Wednesday , September 22 2021
Breaking News

ද විචර්’ස් ඩයිනර් [S01 : E01 & E02] Sinhala Subtitles | මායාකාරියගේ අවන්හල [සිංහල උපසිරසි]

Rating: 9.3/10. From 16 votes.
Please wait...

සුබ දවසක් සියළුදෙනාටම… කොරියානු කථා මාලාවන්ට කැමති බයිස්කෝප් රසිකයන් වෙනුවෙන් පසුගිය ජූලි 16 වෙනිදා TVING ඔස්සේ විකාශය කිරීම් ආරම්භ කරපු The Witch’s Diner නම් කොටස් 8කින් යුක්ත කථා මාලාවට උපසිරැසි අරගෙන එන්නයි මේ සූදානම.Goo Sang-Hee නම් වෙබ්ටූන් රචකයාගේ Come to the Witch’s Restaurant (Manyeosikdangeuro Oseyo) කියන වෙබ්ටූන් එක පදනම් කරගෙනයි මේක නිර්මාණය කරලා තියෙන්නෙ. Comedy | Drama | Fantasy කාණ්ඩ යටතේ නිෂ්පාදනය වුන මේ මිනි සීරීස් එක IMDb දර්ශකයේ 9.2 ක ඉහල අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. Song Ji Hyo, Nam Ji Hyun සහ Chae Jong Hyeop කියන නළු නිළියන් මෙහි රංගනයෙන් දායක වෙනවා. Hotel Del Luna බලපු අය නම් මේකට ගොඩක් කැමති වෙයි. කථාව ගැනි පුංචි හැඳින්වීමක් කරන්නම්කෝ.

ජො හී රා කියන්නෙ මායාකාරියක්, ඇය The Witch’s Diner නම් අවන්හලක් කරගෙන යනවා. මේ අවන්හල විවෘත වෙලා තියෙන්නෙ ඉර බැහැලා නැවත ඉර උදාවෙනකම් විතරයි. හැබැයි මේ අවන්හලට හැමෝටම යන්නත් බෑ.කර කියාගන්න දෙයක් නැතුව තමන්ගෙ ජීවිතේ බලාපොරොත්තු සියල්ලම කඩා වැටිලා යන අයට විතරයි මේ අවන්හලෙන් ආහාර වේලක රස බලන්න පුළුවන්. හැබැයි මේ අවන්හලේ ආහාර වේලක රස බලන අයට තමන්ගෙ ජීවිතේ එක ප්‍රාර්ථනාවක් ඉෂ්ඨ කරගන්න පුළුවන්. ඒත් ඒකට ගෙවන්න වෙන මිල නම් ඉතා ඉහලයි. සල්ලි වලින් නෙමෙයි ඒ මිල ගෙවන්නෙ.තමන්ගෙ ඇස් පෙනීමේ සිට තමන්ගෙ ජීවිතෙන් පවා ඒ මිල ගෙවන්න සිද්ධ වෙනවා.

ජින් කියන්නෙ ජීවිතේ ගැන ලොකු බරක් පතලක් නැති වැඩට ගියත් තමන්ට හිතුන වෙලාවකට යන කෙල්ලෙක්. ඔෆිස් එකේ අයත් එක්ක කෑම කන්න ගිය වෙලාවක වුන දෙයක් නිසා වැරැද්දක් නැතත් එයාගෙ බොස් එයාව රස්සාවෙන් අස් කරනවා. ඉතින් ජින් එයාගෙ අම්මගෙ කීමට ගෙදර උකසට තියලා ඉතුරු කරගත්ත සල්ලි සේරමත් අරගෙන අඳුනන කෙනෙක්ගෙ අවන්හලක් තමන්ගෙ භාරයට අරගන්නවා. පලවෙනි දවසෙ සෙනඟ ගොඩක් හිටියත් ඊලඟ දවසෙ ඒ අයව වංචාවක අහුවෙලා කියලා එයාලට තේරෙනවා. කරකියා ගන්න දෙයක් නැති වෙලාවක ජින්ව හම්බෙන්න හී රා ජින්ගෙ අවන්හලට ඇවිල්ලා ඇය ප්‍රාර්ථනා කරන දේ ඉෂ්ඨ කරලා දෙන්න පුළුවන් කියනවා. ජින් ප්‍රාර්ථනා කරන්නෙ මොකක්ද, ඒකට එයාට ගෙවන්න වෙන මිල මොකක්ද කියලා නරඹලාම දැනගන්නකෝ. මීලඟ කොටසෙන් හමුවෙමු.

උපසිරැසි ගේන්නෙ PSArips එකෙන් නිකුත් කරන පිටපතට නිසා පිටපත එන්න පරක්කු වුනොත් උපසිරැසිය පරක්කු වෙන්න පුළුවන්.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Check Also

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E03] Sinhala Subtitles | මරණ මංචකය අබියස..!! [සිංහල උපසිරැසි]

ප ද ෆැමිලි මෑන්, බ්‍රීත්, මිර්සාපූර් වගේ වෙබ්කතා මාලා නිකුත් කරපු ඇමසෝන් ප්‍රයිම් විසින් එලිදක්වපු …

Leave a Reply

Your email address will not be published.

15 comments

  1. Sub ekata thanx

  2. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  3. සබ් එකට තෑන්ක්ස්! Korean Thriller ටිකකුත් දෙමු!

  4. හොඳ කතාවක්..සබට තෑන්ක්ස්

  5. ඩිනර් නෙමේ ඩයිනර්

  6. බොහෝම ස්තූතියි සබ් එකට

  7. කෝ අනේ The innocent දෙද්දි නාහෙන් අඬ අඬ වැලලුනු සැට් එක.කමෙන්ට් එකක්වත් නොදා හොරෙන්ම බාගෙන ගිහින් වගේ..

    ඊයෙ රැම පලෙවෙනි එපිය බැලුව සහෝ.වෙනස විදිහක කතාවක් වගේ.සබ් එකට ගොඩක් ස්තූතියි.ජය

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. අලුත් කතාවක් දිලා… තැන්ක් යු

  10. සබ් නොදීපු කොරියන් ත්‍රිලර් එකක් දෙන්නකෝ

  11. සබ් එකට බොහෝම ස්තූතියි! කොරියන් සීරීස් වලට දිගටම සබ් දෙන්නකෝ!

  12. Thanks! Korean seies walata digatama sub denna..

  13. සිංහල උපසිරැසියට ස්තූතියි

  14. උපසිරසියට ස්තුතියි

  15. Thanks bokka❤️
    Korean ekak kaalekin

error: Alert: Content is protected !!