Wednesday , October 20 2021
Breaking News

ද ෆැමිලි මෑන් S02E09 Sinhala Subtitles | අවසන් ජවනිකාව! [සිංහල උපසිරැසි]

Rating: 9.8/10. From 18 votes.
Please wait...

ෆැමිලි මෑන් ආසාවෙන් බලාගෙන යන රසික ජනතාවට ඔන්න අවසාන කොටස අරන් ආවා. සබ් එක කරන්න අවස්තාව ලබා දුන්නට සිසිල ප්‍රසාද් ඇතුලු බයිස්කෝප් ටීම් එකටම ගොඩක් ස්තූතියි. ශ්‍රීගේ ට්‍රයින් ටු බී අ නයිස් ෆැමලි එක්ක පටන් ගන්න සීරීස් එක කොටසින් කොටස කුතුහලය පිරිච්ච ත්‍රාසජනක සිද්ධි එක්ක ගලාගෙන ගිහින් දැන් අවසානෙට ඇවිත් තියෙන්නේ. ශ්‍රී ගේ අලුත් රස්සාවයි එයාගේ මැනේජර් මහත්තයයි එක්ක ශ්‍රී ආතතියෙනුත් සුවහසක් රසික ජනතාව සිනහවෙනුත් ගෙවපු පල්මු කොටස් කීපයෙන් පස්සේ දැන් ශ්‍රීගේ ජීවිතේ ෆුල් මාවලස් වෙලා හැපනින්ග් වෙලා තියෙන්නේ. විමුක්තිකාමින්ගේ ඊලාම් සටන අතරමග නැවතිලා සටන්කාමින් හැමෝම එක එක තැන් වල රහසිගතව ජීවත් වෙනවා.හැබැයි තමන්ගේ ගමන ආයෙමත් පටන් ගන්න බාස්කරන් වගේම සුබ්බුත් බලය රැස් කරනවා.ඔය අතරෙදි ලන්කාවේ ජනාධිපතිට ඉන්දියාවේ ඉන්න බාස්කරන්ගේ මල්ලී සුබ්බුව ඕන වෙනවා.ලන්කාවේ උතුරු වරාය ගිවිසුමට අත්සන් කරවගන්න නම් ඉන්දියාවේ අගමැතිනියට සුබ්බුව දෙන්නම වෙනවා රූපතුංග මහත්තයව සතුටු කරන්න. ඉතින් TASC අය මේ මෙහෙයුම කරගෙන යන අතරෙදි සුබ්බු මැරෙනවා. තමන්ට හිටපු එකම පවුලත් නැතිවෙද්දී බාස්කරන් සුබ්බු මරපු එකේ පලිය ගන්න රහසිගතව ජීවත් වන තමන්ට විශ්වාසවන්තම සෙබළු කීපදෙනෙක් රැස් කරලා මෙහෙයුමක් දියත් කරනවා. විමුක්තිකාමින්ගේ ගුවන් බළඇණියේ දක්ෂතම සෙබළිය තමයි රාජි. රාජිගේ තරම දකින්න ඇතිනේ කට්ටියම. මිනිස්සු තිරිසන්නු උනාම තිරිසනුන්ටත් එහා ගිය හැසිරීම් පෙන්නන්නේ. එයාලට කියන්නේ රාක්ෂයෝ කියලා.

කලින් කතා මාලාවේ එන සමීර් මතක ඇතිනේ , බාස්කරන් මාර්ගෙන් එයාගේ පලිය ගන්න හදන්නේ.සජීද්වත් මේ බාස්කරන්ගේ මෙහෙයුමට රාජිලත් එක්ක වැඩ කරනවා.ඉතින් මේ මෙහෙයුම නවත්තන්න අපේ ශ්‍රී ඇතුලු කණඩායම විමුක්තීකාමීන්ව අල්ලගන්න ඔන්න මෙන්න. TASC එකේ අතටම අහුවෙලත් රාජි පැනගන්න්වා.ඒත් ජේකේ, මුත්තු, ශ්‍රි කට්ටිය අතාරින්නේ නෑ.මේ අතරේ ශ්‍රීගේ දුව ද්‍රිතීගේ ආදර සම්බන්දේ පාවිච්චී කරලා කල්‍යාන් ලව්වා ද්‍රිතීව පැහැරගන්නවා සජිද්ල.ෂ්‍රීගේ කරදරේ දරාගන්නම බැරි තැන.ඒත් ශ්‍රීට ඕන කොහොමහරි මේ ත්‍රස්තවාදීන් ව අල්ලගන්න.

