා කර අධ්‍යක්ෂණය කරන ලද ‍ ‍මෙම සිනමා නිර්මාණය කාන්තා කේන්ද්‍රීය සිනමා නිර්මාණයක්. මෙම නිර්මාණයට Darshana Rajendran,  Basil Joseph ඇතුළුව අති දක්ෂ නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා. උපසිරසිය අරන් එන්නත් සති කීපයක් ගතවුණ හින්දා අපි වැඩි විස්තර නැතිවම කතාව ගැන පොඩ්ඩක් බලමු නේද?

අද කථාවේ කථා නායිකාව ජයාභාරතී. ඔයාලා අතරින් කී දෙනෙකුට තමන්ගේ ‍සහෝදරයගේ නමට ගැළපෙන්න නම් දාලා තියෙනවද? අපේ ජයාටත් ඒ නම උරුම වුණේ තමන්ගේ එකම අයියා ජයන් හින්දා. නම විතරක් නම් බැරියැ

ගෙදර වියදම් අඩු කර ගන්න පුංචිම කාලේ ඉඳන් අයියා පාවිච්චි කරපු සෙල්ලම් කාර්, අයියගේ ඇඳුම් පැළදුම්, පාවිච්චි කරපු පොත් පත් මේ හැමදේකම පසු උරුමක්කාරයා වෙන්න ජයාට සිද්ධ වුණා. හැබැයි උස් මහත් වෙද්දි මේ දේවල් වල වෙනස ජයාට තේරුණත්  ඒවට කට අරින්‍න හැකියාවක් ජයාට තිබුණේ නෑ. මොකද ගෙදර තීරණ ගන්නේ වැඩිහිටියො හින්දා ජයා ඒ හැමදේටම ඉවසන් හිටියා. ජයාගේ ජීවිතේ පාලනය කරේ ගෙදර අම්මා, තාත්තා විතරක් නෙමේ ජයාට අපූරු මාමා කෙනෙක් හිටියා. අපරාදේ කියන්න බෑ ජයාගේ මාමා කියන්නේ මනුස්සයෙක්ව කකුලෙන් ඇදලා වළකට දාලා, වළ පස් වලිනුත් වහලා, ඒ වළ උඩින් මල් හිටවන ජාතියේ රත්තරන් මනුස්සයෙක්. ජයා‍ගේ ජීවිතේ හැම වැදගත් තීරණයකටම උදැල්ල දාන්න මේ මාමා සැදී පැහැදී හිටියා.  ඉගෙන ගෙන තමන්ගේ ජීවිතේ විමුක්තිය උදා කර ගන්න ආසාවෙන් හිටපු ජයාට මේ වැඩිහිටියෝ එකතු වෙලා කසාදයක් බන්දලා දීලා අඳුරෙනුත් අඳුරට තල්ලු කරලා දානවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ජයාට තමන්ගේ ජීවිතේ ආලෝකමත් කර ගන්න ලැබෙයිද?

මේක බලන්නම ඕන චිත්‍රපටියක්. කෝටි 5 ක පිරිවැයකින් නිර්මාණය කරලා කෝටි 45 ක ආදායමක් ලබපු මේ වටිනා සිනමා නිර්මාණය ගැන තවත් අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නෑ කියලා හිතනවා. අනිවාර්යයෙන්ම බලන්න. අමතක කරන්න එපා මේක ප්‍රහසන සිනමා නිර්මාණයක්.  

එහෙනම් තවත් උපසිරසියකින් මුණ ගැහෙමු. සුබ දවසක් වේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

ද ග්‍රේට් ඉන්ඩියන් මර්ඩර් (2022-) [S01: E08] Sinhala Subtitles | ඇත්ත සහ බොරුව [සිංහල උපසිරැසි]

ඉතින් හැමෝම වෙද්දි එකතු වෙලා ඉන්නේ Disney Hotstar වෙතින් එලි දැක්වුණු The Great Indian Murder …

Leave a Reply

Your email address will not be published.

34 comments

  1. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  2. thanks subashini

  3. thanks..

  4. Madhushani Gamage

    උපසිරසියට බොහෝම ස්තූතියි.. සබ් දෙනකන් බලන් හිටපු එකක්..ෆිල්ම් එක බලලම ආයේ ආවේ ස්තූති කරලා යන්න. සබ් එක ගැන ආයේ කියන්න දෙයක් නෑ සුපිරියටම තිබුණා.

  5. Thanks buddy

  6. උපසිරැසියට බොහොම ස්තුතියි …!

  7. තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  8. තැන්ක්ස් සහෝ

  9. සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
    ජය වේවා!!!

  10. තැන්ක්ස් සබට
    Kooman-2022 Malayalam Movie එකටත් සබ් දෙමු

  11. Idunil Weerasinghe

    Thanks sister

  12. ප්‍රදීප්

    අම්මෝ සිස් පට්ට ෆිල්ම් එක.දැන් මම බලලා ඉවර වුනේ.බෙහොම ස්තුතියි උපසිරසියට

  13. මලයාලම් වැඩිපුර දෙන්න සිස්
    ජය වේවා

  14. බොහොම ස්තූතියි අක්කේ. මේ බලලා ඉවර වුණා විතරයි. කාලෙකින් රහට මලයාලමක් බැලුවේ. නැත්තම් ඉංග්‍රීසි සබ් එක්කමයි මේ ටිකේ බැලුවේ. පුලු පුලුවන් වෙලාවට මලයාලමක් ගේන්න ❤️

  15. තෑන්ක්ස් අක්කේ..

  16. Thanks sister

  17. සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!

  18. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි අක්කේ. ජයවේවා!

  19. උපසිරසියට තුති

  20. මිනුල

    මලයාලමක් නැතුව පාලුවෙන් හිටියේ
    බොහොම ස්තුතියි සබට
    පුලුව්නිනම් ප්‍රිත්විරාජ් ගෙ අලුත්ම මලයාලමත් සබ් දෙමු

  21. අක්කා ❤️

  22. සබ්ටයිටල් එක පේන්නෙ නෑනෙ සමහර වචන තියෙන්නෙ උඩ කෙලවරේ. 🙁

    • උපසිරැසි ගැටළුව නිවැරදි කරලා තියෙන්නේ

  23. උපසිරසියට බොහොම ස්තුතියි අක්කේ.
    අනිවා බැලිල්ලක්.
    මලයාලම පණ ගස්සවල ගමු ආයේ.

  24. තෑම්ක්ස් බොම්කි❤️

  25. උපසිරැසි ගැටළුව නිවැරදි කර ඇත!

  26. අකුරු චූටියි…පොඩ්ඩක් ඒක හදනවද

  27. Thanks sister

  28. බොහොම ස්තුතියි උපසිරසියට
    බලන්නම හිටපු ෆිලුමක්
    බයිස්කෝප් එකෙන් දෙයි කියලනම් හිතුවේ නෑ
    තවත් හොදට බලන්න පුලුවන් දැන්

  29. Ravindu_Heshan

    Thank you akke

  30. බොහොම ස්තූතියි සබට..

  31. බොහොම ස්තූතියි අක්කේ!

error: Alert: Content is protected !!