මේ විදියට ගලාගෙන ගියපු ශ්‍රිගේ කතාව අවසානය කොහොම වෙයිද? ජේකේට මොකද වෙන්නේ, ද්‍රිතිව පනපිටින් බේරගන්න ශ්‍රීට පුලුවන් වෙයිද? සජිද් අල්ලගන්න පුලුවන් වෙයිද?රාජිට අගමැතිණිය ඝාතනය කරන්න පුලුවන් වෙයිද? අන්තිමට දිනන්නේ බාස්කර්ද ශ්‍රී කාණ්ඩයද? මේ ඔක්කොම එක්ක ශ්‍රී ගේ පවුලට මොනවා වෙයිද,එයාට පවුල රැක ගන්න පුලුවන් වෙයිද? මේ හැමදේකටම උත්තර අවසන් ජවනිකාවෙන්!

ත්‍රාසය භීතිය කුතුහලය පිරි අවසානය දකින්න, අවසන් ජවනිකාව! හැමෝටම ජය!

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “JAAL” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

 

Check Also

The Forgotten Battle (2020) AKA De slag om de Schelde Sinhala Subtitle | අමතක වී ගිය සටන… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් නැවත ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වුණු යුධමය චිත්‍රපටයක් සමඟයි. මේක නිකුත් …

Leave a Reply

Your email address will not be published.

56 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. උපසිරැසියට බොහොම ස්තුතියි ….!

  3. Thnx for sub …❤️

  4. Thanks !!!

  5. කතාව නම් සුපිරියක්. හැම කැටගරියක්ම හොඳට බැලන්ස් කරලා තිබ්බා. ඉන්දියන් කතාවක් උනත්, එයාලගේ ස්ටයිල් එකට හොඳටම කරලා තිබ්බා. අනික් හොඳම දේ තමා රියලිස්ටික් නියමෙටම ආරක්ෂා කරලා තිබ්බා. ප්‍රධාන නළුවා උනත් වීරයා වෙන්න ගියේ නෑ. ඇත්තම මිෂන් එකක් ෆීලින්ග් එක හොඳට රැකලා තිබ්බා. මේ වගේ කතාවකට සබ් දීලා බලන්න සලස්වපු හැමෝටම ස්තූතියි.

  6. Season 1ට නොදෙවෙනි season 2 එකට සබ් දුන්න හැමෝටම ස්තූතියි.මටනම් the family man කියන්නෙ අර sacred games එකටත් වඩා සුපිරි කතාවක්.මොකද මේකෙ තාත්ත්වික ගතිය ගොඩක් වැඩියි.හම්මේ ඉතින් manoj bajpayee ගැන කවර කතාද මිනිහගෙ ඇක්ටින් නම් දසමෙට.ශ්‍රීකාන්ත්ගෙයි JK කාරයගෙයි යාළුකම කේන්ද්‍ර වෙච්ච කොමඩි මිශ්‍ර ඇක්ෂන් සහිත රඟපෑම නම් පට්ට ආකර්ෂණීයයි.මෙන්න මේ වගේ සීරීස් එකක් නම් අර CW උන්දලැගෙ වගේ කොච්චර ඇදි ඇදි ගියත් අවුලක් නෑ බැලුවැකි.උණු කැවුම් වගේ සීසන් එකට සබ් දෙන්න මහන්සි උන සහෝදර සහෝදරියො 8 දෙනාට බොහොමත්ම ස්තූතියි.උපසිරැසිකරණයෙ වැඩ ඇතුළු වැඩකටයුතු සියල්ල සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව.ජයවේවා!!

  7. බොහොම ස්තුතියි සබ් සෙට් එකටම…

  8. Lahiru Bandara

    අරවින්ද ඇරල වේ බන් සුචිට ශ්‍රි ගෙදර හිටිය නැති කාල්‍රෙ. පව් බන් ශ්‍රී

  9. bro Sweet Tooth sub enna kochchara kal yanawada ??

  10. thanks bro… thawath hindi series walata sub demu..hello mini season 03 sub ekath one….

  11. බොහොම ස්තුතියි සියලුම උපසිරසිකරුවන්ට

  12. Thanks !!!!!!!!!!

  13. Thanks jaal

  14. සබ් දීපු යාලුවෝ ඔක්කොටම ගොඩක් ස්තුතියි
    තවත් හින්දි සිරීස් එකක් ගේමු

  15. Sahan Sudarshan

    Thanks sub ekt.sweet tooth ekatha ikmntama denna

  16. supiri kathawak
    supiri subak
    supiri wadak

  17. Ela Ela baiscope
    jaya wewa

  18. addeee…supiriyak thamai.. ubala balanneth nathuwa da sub haduwe bn..niyama wadak broooo..kiyala wdak na

  19. Thanks a lot sub ekata

  20. Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

  21. Manoj ගේ ඇක්ටින් නම් පට්ට…..
    මේ වගේ සුපිරි හින්දි සීරිස් ටිකක් තව දෙන්න කියලා බයිස්කෝප් එකෙන් ඉල්ලනවා
    මේ වගේ සෙට් එකක් එකතුවුනාම සබ් දෙන්නත් ලේසිනේ එකම කෙනා නැතුව
    සුපිරි හින්දි සීරීස් ගොඩාක් තියනෝ(thriller, mystery ටයිප් එකේ ඒවා)

  22. Chandima Prasad

    දැන් කතාව බලලා ඉවර උනා විතරයි..ඇත්තටම බයිස්කෝප් ටීම් එක වෙච්ච මහන්සිය ගැන හිතද්දි ඒකට ලොකු අගය කිරීමක් නොදී ඉන්න හිතෙන්නේ නෑ….
    මුලින්ම ද ෆැමිලි මෑන් සීසන් 02 අපිට මුල් එපිසෝඩ් එකේ ඉඳලම අරන් ආව සිසිල ප්‍රසාද්,M.T.R.තරිඳු රුක්ෂාන් පෙරේරා,චාමික මදුෂාන්,දහරා මුතු අමා,මයුර සුරාජ්,පසිඳු මධුමාල්(පසියා),රේණුකා සුභාෂිනී,JAAL කියන සහෝදර සහෝදරියෝ සෙට් එකම මේ වෙලාවේ මතක් කරනවා..ඔයාලා සෙට් එකේ මහන්සිය කාලය කැපකිරීම හිංද තමයි අපි මේ කතාව මෙච්චරටම ආසාවෙන් රසවින්දේ..ආයෙම වතාවක් ගොඩක් ස්තූතියි….
    මේ වෙබ් සීරීස් එක ගැන කියනවානම් බයිස්කෝප් එකෙන් මේ ඉන්දියන් වෙබ් සීරීස් වලට සබ් දෙන්න පටන් ගත්තට පස්සේ අපිට බලන්න හම්බුන වෙබ් සීරීස් සෙට් එකෙන් ෆට්ටම අංක එකේම වෙබ් සීරීස් තමයි මේක මටනම්..සීසන් 01,02 දෙකම එහෙමයි..මනෝජ්,සමන්තාගේ රඟපෑම් ගැන නම් කියන්න වචන නෑ..සෙසු චරිත ත් ඒ වගේමයි.අතිශය සුපිරි..සීරීස් එකේ පලවෙනි එපියේ ඉඳලම කුතුහලේ කියන එක හොඳටම අවසාන එපියට එනකන් තියාගෙන ඇවිත් ඉවර කරන්නෙත් ඊට එහා ගියපු කුතුහලයක් වගේම සීසන් 03 ගැන බලාපොරොත්තුවකුත් දීලමයි…..
    තවත් නොබලපු කවුරුහරි ඉන්නවානම් අනිවාරෙන් බලන්න කියලත් කියනවා අවසාන වශයෙන්….සංචරණ සීමා කාලේ මේක ලොකු බෙහෙතක් වෙයි හැමෝගෙම හිත් වලට….
    ජයෙන් ජයම වේවා බයිස්කෝප්……….

  23. Chandima Prasad

    ගොඩක් ස්තූතියි සබ් එකට…….ජයවේවා බයිස්කෝප්..

  24. Thnkz sister

  25. Sahan Sudarshan

    Sweet tooth ekatath sub dennako

  26. සබ් දීපු සියලුම දෙනාට බොහොම ස්තුතියි

  27. දියව්..දියව්..තව මෙව්වා දියව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව් ……

  28. Thanks sister….good work….keep it up

  29. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  30. sub genapu hamotama thank you sooo much

  31. Thanx sis…………..

  32. Thanks sub genapu okkomtama
    Idiriyatath me wage paharawal genna

  33. හැමෝටම ස්තුති වේවා.
    දීල තියෙනවා නෙවේ වැඩක්.
    මේක නම් මාරම ඇම්මක්..පට්ටම තුති වේවා ආයෙමත්
    තව එකතුවක් ඕනා..

  34. season 1 eka download karannna bahane.link ekk dennko sub ekata set wena

  35. Sweet Tooth ekatath denna brd bro…plzz

  36. Thnkz kaztya

  37. ගොඩක් ඉක්මනින් sub දුන්නට thanks

  38. thanks 9 denatama.

  39. තැන්කු වේවා ඔක්කොටම
    තව මෙව්වා ඕන

  40. Thankz brother. Good job. Keep going

  41. උබලා සබ් දෙන වේගේට අපිට බලන්නත් බෑ යකූ❤️

  42. ආදරෙයි බොකුස්❤️

  43. මාරයි ආ සෙට් එකම❤️ බොහොම ස්තූතියි…

  44. chamath thilakarathna

    මම දන්න කාලෙක ඉඳන් baiscope එකෙන් කරපු සුපිරිම වැඩක්. සීරිස් එක ඇවිල්ල දවසයි sub දීලා ඉවරයි. ඔයා ගැම්මට ම sweet tooth සබ් එකත් දුන්න නං පට්ට

  45. Thanks guyz
    Thwa web series denna…
    Conjuring 3 ekath awilla thynne,ekath denna

  46. Thankz sister

  47. Thanks

  48. සිසිල,මයුර,සොහාන්,රේණුකා,පසිදු,දහරා,චාමික,තරිදු,ජාල්……….ඔය සියලුම දෙනාට බොහොම ස්තුතියි අපේ රසවින්දනයට මෙවැනි අගනා නිර්මාන ලබා දෙනවට.

  49. Sub akta thanks

  50. හප්පේ දීලත් ඉවරද??
    මනුස්සයෝ නම් වෙන්න බෑ…….

  51. Thanks brothers & sister
    Keep it up

  52. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා!!

  53. Sub eka dunna oyala hemotama Thanks

  54. සිංහල උපසිරැසියට ස්තූතියි

  55. සිංහල උපසිරසිවලට ස්තුතියි ඔක්කොටම
    එකින් එකට කමෙන්ට් කරන්න බැරිවුනාට සමාවෙන්න ඕන,ගොඩ දෙනෙක් ආසාවෙන් බලනවා මෙවැනි සිරීස්
    ඒ නිසා බයිස්කෝප් එකෙන් වැඩේ ආපහු දිගටම කරන් යාවි කියලා බලාපොරොත්තු වෙනෝ
    ඔන්න දැන් තමයි මම නම් බලන්න ගන්නේ
    ජය වේවා බයිස්කෝප්!!!

error: Alert: Content is protected !!